සොයන්න:

4

යාළුවො සහ සල්ලි

ණය! මම ජිවිතේ ආස නැතිම වචනේ.
මම නම් ණය ගන්නෙම නැති තරම්. හැබැයි හදිසියකට අතමාරුවක් ගත්තොත් පුළුවන් තරම් ඉක්මනට ඒක return කරනවා. මොකද මම අත්දැකීමෙන් දන්නවා ණයක් දුන්න කෙනාට ඒකෙන් වෙන අපහසුතාවය.



සමහර අය ඉන්නවා කාගෙන් හරි ණයක් ඉල්ල ගත්තොත් ඒක ආපහු දෙන කම් නින්ද යන්නේ නැති. එහෙම අය මම දැකලා තියෙනවා ආපහු දෙන්නම් කියලා පොරොන්දු වුනු දවසට බෙල්ල කඩාගෙන හරි ඒ පොරොන්දුව ඉටු කරනව.

ඒත් සමහර ජාතියේ පොරවල්ලට නම් එහෙම පොරොන්දු වුනු දවස ගැන කිසිම හැඟීමක් නෑ.. ඒ වගේ අයව නිරීක්ෂණය කලාම මට හිතුනු දෙයක් තමයි පොරොන්දු උනු වෙලාවට ණය නොදී ඉන්න එකෙන් ඒ අය හෙන ආතල් එකක් ගන්නවා වෙන්න ඕන කියන එක..

ඊට පස්සේ දවස් ගානක්, සති ගානක්, මාස ගානක් හෝ අවුරුදු ගානක් පරක්කු වෙලා දීලා ඒ සල්ලි ගත්තු අය දුන්නු අයට "ඔන්න මම ගත්තු ගාන දුන්නා හරිද?" වගේ පොර ටෝක්ස් දෙනවා මම දැකලා, අත්විඳලා තියෙනවා. අර පොරොන්දු උනු දවස නිසා අපි ඒ දවසේ ඒ සල්ලි වලින් කරන්න ප්ලෑන් කරගෙන හිටි දේවල් අවුල් උනා, අපි අපහසුවට පත් උනා කියන එක ගැන කිසි හැඟීමක් ඒ අයට නෑ..

එපාම කරපු දේ තමයි ඒ කිව්ව ජාතියේ පොරවල්ලගෙන් අපි ආපහු ඒ සල්ලි ගන්න අපි උන්ගෙ පස්සෙන් එන්න ඕන හරියට උන්ගෙන් පිනට ඉල්ලනවා වගේ..

කොටින්ම අවුරුදු 3කට කලින් මම සත පහක ලාබයක් නැතුව ෆෝන් එකක් අරන් දුන්න යාලුවෙක්ට. custom clearance එකට මට යන්න විදිහක් තිබුනේ නෑ මම එතකොට A/L කරනවා. අන්තිමට තාත්තා office ඒකෙන් short leave දාල කස්ටම් ගිහින්, රුපියල් දෙදාහක් කස්ටම් එකට ගෙවල ෆෝන් ඒක release කරං ආව. ෆෝන් එක නං යාලුවාට දුන්නා. අද වෙනකම්වත් ඒක මතක් කරන්නේවත් නෑ. කිව්වේ නම් හෙට දෙන්නම් කියලා.

අන්තිමට දෙයක් කියන්නං මචංලා යාළුවො සහ සල්ලි කවදාවත් පටලව ගන්න එපා! අනික් මිනිස්සු හිතන්නේ අපි හොයන සල්ලි උන් වියදම් කරන්න ඕනේ කියලා.

නැති දා මිතුරො ඇති දා කුමටද? සල්ලි තියෙනවනම් යාලුවො වැහි වැහැල. අතෙ සතේ නැති දවසට බල්ලෙක් වත් නැහැ කියන්නේ ඕක තමයි. කාලෙකට පස්සේ දිග status එකක් දැම්මේ ආයිත් නං මෝඩයා වගේ ණය දෙන්නේ නෑ කියල හිතං.

- මවිසින් facebook හි දමනලද status එකකි.

3

Anonymous - Operation Darknet

අනාමිකයන් ළමා ලිංගික අඩවි වනසයි [ Anonymous - Operation Darknet ]


අනාමික හැකර් කරුවන්ගේ නවතම ක්‍රියාන්විතය "Operation Darknet"ය. ඒ හරහා ඔවුන් ළමා ලිංගික දර්ශන ඇතුලත් වෙබ් අඩවි වලට පහර දීමට පටන්ගෙන තිබේ. ඔවුන් මුලින්ම දිනකට ලක්ශ 4 වඩා පිවිසෙන වෙබ් අඩවියකට පහර දී තිබේ. නමුත් විනාඩි 5 ඇතුලත නැවත එම අඩවිය සක්‍රීය කිරීම නිසා මෙම හැකර් කරුවන් ඔවුන්ට සේවය සැපයූ සර්වරයට "Freedom Hosting " පහර දී එහි ඇති බැකප් 100GB පමණ මකා දමා, ඊට අමතරව එම සර්වරය සේවය සැපයූ 40 වැඩි ළමා ලිංගික වෙබ් අඩවි ප්‍රමාණයක් අක්‍රීය කොට ඇත. තවද මෙම වෙබ් අඩවි වල ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයන් 1,589 දෙනෙකුගේ තොරතුරු ඡායාරූප සමගම පලකර තිබේ.
8

විභාග කොමසාරිස්ගේ හෘද සාක්ෂිය !!


පසුගිය උසස්පෙළ විභාගයේදී ගිණුම්කරණය හා භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සකස්කොට තිබුනේ සිසුවෙකුට තබා එම විෂය උගන්වන ආචාර්යවරයෙකුට පවා පිළිතුරු දීමට අපහසුවන අයුරිනි.

උසස්පෙළ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ ගැටලුව වසර දෙකක පටන් පවතින අතර එම ප්‍රශ්නපත්‍රය තමන්ගේ දක්ෂතා මතුවන අයුරින් සකස්කරන පුද්ගලයන්ට එරෙහිව තවමත් කිසිදු පියවරක් ගෙන නොමැත.

පසුගිය විභාග සමයේදී මෙම ගැටලුව වෙනුවෙන් කතා කල එකම මාධ්‍යය වුයේ රිවිර පුවත්පත පමණක් වූ අතර එහි පළවූ ලිපියටද විභාග කොමසාරිස් වරයා පිළිතුරු ලිපියක් ඒවා තිබුනේ ඔවුන්ගේ ප්‍රශ්න පත්‍ර අන්තර්ජාතික ප්‍රමිතියට යුතුව සකස්කරන බවත් කිසිදු විටක විෂය නිර්දේශයෙන් පිටින් ඇති කරුණු ඇතුලත්නොකරන බවද සඳහන් කරමින්.

නමුත් පසුගියදා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ‍ජනරාල්වරයා පැවසුවේ මෙවැන්නක්

"මේ විභාග දෙකම සාමන්‍යයපෙළ,උසස්පෙළ ගන්ධස්කාර කුනුවෙච්ච් විභාග,කිසිම ප්‍රයෝජනයක් නෑ ජීවිතේට.දැන් මට කව්රුවත් දඬුවම් කරන නෑ මේක මම ම කියන නිසා."

මම බැලුවම මට හිතෙනවා මං බාල අපරාධකාරයෙක් ද කියලා මොකද මෙහෙම හිතෙන්නේ, මේ මම හදන ප්‍රශ්න පත්‍රය ළමයෙකුට තියා ප්‍රශ්න පත්‍ර හදන මහාචාර්යවරයකුට වත් ලියන්න බැහැ.

අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක හැරුනම මේ වගේ බරපතල නින්දා සහගත ගතානුගතික විභාග ක්‍රමයක් නෑ.

විභාග කියන උපකරණය මේ දරුවන්ගේ විවිධ හැකියා මනින්න පාවිච්චි කරන මේ උපකරණය මොට්ටම මොට්ටයි. කිසිකෙනෙකුට මේක මුවහත් කරන්න බැහැ.

ඒ නිසා මෙයින් ප්‍රයෝජනයක් නැහැ. ඒක ප්‍රයෝජනවත් උපකරණයක් බවට පත් කරන්න නම් මේ සමස්ත විභාග ක්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍ය වෙනවා"
උපුටා ගැනීම : http://www.gossip9.com/2011/10/blog-post_31.html 
7

ආදරණීය ටයි මාමේ....


ආදරණීය ටයි මාමේ....

පොඩි කාලේ ටයි මාමගෙ කාටුන් බොහොම ආසාවෙන් බැලුවා..
ටයි මාම දන්නවද පොඩි කාලෙ අපි ජීවත් උනේ අමුතු ලෝකෙක..
අපිට තිබ්බේ අමුතු හීන..
වචන වලින් කියන්න බැරි තරම් පුදුමාකාර සිතුවිලි වලින් අපේ හිත් පිරිලා තිබුනෙ..

"තම්බලීනා", "කැත තාර පැටියා", "ගිනි කූරු විකුණපු ගෑණු ළමයා" අපේ හිත් වල තාමත් ජීවත් වෙනවා ටයි මාමේ.. අනිත් තාරාවො ඔක්කොම කොන් කරපු ඒ කැත තාර පැටියා අන්තිමට ලස්සන හංසයෙක් වෙලා ඉගිල්ලිලා ගිය හැටි.. හිම කුණාටුවට අහු වෙලා සීතලේ මැරිලා හිටපු ගිනි කූරු විකුණපු ගෑණු ලමයා..
ඒ වගේ සුරංගනා කතා ආයිත් දකින්න ලැබෙයිද මාමේ?

"ගලිවර්ගේ සුවිසැරිය", "හා හා හරි හාවා", "පිස්සු පූසා", "දොස්තර හොඳ හිත" වගේ කාටුන් නම් මට කවදාවත් අමතක වෙන එකක් නෑ ටයි මාමේ.. ඇයි ඒ වගේම තමයි ඒ දවස් වල ගිය "සුරඟන කතා කරලිය", මතකද මාමේ ඒකෙ කතා පටන්ගන්න හැටි, "සුරඟන කතා කරලියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නව..."  කියල තමයි පටන්ගන්නෙ.. මට ඒක තාමත් ඇහෙනව වගේ ටයි මාමේ...

මාමාගේ කාටුන් බලලා අඬපු වාර ගාන මටවත් මතක නෑ ටයි මාමේ. කම්මුල් දිගේ ගලපු කඳුලු පිහිදගන්නත් බැරුව තොල් හපාගෙන හිටපු හැටි මැවිල පේනව ටයි මාමේ. මම හිතන්නෙ ඒක වෙන්න ඇති ලොකු උනත් මම ගොඩාක් සංවේදී උනේ මාමේ. ඒතරම් හිතට දැනෙන විදිහට ටයි මාමා දෙබස් නිර්මාණය කරලා තිබුනෙ. ඒ අඩුව නම් කවදාවත් කාටවත්ම පුරවන්න බැරි වෙයි ටයි මාමේ..

ටයි මාම අපෙන් වෙන්වෙලා ගියත් අපෙ මේ පුංචි රටට දායාද කරපු නිර්මාණ නම් කාවදාවත් අපෙන් වෙන් වෙන්නෙ නෑ ටයි මාමේ.. මට තවත් ලියන්න බෑ ටයි මාමේ.. ලියන්න ගන්නකොට ආයිත් ඇස් වලට කඳුලු එනව මාමේ..

වෙන අයට අද දවස නිකම් දවසක් උනාට ටයි මාමට ආදරේ කරන අපිට නම් මේ දවස කවදාවත් අමතක වෙන එකක් නෑ ටයි මාමේ.. පුලුවන් නම් ආයිත් එක පාරක් ඇවිත් අපිට ලස්සන සුරඟනා කතා කියා දෙන්න ටයි මාමේ.. අපට සුන්දර ළමා කලයක් දුන් පිනෙන්ම ටයි මාමට ඉක්මන් නිවන් සුව අත්වේවා!!!!!!!!!!!
 
Template Design by Bhagya Rajapakshe