සොයන්න:

6

බෙල්ල කැඩෙන Status දාමු ??

දැක්ක ගමන් බය වෙන්න එපා..
හැබැයි මෙතන බෙල්ල ඇත්තටම කැඩීමේ පොඩි අවදානමකුත් තියනවා...
ඒක නිසා කාගෙ හරි බෙල්ල කඩන්න ඕනේ නම් විතරක් මේ වගේ ඉස්ටේටොස් එකක් දැම්මට කමක් නෑ.. එහෙමත් නැත්නම් එක දිගට මොනිටර් එක දිහා ඔරවගෙන ඉන්නවට වඩා පොඩි ව්‍යායාමයකටත් එක්ක මේ වගේ අමුතු ස්ටේටස් දාන එක හොඳයි නෙ..


Type Flipped texts @ FlipThis.blogspot.com
 
All Rights Reserved - FlipThis © 2010 | FuN TyPoGraPhY !

මෙන්න හොයාගන්න ලේසි වෙන්න මේ පිටුවට ගිහින් ඒක බුක් මාක් කරගන්නකෝ..
ලයික් පාරකුත් දාලම යන්න හොඳේ !! :D
http://flipthis.blogspot.com
15

Torrent ස්පීඩ් එක වැඩි කරගමු ??


ටොරන්ට්ස් කිව්වම නොදන්න කෙනෙක් නෑ..
ඒත් අඩුම කලෙකින් වැඩිම ඩවුන්ලෝඩ් ස්පීඩ් එකකින් ලේසියෙන් ටොරන්ට් එකක් බාගන්නෙ කොහොමද කියන එක තවමත් ගොඩාක් දෙනෙක් හරියට දන්නෙ නෑ..
ඉතින් නොදන්න අයගේ දැනගැනීමටයි දන්න අයගේ දැනුම අලුත් වෙන්නයි මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතෙනවා..

2

"අවදි වෙලා....." - මගේ පුංචි ලෝකය



අවදි වෙලා....
එබී බලමු නිම් නැති සුන්දර විසිතුරු...
අපේ පුංචි ලෝතලයේ..
දුවේ පුතේ අවදි වන්න දැනුම සොයමු සැඟවෙන්න නොදී...
සැඟවෙන්නට එපා දැනුම ඔයා තමයි හෙට දවස අපේ...

ගහකොල ඇයි දලු ලන්නේ...
සුළඟ වැස්ස ඇයි එන්නේ..
පුතු අම්මට ආදරෙයි... ආදරෙයි...
තාත්තටත් ආදරෙයි... ඇත්තමයි..
ගහ කොල සහ ඇල දොළටත් අපේ ආදරය ඕනේ,
එතකොට මල් පිපී නටාවී...
ගං ඇල දොළ තාලය දේවි..

කළු දුම්ගුලි ඇයි නැගුනේ...
රූස්ස ගස් ඇයි කැපුවේ...
සොබාදමට විස පොවයි..
හරි දුකයි...
මිහිමව කැබලිති කරයි..
පව් පිරෙයි...

හුස්ම ඩිංග දෙන සුලඟට ණයගැති වන්නට ඕනේ,
එතකොට මිහි මව සැනසේවී....
අපෙ මව මයි සදා සිතේවි........

අවදි වෙලා....
එබී බලමු නිම් නැති සුන්දර විසිතුරු...
අපේ පුංචි ලෝතලයේ..
දුවේ පුතේ අවදි වන්න දැනුම සොයමු සැඟවෙන්න නොදී...
සැඟවෙන්නට එපා දැනුම ඔයා තමයි හෙට දවස අපේ...
දැනුම තමයි හෙට දවස අපේ...

මෙතනින් බාගන්න
(කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ස්තුතියි.)

වැඩේ ඇඟට ඇල්ලුවානම් ලිපියට තරු 5ක් දෙන්නත් අමතක කරන්න එපා...
5

"සූට් බූට් දිග කලිසම්..." - පිස්සු පූසා



සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්,
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..

තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා..
මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා..
හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා..
බොරු බේගල් ඇද බාලා...
සහචරයින් කරයි මුලා...

අන් කුසගිනි නිවන උලා කට බලියන් ඉන්න එකා..
මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා..
තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා..
බිම පෙරලී වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා..

හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා..
කොන්ද නමා දුන්න ලෙසා පහුරු ගායි පූසා....
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු.../////

(කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ස්තුතියි.)

වැඩේ ඇඟට ඇල්ලුවානම් ලිපියට තරු 5ක් දