සොයන්න:

19

පට්ට කොලිටි මූවීස් ඕනෙද ??

 Mediafire Movies!! High quality, Small size

ඔයගොල්ලො බයිස්කෝප් එක දන්නව ඇතිනේ ??
එහෙනම් (විකියා) අනිවා දන්නවා ඇතිනේ ??
ඔන්න මේක විකියගෙයි එයාගේ යාලුවෙකුගෙයි හවුල් වැඩක්..
නම් වශයෙන් කිව්වොතින් තරිඳු දර්ශන(විකියා) සහ රවීන්ද්‍ර නානායක්කාර හෙවත් විකියාගේ මිත්‍රයා...

දැන් එතකොට මොකක්ද හැබෑටම මේ අලුත් වැඩේ ??
ආනේ !! මේකයි වැඩේ...
පට්ටම කොලිටි Mediafire Movies සිංහල සබ් එක්ක දෙන්නයි මේ අයගේ ලෑස්තිය..
මොකද බයිස්කෝප් අඩවියේ පල කරන්නේ ටොරන්ට්ස් තියන මූවිස්නේ..
මෙතන තියෙන්නේ Mediafire Movies !!
ඉතින් මේ උත්සාහයත් අපතේ යවන්නෙ නැතුව මේකට අපි වටිනාකමක් දෙන්න හිතුවා...
15

අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ??

ඔයා පාවිච්චි කරන්නේ Windows XP ද ??
පිළිතුර 'ඔව්' නම් මෙන්න ලේසියෙන්ම ඔයාලගේ Internet Connection එක 25%කින් වේගවත් කරන හැටි..

සාමාන්‍යයෙන් Windows XP විසින් අන්තර්ජාල සම්බන්ධතාවයෙන් 20%ක් Windows Update සහ Spyware checks වගේ ඔය එක එක දේවල් වලට වෙන් කරනවනේ..

ඉතින් එහෙනම් ඔයගොල්ලන්ටත් අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය වැඩි කරගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න..
3

IFO++ exhibition @ UCSC Colombo

ifo++ (Ideas Free and Open) exhibition organised by University of Colombo School of Computing (UCSC) to celebrate 25 years of formal IT education at Univesity of Colombo will be held from 8 – 30 October 2010 from 9.00 am to 8.00 pm at university premises. As UCSC has a vast experience in IT and computer science education, this will be a great event for students.
13

Pegs | පුලුවන් නම් දිනන්න..

අද නම් මහා කම්මැලි දවසක්..
කම්මැලි කම යන්නත් එක්ක මොකක් හරි වැඩක් කරන්න කියලා බැලුවම මෙන්න බොලේ පොඩි ගේම් එකක්..
මේක අද උදේ හම්බුනේ..
මමත් ඉතින් මොලේ වෙහෙසන්නත් එක්ක මේක විසඳන්න බැලුවා..
ඉතින් කොහොම හරි උත්සාහ කරලා අන්තිමට කොල්ලා මේක විසඳුවා!!

දැන් ඔයගොල්ලොත් මේක විසඳන්න බලමුකෝ !
7

පාසල් ජීවිතයේ රස කතා -3


මේක උනේ මම සූටි කොලුවා කාලේ ඒ කිව්වේ මම 7 වසරෙ ඉන්නකොට...
ඒ කාලේ අපේ පන්තිය තිබ්බෙ පිට්ටනිය ලඟමයි..
අපේ පන්තියට එහා පැත්තෙ ඉඳන් තමයි පේලියට අනිත් පන්ති තිබුනේ..
මේ නිසා අපේ පන්තිය අනිත් පන්ති වලට වඩා පහලට වෙන්න තමයි තිබුනේ...
පහලට වෙන්න කිව්වෙ භූ විෂමතාවද මොකක්ද මං දන්නෙ නෑ එකකට අනුව මිසක් අර මොළ කාරයො අතින් නම් නෙමෙයි..
ඒක නිසා අපේ පන්තියට කිව්වෙ වලේ පන්තිය කියලා... :(

ඔන්න ඉතින් මාතෘකාව වෙනස් කරන්න හදනවනෙ මෙයා...
හරි හරි .. කතාවට යමුකෝ !!
10

පාසල් ජීවිතයේ රස කතා -2


ළාමක චුං චුං !!

අද මම කියන සිදුවීම සිදු උනේ මම පහ වසරෙදි..
ඒ කිව්වෙ අර මොකක්ද සිස්සත්තෙද මොකක්ද විබාගෙට ලෑත්ති වෙන කාලේ හොඳේ..
ඒ කාලේ මම ගියේ මහරගම ජනාධිපති විද්‍යාලයට..
කොයි ඉස්කෝලෙ උනත් මගේ වැඩ ඉතින් දන්නවනේ ?? ලොල්

ඒ කාලේ අපේ පන්තිය බාරව හිටියේ අන්තිම නරක සර් කෙනෙක්..
(මම නරක කිව්වෙ අපි පොඩි කාලේ අපිව මිනිහත් එක්ක තියලා බැලුවම මිනිහා රජෙක් නම් අපි වන්දි බට්ටො වගේ)
පහ වසර අංශ ප්‍රධානී H.W විමලරත්න හෙවත් හෝම් වර්ක් විමලරත්න..
අපේ පන්තියට ඇතුල්වෙන ඕනම කෙනෙක්ට පේන විදිහට මිනිහගේ නම ගහල තිබ්බ නාම පුරරුවේ තිබ්බේ මහා භයානක පෙනුමක් !!
මූන නම් ඊටත් වඩා භයානකයි.. හා පැටියෙක් වගේ.. :p

පෝල් දි ඔක්ටපස් මිය යයි !


ආනේ! අර පෝල් බූවල්ලා මැරිලලු..
මෙන්න මෙහෙමයි අද එක එක අයගේ මූණු පොතේ ඉස්ටේටස්සු වෙනස් වෙල තිබ්බේ..
කෝකටත් මාත් එකක් දැම්මා...
"පෝල් දි ඔක්ටපස් ඊයේ සිය දිවි නසාගෙන ඇත !"
මරුනේ....

පෝල්ගේ සාර්ථකත්වය නිසා 'පෝල්' 2010 ලෝක කුසලානය යන මාතෘකාවටත් වඩා කතාබහ වුන මාතෘකාවක් වුන බවයි ජර්මනියේ Oberhausen Sea Life Centreහි කළමනාකරු Stefan Porwoll පවසන්නේ.
කොහොමත් ඉතින් සාමාන්‍යයෙන් බූවල්ලෙකුගේ ආයු කාලය අවුරුදු දෙකක් තුනක් විතර නිසා මේ මරණය අබිරහස් එකක් වශයෙන් සැලකීම අනවශ්‍ය බව ඔහු පවසනවා.
11

පාසල් ජීවිතයේ රස කතා -1

මේ බ්ලොගයේ කතුවරයා පෙර පාසල් දිවියේ සිටම නොයෙක් රසබර සිදුවීම් වල ප්‍රධාන චරිත නිරූපනය කලද පෙර පාසල් දිවියේ සිදුවීම් වල අතිශය පෞද්ගලික බව ගැන සිතා පෙර පාසල් දිවියේ සිදු වූ සමහර සිදු වීම් හෙළි නොකිරීමට තීරණය කර සිටී...
නමුත් ඔහුට ජීවිතය නැමැති සුවිසල් සයුර තරණය කරනට පෙර පාසලෙන් ලැබුණු පිටිවහලත් පෙර පාසලේදි හමු වූ අදටත් මිතුරු දමින් බැඳී සිටින පෙර පාසල් යහලුවන් කිහිප දෙනාත් අදටත් සිහි කරන්නේ හද පිරි බැතියෙනි...

පැන්සල් හොරා !!

ඔන්න අද මම හා හා පුරා කියලා මගේ පළවෙනි රස කතාව හැටියට කියන්න යන්නේ මම සූටිම සූටි කොලුවා කාලේ මොන්ටිසෝරියේදී වෙච්ච වැඩක්..
3

පාසල් ජීවිතයේ රස කතා - ඇරඹුම


ඒ කාලෙ මම ඉස්කෝලේ යන පොඩි කොල්ලා...
හැබයි පොඩි කියලා නෑ..
නැටුවා අම්බානට පිස්සු.. වැඩත් කලා... දඟත් කලා...
ඒ අතරේ සිතුවුනු රසබර සිදුවීම් අනන්තයි !!

පන්තියේ වගේම පිට්ටනියෙත් හිනා ගිහින් හුස්ම හිර වෙන තැනටම කටයුතු වෙච්ච සිදුවීම් කොච්චරක්ද කියලා මටවත් මතක නෑ..
කොහොම හරි මේවා පස්සෙ බ්ලොග් එකේ ලියනවා කියලා හිතාගත්තයි කියමුකෝ ??
කොහොම කොහොම හරි වැඩ අස්සෙ ඒ වැඩෙත් අමතක උනේ නැතැයි !!
ඔන්න මේ පාරෙනම් ආරම්භයක් දීලම බලනවා ...
බාං බඩී ගැහිල්ල යකාට ගියාවේ !!

ඉතින් මම ඊලඟ ලිපිත් එක්ක අතරින් පතර මතක් වෙන හැටියට මේ 'පාසල් ජීවිතයේ රස කතා' කොටස් ටික ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා...
අහලාම බලමු නේ ??
6

ස්කයිප් අල්ලේ නැටවීම | Skype Fun -5


ඔන්න ඊයේ ස්කයිප් මූණු වලින් ලස්සන ලස්සන සෙල්ලම් දැම්මා මතක ඇතිනේ...
ඒත් මූණු වලින් ලස්සන නිර්මාණයක් හදාගන්න එක නම් ටිකක් අමාරුයි වගේ නේද ??
කොටින්ම කියනවනම් ඒ වගේ emoticons ගොඩක් එකතු කරලා නිර්මාණයක් හදාගන්න ඕනේ නම් offline contact කෙනෙක්ට හරි Echo / Sound Test Service එකට හරි අර ස්කයිප් මූණු ටයිප් කර කර හදලා යවලා ආයෙත් අවුල් නම් ඒවත් හදලා එපැයි ඕන කෙනාට යවන්න..
ඉතින් මේකට සෑහෙන වෙලාවක් යනවා වගේම ටිකක් අමාරු වැඩක්..

මෙන්න ඒකට ලේසි වැඩක්...
11

ස්කයිප් අල්ලේ නැටවීම | Skype Fun -4


අද දෙන්න යන්නේ ස්කයිප් මූණු වලින් දාන තවත් සෙල්ලමක්...
ඒ කිව්වේ ස්කයිප් මූණු ගොඩක් එකතු කරලා කරන්න පුලුවන් නිර්මාණ ගැන !!
මේවගේ දෙයක් තමන්ට උනත් හදාගන්න පුලුවන් ලේසියෙන්ම !!

2

ස්කයිප් අල්ලේ නැටවීම | Skype Fun -3


මම අද කියන්න යන්නේ ස්කයිප් වල චැට් එකට වගේම Status එකට උනත් දාන්න පුලුවන් ලෝකේ තියන කොඩි එකතුවක් ගැන..
මෙතන ලෝකේ රටවල් සහ දූපත් වල ජාතික කොඩි 250කටත් වඩා තියෙනවා...
ඇත්තම කියනවා නම් මේක ස්කයිප් වල Hidden emoticons ගැන අය ගත්තත් එතනත් නොදන්න අය ගොඩක් ඉන්නවා...
ඉතින් අපි බලමු කොහොමද මේ ස්කයිප් වල සැඟවුනු කොඩි එලියට ගන්නේ කියලා...
2

ස්කයිප් අල්ලේ නැටවීම | Skype Fun -2

 ස්කයිප් හොර මූණු ??
ඔන්න අද මම ස්කයිප් වල තියන සැඟවුනු emoticons ගැන දාන්නයි යන්නේ..
ඔය උඩින් දාලා තියන පින්තූරය දැම්මෙත් පොඩි දැනුවත් කිරීමක් හැටියට හොඳේ !! :p
මොනවා උනත් අනතුරු හැඟවීමක් කරන එක කෝකටත් හොඳයි...
නැත්නම් මේ සෙල්ලම් පිට්ටනියේ අහන්න ලැබෙනවා කියන වචන වැඩිහිටියන්ගෙන් මට බ්ලොග් එකේ කමෙන්ට්ස් වලිනුත් අහන්න පුලුවන් වෙයි..
වැඩි කතා ඕනේ නෑ..
5

ස්කයිප් අල්ලේ නැටවීම | Skype Fun -1

 මේ පෝස්ට් එක ලියන්න හිතුනේ ස්කයිප් ගැන දන්නෙ නැති අයට වගේම ස්කයිප් වල රහස් ඉගෙන ගන්න කැමති අයටයි.. එක ලිපියකින් කියන්න අමාරු නිසා ස්කයිප් ගැන පෝස්ට්ස් 4ක් 5ක් දාන්න හිතුනා...
( කොටින්ම මේක මගේ යාලුවෙක් කරපු පුංචි අහිංසක ඉල්ලීමක් ;) )

ස්කයිප් කියන්නේ ලෝකේ වැඩිම දෙනෙක් භාවිතා කරන VoIP මෘදුකාංගය කිව්වොත් ඒකේ ආයෙත් විවාදයක් නෑ..
VoIP කියන්නේ Voice over Internet Protocol හෙවත් අන්තර්ජාල ප්‍රොටොකෝලය හරහා හඬ සම්ප්‍රේෂණය කිරීම කියන එක දන්නෙ නැති අයට දැනගන්න ලිව්වා ඕං ..

ස්කයිප් ඉතින් හැම කෙනෙක් ගාවම තියනවනේ...
ස්කයිප් නැති අය මෙතනින් ගන්න...
http://www.skype.com/intl/en/get-skype/on-your-computer
දාගෙන පොඩ්ඩක් අත පත ගෑවම ඉගෙන ගන්න පුලුවන් ඕන දෙයක් ..
17

Rail of War | රේල්ලුවකින් යුද්ධ කරමු?

Image and video hosting by TinyPic
මම සාමාන්‍යෙන් මගේ බ්ලොග් එකේ ගේම්ස් ගැන පෝස්ට් දානවා අඩුයි...
නමුත් හැමෝටම වගේ ගහන්න පුලුවන් එච්චරම ලොකු නැති හොඳ ගේම් එකක් අහු උනොත් ඉතින් ඒක නොකියා ඉන්න එක හරි නෑනේ...
මමත් මේ ටිකේ විවේකයෙන් ඉන්න නිසා ගේම්ස් ගහන්නත් නැඹුරු වෙලා..
දැන් ඉස්සරහට ගේම්ස්ම වැටෙයිද මන්දා... ;)

ඔන්න ස්ට්‍රැටර්ජි වගේ නමුත් ප්‍රමාණයෙන් කුඩා, ඒ වගේම ගුණාත්මක බවින් ඉහළ ගේම්ස් වලට ආස අයට මෙන්න මරු ගේම් එකක් !
නමුත් මේක ටිකක් වෙනස් ආකාරයක ගේම් එකක්...
වෙන ස්ට්‍රැටර්ජි ගේම්ස් වගේ මිනිස්සු සත්තු පාදක කරගෙන හදනවා වෙනුවට වෙනස්ම ආරකින් යාන්ත්‍රිකමය ක්‍රීඩා අත්දැකීමකට ක්‍රීඩකයාව ගෙනියන ගේම් එකක්..
10

Call of Duty | ජර්මානුවන්ගේ ඉරණම විසඳෙයි !




දෙවන ලෝක යුද්ධයේ නාසි ජර්මන් හමුදාවන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඉදිරියට ඇදුන රුසියානු රතු හමුදා බර්න්වයිල්, ස්ටාලින්ග්‍රෑඩ් (ස්ටාලින්ග්‍රාද්), බර්ලින් කියන ප්‍රධාන නගර වලදී ජර්මානුවන්ගේ ඉරණම පුදුම විදිහට වෙනස් කරපු හැටි Call of Duty 1ගේම් එක පුරාවටම ලස්සනට නිරූපණය කරලා තියෙනවා..
දෙවනි ලෝක යුද්ධය තේමා කරගෙන නිපදවපු ගේම්ස් අතරින් Call of Duty 1 තියපු ඒ ආරම්භක පියවර අද සෑහෙන දුරක් ඔවුන්ව ඉදිරියට ගෙනැවිත්..
7

ඔබට හරියටම හරියන ජංගම දුරකථනය තෝරගන්න | Which phone fits your personal communication needs best?



Image and video hosting by TinyPic

ගොඩාක් දෙනෙක් නවීන තාක්ෂණයත් එක්ක ඔට්ටු වෙන්න ඉහළ වටිනාකමකින් යුක්ත ජංගම දුරකථනයක් කරා යන්න පෙලඹිලා තියනවා...
නමුත් කොපමණ මුදලක් වියදම් කලත් ඒ මුදලට නියම වටිනාකමක් දෙන විදිහට ඒ දුරකථනය පාවිච්චි කරනවනම් ඒකේ වැරැද්දක් මම දකින්නේ නෑ...
කොටින්ම මගේ ජංගම දුරකථනයෙන් උනත් මම ගන්න පුලුවන් ප්‍රයෝජනවලටත් වඩා ප්‍රයෝජන අරන් තියනවා.... ;) :p
ඒ කොහොමද කියලා පස්සෙ පෝස්ට් එකකින් දාන්නම්..

දැන් අපි මාතෘකාවට යමුකෝ...
5

Afterword | විශ්ව සියපත : පසුවදනක්

මායාවරුන්ගේ දින දර්ශණය අවසන් වීමට ඇත්තෙ තව මෙපමණ කාලයක් ....
ඉතින් මේ තීරණාත්මක මොහොත මොනවගේ වෙයිද කියන එක නම් කියන්න මම දන්නේ නෑ..
2012/12/21 | 11.11 AM



දැන් ඒක අමතක කරමුකෝ... වෙන දෙයක් වෙයිනේ....
දැන් මේ ලිපිපෙළේ කලින් ලිපි වලට විවේචනාත්මක ප්‍රතිචාරත් ලැබිලා තිබුනා...
අපි ඒ ගැන තරහක් ඇති කරගන්නව නෙමෙයි...
නමුත් ගොඩාක්දෙනෙක් දන්නේ නෑ මේ ලෙලසිළුවක් කියන්නේ මොකක්ද කියලාවත්...
ඒ අය මේ පින්තූරය බලලාවත් අදහසක් ගන්න ....
මේ පින්තූරයේ තියෙන්නේ ලෙළසිළුවක් පෘථිවිය හා සංසන්දනය...
ඉතින් මේ පින්තූරය බැලුවහමත් මේවගේ විනාශයක් සිදුවිය නොහැක්කක් කියලා හිතනවානම් ඒකට අපිට කරන්න දෙයක් නැහැ...


(මේ පින්තූරය උඩ ක්ලික් කරන්න.. එතකොට ඔයගොල්ලොන්ට ඇත්තම තත්වය බලාගන්න පුලුවන්..)
13

අයි හේට් ෆේක් පීපල් ! | I hate FAKE people !


මේ පෝස්ට් එක ලියන්නේ ඔයාලාගේ friend list එකේ යාලුවෝ වැඩි වෙනවාට අකමැත්තකින්වත් මට අනිත් අය ඉස්සරහා ෆේස්බුක් ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනේ නිසාවත් නෙමෙයි... මේ අත්දැකීම් අත්විඳලා මටත් දැන් හොඳටම ඇති උන නිසා....

මුලින්ම කතාව කියලම පටන්ගන්නම්කෝ ...
මේවා දැනගත්තේ කොහොමද කියලා අහන්න එපා ...

ඔන්න මම දන්න කොලු පැටියෙක් ඉන්නවා ..
( ෂෝක් කොලු පැටියා .. :D මේ අයියාව රවට්ටන්න හැදුවේ..)
ඔය කොළඹ ලොකුයි කියලා කියන ඉස්කෝලේකට යන්නේ....
ඉතින් මෙයා මනෝරාජික FB ඇඩ්මින් කෙනෙක් කිව්වත් වැරදි නෑ...
නොදන්න දේකුත් නෑ.. දන්න දේකුත් නෑ...
0

සමාවන්න!

The misty mystery | විශ්ව සියපත - 1 [ පිටසක්වළ ජීවීන් අතර බුදු දහම ] කොටසින් පසු ඉදිරිපත් කිරීමට තිබූ විශ්ව සියපත - 2 කොටස | දිවාකරාග්නි... [ කල්ප විනාශය බුදු ඇසින් සහ විදු ඇසින් ] අතපසුවීමක් නිසා පළ කිරීමට නොහැකි වූ අතර,
එය 2010/10/15(හෙට) සවස පළවනු ඇත..

පළමු ලිපිය නොකියවූ අයෙක් ඇත්නම් එය කියවීම සඳහා පහත සබැඳිය භාවිතා කරන්න...
7

ඔබාමා නිසා ජනප්‍රිය වෙච්ච පොතක්(ලු) ??




මෙන්න බලන්න සල්ලි වියදම් නොකර මාර්කටින් කරන හැටි....
ඒත් කොල්ලෝ පරිස්සමෙන්...
මේකයි සිද්ධිය..

ඔන්න පසුගියදා ඇමරිකාවේ,පෙන්සිල්වේනියා ප්‍රන්තයේ විශාලම නගරය වන පිලඩෙල්පියා නගරයේ මහජන රැලියකට සහභාගී වෙන්න ගිය ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා රැලිය අමතමින් සිටියදී එක පාරටම පුද්ගලයකු ඔබාමා දෙසට අත් බෝම්බයකින්... අම්මෝ!!
10

Skype 5 !!




ඔන්න කාලයක් තිස්සෙ බලාගෙන හිටපු තවත් වෙනසකට අද ස්කයිප් ඇවිත් තියනවා..
ඒ තමයි ස්කයිප් වල 5 වන ප්‍රධාන සංස්කරණය නිකුත් වීම...
මේකනම් බීටා එකක් නෙමෙයි නිසා ඔන්න බය නැතුව දාගෙන බලන්න පුලුවන් !
කලින් ඒවත් එක්ක බලනකොට මේකේ සෑහෙන වෙනස්කම් තියනවා....
දැන් අපේ යාලුවොන්ගේ ප්‍රොෆයිල් picture එකේ thumbnail version sized පින්තූරයක් පෙන්නනවා ඔන්ලයින් ඉන්න යාලුවන්ගේ ලිස්ට් එකේ...
පට්ටම ගති කිව්වලු !! :p

Home button එක, ඒ කියන්නෙ ඔයාලගේ යූසර් නේම් එක එබුවම වෙනම ටැබ්ස් තියන පේජ් එකක් එනවා.... ඒකේ profile කියන ටැබ් එකෙන් පුලුවන් ඔයාලගේ ප්‍රොෆයිල් එක ලේසියෙන්ම එඩිට් කරන්න....

මම ස්කයිප් 5 ගොඩ්ඩක් හොඳයි කියන්න ඒක් හේතුවක් ප්‍රධානයි !
මොකද මූණු පොතට වඩා ස්කයිප් වලට ආස මට තිබ්බ අවුලක් තමයි ස්කයිප් එක්ක මූණු පොතේ සැරිසරන්න බැරි වීම...
ඔන්න ඒකටත් නියම විසඳුමක් ස්කයිප් වල 5 වන සංස්කරණයෙන් දීලා තියනවා....
8

අවස්ථාව ඔබේ දොරට තට්ටු නොකරයි නම්; දොර විවෘත කර අවස්ථාව ඇතුලට කැඳවා ගන්න ...
| LESSON: If opportunity doesn't knock the door; open the door and drag opportunity inside....

අවස්ථාව ඔබේ දොරට තට්ටු නොකරයි නම් ??
මේක ගූග්ල් එකෙන්ද කොහෙද මට අහම්බෙන් හමු උන පින්තූරයක්..
මේක මොකක්ද කියලා මට මුලදි එච්චරම තේරුනේ නෑ....
මටත් ටිකක් බලාගෙන ඉන්නකොට තමයි තේරුම් ගියේ මේකේ ඇත්තටම ගැබ් වෙලා තියන තේරුම..ටිකක් ගැඹුරුයි ඒත් සරලයි... හොඳට හිතලා බලන්න !
මම මේකේ තේරුම කියන්න යන්නේ නෑ....
ඔයගොල්ලන්ට තේරෙනවනම් මේකෙන් කියන්නේ මොකක්ද කියලා කමෙන්ට් කරලා යන්නඅමතක කරන්න එපා..
මම ඇත්තම තේරුම එක්ක හරියටම ඒක කියන්නේ කවුද කියලා ඊලංග පෝස්ට් එකත් එක්ක දන්නම්....
2

මංජුට රන් පදක්‌කමක් !!


නවදිල්ලි නුවර පැවැත්වෙන 19 වන පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්‌සිං කිලෝග්‍රෑම් 56 බැන්ටම් පංතියේ රන් පදක්‌කම දිනා ගැනීමට මංජු වන්නිආරච්චි අද (13) සමත් විය. පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා තරගයකදී බොක්‌සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්‌ රන් පදක්කමක් දිනූ පළමු අවස්ථාව මෙයයි.
4

ශ‍්‍රී ලංකාව පරිත්‍යාගයෙන් ඉදිරියටම| Hail Mother Sri Lanka !


හිත හොඳ මිනිසුන් අතර ලෝකෙන්ම අට වෙනි තැන ශ්‍රී ලංකාවට හිමිවෙයි !

බි‍්‍රතාන්‍යයේ ආධාර අරමුදල නම් සංවිධානය පළමු වරට සකස් කළ ‘ද ගිවින් ඉන්ඩෙක්ස්’ හෙවත් පරිත්‍යාගශීලී දර්ශකයට අනුව පොදු යහපත වෙනුවෙන් පරිත්‍යාග සිදු කරන ජනතාව සිටින රටවල් අතර අට වන ස්ථානය ශී‍්‍ර ලංකාවට හිමිව තිබේ.  පොදු ජන යහපත වෙනුවෙන් කි‍්‍රයා කරන සංවිධාන මෙන්ම ආගන්තුක සත්කාරය වෙනුවෙන් කාලය හා මුදල් වැය කරන්නන් බහුලව වෙසෙන රටවල් සොයා බැලීම සඳහා මෙම දර්ශකය සකස් කෙරෙයි. රටවල් 153ක් ඊට පාදක කර ගෙන තිබේ.
6

එදා මූණුපොත තිබුණානම් | If facebook existed years ago...



