සොයන්න:

The misty mystery | විශ්ව සියපත - 2

The misty mystery|විශ්ව සියපත - 2
දිවාකරාග්නි... [ කල්ප විනාශය බුදු ඇසින් සහ විදු ඇසින් ]


...වයධම්මා....

"හට ගැන්ම ස්වභාවය කොට ඇත්තක් වේද..ඒ නැසීම ස්වභාවය කොට ඇත්තේය..."

නිල්වන් ජල ග්‍රහලෝකය....විශ්ව සැරියේ අඳුරු එහෙත් අතුරින් පතර තරු කැට නිවී දිලෙන, ධවල දුමාරයක් බඳු වූ ක්ෂීර පථයේ හමුවන කුඩා සජීවි නවාතැන් පොළ....එයටම ඈතින් ගිනි ගෙන නලියන යෝධ ගෝලයේ දරු පිරිවරෙන් තුන් වැන්නා...අපූර්ව, විෂම, ගොඩබිම් පන්තියක් තුරුළේ හොවා ගත් මාතාව...

ඇගේ ඇරඹුම වර්ෂ බිලියන 4.5 කට පෙර අධික සක්‍රීය කාබනික ධූලියෙන්...ගිනි දිය දෝරේ දමන මහා යමහල්....අනතුරුව සක්‍රීය වායූන් එක්ව තැනූ වායුගෝලය...ජලචක්‍රය....ඉන් පසු මහ වැසි...අහසේ ගුගුරන අකුණු..නයිට්‍රජන් ඩයිඔක්සයිඩ් පසට....යෝධ සමූහ සාගර..."පැන්ජියාව" මතු වීම...වෘක්ෂ ලතාවෝ..
ඒක සෛලික සරල අසරණ ජීවය...වර්ධනය...මහාද්වීප තල දෙදරා වෙන්වීම....වැල්ලේ තැබූ යෝධ පිය සටහන්...ලොවක් හෙල්ලූ සද්දන්ත දේහ ධාරීහු....මැකීයාම...කිරි බී වැඩෙන්නෝ....අවසන් අධිපතීන්ගේ මී මුත්තන් ගසෙන් බැසීම....

හට ගැන්ම ගැන ඔබ සැම දන්නා කථා වස්තුව එපරිද්දෙනි...එහෙත් නැසීමේ ස්වභාවය කෙබඳුද?...මේ පිළිබඳව ලොව විවිධ සංස්කෘතීන්, දර්ශණ වාද, ආගම්, විද්‍යාත්මක පරීක්ෂණ, කරන ලද පුරෝකථනයන් අප්‍රමාණය....

එනමුත් මේ නොදන්නා, නොපෙනෙන අනාගතය ගැන ආගමික ශාස්තෘන් පැවැසූ දෙය ඉහත දර්ශණ වාදී පසෙහි කොටසක් ලෙස කඩා ඔබ හමුවේ ගෙන හැර දක්වමි. ඉන් සමහරක සටහන් වනුයේ මිහිමත ඇතිවන බිහිසුණු විනාශයන් වැලක් මතුයෙහි තමන් වහන්සේ ගේ පුනරාගමනයෙන් සියල්ල අවසාන වන බවයි...

උදා:

ජෙරුසලම බහුවිධ ජාතීන්ට අයත් හමුදාවන් විසින් අවරෝධනය කරනු ලැබූ දිනෙක ඇතිවන "ආමගෙඩෝන්" (Armageddon) මහ සටනේ යහපතට ජය ගෙනෙන්නට ජේසු සමිඳාණෝ කරන පුනරාගමනයෙන් ලෝකාවසානයද, ඉක්බිති විනිශ්චයද ඇරඹෙති...(Apocalypse, the book of revelation)...

හින්දු දහමේ භගවත් ගීතාවෙහි 8:17 අනුව "නපුර, අධර්මය ලොව රජය කල්හී ශ්‍රී විෂ්ණුගේ දශ වැනි අවතාරය වන "කල්කී" (Kalki) අවතාරය කලියුගයේ කෙළවර උල්කාවක් සේ දිලිසෙන අසිපතක් දරා ධවල අශ්වයෙකු පිට නැග අයෝධ්‍යා නුවර දොරටුවෙහි දිස්ව, නපුර වනසා, කල්පය නිමා කොට, යහපත රජයන ලොවක් යළි නිර්මාණය කරනු ඇත"....

මේ සියලු පෙරැයීම් වල හා භෞතික ගතිකයන්ගේ හෙවත් එදිනෙදා මිනිසා ඇතුළු ජීවීන්ට විඳින්නට ලැබෙන ලෝක ධාතුවෙහි යම් කිසි නොගැලපීමක් ඇති බව අමුතුවෙන් කිවයුතු නැතැයි සිතමි..එහෙත් අප ඒ ආගමික මතවාද හුදු මුසාවන් සහ අසත්‍යයන් ලෙස සළකා ඒවාට නින්දා, අපහාස කරන්නට පෙළැඹිය යුතු නැත...ලෝකයම එක පවුළක ලෙස සිට මරණයට මුහුණ දිය යුතු මොහොතක් සමීපයෙහිම පැමිණෙතොත්, එදාට අප මහත් අවිදග්ධ ලෙස කල කිසිදු වාද විවාදයක ඵලක් නොමැති බව මිනිසුන්ට වැටහී යනු ඇත...

එබඳු දිනයක් නුදුරේදීම එනවාද? එය කල්ප විනාශයද? කල්ප විනාශය සම්මා සම්බුදු ඇසින් කෙබඳුද?....

මෙම ලිපියේ අරමුණ වන්නේ බුදු ඇස සහ විදු ඇස දකින "ගෝලීය ඝාතක" අන්තරායන් (Global Killers) ගැන විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමයි..ඉහත කී ආගමික ලෝකාවසාන මතවාද තිබේවා, සම්මා සම්බුදු ඇසින් දුටු කල්ප විනාශය කෙතරම් විද්‍යානුකූලදැයි දන්නේ නම් ඔබේ රෝම කූප කෙළින් සිටුවීමට එයම ප්‍රමාණවත්ය....

....මායා.....

ලොව ශිෂ්ඨාචාර ප්‍රධාන ප්‍රභේදකරණයට අනුව "මෙසො-ඇමරිකානු" හෙවත් මධ්‍යම ඇමරිකානු කළාපික ශිෂ්ඨාචාරයන් අතර ඉතාම සංකීර්ණ හා විදාරණය වූ ශිෂ්ඨාචාරයකි, "මායා" වරුන්ගේ ශිෂ්ඨාචාරය. මොවුන්ගේ පූර්වාරම්භය පිළිබඳව ඓතිහාසික සාධක මුල් වරට හමුවන්නේ මෙක්සිකෝවේ "චියාපාස්" සහ "තබාකෝ", ග්වාතමාලා දේශයෙහි, බෙලීස් හි කරන ලද කැණීම් වලිනි. කාබනික කාළ නිර්ණය අනුව මේ පුරා විද්‍යාත්මක සාධක ක්‍රිස්තු පූර්ව 2600 තෙක් දිවෙන අතර, වයසින් සහ තත් කාලීන නිර්මාණශීලීත්වයෙන් අපගේ "සිංහල ශිෂ්ඨාචාරය පවා අබිබවා යා හැකි තරම් දිගු, ගෘහ නිර්මාණයෙන් පොහොසත් ඉතිහාසයක් ඔවුන් සතුව පැවතිණි.

එතරම් ඈත කාළයේදී පවා මායා වැසියන්ට අකාශ වස්තු නිරීක්ෂණාගාර (Observatories) තිබූ අතර, එම ශිෂ්ඨාචාරය සහ ඊට නෑකම් කියන "ඇස්ටෙක්", "ඉන්කා" ආදී අනෙකුත් ලතින් ශිෂ්ඨාචාරවල පොදු ලකුණක් වන "ආකාශ වස්තු වන්දනාව" කෙරෙහි ඔවුන් දැක්වූ උනන්දුව ඉන් පිළිඹිබු කෙරේ..මායා ගෝත්‍රිකයන්ට සෞර ග්‍රහ මණ්ඩලය පමණක් නොව විශ්වයේ ඇසි දිසි චක්‍රාවාට ගැන තිබූ දැනුම වත්මන් නාසා (NASA) විදුදරයන්ද මවිත කරවන තරම් තාක්ෂණික වශයෙන් නිවැරදිය. නෙබියුලාවක් (Nebula) යනු තාරකා අතර පවත්නා, අයණීයතාවයෙන් ඉහළ හීලියම්, හයිඩ්‍රජන් ආදී වායූන්ගෙන් සමන්විත, දැවැන්ත තාරුක වලාවන්ය..යථා කාලීනව මේ නෙබියුලා තුල වායූ ප්‍රතික්‍රියාවන්ගෙන් තාරුකාද, ඒ ඇසුරේ ග්‍රහ පන්තිද, ක්‍රමානුකූලව ජීවයද හට ගනී..මෙවැනි යෝධ නෙබියුලා අතර අපට දීප්තිමත්වම පෙනෙන්නාවූ "ඔරායන් නෙබියුලාව" (Orion Nebula) මායා වරුන් දුරේක්ෂය සොයා ගන්නටත් පෙර සිටම දැක තිබීම, ඔවුන්ගේ ආකාශ වස්තු විද්‍යාවේ අනර්ඝ බව මොනවට කියා පායි....

සියළු ලතින් ඇමරිකානු ආදී වාසී ශිෂ්ඨාචාරයන්ට සමපාතව මායන් වරුන්ගේද ප්‍රධාන දෙවියා වූයේ සූර්යයාය...ඉන්කා ගෝත්‍රිකයන් "පැච්ච කාමක්" යනුවෙන් හැඳින්වූ හිරු දෙවි මායන් වරුන් හැඳින්වූයේ "කීනිච් අහාව්" යන නමිනි. හිරු දෙවි මොවුන්ට කෙතරම් වැදගත් වූවාද කිවහොත් හිරු ගේ ගමන් චක්‍ර පිළිබඳව මොවුහු කදිම නිරීක්ෂණයන් තබා ගත්තෝ වෙති.

....චන්ද්‍ර සූර්යා ඉපදුණ.....

මෙක්සිකෝවේ "නිව් මෙක්සිකෝ සිටි" අගනගරයෙන් කිලෝමීටර 54ක් ඊශාන දෙසට වන්නට දැවැන්ත පෞරාණික නටබුන් නගරයක් ඇති. මෙක්සිකානු ජාතික ලියෝපෝල්ඩෝ බැට්‍රෙස් විසින් 1905 දී මුල් වරට කැණීම් සඳහා ගිය සංචාරයකදී සොයා ගනු ලැබූ මේ නෂ්ඨාවශේෂ සහිත වල් බිහි වුණු නුවර අනෙකක් නොව මායා වරුන්ගේ මහා අගනගරයක් වූ "ටියෝතිහූයාකාන්" නගරය බව 1910 පමණ වන විට එහි හමු වූ දෑ අනුව නිර්ණය කරන ලදී. වඩාත් වැදගත් වනුයේ මෙහි ඇති මායන් වරුන් ගොඩ නැඟූ "චන්ද්‍ර-සූර්ය" පිරමිඩ යුග්මයයි...චන්ද්‍ර පිරමිඩය අසළින් ඉදිකොට ඇති, එයට වඩා අතිශයින් විශාල සූර්ය පිරමිඩය උසින් මීටර් 71ක් පමණද, දිගින් මීටර් 220 ක් පමණද වන අතර එය විශාලත්වයෙන් තෙවැනි වන්නේ ඊජිප්තුවේ "කියොප්ස්" පිරමිඩයට හා මෙක්සිකෝවේම "කොලූලා" පිරමිඩයට පමණි..
(මේ සූර්ය පිරමිඩය නැරඹීමට ලබන වසරේ යාමට මෙම ලිපියේ රචකයා බලාපොරොත්තු වෙයි )..

අප සැම මේ භාවිතා කරනුයේ 13 වැනි ග්‍රෙගරි පාප් වහන්සේ විසින් සංස්කරණය කරන ලද බටහිර "ග්‍රෙගෝරියන්"(Gregorian) කැලැන්ඩරයයි..එනමුත් උක්ථ පිරමිඩය තුළ තිබී වත්මන් දින 365 කැලැන්ඩරයට සමාන දින 365 කින් හෙබි "හාබ්"නම් (Haab) කැලැන්ඩරයක් සහ දින 260 කින් යුත් "සොල්කින්" (Tzolkin) නම් (මෙය මානවිකාවන්ගේ ගැබ් ගැනීම සහ ගැබ් දැරීම යන කාළ රාමු මත පදනම් වූ කැලැන්ඩරයකි - based on periods of human gestation) මායානු කැලැන්ඩරයද හමුවී ඇති අතර අකාශ වස්තු විශේෂ්ඥයන් පවසන අන්දමට මේ "හාබ්" (365 days) කැලැන්ඩරයේ පෘත්වි හා සූර්ය කාළ ගණනය අපගේ ග්‍රෙගෝරියානු කැලැන්ඩරයද ඉක්මවා යන තරම් නිරව්ද්‍යය.

හිරු වඩිනා....

මායාවරුන්ගේ අහස් නිරීක්ෂණ පිළිබඳව විශේෂඥ ස්වීඩිෂ් ජාතික ජෝෂ් ආගියුලේස් පවසන අන්දමට මෙම කැලැන්ඩරයේ වර්ෂ ගණනය පහත බඳුය. මෙය එම කැලැන්ඩරයේ "දීර්ඝ කාල ගණනය" (Long time count concept) නම් සංකල්පය මත යෙදෙයි.මෙම කාල ගණන සංකල්පය ද සූර්යයා අහසේ දකින ආනතිය අනුව ගොඩ නගා ගත් "චක්‍ර" රටාවක් අනුව සැකසී ඇත.

ඒ අනුව,

දින 360ක් - ටුන් 1 (360 days - 1 Tun)
ටුන් 20ක් - කටුන් 1 (20 Tuns - 1 Katun)
කටුන් 20ක් - භක්ටුන් 1 (20 Katuns - 1 Bhaktun)
භක්ටුන් 13ක් - මහා චක්‍රයක් හෙවත් වර්ෂ 5125 (දින දහ අට ලක්ෂ හැත්තෑ දෙදහසයි ) (13 Bhaktuns - 1 Great Cycle)

දැන් අපි මහාචාර්ය පීටර් ලිම්බර්ගේ අදහසට යොමු වෙමු.
(මෙම මහාචාර්ය තුමන් විද්යුත් තැපෑලෙන් සම්බන්ධ කර ගැනීමේ පින මෙම ලිපියේ රචකයාට පෑදුණු බව ඉමහත් ප්‍රීතියෙන් යුතුව දැනුම් දෙමි. මේ පිළිබඳව එතුමා සපයා දුන් දුර්ලභ ගණයේ තොරතුරු වෙනුවෙන් එතුමාට ශීර්ෂ ප්‍රණාමය පුද කර, දීර්ඝායුෂ හා තෙරුවන් සරණ පතමි )

" මායා වරුන් ගේ මේ දැන් පවතින මහා චක්‍රයේ ආරම්භක ගණනය තබා තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 3114 හි අගෝස්තු මාසයේ 11 වැනිදට... ඇත්ත, ඒ කාලේ අගෝස්තු මාසයක් කියලා එකක් තිබුනේ නෑ..නමුත් අපි ග්‍රෙගොරියන් කැලැන්ඩරය එක්ක මේක සමපාත කරොත් අපට ලැබෙන දිනය ඒකයි..එහෙනම් පුතා, දැන් ඔබ මගෙන් ඇසුව 2012 මායන් වරුන්ට වැදගත් වුනේ ඇයි කියන ගැටළුවට පිළිතුරු ලැබිලා ඇති...

11-08-3114 ඉඳලා "මහා චක්‍රයක්" ඉදිරියට ගණන් කළාම ලැබෙන්නේ 21-12-2012 දිනය....ඒත් මම හිතනවා ඔබට හුඟක්ම වැදගත් වෙන පුවත ඕක නෙමෙයි...මේ වගේ මහා චක්‍ර රාශියක් (A collection of Great cycles) ක්‍රියාත්මක වෙලා එන "සන්ධිස්ථාන චක්‍රාවසනායකදී" හිරු තමන්ගේ මතුපිටින් නෙරුම් (prominences) ස්වභාවයෙන් යෝධ අයස්කාන්ත ශක්තියක් (Gigantic magnetic field of energy) මුදා හරින බවට ඔවුන් විශ්වාස කරනවා..මේක ඔවුන් විතරක් කරන විශ්වාසයක් නොවෙයි...ඊජිප්තුවේ පිරමිඩ තුළ ඇති චිත්‍ර වලිනුත්,අග්නිදිග ආසියාවේ චීනය, කොරියාව, මැලේසියාව, ඒ වගේම අප්‍රිකාවේ ඇතැම් ශිෂ්ඨාචාර වල හමු වුනු සාධක වලිනුත්, මායන් වරුන් කළ මේ විශ්වාසයට බොහෝ දුරට සමාන විශ්වාසයන්, එනම් හිරුගෙන් එන මහා කිරණ කදම්භයක් ගැන විශ්වාසයන් අපට හමු වෙලා තියෙනවා....ඇත්ත...

"සූර්ය ලෙළසිළු" (Solar flares) අමුතු දෙයක් නොවේ...ඔබත් ඔය "ඩිස්කවරි" චැනලය එහෙම බලන කොට අපේ කාළයේදීත් ආපු සූර්ය ලෙළසිළු ගැන ඕනෑ තරම් වාර්තා වැඩසටහන් දැක ඇති...නමුත් මේ මායන් වරුන් කියන සූර්ය සිළුව ඒ තරම් සුළු එකක් නෙමෙයි...මෙය හිරුගේ අපට පෙනෙන පැත්තේ සම්පූර්ණ ගෝලාර්ධයෙන්ම විදාරණය වෙලා එන එකක්...කොටින්ම කියතොත් සර්පයෙක් "හැව" අරිනවා වගේ හිරු තම කවරය මුදා හරිනවා කියලා ඉතාම සරලව ඔබට පැහැදිලි කර දෙන්න පුළුවන්...
ඒ මහා සූර්ය සිළුව (Super Solar storm or "Perfect Solar Storm") 2012 දෙසැම්බර් 21 උදෑසන 11:11 ට මුදා හැරෙන බවක් අපට ඒ අයගේ ගණනයන් අපේ කැලැන්ඩර කාල සමඟ සමපාත කරාම දැන ගන්නට ලැබෙනවා.....මධ්‍ය ඇමරිකානු ශිෂ්ඨාචාර අතුරින් මායන් විශේෂඥයෙක් හැටියට මට ඔබ වැනි ගවේෂක දරුවන්ට (Expeditious Kids - කාටද ආඩම්බර?) දෙන්න තියෙන උපදෙස් එපමණයි...නමුත් ඔය ගැන ඔබට තාරකා විද්‍යාඥයන්ගේ අදහස දැන ගන්නම වෙනවා...මම ඔබට මේ සමඟ නාසා ආයතනයේ සිටින මගේ මිතුරෙකු සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය තොරතුරු එවනවා...ඔය ලිපියට පුතා එකතු කරන්න යන බුදු දහම සම්බන්ධ කොටස මට එවනවා නම් මම බෙහෙවින්ම අගය කරනවා...." (මේ වන විටත් එම කොටස ඉංග්‍රීසියට හරවා එතුමාට යවන්නට කටයුතු කර ඇත්තෙමි..බුදු දහමේ එම ඉගැන්වීම් කොටස ගැන තම සිසු, සිසුවියන්ද දැනුවත් කරන බව එතුමා පිළිතුරු ලෙස දන්වා එවා ඇත...)

