සොයන්න:

17

සතුටු දවසක් ...

ඔන්න අද මට සතුටු දවසක් ...
අද මගේ බ්ලොග් එක සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සින්ඩිකේටර් එකට ඇතුලත් වෙලා තිබ්බා ...
කලින් පොඩි පොඩි සීන් වගයක් ගියා.. ඕවා ඔහොම තමයි නේ...
ඔන්න අද පාන්දරම රසායන විද්‍යාව පන්තිය පටන්ගන්න කලින් පන්තියේ Wi-Fi ජාලයට හොරෙන් සම්බන්ධ වෙලා (මේවා ඉතින් ළමයි දන්න, සර් නොදන්න ප්‍රසිද්ධ හොර වැඩනේ ) Gmail එකට පාත් උනේ කාලිංග නැමති පුද්ගලයෙක්ගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් .... ;) හික්z!
මම ගොඩාක් දවසක ඉඳන් ලියන්නේ නැතුව හිටියේ මේක සින්ඩිකේටර් එකට දාපු ගමන් ඔක්කොම දේවල් ටික ලියන්න ඕනේ නිසා.....
එතකොට වැඩි දෙනෙක්ට මගේ අදහස් ප්‍රක්ෂේපණය කරන්න පුලුවන් නේ .. :p
මේකට වගකිවයුත්තන්ට මාගේ ප්‍රණාමය !!

මගේ පන්තියේ, ඉස්කෝලේ සහ බොහොම හිතවත් ගොඩාක්දෙනෙක් මගේ බ්ලොග් එක කියවන්නේ ආසාවෙන්  ...
ඉතින් මමත් අලුතෙන් හොයාගත්ත දේවල්, තාක්ෂණික, විද්‍යාත්මක, පිස්සු වැඩ (චාටර් වැඩ නෙමෙයි) කියන මේවා කතු කරලා මේ බ්ලොග් කට්ට ඉදිරියට ගෙනියන්න තමා බලාපොරොත්තුව...
අනිත් එක සිංහල බ්ලොග් කරුවා කියන්නේ අන්තර්ජාලයේ අපේ අනන්‍යතාවය නේ ...

ඔන්න දැන් මගේ බ්ලොග් එක ඔය හැමෝටමත් කියවන්න පුලුවන්...
ඉතින් මගේ අලුත් තාක්ෂණික වැඩ, ජීවිතයේ රසබර තැන් සහ ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතෙන දේවල් මම දැන් ඉඳන් මේකේ පලකරන්න හිතන් ඉන්නවා...

මට මේ පුංචි දේට උනත් උපකාර කරපු අය ඉන්නවා...
ටිකක් නෙමෙයි ගොඩාක් ....
මුදලින් නෙමෙයි වචනයෙන් ....
'බ්ලොග් කරුවාගේ ධනය පාඨකයාගේ කමෙන්ටුවයි'

කියලා කතාවක් තියනවනේ....
(මෙය මා විසින් මෙම ලිපිය සඳහා විශේෂයෙන් නිර්මණය කල පිරුළකි ;) )
ඒගොල්ලො නම් වශයෙන් සඳහන් කලොත් හැලිච්ච කෙනෙක් උනොත් මම සුං නිසා ඇඟ බේරගන්නත් ඕන නිසා මම ඒවා කියන්න යන්නේ නෑ...

අනිත් එක, කවුරු උනත් කමක් නෑ.. ආවනම් නිකං යන්න බෑ ... ;)

මේ බ්ලොග් එක ගැන හිතට එන අදහස්, වැඩි දියුණු කරන්න ඕනේ දෙවල්, අවට පරිසරය ( ඉඳගෙන ඉන්න තැන අවට පරිසරය නෙමෙයි මේ බ්ලොග් එකේ තීම් එක මගේ වචන භාවිතය වගේ දෙවල්) ගැන ලියලා යන්න ... හැබැයි මම නම් ඔය ගොඩාක් දෙනෙක් වගේ ලියන බාසාවෙන් නම් ලියන්නේ නෑ ඕං !! හික්z! එතකොට කියවන්නේ මහාචාර්ය බ්ලොග් කරුවෝ විතරයි නේ... එතකොට මට බිස්නස් පාඩුයි ... ලොල්..
විහිලුවක් කොලේ, ගණන් ගන්න එපෝ !!

මේ බ්ලොග් එකේ Subscriber කෙනෙක් වෙන්න ඔයගොල්ලො කැමති නම් මේ ලිපිය යටින් කමෙන්ට් කරන්න e-mail ලිපිනය එක්ක...
මම පුලුවන් ඉක්මනින් ඔයගොල්ලන්ව සම්බන්ධ කරගන්නම්...

එහෙනම්, අලුත් ලිපියකින් ඉක්මනටම අපි හමුවෙමු...
3

මටත් වෙන දේවල්.

මේ ටිකේම බ්ලොග් එක ලිව්වේ නැහැ ...
ප්‍රධානම හේතුව තමයි නිමක් නැතිව මොළය තුළ හදිසියේ සිදු වූ අවකලනයවීම් සහ අනුකලනයවීම් ....
හැමතැනම සයින් කොස් එකී මෙකී නොකී වක්‍ර හැම එකක්ම මොළය හැමතැනම දඩාවතේ යෑම ...
(සඳුදා සවස 3.00 සිට අඟහරුවාදා රාත්‍රී 7.30 වෙනතුරු සංයුක්ත ගණිතය සයුරේ ගිලී නාන්නට එන්න ප්‍රියේ // :p)



අනිත් හේතුව තමයි මම ලියන්න ඉන්න ලිපි හැම එකක්ම හැමෝටම ඉතා වැදගත් කියල හිතෙන නිසා සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සින්ඩිකේටරයට දානකම් ඒවා හිතට පමණක් සීමා කිරීමට සිදුවීම ..
මේකයි ඇත්තට උනේ ...
 
Template Design by Bhagya Rajapakshe