සොයන්න:

1

හමුදාවේ මාමා !!

ඔන්න ඊයෙ මම ආච්චි අම්මලගෙ ගෙදර ඉන්න වෙලේ එහෙ තිබ්බ පරණ දිවයින පත්තරයක වෙළඳ දැන්වීම් කොටසක් කියව කියව හිටිය අතරෙ මගේ ඇස් දෙක ඒකේ තිබ්බ විශේෂ දැන්වීමක් වෙත යොමු උනා... ඒක දැන්වීමක් කියල කිව්වට දැන්වීමක් නෙමෙයි ඉල්ලීමක් කියලයි මටනම් හිතෙන්නේ ...

දැන්වීම මේකේ ඒ විදිහටම පල කරනවා ..
" ලේඛන කටයුතුවල යෙදෙන මා ආරක්ෂක අංශ සාමාජිකයෙකු වෙමි. මා සතු P IV වර්ගයේ පරිගණකය, ලැප්ටොප් යන්ත්‍රයකට හුවමාරු කිරීමට කැමැති අයකුගේ කාරුණික සහයෝගය පතමි. "
මේක පලවෙලා තිබ්බෙ 2010 අප්‍රේල් 11 ඉරිදා පත්තරයේ..
මම මේක කියෙව්වේ ඊයේ ( අප්‍රේල් 23 ).. ඉතින් මම හිතුවා මේ වැඩේ එයා කරගෙනත් ඇති කියලා ..
මගේ යාලුවෙක්ගේ ඩෙස්ක්ටොප් එකත් කැඩිල එයාටත් ලැප්ටොප් එකක් තියන නිසා එයත් ඩෙස්ක්ටොප් එකකට මේක මාරු කරන්න බලන් තමයි හිටියේ  ... නමුත් මම නිකමට එයාට sms එකක් දැම්මා ... ආරක්ෂක අංශයේ වෙලත් පත්තරේ දාලා සතියක් වෙලත් තවමත් කිසිම හරි පිළිතුරක් ලැබිලා තිබුනේ නෑ...

0

ලෝක පෘතුවි දිනය අදයි ...

" ලෝක පෘතුවි දිනය : World Earth Day "



ඔන්න අද පෝස්ට් එකක් ලියල දාන්න හිතුනා... මොකද අද තමයි ලෝක පෘතුවි දිනය ...
එක අතකට ඒක අපි වගේ (e-lives) ඊ-ජීවිත ගෙවන අයට මේක ගොඩාක් විශේෂයි ...
මොකද හැමදාම කරනවා වගේ PC එකක් ඉස්සරහට වෙලා ඉන්නවට වැඩිය පරිසරය පිලිබඳව මොනව හරි දෙයක් ගැන හිත යොමු කරන්න පොඩ්ඩක් හරි උනන්දු වෙන්න අද වගේ දවසක් තියෙන්න එපැයි ...
අනිත් එක තව දෙයක් කියන්න ඕනේ..
ඊයේ රෑ මාර විදිහට අකුණු ගැහුවා .. හිතාගන්නවත් බැරි විදිහට ..
පෘතුවියටත් ගිය කලක් ..
මගේ කාමරේට දාල තියෙන්නේ ලොකූ වීදුරු ජනෙල් දෙකක් තනිකර වීදුරු වටේට ඇලුමීනියම් ෆ්‍රේම් එකක් තියෙන්නේ ...
ඒක නිසා අකුණු ගහනවා මාර විදිහට පෙනුනේ ...මම නම් මාර විදිහට බය උනා ...
තමන්ගේ පෘතුවි දිනය දිනය අමතක වෙන මිනිස්සුන්ට නම් මේව හොඳ පාඩම් ...
ඒක නිස තමයි මට මේක මතක් උනේ කියල මට හිතෙන්නේ..
ඔන්න මම නම් අද නැගිට්ට ගමන් මගේ යලුවො ටිකට SMS ටිකක් යැව්ව "World Earth Day" කියල..
ගොඩාක් දෙනෙක් දන්නෙවත් නෑ අද World Earth Day කියල..
මොනවා කරන්නද ...එ තරම්ම ලෝකය දියුණුයි නේ...
වටේ තියන දේවල්, අඩුම ගානේ වෙන්නෙ මොනවද කියලවත් මිනිස්සු දන්නේ නැති යුගයක අපි ඉන්නේ ... ලොල්
ඔන්න එහෙනම් මේ පොඩි සටහන නිමා කරන්නයි සූදානම ...
එහෙනම් ඔබ සැමට සුභ පෘතුවි දිනයක් වේවා ...
8

Robin Hood කතා මාලාවේ අවසානය


robin-hood-bbc

ඔන්න මෙච්චර කල් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක හදවත් එකට එකතු කරපු තවත් විශිෂ්ට පවුලේ කතා මාලාවක අවසානය අද සටහන් වෙනවා...
ඉතින් මේ විදිහට පොඩි පසු වදනක් ලියල තියන්න හිතුනා ... ඒකෙන්වත් දුක පොඩ්ඩක් හරි තුනී වෙයි !  :(

පෞද්ගලිකවම මම Robin Hood BBC කතා මාලාවට ගොඩාක් ඇළුම් කලා...
මම මේ විදිහට facebook group එකක් කරල හැම සතියෙම membersලට ඊලඟ කතාවෙ කෙටි විස්තරයක් කලෙත් මම වගේම මේ කතා මාලව ආස කරන තවත් ගොඩාක් දෙනෙක් ඉන්න නිසයි ...නැතුව ගොඩාක් දෙනෙක් කරනව වගේ මෙම්බෙර්ස්ල  5000ක් විතර හොයල ප්‍රචාරක කටයුතු කරගන්න නෙමෙයි ...
එහෙම කරන්න ඕන කමක් තිබ්බනම් අද මේ group එකේ membersල 5000ක් නෙමෙයි 10000ත් පැනල ...

තව දෙයක් කියන්න ඕනෙ...
0

සීයාගේ උපන් දිනය

අද සීයාගේ උපන් දිනය නිසා සීයලගෙ ගෙදර සාදයක් තිබ්බා...
සීයට දැන් 76යි.. එත් තාම කොල්ලා ...
මගෙ මදුරුවගෙන් මටත් වැඩිය වැඩ පෙන්නන්නෙ සීයා තමයි ...
මැතිවරන වැඩ සීයට පෙන්නන්න බෑ.. සීයා ප්‍රබල ස්‍රි ලංකා නිදහස් පක්ෂ කිර්යාකාරී සාමාජිකයෙක් ...
ඉතුරු විස්තර මම පස්සෙ කියන්නම් ....
දැන් නිදිමතයි ...
 
Template Design by Bhagya Rajapakshe