වඩාත්ම වැදගත් වන්නේ ඉහත ඡේදයේ අවසන් වගන්ති කිහිපයයි.....!!!!!!!!

මායානු ගණනයන්ට අනුව වර්ෂ 2012 දෙසැම්බර් 21 උදෑසන 11:11 ට සූර්යයා ක්ෂීරපථ සමකයට (Milky way`s Galactic Equator) සමපාත වේ, නොහොත් මායානු බසින්ම කියතොත් "හුනාබ්කු" (Hunabku) වෙත ළඟා වේ...

...කිරණ සලා මිහි මඬල දොවා......

සූර්ය ලෙළසිළු (Solar flare)යනු කුමක්ද? මේ ප්‍රශ්ණයට පිළිතුරු ඇමරිකා එක්සත් ජනපදයේ National Aeronautics and Space Administration හෙවත් "නාසා" (NASA) ආයතනයේ ආචාර්ය ටෝනි ෆිලිප්ස් ලබා දුන් තොරතුරු මත මේ අයුරින් සැකෙවින් දැක්විය හැක...

සූර්ය වායුගෝලය ස්ථර තුනකින් සමන්විතය..ඒවා නම් "ප්‍රභාගෝලය" (Photosphere), "අංශු රශ්මි මාලාව නොහොත් රැස් වළල්ල"(Corona) , "වර්ණගෝලය" (Chromosphere) යනුවෙනි..හිරුගේ අතිශය ශක්තිමත් චුම්භක ක්ෂේත්‍ර (Magnetic fields) එක්වී යෝධ චුම්භක ආරුක්කු (Giant Magnetic Arcades) නිර්මාණය කරයි...එනමුත් ඇතැම් ක්ෂේත්‍රයන්, විශේෂයෙන්ම හිරුට බාහිරින් එන චුම්භක බලපෑම් නිසා ඇතිවන ක්ෂේත්‍රයන් එවැනි ආරුක්කු හා සම්බන්ධ නොවී හෙලික්සාකාරයෙන් (Isolated Helixes) හුදකළාව නැගී සිටියි...සූර්ය ලෙළසිළු හටගන්නේ එවැනි "හිතුවක්කාර" ක්ෂේත්‍රයන් එක්වර එහි ඉලෙක්ට්‍රොන, නියුට්‍රෝන, ප්‍රෝටෝන ආදි වශයෙන්එකවර ඉහත කී ස්ථර තුනටම අබිභවා ක්ෂණිකව අවකාශයට විදාරණය වීමකිනි...මෙයින් පිටවන ශක්ති කදම්භය ආලෝකයේ වේගයෙන් විස්ථාපනය වේ..

වඩාත් වැදගත් කරුණ වන්නේ එය නොවේ...මෙවැනි එක් සාමාන්‍ය සූර්ය ලෙළසිළුවක (Normal Solar flare) ශක්තිය, ශක්ති ඒකක (ජූල්) 6x10 යේ 25 බලය තරම් වන බව ගණනය කොට ඇත..එය මෙගාටොන් 100යේ හයිඩ්‍රජන් බෝම්බ මිලියන 40ක් එකවර පුපුරා යන තරමේ ශක්තියක් මුදා හැරීමකි....!!!! (හයිඩ්‍රජන් බෝම්බය මානව සංහතිය සතු බිහිසුණුම සමූල ඝාතක අවියයි. එය ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව සතු වන අතර එහි එක් පහරකින් "අරය" කිලෝමීටර 100ක් පමණ වන වෘත්තයක් තුළ බිහිසුණු විනාශයක් කළ හැක.. )..මෙම ශක්තිය සමස්ථ විද්යුත් චුම්භක වර්ණාවලියෙන්ම (Full Electromagnetic Spectrum), x-කිරණ සිට ගැමා-කිරණ තෙක් සියළු "තරංග ආයාමයන්ගෙන්" මුදා හැරෙන අතර එය නිරීක්ෂකයන්ට ඉතා භයංකර සුන්දරත්වයක් මවා පායි....(ස්කැන්ඩිනේවියානු කළාපයේ දකින්නට ලැබෙන්න "ඌෂාලෝක" (Aurora) රටා ගැන සිතා බලන්න...)

මෙවැනි හිරු ලෙළසිළු අතිශය සක්‍රීය කළාප වන "සූර්ය ලප" (Great Sun spots) ආශ්‍රිතව බහුලව හට ගන්නා අතර, මුල්වරට සූර්ය ලෙලසිළු පිළිබඳව ඔබ අප දන්නා විද්‍යා ඉතිහාසයේ සටහනක් තැබුවේ 1859 දී හිරු ලප පිළිබඳව තම දුරේක්ෂයෙන් ගවේෂණය කරමින් සිටි ශ්‍රීමත් රිචඩ් ක්‍රිස්ටෝෆර් කැරින්ග්ටන් (Sir Richard Christopher Carrington) නම් විද්වතා විසිනි...නමුත් දිගටම මේ ලිපිය කියවාගෙන යන්න...සූර්ය ලෙළසිළු ගැන මුල් වරට ලොවට හෙළි කලේ කවුරුන්දැයි ඔබට වැටහෙනු ඇත....

දැන් නැවතත් "හුනාබ්කු" සිද්ධාන්තය දෙසට හැරෙන්න...සූර්ය ගමණයේදී හිරු මුහුණ දෙන අතිශයින් බලසම්පන්නම ගුරුත්ව ශක්ති කේන්ද්‍රය හමුවන්නේ ඉහත සඳහන් මන්දාකිණි නිරක්ෂය හා සමපාත වන විටය...(කේන්ද්‍රිකව ගුරුත්ව බලය සහ චුම්භාකර්ෂණ බලය එහි උපරිමයට පැමිණීම විශ්ව න්‍යායකි )..මේ මොහොතේදී හිරු අභ්‍යන්තරයේ සියළු චුම්භක ක්ෂේත්‍ර අවුල් ජාලාවකට පත්විය හැකි අතර ඒවා ඉතා වේගයෙන් වෙනත් ක්ෂේත්‍ර හා යථා සම්බන්ධව යෝධ ආරුක්කු සෑදීමටත්, එසේ සම්බන්ධ නොවන හෙලික්ස පෙර කවර කළකවත් නොවූ විටූ තරම් පතාක ශක්තියෙන් අවට විශ්වයට විදාරණය වී යා හැක...ඇතැම් විටක ඒවා පතාක සූර්ය කුණාටුවක් තරම් දුර දිග යාමටද හැකිය....(Super solar storm or perhaps a Solar maxima!!!)

"නාසා"ගෙන් අසා ගත් වග නම්.....

නාසා ආයතනයේ ඉන්දීය ජාතික මහැදුරෙකු වන දික්පති මහතා මේ තත්වය සිදුවිය හැක්කක් ලෙස දකී....එමෙන්ම ඔහුට අනුව 2010 න් පසුව ඕනෑම දිනක එළැඹිය හැකි මේ මහා සූර්ය කුණාටුව මේ අයුරින්ද සිදුවිය හැක....

"හිරු ගේ මියැදුණු හිරු ලප හෙවත් අක්‍රීය චුම්භක ක්ෂේත්‍රයන් ක්‍රමයෙන් හිරු මත ඇති මහා ගුරුත්ව පටියක් මඟින් සූර්ය කේන්ද්‍රය අසළට ඇදීමත්, එමඟින් ප්‍රතිස්ථාපනය කෙරුණු ක්ෂේත්‍ර යළි මතු පිට පැමිණීමත් කියන අඛණ්ඩ ක්‍රියාවලියක් සිදු කෙරෙනවා...මේ විදියට බලපුවාම ඉතා ආසන්නයේ එන දැවැන්ත ප්‍රතිස්ථාපනයක් ගැන අපට කියන්න පුළුවන්..මොකද, 1986-1996 කාළයේදී මේ පටි ඉතා වේගයෙන් ක්‍රියාත්මක උනා....එහෙනම් ඒවායෙන් ප්‍රතිස්ථාපනය කරපු අතිශය ශක්තිමත් හිරු ලප 2010-2012 වගේ වෙන විට එළියට මතු වෙන්නත් පුළුවන්...එවිට ඒවායෙන් මහා ශක්තියක් මුදා හැරිලා සූර්ය කුණාටුවක් එන එක මුසාවක් නම් නෙමෙයි...මේක කොයි විදියටත් වෙන්න පුළුවන්...එක්කෝ මේ විදියට...නැතනම් මායන් වරුන් කියපු විදියට...කොයි විදියට උනත් හිරු දැන් අසාමාන්‍ය ලෙස නිහඬව ඉන්නවා...මේ නිහැඬියාව කුණාටුවකට පෙර තිබෙන භයංකර නිහැඬියාව හා සමානයි...."

නාසා ආයතනයේම ජ්‍යේෂ්ඨ විදුදර ඩේවිඩ් හාතාවෙයි මහතාගේ අතිශයින් ජනප්‍රිය "හාතාවේ සිද්ධාන්තය" ඊට නුදුරේ අදහසක් පළ කරයි....

"23 වැනි සූර්ය චක්‍රය එක්කෝ නිමා වෙලා...නැති නම් එය 24 චක්‍රයත් සමඟ හවුලේ ක්‍රියාත්මක වෙනවා....කෙසේ වෙතත් 24 වැනි චක්‍රය දැන් ඇරඹී තිබීම නිසා චක්‍ර මාරුවේ හිරු උච්ඡය ("Solar Maxima") නම් බලාපොරොත්තු වෙන්න බැරි කමක් නෑ...."

....අහස නුඹ මෙතරම් සැඩ යැයි......

මෙවැනි ප්‍රභා වළල්ලෙන් මහා පදාර්ථ ශක්ති මුදා හැරීමකදී (Coronal Mass Ejection) හිලීයම්, ඔක්සිජන් සහ ලෝහ සහිත ප්ලාස්මාවක් ශීඝ්‍රයෙන් විස්ථාපනය වන තරංගයක් ආකාරයෙන් සෞර ග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරයි...මේවා පෘථ්වි වායුගෝලයට ළඟා වන විට ඒවායේ "පිකෝමීටර" (පිකෝමීටරයක් යනු මෙට්‍රික් ක්‍රමයට මීටරයකින් ට්‍රිලියනයකින් එක් කොටසකි ) x-කිරණ වළ ශක්තියට අනුව ඛාණ්ඩ 5 කට නාසා ආයතනය විසින් බෙදා වෙන් කර ඇත. ඒ ඛාණ්ඩ නම් A,B,C,M, X යනාදි වශයෙනි...

දැන් මම ඔබේ අවධානය මෙවැනි මහා සූර්ය කුණාටුවකින් සිදුවිය හැකි විනාශය කෙරෙහි යොමු කරමි....ඒ සඳහා මීට පෙර පැමිණි සැළකිය යුතු මට්ටමේ විශාල සූර්ය ලෙළසිළු නිසා සිදු වූ විනාශය ගැන යම් හැඳින්වීමක් කළ යුතුමය...

මෙතෙක් සොයා ගත් චණ්ඩම හිරු කුණාටුව ශ්‍රීමත් කැරින්ග්ටන් විසින් 1859 දී දක්නා ලද හිරු කුණාටුවයි...ඒ ඇසුරින් ජපාන අකාශ වස්තු නිරීක්ෂණාගාර සහ "නිව් සයන්ටිස්ට්" සඟරාව එක්ව මෙබඳු අනාවැකි පළ කොට ඇත...

"ඇත්ත වශයෙන්ම සාමාන්‍ය හිරු ලෙළසිළුවකට වඩා සිය ගුණයක් ශක්තිමත් "මෙගා" සිලුවක් (Mega Solar flare) පැමිණියොත් අප අවට කක්ෂ ගත කර තිබෙන පණිවිඩ චන්ද්‍රිකා සියල්ල පිලිස්සී යා හැකියි...ඒ නිසා ගෝලීයව සන්නිවේදනය සහ මුලින්ම අඩාල වී හැකියි...එයට අමතරව අළුත් බලාගාර, න්‍යෂ්ඨික බලාගාර ඇණ හිටීම නිසා බිලියන ගණනකට විදුලි බලය ඇණ හිටීවි...එහෙම වෙන්නේ මාස ගාණකට...එතකොට ඉස්පිරිතාල වලට මොකද වෙන්නේ?...දැඩි සත්කාර ඒකක?...ශල්‍යාගාර?.....ලක්ෂ ගණනක් ප්‍රතිකාර නැතුව මිය යාවි...ගුවන් තොටුපළවල් වල සියළු ඩිජිටල් අංගෝපාංග කිර්යා විරහිත වෙයි එකවර...එවිට ඒ මොහොතේ අහසේ තිබෙන ගුවන් යානා වලද සියළු විද්යුත් පද්ධති ඇණ හිටීවි..ඒ අයට දෙයියන්ගෙම පිහිටයි...එතකොට උමං දුම් රිය මාර්ග වල පරිඝණක පද්ධති?...අනතුරු වලින්ම පැය 24ක් ඇතුළත ලොව පුරා ලක්ෂ ගාණක් මිය යාවි.....ලෝකය යථා තත්වයට ගන්න වසර ගාණක් ගත වෙයි....ජීවිත හා ආර්ථික හානිය ගණන් බලන්න බැරි වෙයි..."

මේ සාමාන්‍ය සිළුවක් මෙන් සිය ගුණයක් බලවත් මෙගා සූර්ය ලෙළසිළුවක් පෘථ්වියට ලඟා වුවහොත් සිදුවිය හැකි දේයි....

එනමුත් අප කථා කරන්නේ සාමාන්‍ය සූර්ය ලෙළසිළුවක් මෙන් මිලියන ගුණයක් පමණ විය හැකි, තවමත් ශක්ති ගණනයක් වත් කරන්නට නොහැකි මහා සූර්ය කුණාටුවක් පිළිබඳවය......

"මහ පොළවේ ඇති පදාර්ථයෙන් නිමැවුණු සෑම දෙයක්ම ක්ෂණිකව ගිනි ගෙන දැවී අළු වී යාවී...සප්ත මහා සාගර වල ජලය මිනිත්තු ගණනකින් වාෂ්ප බවට පත්ව සිඳී යාවී....ඕසෝන් වියන අහෝසි වෙන්න වැඩි වෙලාවක් යන එකක් නෑ....ඉතාම චණ්ඩ පාර ජම්බුල කිරණ මහ පොළව විනිවිද මීටර සිය ගණනක් යටට කා වැදෙයි...මුළු ලෝකයේම පස යළිත් කිසිදු ඵ්ලයක් හට නොගන්නා ලෙස නිසරු වෙයි...ඇතැමි විටක ඒ හිරු කිරණ මැග්මා කුටීරය තෙක් විදාරණය වුවහොත් පෘතුවි අභ්‍යන්තරයේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාවි...මෙවිට ඇතිවන ලාවා ප්‍රසාරණයන් අප ලෝක ඉතිහාසයේ කවර කළකවත් අසා නැති දැවැන්ත යමහල් පිපුරුම් ලෙස මිහි මතුපිටට ගලා ඒවි...පෘතුවි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000+ පමණ වෙයි.....අනතුරුව පෘතුවිය ජීවය රහිත ගිනියම් ශිලා ගෝලයක් ලෙස විශ්වයේ සිට බලන්නෙකුට පෙනෙයි...."

...සත්ත සූරියග්ගමන......

නාසා හි හබල් දුරේක්ෂය කක්ෂ ගත කළ අයගේ මුතුන් මිත්තන් ගඩා ගෙඩි කන්නටත් බොහෝ කළකට පෙර දඹදිව වේශාලියේ, අම්බපාලිය විසින් පිදූ උයනේ මහා "විශ්ව සියපත" සිය අනුගාමීන් බණවා "සත්ත සූරියග්ගමන සූත්‍රය" දෙසා වදාළ සේක....අංගුත්තර නිකායේ, සත්තක නිපාතයේ, මහා වග්ගයෙහි එන සත්ත සූරියග්ගමන සූත්‍රයෙහි මනු කුළ කිරීටයාණෝ මෙසේ දෙසති....

"මහණෙනි...හේතුඵල සියල්ලගෙන්ම හට ගත් දෑ අනිත්‍යයයි....ඒ කිසිවක සැනසීමක් නැත....මේ නිසා මහණෙනි.. වැදගත් වන්නේ ඒ සියල්ල කෙරෙහි අවබෝධයෙන් කළ කිරීමයි...නො ඇලී සිටීමයි (අලං විරජ්ජිතුං) ...අවසානයේ විමුක්තිය උදා කර ගැනීමයි...( විමුච්චිතුං)

"මහණෙනි...හිරුගේ රශ්මි කදම්භය නිසා අවුරුදු ලක්ෂ ගණනකට වැස්ස නොලැබෙන කාලයක් එනවා...මෙලොව ඇති සියළු ශාඛ වර්ග ඉන් මැරී යනවා....සියළු සංස්කාරයෝද මෙපරිද්දෙනි...අස්ථීරය...සහනයක් නැත...අවබෝධයෙන්ම කළ කිරෙන්න...නො ඇලී සිටින්න...මිදීම ලබන්න...." (පළමු සූර්යයා)

"මහණෙන්, දෙවැනි සූර්යයෙකුත් පායනවා...කුඩා පරිමාණයේ ජලාශ සිඳී යනවා...ජලය නැති වෙනවා....යළු සංස්කාරයෝද මෙපරිද්දෙනි...අස්ථීරය...සහනයක් නැත...අවබෝධයෙන්ම කළ කිරෙන්න...නො ඇලී සිටින්න...මිදීම ලබන්න...."(දෙවැනි සූර්යයා )

"මහණෙනි...තෙවැනි හිරු එන විට සියළු මහා ගංගාවල් සිඳී යනවා...(බුද්ධ කාළයේ උදාහරණ ලෙස : ගංගා, යමුනා, සරභූ, අචිරවතී යනාදි වශයෙන් )...සියළු සංස්කාරයෝද මෙපරිද්දෙනි...අස්ථීරය...සහනයක් නැත...අවබෝධයෙන්ම කළ කිරෙන්න...නො ඇලී සිටින්න...මිදීම ලබන්න...." (තුන්වන සූර්යයා )

"මහණෙනි...සතර වැනි හිරු පායන විට මහා ගංගා හටගත් මහා විල් සියල්ල සිඳී යනවා...(බුද්ධ කාළයේ උදාහරණ ලෙස : අනෝථප්ත, සීහාපාත, රථාකාර, ඛණ්නමුන්ඩ, කුණාල, ඡුදන්ත, මන්දාකිනි ආදි වශයෙන් )....සියළු සංස්කාරයෝද මෙපරිද්දෙනි...අස්ථීරය...සහනයක් නැත...අවබෝධයෙන්ම කළ කිරෙන්න...නො ඇලී සිටින්න...මිදීම ලබන්න...." (සිවුවැනි සූර්යයා )

"මහණෙනි...පස්වැනි හිරු රශ්මියට මහා සාගර වියැළී යනවා...වැසි මොහොතක මඩ සහිත පොලවක ගවයෙකුගේ කුරයෙන් හෑරුණු වළක දිය බිඳක් රඳන්නේ යම් සේද, මහා සාගරයන්ගේ එතරම් කුඩා දිය බිඳිති තැන, තැන ඉතිරි වී අනතුරුව ඒද වියැළී යයි.....සියළු සංස්කාරයෝද මෙපරිද්දෙනි...අස්ථීරය...සහනයක් නැත...අවබෝධයෙන්ම කළ කිරෙන්න...නො ඇලී සිටින්න...මිදීම ලබන්න...." (මේ මොහොතේදී පෘතුවි ග්‍රහයා මත ජලය සහමුලින්ම අවසාන වේ) (පස් වැනි සූර්යයා )

"මහණෙනි....සය වැනි සූර්ය උදාවේදී සිනේරු නම් මහා පර්වතය ඇතුලු මේ සකල පෘතුවි අභ්‍යන්තරයේ උෂ්ණත්වය වැඩි වෙනවා...එයින් දුම් දමන්නට පටන් ගන්නවා...භූ කුහරයේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යනවා...එයින් යමහල් පුපුරා ලාවා ගිනි දෝරේ ගලනවා..(විදු ඇසින්: මේ දේශනා කරන්නේ "මැග්මා" (Magma) කුටීරය ගැනයි...හිරුගේ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික (Positively correlated to temperature of the Atmosphere) ලෙස එහි උෂ්ණත්වයද ඉහළ නඟී...එවිට ලාවා කුටීර ස්ඵෝටනය වී මහා යමහල් (Great Volcanic eruptions) ලෙස පුපුරා පොළව මතුපිටට ගලා එයි..එයින් නිකුත් වෙන අයණික විෂ වායූන්ගෙන් වාගෝලය පිරී යයි...විෂ වායූන්ගෙන් වා ගෝලය පිරෙනවා....සියළු සංස්කාරයෝද මෙපරිද්දෙනි...අස්ථීරය...සහනයක් නැත...අවබෝධයෙන්ම කළ කිරෙන්න...නො ඇලී සිටින්න...මිදීම ලබන්න...." (සය වැනි සූර්යයා )

"මහණෙනි...සත් වැනි හිරු කිරණ සමඟ දුමාරයෙන් වෙලී තිබුණු පෘතුවිය ගිනි ගෙන ඇවිලෙන්නට පටන් ගන්නවා...සිනේරු ආදී වූ මහා පර්වතයෝ කැබලි වලට කැඩී යනවා...ගිනි දැල් සමඟ මේ මහා පෘතුවිය එකවර පුපුරා ධූලි වලාවක් බවට පත්වෙනවා...එයින් සියල්ල අවසාන වෙනවා....සියළු සංස්කාරයෝද මෙපරිද්දෙනි...අස්ථීරය...සහනයක් නැත...අවබෝධයෙන්ම කළ කිරෙන්න...නො ඇලී සිටින්න...මිදීම ලබන්න....". (සත් වැනි සූර්යයා ) ( විදු ඇසින් - විශ්වයේ මහා නෙබියුලා තුල තාරකා, ග්‍රහ ලෝක බිලියන ගණනක් මෙලෙස පුපුරා යයි...ධූලි වලා බවට පත්වෙයි...අනතුරුව වර්ෂ බිලියන ගණනක් යන විට යළිත් එහි වායූන් එකිනෙක හා ප්‍රතික්‍රියා කොට පදාර්ථයෙන් යුත් නව තාරකා, ග්‍රහ ලෝක බිහිවෙයි...යළිත් කල් යත්ම ජීවය හට ගනී....ක්‍රමයෙන් විනාශය කරා ළංවෙයි...මෙය විශ්වය පිළිබඳ "යළි යළිත් හට ගැන්මේ සිද්ධාන්තය හෙවත්"Reformation theory of the Universe" වේ...බුදු දහමේ සංසාර චක්‍රයෙහි ඉපදීමේ සිට මරණය තෙක් ක්‍රියාදාමය නිමක් නොමැතිව යළි යළිත් ඇති වෙමින්, නැසෙන්නා සේම විශ්වයද එලෙසම වේ )

ඔබට තවත් විස්තර කර දිය යුතු නැතැයි සිතමි....

...ලිපියෙහි අරමුණ.....

ඉහත සඳහන් බිහිසුණු විනාශය 2012 දී අනිවාර්යෙන්ම එළැඹෙතැයි කීම මගේ අරමුණ නොවේ...එමෙන්ම "මායන්" වරුන්ගේ හෝ "නාසා" වරුන්ගේ මතය බුදු දහම ලවා සනාථ කරවීමක් කිරීමද මගේ අරමුණ නොවේ....එනිසා නුදුරේදී එළඹෙන මහා විනාශයක් ගැන විග්‍රහයක් ලෙස මේ ලිපිය නොගන්නා ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි...

නමුත් මගේ අරමුණ වන්නේ බුදු ඇසින් කල්ප විනාශය කෙතරම් ලොමු ඩැහැ ගන්නා තරම් විද්‍යාත්මක දැයි ඔබ සැමට වටහා දීමය...එය 2012 සිදු වුණා හෝ නොවුණා සංසාරයේ ඝෝර බව වටහා ගැනීමට ඉහත කී බුදු ඇසින් සහ විදු ඇසින් දුටු කරුණු ප්‍රමාණවත් යැයි කල්පනා කළෙමි....

ඔබත්, මාත්, අප ජීවත් වෙන පරිසරයත්, අප විසින් ගොඩ නඟා ගත් යමක් වේ නම් ඒ දේවලුත් කෙතරම් කුඩාද? පංච මහා භූතයන් සතු ශක්තිය කෙතරම් විශාලද?....විශ්වයෙහි "මහා" යැයි සම්මත දේ "අසුරක් ගසන සැණකින්" ගිනි ගෙන අළු වී සුන් වී යා හැකි නොවේද?....ඔබත්, මාත් ලබා ගත් ජයග්‍රහණයන් සැබැවින්ම "ජයග්‍රහණද?" ඒවායේ කල් පැවැත්ම කෙබඳුද?....

තථාගත දේශනාවෙහි ඇති දේ අනිවාර්යෙන්ම සිදු වන්නේය...මේ දේවල් 21-12-2012 දින සිදු නොවුනත් කවදා හෝ අනිවාර්යෙන්ම සිදු විය හැක... ඇතැම් විටක ඒවා 2012 දීම සිදු වීමටද ඉඩ කඩ බෙහෙවින්ම ඇති බව දැන් ඔබට පෙනී යනු ඇත...වන්නාව! මේ "හිරු හැව ඇරීම" 2012 දී හෝ වේවා ඉන් මතු මත්තේ හෝ වේවා සිදු වන්නේ නම්, ඔබ සැමගේම :

""ගොවි ගම-කරාව කම්, උඩරට-පහත රට කම්, සිංහළ-දෙමළ කම්, ඊශ්‍රායෙලි-පලස්තීන කම්, ඇමරිකානු-රුසියානු කම්, ඉන්දීය-පාකිස්ථාන කම්, චීන-තායිවාන කම්, යුදෙව්-ආර්ය කම්, උගත්-නූගත් කම්, වත් පොහොසත් කම්"

කෙතරම් කුඩාද? කෙතරම් ගිණිය නොහැකි සේ ක්ෂුද්‍ර දැයි වටහා ගන්නට ඉහත අඩංගු කරුණු කාරණා ප්‍රයෝජනයට ගන්න....

බුදු මඟ යන ඔබටද, ලෝකයේ සිවුපා, අපා, දෙපා, බුහුපා සියල්ලන්ටද, හෙටත් අරුණාලෝකය රැගෙන කවීන් දුටු සොඳුරු හිරු පායා ඒවා.....!!!!

"සප්ත වර්‍ණ හිරු කිරණින් සප්තස්වර ‍රැව් දේවා....සප්ත ගිරින් හිරු එනවිට මුලු ලොව ගීයක් වේවා".......

( මගේ දිවි මඟ වෙනස් කළ අනාගාමී "අජාන් බ්‍රහ්මවංසෝ" නා හිමියන්ගේ පාද මූලයෙහි පියුමක් ලෙසද, සදා වෙනස් වන විශ්වයෙහි සරන, නොවෙනස් එකම ආදරය ඇති මගේ මෑණියන්ගේ සිරසෙහි කිරුළක් ලෙසද මේ ලියවිල්ල තබමි )

Written by D.K. 01-06-2010, Cardiff of Wales, United Kingdom.


මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය කතෘ [D.K] සතුයි ....
කරුණාකර අවසරයකින් තොරව උපුටා ගැනීමන් වළකින්න..
ස්තුතියි.

පසුවදනක් :
දැන් මේ ලිපි පෙළ කියවපු හැමදෙනෙක්ම බලනවා ඇති කව්ද මේ D.K කියලා.....
D.K කියන්නේ දමිත් කේතක කියන එකේ කෙටි යෙදුම ;)
දමිත් අයියා මේ ලිපිය ලියලා මූණුපොතේ මාව මේ ලිපියට ටැග් කරලා තිබුනා...
මම ඒ කාලේ දමිත් අයියාව දන්නෙත් නෑ....
නමුත් මේ ලිපි පෙලේ වටිනාකම මට ඒ මොහොතෙම තේරුනා ...
ඉතින් බොහෝ දෙනාගේ දැනගැනීම පිණිස මේ ලිපිය මගේ බ්ලොග් එකට ආපු විදිහ තමයි ඒ...
ඉතින් මේ ලිපිය කියවන ඔයාලටත් තේරෙයිනේ අහම්බෙන් උනත් ලැබෙන මේ වගේ සැබෑ මිතුදම් වල වටිනාකම....
ඔයාලාටත් ඒ අයියාව සම්බන්ධ කරගන්න පුලුවන් වෙන්න මම එයාගේ ප්‍රොෆයිල් බැජ් එක පහතින් දානවා .....



මේ ලිපිය මගේ බ්ලොග් එකේ පළ කරන්න ගොඩාක් උදව් කරපු දමිත් අයියාට ස්තුති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා....
මේ ලිපි පෙළත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි.

- Bhagya රාජපක්ෂ -

Protected by Copyscape Duplicate Content Software

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative Works 3.0 Unported License.



24 comments:

අමිත්ත said... [Reply to comment]

great 100% dear.............

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

මම කිව්වනේ යාලුවා !! :D
බොහෝම ස්තුතියි ..

Kotapola Upali Thero said... [Reply to comment]

ඹයාගේ මේ ලිපි ටික ගොඩාක් හොඳයි...
තෙරැවන් සරණයි !

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

@ උපාලි හිමි : ඔබ වහන්සේට බොහොමත්ම ස්තුතියි ...

@ Ranuka : අයියේ මේකත් අහන්න...
මේ සූර්ය ලෙළසිළු විද්‍යුත් චුම්බක තරංගයක ප්‍රවේගයම ගන්නවා...(ඊට ඉතාමත් ආසන්නයි)
මොකද මේවා වල බහුලවම තියෙන්නේ ගැමා කිරණ
ඒ කියන්නේ 0.95 x C (C= ආලෝකයේ ප්‍රවේගය)
ඒ කියන්නේ ආලෝකයේ ප්‍රවේගය මිසක් ඉන් අර්ධයක් නෙමෙයි......

අනිත් එක ගැමා කිරණ වල විනිවිද යෑමේ හැකියාව ගැන කතා කරන්න ඕනේ නෑ නේ...
(ගැමා කිරණවලට මිනිහෙක්ව නිරාවරණය උනාම වෙන දේ දන්නවනේ ??
මැරෙන්න යන්නේ තත්පරයෙන් 1/1000000000 න් පංගුවයි..)
කාටද පුලුවන් එච්චර ඉක්මනින් මැරෙන්න ?? ;)

ඉතින් මේ වගේ ලෙළසිළුවක් පෘථිවියට එන්න ඕනේම නෑ...
ඒකෙන් විමෝචනය වෙන ගැමා කිරණ වලට අපිව නිරාවරණය උනත් ඇති ...

මෙන්න මේක බලලා අදහසක් ගන්න ...
මේ තියෙන්නේ සාමාන්‍ය ලෙළසිළුවක් හා පෘථිවිය සංසන්දනය ...



නමුත් අපි අදහස් කරන්නේ මේ වගේ සාමාන්‍ය එකක් නෙමෙයි ....
පතාක සූර්ය කුණාටුවක් !!
(Super solar storm or perhaps a Solar maxima!!)

Lasantha Jayawardena said... [Reply to comment]

Good post to read. Need to make a research on this. Anyway thanks for everyone who tried to write this. Thanks guys. This makes me crazy. :(

http://blogsinhala.com/ said... [Reply to comment]

We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

Thanks
Admin
http://blogsinhala.com/

Kanchana Chathuranga said... [Reply to comment]

මටනම් ම්ඤ්ඤo වගේ........ :D

හසිත ජයසූරිය said... [Reply to comment]

නියමයි අයියෙ මේව නම් මරේ මරු...මැක්සා තමයි

Thaths said... [Reply to comment]

OMG !!! Greatttt work !!! Excellent !!
නියමයි භාග්‍ය කොලුවෝ...............

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

බොහෝම ස්තුතියි තත්සර ....
මේ ගෞරවය නිබඳවම දමිත් අයියාටත් හිමිවේවා!

Sanjaya said... [Reply to comment]

ඈත්තටම ගොඩක් කලෝචිත,මාතෘකවක් සහ තාරකා ශාස්ත්‍රය පිලිබදව අමුතුවන් අවබෝදයක් නොම වුවත් සරලව තේරුම් ගන්න පුලුවන් ලිපියක්. ගොඩක් හොදයි. ඉදිරියටත් සුභ ප්‍රාර්තනා!

David Morrison said... [Reply to comment]

I am surprised that anyone is still scared of the 2012 hoax, but I will try to answer your specific questions. (1) Yes there will certainly be solar flares. There are solar flares almost every year, and there will more of them when the 11-year solar cycle reaches maximum about 2013. So what? Flares are no risk.
(2) No scientists think there is any threat in 2012. Don't believe Youtube video by hoaxers who claim falsely to be "NASA scientists".
(3) The Mayans (there are 3 million Mayans living in Central America) have said that the end of this Baktun and the start of the next does not suggest any disasters, let alone the end of the world. The idea that the Mayan calendar portends some terrible disaster is a fiction spread by people who are liars or fools, or both.

David Morrison
Astrobiology Senior Scientist
April 23, 2010

damith said... [Reply to comment]

man Bhagya .. this is the damest letter that i evr read ... man thaks a billon for shareing it with us ... woow dude great wrk ..... keep it up ... guyzz lets hatz off to this little guy ... cheerzzzzzzz !!!!!!!!!

D.K. said... [Reply to comment]

මා විසින් දරන ලද සුළු උත්සාහය "ඔන්න ලෝක විනාශය 2012 සිද්ද වෙනවෝ, මැරෙන්න ලෑස්ති වෙයල්ලා" කියා කරන කෑ ගැසීමක් ලෙස නොගන්නා මෙන් මම නැවත වරක් ඉල්ලා සිටිමි...බෙලි ගෙඩියක් බිමට වැටෙන හඬ අසා පැන දිවූ සාවෙකු, වනයක් කුලප්පු කළාක් මෙන් "ඔන්න හරිම වැඩේ...2012 දි ලෝක විනාසෙ අනිවාර්යෙන් වෙන්නයි යන්නේ" කියා ඔබ සැමගේ හිස් ගෙඩි වලට විකාරයක් එබ්බීමේ කිසිදු අභිප්‍රායක් මට නැත...සූර්ය ලෙළසිළු තුලින් 2012 දී සිදුවිය හැකි බවට ඇතැම් නූතන, හා ඓතිහාසික මත ධාරීහු විසින් ප්‍රචලිත කරන ලද මතවාදය අද ලෝකයේ විද්‍යාත්මක සාකච්ඡා වැඩි වශයෙන්ම කෙරෙන මාතෘකා අතර එක් මාතෘකාවකි...කණගාටුවට කරුණ වන්නේ එතෙක්, මෙතෙක් මුළු විශ්වයේම පහළ වූ ශ්‍රේෂ්ඨතම "තාරකා භෞතික විද්‍යා දේශකයාණන්ගේ" අනුගාමිකයන් මෙවැනි සාකච්ඡා වල පෙරමුණ නොගැනීමයි...කෙටියෙන් කියතොත්, බුදුන් වහන්සේ "සප්ත සූරියග්ගමන සූත්‍රය" දෙසා වදාළේ "නාසා" වරුන්ගේ දේශය ඝණ වනාන්තර වලින් වැසී ගොස් තිබූ සමයකය..එනිසා ලෝකයේ මෙවැනි දේ සාකච්ඡා වේ නම්, එහි මුල් පුටුව අවිවාදයෙන්ම බුදු දහමට හිමිවිය යුතුමය....මට කළ හැකි කුඩා දේ, ඉතා කුඩා පරිමාණයෙන් මෙලෙස කරන්නේ, බෞද්ධ ජනතාවට තමන්ට උප්පතියෙන්ම උරුම සුපිරි අසම-සම සත්‍යය පිළිබඳව ආඩම්බරයක් හා ශ්‍රද්ධාවක් ඇති කිරීමත්, එතුළින් විවිද ලෞකික කාරණා උඩ හෝ, එසේ නැති නම් අනවබෝධය නිසා බුදු දහමත්, සෙසු ආගමික මතවාද දමන තැනටම දමා "කොයි ආගමේත් කියන්නේ එකයි නෙ" යන මතය ප්‍රකාශ කරන බෞද්ධයන් ඉන් ගලවා ගැනීමත්, මේවා කියවන බුදුන් සරණ නොගිය අපේ සහෝදර ජනතාව වෙත් නම් ඔවුන් තුළ ඇති බුදුන් වහන්සේ යනු "තවත් එක් දාර්ශණිකයෙකි" යන දුර්මතය දුරු කිරීමත්ය..විශ්ව සියපත 1 හා 2 තුළම අප කරන්නට උත්සාහ කරන්නේ මෙයයි..."පිට සක්වළ ජීවය", "කල්ප විනාශය" හා "කාළය හරහා යා හැකිද?" යන්න අද නූතන විද්‍යා මණ්ඩපයේ අතිශයින් බහුලව සාකච්ඡාවට බඳුන් වන ඉතා උණුසුම් මාතෘකාය..(මෙයින් තුන්වැන්න පිළිබඳවත් අනාගතයේදී යමක් ලියන්නට අප බලාපොරොත්තු වෙමු.. )

මේවා අප කරන්නේ ඒ ඒ ක්ෂේත්‍රයන්ගේ දැන උගත් කම් ඇති විශේෂඥයන් ගෙන් අසා දැනගෙන කරුණු කාරණා නිරවුල් කර ගෙනය...අපේ හිතූ මනාපයට විද්‍යාත්මක කරුණු හෝ ඓතිහාසික සාධකයන්ට නිර්වචන සැපයීම කළ නොහැකි බව මම දනිමි...

නාසා ආයතනය ගැනත් සැකෙවින් යමක් කියතොත්, එය ගවේෂකයන්ට ඉතාම කරුණාවෙන් දැනුම බෙදා හරින මධ්‍යස්ථානයක් වෙතත්, එය 100% නිර්වද්‍ය,විශ්වය ගැන දෙසන්නට පහළ වූ "දිව්‍යමය" බලවේගයක් ලෙස නොදකිනු මැනවි...එම ආයතනය තුළද පරස්පර විරෝධී මත දරන විදුදරයන් බොහෝ බුද්ධි- ඝට්ටන වලට එල්බ සිටිති..එමෙන්ම ලොව අභ්‍යාවකාශ විද්‍යාර්ථීන් සිටින එකම තැනද නාසා ආයතනය නොවේ..එම ආයතනය යම් මතයක් දරතොත්, ඊට විරුද්ධ මත දරන ආයතන, ප්‍රධාන සරසවි, හා පුද්ගල මට්ටමේන් තනි තනි විදුදරයන් රාශියක් ඇත...එමෙන්ම 100% නිවැරදිව සූර්ය ලෙලසිළු "පෙර දකින්නට" ඔවුහු අසමත් වීම නිසා දැන් ඔවුන් "මෙය සිදු වෙන්නේ නෑ" කී පළියට "නාසා කිව්වා නම් ඉතින් වෙන්නෙ නෑම තමා" කියා සිටින්නට හැකිදැයි තීරණය කිරීම ඔබ සැමට භාර කරමි...

විද්‍යාවට වැරදුණත්, බුදු පියාණන්ට වරදින්නේ නැති බැවින් 2012 දී නොවුණත් "යම් කිසි දිනක", "යම් කිසි කළක" පෘතුවියේ විනාශය සූර්ය කේන්ද්‍රික සිද්ධි දාමයක් ලෙස අනිවාර්යෙන්ම සිදු වන්නකි...අපට උවමනා ඒ ඇසුරෙන් සංසාරය කෙතරම් චණ්ඩද?, ඝෝරද? අප තනා ඇති සියල්ල කෙතරම් කුඩාද? යන්න පිළිබඳව සරල අවබෝධයක් දීම පමණි....

අවසාන වශයෙන් "මූ මොකෙක්ද?...දෙන්නම් මූට බැටේ" න්‍යායෙන් අපේ ලිපි දෙස උපහාසයෙන් හෝ ද්වේෂයෙන් බලන යම් අයෙකු වෙතොත්, අපේ මේ උත්සාහය "අපි එළ පොරවල්" කියා ඔබට පෙන්වීමට නොවන බව ඒ අයට ඉතාම සහෝදරත්වයෙන් යුතුව දැනුම් දෙමි...21 වැනි සියවසට අතිශයින් උචිත ධර්මය ලෙස ඇල්බට් අයින්ස්ටයින් සහ ශ්‍රීමත් ආතර් සී ක්ලාර්ක් විදුදරයන් ද, බර්ට්‍රන්ඩ් රසල් නම් සමාජ විදුදරයාද දුටු නිර්මල බුදු දහම, මේ බුද්ධි ශතකයේ ලොවෙහි ප්‍රචලිත කරන්නට නම් එය "නූතන විද්‍යාව" නම් ඇතා පිට රන් කරඬුවක තැන්පත් කොට වීදි සංචාරය කරවිය යුතුය...අපේ ප්‍රාථමික උත්සාහයන් සියල්ල එයට යෙදෙයි...මේ මඟ ඔස්සේ දිගු ගමනක් යෑමට ලැබෙතොත් එය මහා වාසනාවක් කොට දකිමි...දැනුම සොයන මාර්ග අනන්ත අප්‍රමාණව ඇති විදේශ රටක බොහෝ ආර්ථික දුක් ගැහැට විඳිමින් හෝ ජීවත් වීමේ උපරිම ඵල ලැබුවා වන්නේ එවිටය....

අප හැම විටම විවේචන සහ සංවාදයන්ට විවෘතය...එමෙන්ම අපේ වැරදි බොහෝ ඇති නියාව දනිමු....සහේතුකව අප නිවැරදි කරන අයට ප්‍රණාමය පුද කර සිටිමු..

මගේ අදහසට මිතුරු, පසමිතුරු සැමට තෙරුවන් සරණ පතමි!

Vathsala said... [Reply to comment]

Really good! Well done... Great work.. May Triple Gem Bless You

nikama said... [Reply to comment]

ඔය වගෙය් ගොන් talks දීලා බුද්ධාගමත් ගොන් කරන්ඩ එපා මිනිහෝ. අර කලින් සදහන් කල video ( http://www.youtube.com/watch?v=WlOhNUzoPdU ) එක සහ මේ ගොබ්බ සටහන, දෙකම එකයි. කරුණාකර ඔබගේ මූලාශ්‍ර සදහන් කරන්ඩ.

Helaya said... [Reply to comment]

අනේ නිකමෝ
මේ වගේ ලිපියක් කිය්වවලත් උඹට සෑහීමකට පත් වෙන්න බැරිනම් ඉතින් උඹට දෙයියන්ගෙම පිහිටයි..
මේක ගොබ්බ සටහනක් නම් උඹ ලියන සටහනකට කියන්න වෙනම වචන හදන්න වෙයි.
ඒක වෙන්න ඇති උඹටත් උඹ නිකමෙක් කියල තේරෙන්න ඇත්තෙ.
උඹ කලින් ලිපිය කියෙව්වනම් ඒකෙ බලපන් මේ ලිපිය සහ අර වීඩියෝ එක කරල තියෙන්නෙ එකම කට්ටියක් කියලා ඒකෙ අදහසක් දක්වලා තියෙනව.
බොරුවට මෙතන කෑගහන්න එපා.
තමුන්ගෙ මොලේ තියෙන්න ඕනේ තැන මොකක්ද තියෙන්නෙ?
පොඩ්ඩක් අතගාලා බලන්න.

ප.ලි: මේ බ්ලොග් එකට ඇනෝනිමස් කමෙන්ට්ස් දාන්න බැරිවෙන්න හැදුවනම් ඉතින් මූනට මූන කෙලින් කතාකරන්න හයිය තියන අය කවුද කියල බලාගන්න තිබ්බා.

nikama said... [Reply to comment]

anonymous comment දාන්නේ මම බ්ලොග් කරුවෙක් නොවන හන්ද. (anonymous නැහැ එත්...)
මේ ලිපිය ගොබ්බ වන්නේ
1.) මෙය ලිපියක් නොවන හන්ද (මෙය අර කලින් සදහන් කල video දෙකේ තිර පිටපතක් පමණි )
2.) මූලාශ්‍ර පිලිබඳ කිසිම සටහනක් නැහැ

video 's

http://www.youtube.com/watch?v=WlOhNUzoPdU
http://www.youtube.com/watch?v=6oN-jW6IZJo&feature=related

හරි හමන් පිළිතුරක් දෙන්න බැරි නම් ඔබගේ සහෝදරයා මෙන්ම නිහඬව ඉන්න.
නොදන්නා දේවල් ගැන ලියන්ඩ එපා. මෙවැනි දේවල් ලොකු කර දැමීමෙන් බුදු දහමටත් හානියක් වේවි.
මින් පස්සට වත් ඔබ දන්නා දේවල් ගැන ලිපි ලියන්ඩ. ඔබට ජය.

Nilantha said... [Reply to comment]

නිකමා කියන කථාව ඇත්ත. මේ වගේ වැඩ කරලා නිකත් බුදුරජාණන් වහන්සේට අගෟරව කරන්න එපා. බටහිර විද්‍යාදරයන් බුදු වෙලාද? සාරා සංබ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා සොයාගත් දේ විද්‍යාගාර වලදී සොයා ගන්නේ කෙසේද. කවදා හරි ඔය බටහිර මිනිසුන් ඔවා වැරදි කියලා හොයාගත්තොත් ඔබටයි ඔබේ සහොදරයාටයි යන එන මං නැති වෙනවා. ඒ නැති වෙන්නේ බුද්ධාගමත් විනාශ කරලා. ඔබ ඔය කිවන කථා හොදයි ගැලරිය පිනවීමට. ඔය විකාර නවත්තලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න. තමන්ගේ බ්ලොග් එකේ හිටිස් වැඩි කර ගන්න මේ වගේ ගොන් වැඩ කරලා බුද්ධාගමට හානි කරන්න එපා

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

@Vathsala
බොහොම ස්තුතියි!

@Helaya
හෙළයා කියපු එක ගැනත් මට හිතන්න වෙනවා..
ඇත්තටම කිව්වොත් බ්ලොග්ස් ලියන කෙනෙක්ට නිල මැස්සෙකුටත් වඩා අප්පිරියාවක් දැනෙනවා මේ ඇනෝනි මැසසෙක් දැක්කම..
කොඳක් පන තියෙනවනම් බ්ලොගර් කෙනෙක් නොවුනත් ගූගල් එකවුන්ට් එකකින් කමෙන්ට් කරනවනෙ..

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

@nikama
තිර පිටපතක් ලියලා වීඩියෝ එකක් හදනවා මිසක් වීඩියෝ එකක් කරලා ඒකට තිර පිටපතක් ලියන්නෙ නම් නිකමෙන් නැතුව වෙන මොකෙක්ද ?? ඒ වීඩියෝ එක කරලා තියෙන්නෙත් මගේම අයියා කෙනෙක්..