කවදාවත් හිතිලා තියනවද මීට අවුරුදු සිය දහස් ගානකට කලින් මූණුපොත තිබුනනම් කියලා ???
කාටවත් නැතුව ඇති....
මම මේ ලිපියෙන් කියන්න යන්නේ එහෙම තිබුනානම් වෙන දේවල් ගැන ....
මේක තිබ්බෙ මට ආපු ෆෝවඩ් මේල්ස් අස්සෙ...
මේ වගේ තව හොඳ ඒවා තව ඉස්සරහට දාන්නම් !!
2

ස්කයිප් බළලා මල්ලෙන් එළියට | Skype 5.0 Beta 2 for Windows

Image and video hosting by TinyPic

ඔන්න අලුත් ආරංචියක් අරන් ආවා...
ඒ තමයි ස්කයිප් 5.0 වල Beta 2 සංස්කරණය නිකුත් වෙලා කියන ආරංචිය..

මේකේ අලුත් වැඩ කෑලි ගොඩාක් එකතු කරලා තියනවා...
Group Video Calls පහසුකම ඉන් ප්‍රධානයි...
ඒ කියන්නේ අපි කිහිප දෙනෙකුට Skype group call එකක් ගන්නවා වගේම 9දෙනෙක් දක්වා Skype group video call එකකට එකතු කර ගැනීමේ පහසුකම ඇතුලත් ...
ඔන්න ඒකේ අතුරු මුහුනත කොයි වගේද කියලා දැනගන්න පහසු වෙන්න පින්තූරයක් පහතින් දැම්මා..
5

10/10/10 ?? අනිවා කියවන්න !!


මේ ලිපිය ඔයගොල්ලො හැමෝම කියවාවි කියලා මම හිතනවා...
ඒක මගේ බ්ලොග් එකේ හිට්ස් ගාන වැඩි කරනවාට වඩා ඔයගොල්ලන්ගේ හිතට දැනෙන වෙනසක් වේවි...
පොඩ්ඩක් හිතන්න මේක කියවලා ඉවර වෙලා !!

විහිලුවකින් පටන්ගමු හොඳේ ??

ඔන්න හෙට විශේෂ දවසක්...
ලෝකේ හැමෝටම ....
ඔන්න ඒ විශේෂ මොහොත තමයි හෙට 2010 දහවෙනි මාසෙ දහ වෙනිදා!!
කොටින්ම කියනවනම්... ඒ කිව්වෙ දශමයටම කියනවනම්....
හෙට උදේ දහයයි දහය පසුවී දසවෙනි තත්පරය විශේෂ මොහොතක්....
ඒ කිව්වෙ කිව්වෙ ඒක ලියන්න වෙන්නෙ මෙහෙමයි....
10/10/10 | 10:10:10 AM කියලා...මේක දන්න අය ඇති ....
නමුත් නොදන්න වගේම අමතක වෙලා තියන අය අද රෑ නිදාගන්න කලින් දහ පාරක් මතක් කරල නිදා ගන්න...
ඒත් මතක නැති වෙනවනම් දහපාරක් අමතක කරල නිදාගන්න....
එතකොටනම් අනිවා මතක තියෙයි ඕං !!
2

ඇත්තම වාහනයක් ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි! | Paper Car Craft -2

යන්තම් ඇති විභාගෙන් පස්සෙ පොඩි විවේකයක්...
පළවෙනි ලිපියටත් සෑහෙන ප්‍රතිචාර !!

ඔන්න පොරොන්දු උන විදිහටම ඉතුරු වාහන ටිකත් අරං මම ආවා...
පළමු ලිපිය කියවපු නැති, මේ වාහන හදන හැටි දන්නේ නැති අය පළමු ලිපිය මෙතනින් කියවන්න..

අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ මේ වාහන ටික ...
11. Toyota Supra
12. BMW M3
13. NISSAN Skyline R34 GTR
14. NISSAN GT-R PROTO
15. MAZDA RX-8
16. NISSAN Murano
17. Mercedes Benz E-Class
18. Aston Martin DB9
19. Toyota Celica
20. Toyota Harrier
21. Enzo -Ferrari
22. Lamborghini Diablo GT
23. McLaren F1
16

ඇත්තම වාහනයක් ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි! | Paper Car Craft

ඇත්තම වාහනයක් ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි! | Paper Car Craft

ඔන්න අද වෙනස් විදිහක පෝස්ට් එකකින් අලුත් අත්දැකීමක් දෙන්න හිතුනා...
මේ ලිපිය මම වගේ වාහන පිස්සුව තියන අයට නම් මරු ප්‍රවෘත්තියක් වෙයි!
ඒ විතරද මේක වාහන 89ක කලෙක්ෂන් එකක්...
මම ඒ වාහන ඔක්කොම දාන්න යන්නේ නෑ...  දෙන්න ගියොත්නම් මාවත් විකිණෙයි... ;)
ඔය රැල්ලේ තියන අලුත්ම මැක්Zzසා වාහන 25ක් විතර දාන්නම් හොඳේ???
අනිත් එක සල්ලි දීලා ගන්නවා වගේද මේවා! නොමිලේ !!! :D

කෝ එහෙනම් අපි දැන් බලලා ඉමුකෝ මොනවද මේ රැල්ලේ වාහන ටික කියලා.....
(රැල්ලේ වාහන කිව්වට මේවාට රැල්ලේ තියා වැල්ලේවත් යන්න බෑ ... ;) ඒ තරම් අතිසුඛෝපබෝගී වාහනනේ... )

1. Honda S2000
2. NISSAN Airlady Z  (350 Z)
3. SUBARU IMPREZA WRX
4. LANCER  Evolution VII
5. Porsche 911 Turbo
6. FERRARI F50
7. Lamborghini Mercielago
8. Mercedez Benz SL500
9. Honda Integra TYPE-R
10. Hummer H2
32

ඔබේම අන්තර්ජාල රේඩියෝවක් හදාගන්නේ මෙහෙමයි | Start your own radio station for FREE!

Image and video hosting by TinyPic


කාලෙකට පස්සෙ බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුනෙ හැමදාම මගේ සැපේදි මෙන්ම දුකේදිත් මාත් එක්කම ඉන්න මිතුරා වින් ඈම්ප් නිසා...

ලොල් .. මම මතක තියන කාලෙක ඉඳන් සිඳු ඇහුවෙ වින් ඈම්ප් වලින්..අප්සට් මූඩ් එකේ හිටියත් ආතල් එකේ හිටියත් ඒක එහෙමමයි !!

මට මතකයි මම 5 වසරෙදිත් නීඩ් ෆො ස්පීඩ් V (පෝශේ අන්ලීශ්ඩ්) ගහනකොට වින් ඈම්ප් එකෙන් බැක්ග්‍රවුන්ඩ් එකේ බැක්ස්ට්‍රීට් බෝයිස්ලගේ ඇල්බම් එකක් රන් කරගෙන තමයි ගේමට බහින්නේ.... ඉතින් ඒවා තාමත් සොඳුරු මතකයන් ...

ඊයෙ මගේ පරණ හාඩ් ඩිස්ක් එකට Win 7 දාලා ඒකට අලුත්ම වින් ඈම්ප් 5.58 දැම්මට පස්සෙ එක පාරක් කරන්න ගිහින් වැරදිච්ච වැඩක් ආයෙත් කරලා හරි ගිය නිසා ඒ හරි ගිය වැඩේ ඔයාලටත් කියලා දෙන්න හිතුනා.... ;)

මේක ඔය කට්ටියට ගොඩාක් වැදගත් වෙන පෝස්ට් එකක් වෙන බව නම් මට විශ්වාසයි..
4

facebook වෙනසක් !

Image and video hosting by TinyPic

ඔන්න අද facebook එක තවත් අලුත් වැඩක් කරලා...

දැන් වෙනදට කාත් එක්ක හරි කතා කරනකොට (chat කරනකොට ;) ) උඩින් එයාගේ profile picture එකයි ඊට පස්සෙ එයාගෙ නමයි පේනවනේ..
දැන් එහෙම පේන්නෙ නෑ... දැන් පේන්නෙ නම විතරයි...

ඒ වගේම chat කරනකොට අපි type කරල send කරන වාරයක් ගානෙම වම් පැත්තෙ අපේ profile picture එකේ thumbnail version size picture එකක් අර කලින් චැට් එකේ උඩින් නමත් එක්ක තිබුනා වගේ වැටෙනවා...
නියමිත වෙලාවකදි (පොඩි වෙලාවක් අතරේ හොඳේ ) අපිම එක දිගට කියව කියව හිටියොත් ඒ ඔක්කොටම එක පින්තූරයක් වැටෙන එක වෙනම කතාවක්...
ඒත් මේකේ අඩු පාඩුත් නැතුවා නෙමෙයි..

 
Template Design by Bhagya Rajapakshe