සොයන්න:

3

Anonymous - Operation Darknet

අනාමිකයන් ළමා ලිංගික අඩවි වනසයි [ Anonymous - Operation Darknet ]


අනාමික හැකර් කරුවන්ගේ නවතම ක්‍රියාන්විතය "Operation Darknet"ය. ඒ හරහා ඔවුන් ළමා ලිංගික දර්ශන ඇතුලත් වෙබ් අඩවි වලට පහර දීමට පටන්ගෙන තිබේ. ඔවුන් මුලින්ම දිනකට ලක්ශ 4 වඩා පිවිසෙන වෙබ් අඩවියකට පහර දී තිබේ. නමුත් විනාඩි 5 ඇතුලත නැවත එම අඩවිය සක්‍රීය කිරීම නිසා මෙම හැකර් කරුවන් ඔවුන්ට සේවය සැපයූ සර්වරයට "Freedom Hosting " පහර දී එහි ඇති බැකප් 100GB පමණ මකා දමා, ඊට අමතරව එම සර්වරය සේවය සැපයූ 40 වැඩි ළමා ලිංගික වෙබ් අඩවි ප්‍රමාණයක් අක්‍රීය කොට ඇත. තවද මෙම වෙබ් අඩවි වල ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයන් 1,589 දෙනෙකුගේ තොරතුරු ඡායාරූප සමගම පලකර තිබේ.
8

විභාග කොමසාරිස්ගේ හෘද සාක්ෂිය !!


පසුගිය උසස්පෙළ විභාගයේදී ගිණුම්කරණය හා භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සකස්කොට තිබුනේ සිසුවෙකුට තබා එම විෂය උගන්වන ආචාර්යවරයෙකුට පවා පිළිතුරු දීමට අපහසුවන අයුරිනි.

උසස්පෙළ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ ගැටලුව වසර දෙකක පටන් පවතින අතර එම ප්‍රශ්නපත්‍රය තමන්ගේ දක්ෂතා මතුවන අයුරින් සකස්කරන පුද්ගලයන්ට එරෙහිව තවමත් කිසිදු පියවරක් ගෙන නොමැත.

පසුගිය විභාග සමයේදී මෙම ගැටලුව වෙනුවෙන් කතා කල එකම මාධ්‍යය වුයේ රිවිර පුවත්පත පමණක් වූ අතර එහි පළවූ ලිපියටද විභාග කොමසාරිස් වරයා පිළිතුරු ලිපියක් ඒවා තිබුනේ ඔවුන්ගේ ප්‍රශ්න පත්‍ර අන්තර්ජාතික ප්‍රමිතියට යුතුව සකස්කරන බවත් කිසිදු විටක විෂය නිර්දේශයෙන් පිටින් ඇති කරුණු ඇතුලත්නොකරන බවද සඳහන් කරමින්.

නමුත් පසුගියදා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ‍ජනරාල්වරයා පැවසුවේ මෙවැන්නක්

"මේ විභාග දෙකම සාමන්‍යයපෙළ,උසස්පෙළ ගන්ධස්කාර කුනුවෙච්ච් විභාග,කිසිම ප්‍රයෝජනයක් නෑ ජීවිතේට.දැන් මට කව්රුවත් දඬුවම් කරන නෑ මේක මම ම කියන නිසා."

මම බැලුවම මට හිතෙනවා මං බාල අපරාධකාරයෙක් ද කියලා මොකද මෙහෙම හිතෙන්නේ, මේ මම හදන ප්‍රශ්න පත්‍රය ළමයෙකුට තියා ප්‍රශ්න පත්‍ර හදන මහාචාර්යවරයකුට වත් ලියන්න බැහැ.

අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක හැරුනම මේ වගේ බරපතල නින්දා සහගත ගතානුගතික විභාග ක්‍රමයක් නෑ.

විභාග කියන උපකරණය මේ දරුවන්ගේ විවිධ හැකියා මනින්න පාවිච්චි කරන මේ උපකරණය මොට්ටම මොට්ටයි. කිසිකෙනෙකුට මේක මුවහත් කරන්න බැහැ.

ඒ නිසා මෙයින් ප්‍රයෝජනයක් නැහැ. ඒක ප්‍රයෝජනවත් උපකරණයක් බවට පත් කරන්න නම් මේ සමස්ත විභාග ක්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍ය වෙනවා"
උපුටා ගැනීම : http://www.gossip9.com/2011/10/blog-post_31.html 
7

ආදරණීය ටයි මාමේ....


ආදරණීය ටයි මාමේ....

පොඩි කාලේ ටයි මාමගෙ කාටුන් බොහොම ආසාවෙන් බැලුවා..
ටයි මාම දන්නවද පොඩි කාලෙ අපි ජීවත් උනේ අමුතු ලෝකෙක..
අපිට තිබ්බේ අමුතු හීන..
වචන වලින් කියන්න බැරි තරම් පුදුමාකාර සිතුවිලි වලින් අපේ හිත් පිරිලා තිබුනෙ..

"තම්බලීනා", "කැත තාර පැටියා", "ගිනි කූරු විකුණපු ගෑණු ළමයා" අපේ හිත් වල තාමත් ජීවත් වෙනවා ටයි මාමේ.. අනිත් තාරාවො ඔක්කොම කොන් කරපු ඒ කැත තාර පැටියා අන්තිමට ලස්සන හංසයෙක් වෙලා ඉගිල්ලිලා ගිය හැටි.. හිම කුණාටුවට අහු වෙලා සීතලේ මැරිලා හිටපු ගිනි කූරු විකුණපු ගෑණු ලමයා..
ඒ වගේ සුරංගනා කතා ආයිත් දකින්න ලැබෙයිද මාමේ?

"ගලිවර්ගේ සුවිසැරිය", "හා හා හරි හාවා", "පිස්සු පූසා", "දොස්තර හොඳ හිත" වගේ කාටුන් නම් මට කවදාවත් අමතක වෙන එකක් නෑ ටයි මාමේ.. ඇයි ඒ වගේම තමයි ඒ දවස් වල ගිය "සුරඟන කතා කරලිය", මතකද මාමේ ඒකෙ කතා පටන්ගන්න හැටි, "සුරඟන කතා කරලියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නව..."  කියල තමයි පටන්ගන්නෙ.. මට ඒක තාමත් ඇහෙනව වගේ ටයි මාමේ...

මාමාගේ කාටුන් බලලා අඬපු වාර ගාන මටවත් මතක නෑ ටයි මාමේ. කම්මුල් දිගේ ගලපු කඳුලු පිහිදගන්නත් බැරුව තොල් හපාගෙන හිටපු හැටි මැවිල පේනව ටයි මාමේ. මම හිතන්නෙ ඒක වෙන්න ඇති ලොකු උනත් මම ගොඩාක් සංවේදී උනේ මාමේ. ඒතරම් හිතට දැනෙන විදිහට ටයි මාමා දෙබස් නිර්මාණය කරලා තිබුනෙ. ඒ අඩුව නම් කවදාවත් කාටවත්ම පුරවන්න බැරි වෙයි ටයි මාමේ..

ටයි මාම අපෙන් වෙන්වෙලා ගියත් අපෙ මේ පුංචි රටට දායාද කරපු නිර්මාණ නම් කාවදාවත් අපෙන් වෙන් වෙන්නෙ නෑ ටයි මාමේ.. මට තවත් ලියන්න බෑ ටයි මාමේ.. ලියන්න ගන්නකොට ආයිත් ඇස් වලට කඳුලු එනව මාමේ..

වෙන අයට අද දවස නිකම් දවසක් උනාට ටයි මාමට ආදරේ කරන අපිට නම් මේ දවස කවදාවත් අමතක වෙන එකක් නෑ ටයි මාමේ.. පුලුවන් නම් ආයිත් එක පාරක් ඇවිත් අපිට ලස්සන සුරඟනා කතා කියා දෙන්න ටයි මාමේ.. අපට සුන්දර ළමා කලයක් දුන් පිනෙන්ම ටයි මාමට ඉක්මන් නිවන් සුව අත්වේවා!!!!!!!!!!!
5

අරුම පුදුම චලන මූර්ති

Amazing sculptures that look like they are in motion... [Jan 22, 2010]  (ලිපියක් ඇසුරිණි)

[සැ.යු : මෙම ලිපිය අග සිට මුලට හෙමින් සීරුවේ හොඳට වෙලාව අරන් කියවන්න ... තැනින් තැන කියන්වන්න එපා...] වැඩි කතා පසුවට ... මුලින්ම මේක බලල ඉන්නකෝ ...
මේක බලල පුදුම උනාට පස්සෙ මේක ගැන විස්තර කියල දෙන්නම් .... හිහ්!

amazing-sculptures-1st
 
ඇත්තටම මේ පාවෙන ස්ට්‍රෝබෙරි පලසක්ද ??
නැත්නම් මේක වීඩියෝ එකක් නවත්තල ගත්ත පින්තූරයක්වත්ද ??
නැත්නම් Syber-Shot CAM එකකින් ගත්ත පින්තූරයක්වත්ද ??
එහෙමත් නැතිනම් මම ෆොටෝෂොප් වලින් ඔයගොල්ලොන්ට වැඩක් පෙන්නනවද ??
මේ වගේ දහසක් සිතුවිලි ඔයගොල්ලොන්ගේ සිතට එන්න පුලුවන් ...
13

ෆේස්බුක් Timeline යනු මාරයාට අත වැනීමකි! වහා එය ඉවත් කරගන්න.


ෆේස්බුක් වෙබ් අඩවිය නුදුරේ දී හඳුන්වා දීමට නියමිත facebook Timeline පිළිබඳව ඔබ දැනටමත් අසා ඇතුවාට සැකයක් නැහැ. එහි ඇති විශේෂත්වය අප පළ කරන ලද පැරණි Posts පිළිවෙලට අපට අවශ්‍ය කාල සීමාව අනුව ආපසු බලාගත හැකි වැනි නවතම අංග වලින් සමන්විත වීමයි.

නමුත් අප විසින් නිල වශයෙන් දැනුම් දීමට පෙර ඇක්ටිව් කරගන්නා ලද facebook Timeline නිසා අපගේ එකවුන්ට් එක Disable වීමේ අවදානමක් තියෙනවා. මේක 100% ක්ම ඇත්ත කියලා කියනන් බැරි උනත් ඒක ඇත්ත කියලා කියන්න සාධක තියෙනවා.

1. මෙය ඇක්ටිව් කරගත් බහුතරයක් දෙනාගේ එකව්න්ට් මේ වන විට Disable වී තිබීම.
2. මෙය ඔව්න් විසින්ම නිකුත් කලද එය යම් කි ආකාරයක "බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක්"

මේක ඇත්තටම බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක් තමයි. මොකද ඒක තාම නිල වශයෙන් නිකුත් වෙලා නැති නම් ඒක අපි බලෙන් පාවිච්චි කිරීමක් තමයි මෙතන වෙන්නෙ. ඒ නිසා අපේ එකවුන්ට්ස් ගැන මේ වගේ තීරණයක් ගන්න ෆේස්බුක් බලධාරින්ට අයිතියක් තියෙනවද නැද්ද කියල තමන්ගෙ හිතෙන්ම අහල බලන්න. :)

5

කටින් ගූගල් සෙවුමක් දැමීම.

හඳුන්වා දෙන
Voice Search
දැන් ඔබේ පරිගණකයේ

ඔන්න දැන් ඔයගොල්ලොන්ටත් මහ හයියෙන් සර්ච් කරන්න පුලුවන්..
ඕන වෙන්නෙ ගූගල් සෙවුම් යන්ත්‍රයයි මයික් එකකුයි විතරයි..
කරන්න තියෙන්නෙත් හරිම පොඩි වැඩයි..
ගූගල් සර්ච් බාර් එකේ තියෙන මයික් එකේ ලකුණ ක්ලික් කරන්න..

ඊට පස්සෙ ගූග්ල් සෙවුම් යන්ත්‍රයට ඔයාලට හොයන්න ඕන දේ කියන්න..

ඔයාල හොයන දේ ඉක්මනින්, පහසුවෙන් සොයා ගන්න..

ගූග්ල් සෙවුම් යන්ත්‍රයට කතා කරන්න..


දැනට Voice Search සේවාව සපයන්නේ US English බසින් පමණක් බව කරුණාවෙන් සලකන්න.

Useful For

උච්චාරණයට අපහසු සෙවුම්.
Makes searching words you're not sure how to spell quicker and easier.
ඉතා දිගු සෙවුම්
Search long queries, even really, really long queries, just by talking.
මහ හයියෙන් සෙවීම සතුට ගෙන දෙයි.. SOL (Search Out Loud)
Now you can ask your computer anything.
Type නොකර සෙවීම
Use it in the kitchen, in the garage or anytime your hands might be full.
0

Earth Day 2011: A Billion Acts of Green®



This year, Earth Day's theme is themed after A Billion Acts of Green: our people-powered campaign to generate a billion acts of environmental service and advocacy before Rio +20.

Ready to take part in Earth Day 2011?
Here is how you can get involved:




Other elements of the 2011 Earth Day campaign include:
Athletes for the Earth™: Bringing the voices of Olympic and professional athletes to the environmental movement, Athletes for the Earth™ has a proven track record in illustrating the interaction of athletes with their environment and connecting popular athletic activities with environmental stewardship.  Participating athlete/celebs include Olympic Gold Medalist Billy Demong, Olympic Bronze Medalist Andrew Weibrecht, World Champion Freeskier and founder of the Save Our Snow Foundation Alison Gannett, Boston Bruins Defenseman Andrew Ference, Olympic Gold Medal swimmer Aaron Peirsol, and NFL linebacker Dhani Jones.
The Canopy Project: In 2010, Earth Day Network planted over 1 million trees in 16 countries under the Avatar Home Tree Initiative. In 2011, EDN will continue that effort with another 1 million trees in large-scale, sponsor‐supported tree-planting projects in partnership with non‐profit organizations throughout the world. Locations where reforestation is most urgently needed include Haiti, Brazil, Mexico and urban areas of the US.  Help us green our future, one million trees at a time.
Women and the Green Economy (WAGE): To accelerate and provide the new thinking and creative power for a global post-carbon economy, Earth Day Network is engaging women business, government and NGO leaders in its “Women and the Green Economy” (WAGE™) campaign. Our goal is to create a policy agenda for Rio+20 and relevant generate national initiatives that will promote the green economy, secure educational and job training opportunities for women and channel green investment to benefit women.
Arts for the Earth: Arts for the Earth is an innovative education program developed to teach sustainability and environmental education through museum and arts community networks.

3

අවුරුද්දත් ඇවිල්ලා..



New Year

ඔන්න හෙට අලුත් අවුරුදු ...
වාසනාවකටද කොහෙද අපෙ ගේ පැත්තටත් කොහෙක් ආවා ..
තාමත් ඇහෙනවා කොහාගෙ සද්දෙ..
කොහාගෙ හඬ  අහන්න ලැබුන එකත් වාසනාවක් !!
කොහෙද ඉතින් අද වගෙ කාලෙක කොහෙක් පැත්ත පලාතක හොයාගන්න නෑනෙ...
ගිය අවුරුද්දෙ වගේම අඹ ගස් තුන වැහෙන්නම අඹ හැදිලා ...

අනිත් එක ඊයෙ මට දවසම මැත්ස් ක්ලාස්...
අද උදෙත් මට ක්ලාස්Zz ... මැත මැත මැත ...
ඒත් වෙලාවට සර් කලින් ක්ලාස් ඉවර කරා ..
හැබැයි ඊයෙත් දවසම ක්ලාස් තිබ්බ නිසා අද ඒ කික් එකෙන්ම එපා වෙවිල්ලක් නැතුව ක්ලාස් එකේ වැඩ කරගෙන යන්න පුලුවන් උනා..
හෙටත් උදේ 6 ඉඳන් දවල් 12 වෙනකන් ක්ලාස් කරනවයි කියල සෑර් කිව්වා.. 
සෑර් එතකොට අපි අවුරුදු කන්නෙ නැද්දැ ? ළමයි ඇහුවා..
සෑර් කියාපි අවුරුද්ද අපි පන්තියේදි සමරමු, අවුරුද්දට කන්න කිරි බත් කෑල්ලක්, කොකිස් එකක්, කැවුමක් අරන් එන්න.. ක්ලාස් එකේ කාඩ් එක දැන්ම ගන්න එපා, ගනු දෙනු නැකතට කාඩ් එක ගන්න..
පස්සෙ කොහොම හරි ඒක කැන්සොල් උනා..
(සර්ගෙත් තවත් ලස්සන පොඩි ජෝක් එකක්.)
පට්ට නේද ? සොඳුරු අවුරුද්දත් අපෙන් ඈත් වීමේ අඳුරු පෙරනිමිති කිව්වලු  :P

අනික තව දෙයක් කියන්න ඕනේ ...

මේක තමයි දශක තුනක කාලයක් අපේ රට වෙළාගෙන සිටි කුරිරූ ත්‍රස්තවාදය සහමුලින්ම නැති කරල සිංහල දෙමළ අපි හැමෝම නිදහසින් සමරන දෙවෙනි අලුත් අවුරුද්ද..
ඒකට මම විවෘතවම අපේ ජනාධිපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවට ස්තුතිවන්ත වෙනවා ..
හැම අවුරුද්දකම වගේ කොණ්ඩ කැවුමක රස බලනකං මට ඉවසිල්ලක් නෑ ...
ඉතින් අලුත් අවුරුද්ද ගැන ලියන්න නම් දේවල් බොහෝමයි ...
නමුත් කාලය හරස් වෙලා ...
අවුරුද්දට කට්ට්යට උදව් කරන්න මමත් යනවා....

එහෙනම් ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය රජයන සෞභාග්‍යමත් එකක් වේවා කියල මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා...
6

අපි පැරදුනා !! අපි වෙනුවෙන් ....

මේ ජාතියේ උපහාරයයි
මේ අපේ ප්‍රණාමයයි
අත් වැල් බැඳන්
එමු සිවු දෙසින්
සොයුරන් ලෙසින්
මිතුරන් ලෙසින්...


අපි පැරදුනා,
එක එකාට වැරුද්ද පටවන්න තරං නින්දිත නොවී ,
දින්න නං පිලිගන්න දික්කරන අත් වලින්,
අපේ උන්ව අපි පිලිගන්න ඕන,
සෙල්ලං කරේ අපි වෙනුවෙන් නං,
පැරදුනා නං ඒකත් අපි වෙනුවෙන්,
බලමු,
මොකද ඉර පායන්නෙ අද විතරක් නෙමෙයි නිසා...

මම දැනං හිටියා මේක හිතුනේ මට විතරක් නොවන බව..

ජයග්‍රහණයෙදිත් පරාජයෙදිත් අප ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටියෙමු.... 
ඉදිරියටත් එය එසේමයි...

කෝටි එකසිය විසි එකකින් තෝරාගත් දසදෙනෙක් හා කෝටි දෙකකින් තෝරාගත් දසදෙනෙක් අතර පැවති තරඟයෙන් ඉන්දියාව ජය ලැබීය.. ඒ අනුව බලනවිට අපේ කොල්ලන්ගේ දක්ෂතා ඉහළ බව මට සිතේ.. අපේ ක්‍රිකට් ශූරයන්ට ජයම වේවා!!

බලමු හෙට උදේ වෙද්දී facebook එකේ සිංහයෝ ප්‍රොෆයිල් පික් වල තිබ්බ කීයක් මාරුවෙයිද කියලා..

පැරදුනත් දින්නත් අපි ශ්‍රි ලංකිකයන් විදිහට සතුටු වෙමු ඒ අපි ඉන්දියා වගේ බලු රටක්‌ නොවෙන නිසා අපි ශ්‍රී ලංකා ටිම් එකත් එක්‌ක ඉන්නවා ජයක්‌ ග්‍රහණයේ මෙන්ම පරාජයේදීත්  :D :D

මම හෙට යනව නිදහස් චතුරශ්‍රයට අපේ සිංහ පැටව් ටික බලන්න..
එන අය කියන්න .. සෙට් වෙමු !! වරෙං කොල්ලනේ :D
යන අය මට මෙසේජ් කරන්ඩෝ.. මෙන්න මගේ facebook profile එක
http://www.facebook.com/sanuka

උතුරු දෙසින් වරෙල්ලා
දකුණු දෙසින් වරෙල්ලා
නැගෙන හිරින් කොලොම්පුරෙන් සතර දිගින් වරෙල්ලා වරෙල්ලා වරෙල්ලා..
සිංහයන්ට සුබ පතන්න වරෙල්ලා වරෙල්ලා වරෙල්ලා...

Lion nation.. we are strong..

oooh yeah!
Get up get up get up get up get up
You people on th ron never give up


සිංහ සෙයියාවෙන් වැජඹෙනවා නම්
දෑ අනුරාගෙන් රට ගැන සිතා
ළය අත තබා ජය ගෙන ඒ නම්
කෙළිලොල් තාලෙන්
සක්වළ සොයා..


Lion nation


හිනි පෙත්තට පියඹලා ඉහළ ආකාසෙට වෙලා
තරු වැල්වල මල් පවා
අපගෙ හිත ළඟ පුබුදුවා
සිංහ සෙයියාවෙන්..
2

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැට වන සංවත්සරය නිමිත්තෙනි.


ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ වැඩ රාජකාරි අධික කාලෙක තමයි මම මේ පෝස්ට් එක ලියන්නේ.. මේක නම් පෝස්ට් එකක් කිව්වට පෝස්ට් එකක්මත් නෙමෙයි.. බලන්නකෝ මොකක්ද කියලා...

මේ ඇවිල්ලා පින්තූර එකතුවක්... පහුගිය දවස් වලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැට වන සංවත්සරය නිමිත්තෙන් පවත්වපු සංදර්ශනය බලන්න ගිය දවසේ ගත්ත පින්තූර වලින් ටිකක් තමයි මේ... මේ පෝස්ට් එක මම මේ පින්තූර ගත්ත දවසට පස්සෙ දවසෙම දාන්න කියලා පෝස්ට් එක ලිව්වත් පබ්ලිස් කොරන්න අමතක වීම නිසා දාන්න බැරි වෙලා තියෙනවා...

ඉතින් කාලෙකට පස්සේ බ්ලොග් එකේ මකුළු දැල් කඩන්න ආවම තමයි දැක්කේ... බලන්නකෝ මේ ප්‍රදර්ශනය මගේ තුන් වෙනි ඇහැට පෙනුන විදිහ හොඳද කියලා...


xft2c2.jpg
(Site Map) ලොකු කරලා බලන්න ඕනේ නම් උඩ ක්ලික් කරන්න..
0

එක්වන්න... සෙනෙහසේ අරුණැල්ල සමඟ


ජාතියක, දේශයක ප්‍රගමනය, සංවර්ධනය උදෙසා තබනු ලබන ප්‍රථම පියවර වනුයේ එම රටවැසියන්ගේ චිත්ත සන්තානයේ, සිතුම් පැතුම් සමුදායේ ඇතිවන්නා වූ සුභවාදි පරිවර්තනයි.දැනුම පුපුරා යන තාක්ෂණික ලෝකයක ඒ දැනුමෙන් මිනිසුන් හුදෙකලා කෙරුණු කුරිරැ යුද්ධයක අපමණ සාහසිකකම්වලින් ඉරිතැලුණු මේ ලක් දෙරණේ අපේම සහෝදරයන්ගේ ජීවිතවලට සාහිත්‍යයේ ගුණ සුවද ලගා කරමින්,මිනිසත් කමේ ගුණ උණුහුම හදුනන ආදරණීය මතු පරපුරක් බිහි කරන්නට සෙනෙහසේ අරුණැල්ල....


අහස පුරා සැරිසරන කුරුල්ලන් විදින නිදහස, කොලපාට යායෙන් ඔබ්බෙහි ඇති නිල් පාට කදු පන්තියේ සැගවී ගිය මල් ගොමුවක සුන්දරත්වය, ඒ මල් වටේ මුකුළු වන මී මැස්සන්ගේ ගුම් ගුම් නාදය විදිනවා වෙනුවට, තුවක්කුවකුත් කරේ එල්ලගෙන ජීවිතේ විදවන්න සිද්ද කළ රුදුරු ත්‍රස්තවාදය නිමා කරමින් සාමයේ හිරු කිරණ වැව් බැඳි රාජ්ජයට, දිගාමඩුල්ලේ ඉන්න අහිංසක දරු පැටවුන්ටත් වැටිලා තියෙනවා. නමුත් තවමත් ලෝකය ගැන ප්‍රචණ්ඩත්වයෙන්, සාහසික ඇහැකින් බලන්න පුරුදු කරපු මේ ළමයි, ඊට හාත්පසින් වෙනස්, සෞම්‍ය සිනාවෙන් පිරුණු, මනුස්සකම උතුරන ලෝකයක් ඇති බව දන්නෙවත් නැතුව ඇති.... සිදාදියේ ගාමන්ට් එකක දණහිස් පොල්කටු දෙක ගෙවෙනකන් මැෂින් පාගන්න, ලොකු බංගලාවක සිකුරිටි කමක් ගන්න ඇරුණම වෙන ජීවිත උරුමයක් ඔවුන්ට ඇති බව ඔවුන් නොදන්නවා වෙන්න ඇති ......

කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කාපු මේ ජීවිත, දුක්ඛ දෝමනස්සයන් එක්කම සැඟවෙන්න්න ඕනෙද? මාර්ටින් වික්‍රමසිංහල, ජයන්ත ධනපාලලා වෙන්න ඕන අය අහස දිහා බලාගෙන හුල්ල හූල්ල බලාගෙන ඉන්න ඕනෙද???


ලෝකෙ කොහෙවත් නැති, අනුන්ගේ කදුලක පිරුණු වේදනාව දැනෙන, උණුවන හදවත් ඇති අපේ රටේ මිනිස්සුන්ගේ කරුණාව මේ මිනිස්සුන්ට ලබා දෙන්න පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙනවා. එදා වේල පිරිමහ ගන්න කෑමක් බීමක්‌ දෙනවට වඩා
හැමදාම එකම තැන පල්වෙන ඒ ජීවිත වල වෙනසක් කරන්න පුළුවන් වෙන්නේ පානම්පත්තුව දක්වා ඈතට විහිදෙන ඒ ගම්වල අහිංසක දරු පැටවුන්ගේ හදවත ශක්තිමත් කළොත් විතරයි....ලෝකෙ වෙනස් කරන්න පුළුවන් අපුර්ව ශක්තියක් තමන් තුළම සැගවී තියෙන බවත්, බුද්ධිය හා දැනුමට විශාල වටිනාකමක් ඇති බවත්, දඩු වැටෙන් ඔබ්බෙහි ඇති මහා ලෝකය ජය ගන්න මේවා යොදා ගන්න පුළුවන් බවත් මොවුන්ට වටහල දෙන්න පුළුවන් නම්.....තාරුණ්‍යය කියන්නේ තුවක්කුවක් අරගෙන හතරවටේට වෙඩි තියන එකවත්, නැති වුන පෙම්වතිය වෙනුවෙන් කෘමිනාශක බොන එකවත්, TV එකේ හරි Fm නාලිකාවක හරි කියන එක රැයෙන් ප්‍රසිද්ධ උන සුපිරි තරුවක් වීමවත් නොවෙයි, ලෝකෙට ලොකු දෙයක්, වෙනසක් කරන්න පුළුවන් වගකීමක් ඇති ජීවිතයක් කියල ඔවුන්ට ඒත්තු ගන්නවන්න පුළුවන් නම්.....


ඔය කියන ජීවිත අවබෝධය, ඔවුන් තුල සැගවුණු මහා ශක්තිය අවදි කරන්න පුළුවන් පොත පතට විතරයි. මවු කිරේ රසය ඇති වෙච්ච කථාව, පීදෙන ගොයමක මුහු වෙච්ච දහදිය සුවද, හදවත හා ආත්මයේ ඇති අමිල බව, ඔවුන්ට ඒත්තු ගන්වන්න පුළුවන් සාහිත්‍යයට විතරයි. මේ වටිනාකම ඔවුන්ට වටහල දීල ඔවුන් කියවන්න ඇබ්බැහි කරන්න පුලුවන්නම්...

එත්......කියවන්න පොත් ඕනෙ,පුස්තකාලයක් තියෙන්න ඕනෙ, පුරුද්දක් නැති නිසා පොඩි අභිප්‍රේරණයක්, මඟපෙන්වීමක් ඕනෙ... කියවන්න, කියවන්න දිරිමත් කරන්න ඕනෙ... මේ දේවල් සාර්ථක උනොත් අපේ රටේ හෙට දවස ගැන සැකයක් නැහැ..මොකද, මහා පොලොවේ පන්නරය ලබන ඔවුන් පොත්පත්වල අපුර්වත්වය දැක, දැනුමින් පොහොසත්ව පිරිච්ච මිනිසුන් උනොතින් අනිවාර්යෙන්ම අපිට ලැබෙන්නේ ලෝකයේ හොදම මානව සම්පතයි....


ඉතින් මේ අරමුණ වෙනුවෙන් තමයි සෙනහසේ අරුණැල්ල කැපවෙන්නෙ....තරුණයන් පිරිසක් එකතු වෙලා නිර්මාණය කරපු සංකල්පයක් තමයි සෙනහසේ අරුණැල්ල කියන්නේ ...ඇත්තටම ඔවුන්ට තියෙන්නේ අධිශ්ටානය විතරයි. එත් හෙට දවස වෙනුවෙන් තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ යුතුකම කොහොමහරි ඉටු කරන්න කැපවෙන්න ඔවුන් අදිටන් කළා.... ඒ අරමුණ යථාර්තයක් කරන්න පුළුවන් සැබෑ මිනිසුන් වෙච්ච ඔබට විතරයි....මොකද සෙනහසේ අරුණැල්ල කියන්නේ එක කොටසයකට අයිති දෙයක් නොවන නිසා...
උපන් බිමට මනුෂත්වයට ආදරේ කරන කාගේත් දෙයක් "සෙනහසේ අරුණැල්ල ".අනිත් අයගේ අඩුපාඩු හොයා හොයා ඒවාට බැන බැන සාප නොකර හෙට රට වෙනුවෙන් පොඩි හරි දෙයක් කරන්න ඔබත් කැමති නම් "සෙනහසේ අරුණැල්ල " වෙනුවෙන් ඔබත් එකතු වන්න...


පෙර දවසක කියවා රස විදපු, ඔබේ ජීවිතයේ වෙනසක් ඇති කරපු, හොද තත්වයේ තිබෙන ළමා කෙටිකථා, ප්‍රබන්ධ, පරිවර්ථන, චරිතකථා ඉතිහාස පොත් ආදිය අපට දෙන්න...ඒ පොත් හෙට දවසේ දී තවත් ජීවිත ගණනාවක පරිවර්තනයක් ඇති කරාවි. සෙනහසේ අරුණැල්ලට ඔබේ සහය නැතිනම් එය යථාර්තයක් වෙන්න නෑ. අපේ රටේ ඉන්න මනුස්සකමට ආදරය කරන ඔබ ගැන විශ්වාසයෙන් තමයි අපි ව්‍යාපෘතිය ආරම්භ කලේ....ඔබ ලබාදෙන පොත් නිසි පරිදි බෙදා දීල ඒ ළමයින්ට කියවීමට පෙලබවීමක් ඇති කරන්න අපි සුදානම්..


ඉතින්...කැමති නම් ඔබේ ආයතනයේ, පාසලේ, පන්සලේ, ගමේ, පවුලේ මිතුරන් මේ කටයුත්තට එක් කර ගන්න ඔබ පෙරමුණ ගන්න,,,අහිංසක ජීවිත වෙනුවෙන් ඒ දෙය මහා පිනක් වේවි.පොත් වලට කාලගුණ සැලකීමක් වේවි.ඔබටත් ඔබේ දරුවන්ටත් මහා ආශීර්වාදයක් වේවි.....ඉතින් ....මේ සෙනෙහෙබර ඇරයුම අප හා එක් වන්න.ඔබ කව්රු උනත් ඔබට මේ වෙනුවෙන් පුංචි හරි උදව්වක් කරන්න පුලුවන්නම් ඒ දෙය අපිට ලොකු හයියියක්‌ වේවි......සැබවින්ම ඔබ අපිට විශ්වාසයි....



තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ


වැඩි විස්තර සදහා
senahasearunella@gmail.com
අමතන්න..
අමිල 0716315399
නවින්ද 0714476276

Facebook page:
http://www.facebook.com/home.php?sk=group_131804360213817
1

ජුලියන් අසාන්ජ්ට එරෙහිව බටහිර කුමන්ත්‍රණ !


ප්‍රංශයේ ‘ලා මොන්ඩේ’ පුවත්පත විසින් “වසරේ විශිෂ්ටතම පුද්ගලයා” ලෙස ‘විකිලීක්ස්’ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් නම් කර තිබේ. පුවත්පතේ වෙබ් අඩවිය නරඹන්නන් විසින් ප්‍රකාශිත ඡන්දයකට අනුව අසාන්ජ් වෙනුවෙන් 56% ක් කැමැත්ත ප්‍රකාශ කර තිබිණ. චීනයේ සිරගත නොබෙල් සාම ත්‍යාගලාභී ලියූ ෂියාඕබෝ සඳහා 22% ක ඡන්ද ප්‍රමාණයක් ද ‘ෆේස් බුක්’ සභාපති මාර්ක් ෂුකර්බර්ග්ට 6.9% ක ඡන්ද ප්‍රමාණයක් ද ලැබී තිබිණ. ඉකුත් සතියේ නිකුත් ටයිම් සඟරාව වසරේ විශිෂ්ටතම පුද්ගලයා ලෙස හඳුන්වා තිබුණේ ‘ෆේස් බුක්’ සභාපති මාර්ක් ෂුකර්බර්ග් ය.

මේ අතර අසාන්ජ් අධි තාක්ෂණික ත්‍රස්තවාදියෙක් ලෙස ඇමෙරිකා එකසත් ජනපදයේ උප ජනාධිපති ජෝ බේඩන් චෝදනා කර සිටී. එසේම ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ජුලියන් පුද්ගල ජිවිත අනතුරේ දමන බවත් එක්සත් ජනපදය ලෝකයේ කරන මෙහෙයුම් අකර්මන්‍ය කරණ බවත්ය. NBC රුපවාහිනිය සමඟ සම්මුඛ සාකච්චාවකට සහභාගී වෙමින් මේ බව සඳහන් කළ ඔහු වැඩි දුරටත් කියා සිටියේ ජුලියන්ට විරුද්ධව කටයුතු කිරීම සඳහා තමන් අධිකරණ දෙපාර්තමේන්තුවේ තීරණය එන තෙක් බලා සිටින බවයි.

එසේම ජුලියන් අසාන්ජ් මෙම නීතිවිරෝධී ක්‍රියා තුලින් රටවල් අතර ගැටුම් ඇතිකරමින් ජාත්‍යන්තර යුද්ධයකට මග පාදන භයානක ත්‍රස්තවාදියකු බවට ලොවපුරා මතයක් ගොඩනැගෙමින් තිබේ..

අන්තර්ජාල පුවත්පත් ඇසුරිණි.
 
Template Design by Bhagya Rajapakshe