"මේවා අප කරන්නේ ඒ ඒ ක්ෂේත්‍රයන්ගේ දැන උගත් කම් ඇති විශේෂඥයන් ගෙන් අසා දැනගෙන කරුණු කාරණා නිරවුල් කර ගෙනය...අපේ හිතූ මනාපයට විද්‍යාත්මක කරුණු හෝ ඓතිහාසික සාධකයන්ට නිර්වචන සැපයීම කළ නොහැකි බව මම දනිමි..."
කියලා ලියල තියෙද්දිත් ඔච්චර කෑ ගහන්නෙ ඇයි ??
දැන් උඹට ඕනේ අර විශේෂඥයන්ගේ අත්සන් දාපු ක්ෂේත්‍ර වාර්තා පොතක්ද ??

තමුසෙට ඇත්තටම internet නැද්ද බං ??
එහෙනම් මේ බ්ලොග් එක බලන්නෙ කොහොමද කියලා තමයි මට පුදුම..
මූලාශ්‍ර අන්තර්ජාලයේවත් නැති වෙලාද අපෙනුත් ඇහුවෙ ??

මේ අහනවා තමුසෙලා නොදන්නවා උනාට ඔය සුද්දොන්ගේ රටවල් වල ඉන්නවා තමන් උනන්දු ඔය අසාමාන්‍ය දේවල් ගැන තමන්ගේ තියන පිපාසය සංසිඳව ගන්න තනියෙන් ගවේෂණ කරන තරුණ අයත්.. සිය දාස් ගානක් නම් නෙමෙයි.. මිලියන ගනනින් !!
අපේ රටේ මේ අයනම් ගොඩාක් අඩුයි..
මම අහන්නෙ තමුසෙ ඔච්චර නැණවත් නම් ඇයි තමුසෙට බැරි මේ වගේ එකෙක් වෙන්න..
(නැණවත් යැයි කීවේ ඔබට මේ ලිපිය ගොබ්බ ලිපියක් යැයි කී නිසා ඔබ ලියන ලද ලිපියක් වෙතොත් ඒ ලිපියේ වටිනාකම සිතාගැනීමටවත් නොහැකි නිසා බව සැලකුව මැනවි)

"ඔය වගේ ගොන් talks දීලා බුද්ධාගමත් ගොන් කරන්ඩ එපා මිනිහෝ."
මේක දැක්කමනම් මට ඇත්තටම දුක හිතුනා..
උඹට කොන්ද පන ඇතුව කියන්න පුලුවන්ද උඹ බෞද්ධයෙක් කියලා ??
හරි මේක ගොන් ටෝක් එකක් කියමුකෝ.(මේක ගොන් ටෝක් එකක් නොවන බව වෙනම කතාවක්) දැන් මේක එක ගොන් ටෝක් එකක් විතරයිනේ.. දැන් මේ වගේ ගොන් ටෝක් මිලියනයක් ආවත් ඒකෙන් බුද්ධාගම ගොන් වෙයිද ??
බුද්ධාගම ගොන් වීම !! මාරයි..
දැන් තේරෙනවනෙ කවුද බුද්ධ දර්ශනයට අගෞරව කරන්නේ කියලා..

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

@Nilantha

මේ වගේ වැඩ කරලා බුදු රජාණන් වහන්සේට අගෞරව කරන්න එපා කිව්ව නේද ඔයා ??
දැන් මොකක්ද මම බුදු රජානන් වහන්සේට කරපු අගෞරවය??
ඔයා ඒක මට පෙන්නුවොත් මම අවංකවම සතුටු වෙනවා.. :)

"කවදා හරි ඔය බටහිර මිනිසුන් ඔවා වැරදි කියලා හොයාගත්තොත් ඔබටයි ඔබේ සහොදරයාටයි යන එන මං නැති වෙනවා."
ඔයා එහෙම කිව්වෙ මොන පදනමක ඉඳන්ද ??
අපි මේ ලිපියෙන් කියන්නේ බුද්ධ දර්ශණය ඉස්සරහා නූතන විද්‍යාව තිබ්බොත් නූතන විද්‍යාවට හසුවන දේවල් කොතරම් කුඩාද, ඒ වගේම නූතන විද්‍යාවට ඊයේ පෙරේදා හමුවෙච්ච දේවල් නූතන විද්යාව තියා විද්යාව කියන වචනෙ හැදෙන්නත් ඉස්සර බුදු රජාණන් වහන්සේ දේශනා කරා කියන එකයි..

"බුදුන් වහන්සේ "සප්ත සූරියග්ගමන සූත්‍රය" දෙසා වදාළේ "නාසා" වරුන්ගේ දේශය ඝණ වනාන්තර වලින් වැසී ගොස් තිබූ සමයකය..
එනිසා ලෝකයේ මෙවැනි දේ සාකච්ඡා වේ නම්, එහි මුල් පුටුව අවිවාදයෙන්ම බුදු දහමට හිමිවිය යුතුමය..
මට කළ හැකි කුඩා දේ, ඉතා කුඩා පරිමාණයෙන් මෙලෙස කරන්නේ, බෞද්ධ ජනතාවට තමන්ට උප්පතියෙන්ම උරුම සුපිරි අසම-සම සත්‍යය පිළිබඳව ආඩම්බරයක් හා ශ්‍රද්ධාවක් ඇති කිරීමත්, එතුළින් විවිද ලෞකික කාරණා උඩ හෝ, එසේ නැති නම් අනවබෝධය නිසා බුදු දහමත්, සෙසු ආගමික මතවාද දමන තැනටම දමා "කොයි ආගමේත් කියන්නේ එකයි නෙ" යන මතය ප්‍රකාශ කරන බෞද්ධයන් ඉන් ගලවා ගැනීමත්, මේවා කියවන බුදුන් සරණ නොගිය අපේ සහෝදර ජනතාව වෙත් නම් ඔවුන් තුළ ඇති බුදුන් වහන්සේ යනු "තවත් එක් දාර්ශණිකයෙකි" යන දුර්මතය දුරු කිරීමත්ය..
විශ්ව සියපත 1 හා 2 තුළම අප කරන්නට උත්සාහ කරන්නේ මෙයයි..."

බුද්ධාගම කවදාවත් විනාශ වෙන්නෙ නම් නෑ..
ඔයාට එහෙම හිතෙනවද ?? පුදුමයි නේද ??

බුදුවරයෙක් සම වෙන්නේ තවත් බුදුවරයෙකුට විතරමයි..
ඉතින් බුදුරජාණන් වහන්සේගේ විශ්වනීයත්වය උලුප්පවා පෙන්වීම ඔයාට විකාර වැඩක් විදිහට පේනවනම් ඔයාට ඔය විකාර නවත්තලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න කියන්න වෙන්නෙ මටමයි..

අන්තිම තර්කය: බ්ලොග් එකේ හිට්ස් වැඩි කර ගැනීම..
තමන්ගේ බ්ලොග් එකේ හිටිස් වැඩි කර ගන්න මේ වගේ ගොන් වැඩ කරලා බුද්ධාගමට හානි කරන්න එපා..

හිට්ස් වැඩි කිරීම කරන්න පුලුවන් කට්ටියව ගෙන්නල විතරක් නෙමෙයි.. හිට්ස් කවුන්ටර් එකක් හදද්දි උනත් අපිට පටන්ගන්න ඕනේ හිට්ස් ගාන දාන්න පුලුවන්.. අනිත් එක ඔයා හිතනවනම් මම මේ බ්ලොග් එකේ ඇඩ්ස් දාලා හිට්ස් ගාන වැඩි කර ගෙන සල්ලි හොයන්න හිතනවා කියලා මට ඔයා ගැන ගොඩක් දුක හිතෙයි නේද ??
මේ බ්ලොග් එකේ එකම එක වෙලඳ දැන්වීමක් තියෙනවානම් මට පෙන්නන්න..
දැන් ඉතින් කියපන් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක්වත් නැති මම ඇඩ්ස් තිබිලා අයින් කලා කියලා..!!

(මේ එකම එක අදහසක්වත් මම තරහින් කියන ලද ඒවා බව නොසලකන්න.. එය හුදෙක් ඔබගේ හිතට කා වැදීම සඳහා දරන ලද උත්සාහයන්ය.)

සැමට තෙරුවන් සරණයි !

bravelion007 said... [Reply to comment]

මෙහෙමයි, ඔය කියන වීඩියෝ එක හැදුවේ මමයි. ඒ වීඩියෝ එක දමිත් අයියගේ අවසරය ඇතුව එයාගේ නෝට් එකෙන් බලාගෙන හැදුව එකක් මිසක්, වීඩියෝ එක බලාගෙන දමිත් අයියා නෝට් එක ලිවුවේ නැහැ. අනිත් එක මෙතන වැදගත් වෙන්නේ මේකේ අඩංගු කරුණුයි, ඒ කරුණු අපගේ දැණුමට එකතු කරගැනීමයි.- wenupriya1

Anonymous said... [Reply to comment]

obata ochchara vishwasa nam karuna kara mulashara denna...antharjalayen api mulashara hoyanna one nam mulasha kyala deyak one nane..lipiyak liwwama kathu waraya badila inna e lipiyata mulashra denna...mulashra denna bari boru liwawamane....

budu dahamata apahasayak wenawada nadda kyana ekanam mama danne na..eka mata adalath na..

eth nikan hithe thyenawa wikara liyala nikan bol prasiddiyak ganna epa...ehema liyanna onemanam vidya prabandhayak kyala mulinma kyala ona ekak lyanna...

mama anonymous cmnt ekak danne konda pana nathi nisa kyala hithanawanam mata karanna deyak na...obata kamathi deyak hitheeme nidahasa thyenawa..

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe