සොයන්න:

ඔබේ වින්ඩෝස් ෆෝන් එකටත් දැන් සිංහල යුනිකේත | How to install Sinhala unicode on your Windows Phone

අද මම කියන්න යන්නේ ... මම මගේ WM එකට දාපු තවත් අලුත් වැඩක් ගැනයි...
මේක අපේකම අගයන , වින්ඩෝස් මොබයිල්ස් පාවිච්චි කරන අය ගොඩාක් ආස කරන එකක් බවනම් කියන්න ඕනේ... ;)
මොකද මමත් මේක හොයාගත්ත (අහම්බයක්) වගේම ඔයගොල්ලොන්ට කියන්නත් සෑහෙන කාලයක් බලන් හිටියා .. දැන් ඉතින් ඒකටත් කාලය අවිත් ...

හ්ම්.. කතා ඇති ..
මම අද කියල දෙන්න යන්නේ ඔයගොල්ලොන්ගේ වින්ඩෝස් මොබයිල් එකට සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරන හැටි ...

හරිම සිම්පල් වැඩක් ...
කරන්න තියෙන්නෙ මෙච්චරයි ...
මුලින්ම මෙතන තියන සබැඳියෙන් යුනිකෝඩ් අකුරු ටික භාගත කරගන්න ...

.mobi Mobile friendly download

ඊට පස්සෙ ඒ ෆොන්ට්ස් ටික ඕනම මාධ්‍යයක් පාවිච්චි කරල ( Bluetooth , Infra-Red , Wi-Fi ) වින්ඩෝස් මොබයිල් device එකට දාගෙන පසුව File Explorer යටතේ ඇති Windows කියන Folder එකේ තියන Fonts කියන Sub Folder එක ඇතුලට Paste කරන්න.. (මම එහෙම කිව්වෙ ගොඩාක් දෙනෙක් තමන්ගෙ WM එක PC එකට connect කරන්නෙ නෑ වයිරස් ඇතුල් වෙන්න පුලුවන් නිසා... ) හොඳ ඇන්ටිවයිරස් මෘදුකාංගයක් ස්ථාපනය කරල තියනවනම් මේක PC එකට connect කරල දාන්නත් පුලුවන් ..

( සැ.යු : මතක ඇතුව යුනිකෝඩ් වලින් ලියපු වර්ඩ් ඩොකියුමන්ට් එකකුත් device එකේ මතක හිටින තැනක සේව් කරගන්න.. ඒකෙන් අපිට යුනිකෝඩ් ඇත්තටම ස්ථාපනය වෙලාද කියල දැනගන්න පුලුවන් වෙනවා... නැත්නම් සිංහල යුනිකේත වලින් ලියපු වෙබ් සයිට් එකකට ගිහින් බැලුවත් කමක් නෑ පස්සෙ..)

පරිගණකය හරහා යුනිකේත ස්ථාපනය කරනවනම්,
ඔබ වින්ඩෝස් XP භාවිතා කරන්නෙක් නම් මේ සඳහා Active Sync භාවිතා කරන්න පුලුවන්..
Active Sync නැත්නම් බාගන්න මෙතනින් යන්න...
ඔබ වින්ඩෝස් විස්ටා හෝ වින්ඩෝස් 7 භාවිතා කරන්නෙක් නම් මේ සඳහා Windows Mobile Device Center භාවිතා කරන්න පුලුවන්.. Windows Mobile Device Center හාගත කිරීමට අවශ්‍ය නැහැ.. මොකද විස්ටා වල වගේම වින්ඩෝස් 7 වලත් Control Panel එකේ ඒක තියනවා..

පරිගණකය හරහා කරන්න තියෙන්නෙත් වින්ඩෝස් මොබයිල් එකේ Windows කියන Folder එකේ තියන Fonts කියන Sub Folder එක ඇතුලට යුනිකෝඩ් true type fonts ටික Paste කරන්න තමයි ..

ෆොන්ට්ස් ටික ඔය විදිහට දාගත්තට පස්සෙ ... Windows Mobile Device එක restart කරන්න ....
ඉන්පසු සිංහල යුනිකේත වලින් ලියපු වෙබ් සයිට් එකකට ගිහින් බලන්න...
නැත්නම් අර කලින් ඔයගොල්ලො සේව් කරගත්ත වර්ඩ් ඩොකියුමන්ට් එක Ms office Word mobile හරහා විවෘත කරල බලන්න....
ඔයගොල්ලොන්ව පුදුමයට පත් කරමින් ලිපිය සිංහලෙන් වින්ඩෝස් මොබයිල් එකේ පෙනෙයි..
මෙන්න උදාහරණ කිහිපයක් !!
ගූග්ල් search පාරක් දැමීම.

සියබස් වෙබ් අඩවියට !

මගේ බ්ලොග් එකටත්.....

(මේක තවමත් වින්ඩෝස් මොබයිල් වලට හඳුන්වා දී නැති නිසා එච්චරම හොඳට යුනිකෝඩ් පේන එකක් නෑ. ඒ කිව්වෙ සමහර ඉස්පිලි පාපිලි එහෙම වැරදි තැන පේන්නෙ. නමුත් යුනිකේත තමන්ගේ දුරකථනයේ ස්ථාපනය කරහම ලැබෙන සතුට නම් කියලා නිම කරන්න බැහැ.. ඒක ඔයගොල්ලන්ට අත්දැකීමෙන්ම තේරෙයි..)

දැන් අපි කියමු ඔයගොල්ලොන්ට මේ යුනිකෝඩ් ෆොන්ට්ස් ටික ඕනෙ නෑ කියල..
ඒක අයින් කරන්න නම් නැවත Actice Sync හෝ Windows Mobile Device Center වලින් PC එකට connect වෙලා Pocket PC එකේ Windows වල ෆොන්ට් ෆොල්ඩර් එකේ තියන සිංහල ෆොන්ට්ස් ටික අයින් කලාම හරි ...

අර කලින් කිව්ව PC එකට connect කරන්න අකමැති පිරිසට පොඩි වැඩ ටිකක් වෙනවා....
එහෙම අයට ෆොන්ට්ස් ටික Delete කරද්දි මේ වගේ Error msg එකක් එනවා...

Error Deleting File :
Cannot delete Iskoola Pota.ttf : There has been a sharing violation..
The source or destination file may be in use.

ඒක වෙන්නෙ Windows වල ෆොන්ට්ස් folder එකේ තියන ෆොන්ට්ස් Pocket PC එක ඔන් කරපු වෙලාවෙ ඉඳලම වැඩ කරන්න ගන්න නිසයි...එතකොට කරන්න තියෙන්නෙ ඒ ෆොන්ට් එක උඩ ඔබාගෙන ඉඳල ලැබෙන මෙනුවෙන් Rename කියන විකල්පය තෝරලා ඒකට ඕන නමක් දාලා Enter කරලා.. ඒ වෙලාවෙම ආයෙත් එක උඩ ඔබාගෙන ඉඳල ලැබෙන මෙනුවෙන් Delete කියන විකල්පය තෝරන එකයි... එතකොට ෆොන්ට් එක බබා වගේ පාවෙලා යයි...
හික්ස්Zz..

(සැලකිය යුතුයි : මේ අනුව ක්‍රියාකරන්නට යාමේදී ඔබේ අත්වැරදීම් නිසා ඔබගේ වින්ඩෝස් මොබයිල් එකට හෝ ස්මාට් ෆෝනයට සහ පරිගණකයට හානියක් වුවහොත් ඊට මා වග නොකියන බව සැලකුව මනාය. )

ඊට පස්සෙ මම කියල දෙන්නම් වින්ඩෝස් මොබයිල් device වල default වෙබ් බ්‍රව්සර් එක විදිහට දෙන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොර(ර්) මොබයිල් ( Internet Explorer Mobile ) වලින් ඉන්ටෙර්නෙට් surf කරද්දි යුනිකේත සඳහා support කරන විදිහට සකසාගන්නෙ කොහොමද කියලා..

එහෙනම් දැනට මම නවතිනවා...

මෙම ලිපියේ පිටපත් අයිතිය කතෘ සතුයි ..
කරුණාකර උපුටාගැනීමෙන් වළකින්න.. ස්තුතියි..

windows-mobile-logo_normal

Protected by Copyscape Duplicate Content Detector

18 comments:

හසිත ජයසූරිය said... [Reply to comment]

මරේ මරු...ඒත් අයියෙ අපිට වින් මොබ් නැති එක තමා අවුල

මැක්සා පොස්ට් එක ඔන්න මන් ඉගෙන ගත්තා....



අයියෙ මට නම් මේ ටෙම්ප්ලේට් එකේ කිසිම අවුලක් එන්නෙ නැ

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

එළ !! උඹ මගේ සෙවනැල්ලනෙ මල්ලියා !!

Ranjana said... [Reply to comment]

හොඳ ලිපියක්. මමත් පාවිච්චි කරන්නේ WinMO 6.53. මෙහෙම දෙයක් කියන්න ඔනේ. ඔබේ Computer එකේ තියෙන වයිරස් ෆෝන් එකට බලපෑමක් නෑ. හේතුව තමයි මේවා එකිනෙකට වෙනස් OS වීම.

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

Computer එකේ තියෙන වයිරස් ෆෝන් එකට බලපෑමක් කරන්නේ නැත්තෙම නෑ ...
මම පදනමක් ඇතුව කියන්නේ.... මොකද මේ දෙකම Windows පාදක මෙහෙයුම් පද්ධති ...
සරලවම කියනවනම් PC එකේ Run වෙන .exe ෆයිල්ස් 2% ක් විතර වින්ඩෝස් ෆෝන් වලත් වැඩ කරනවා...
අනිත් එක Storage Chips (memory cards) හරහා වෙන්න පුලුවන් අවදානමටත් මේක අදාලයි ....
:)

Sanjaya said... [Reply to comment]

Actually This blog is a nice work malli. Keep up the good work!

තීර්ථ යාත්‍රිකයා said... [Reply to comment]

අගේ ඇති ලිපියක් මමත් මගේ ෆෝන් එකට දාගන්න ඕනි
Samsung Blackjack 2 වල මොබිටෙල් අන්තර්ජාල පහසුකම හදාගන්න හැටි දන්නවාද?

විහඟ ගීතය said... [Reply to comment]

ඔබ කියූ පරිදි fonts install කලත් තවමත් සිංහල අකුරු පෙනෙන්නේ නැහ, windows font folder එකේ බැලුවාම iskoola potha ttf කියලා kb 535 පෙනනවා ඒත් එය මගේ වැඩනොකරන්න හේතුව මට හිතාගන්න බැහ.මම පාවිච්චි කරන htc tytnII phone එක ඒ සදහා නොගැලපෙනවාද? උදව්වක් අවශ්‍යයි.
sidclab@gmail.com

Bhagya Sanuka said... [Reply to comment]

ඔන්න කට්ටියටම ස්තුතියි මේ පැත්තෙ රවුමක් ගහල යන්න ආවට...

තීර්ථ යාත්‍රිකයාගේ ප්‍රශ්නෙට මම පෝස්ට් එකකින්ම උත්තරේ දුන්නනේ...
මෙන්න කෝකටත් ලින්ක් එක ආයෙත්...
http://lyfstyleblog.blogspot.com/2010/11/blog-post_09.html

@විහඟ ගීතය

මට හිතාගන්න බැහැ මොකද කියලා...
නමුත් මෙතන හිතන තරම් කරන්න දෙයක් නෑ..
ඔයා ෆෝන් එක restart කලාද ??
නැත්නම් ඔයා Internet Explorer Mobile යුනි කේත වලට සහාය දක්වන විදිහට හදාගන්න...
ඒ පෝස්ට් එක මම අද දාන්න බලන්නම්..
නැත්නම් මම කියන්නද අපි gtalk වලින් මේ ගැන කතා කරමු..??
වින් මොබ්බෙක්ව දකින්න ලැබීම සතුටක් මිත්‍රයා !!
(දෙන්නටම කිව්වෙ) ලොල්

Anonymous said... [Reply to comment]

android වලට කොහොමද install karanne?

Susith said... [Reply to comment]

Internet Explorer Mobile යුනි කේත වලට සහාය දක්වන විදිහට හදාගන්න kiyala dennako

Anonymous said... [Reply to comment]

මටත් තියෙන්නෙ විහග ගීතයගෙ ප්‍රශ්නෙමයි මම පාවිච්චි කරන්නෙ imate ultimate 6150 4n එකක්
උදව්වක් කරන්න
nipunsampath@gmail.com

Bhagya Sanuka said... [Reply to comment]

ඔපෙරා Mobile හෝ Opera mini වලින් බලන්න.. කිසිම අවුලක් නැතුව render වෙනවා සිංහල fonts :)

Unknown said... [Reply to comment]

Windows 8 OS එක තියෙන phones වල සිංහල fonts පේනවා ඒත් type කරන්න බැහැ නේද? කවුරුහරි දන්නවද ඒකට ක්‍රමයක්?

Anonymous said... [Reply to comment]

admin how can i contact u

ADMINshasi said... [Reply to comment]

Kawru hati dannawada win mobile wala Sinhala suba dala flim balanne kohomada kiyala

Anonymous said... [Reply to comment]

Adding ayye umba nam dewiyek.

dj x -it said... [Reply to comment]

".mobi Mobile friendly download" thiz downloading link not working

1 said... [Reply to comment]

Machan mage wm ake Sinhala wed hondata weda type karanna be akata mokada karanne

Mail akak Danna puluwanda Mata

samantha281334@yahoo.com

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe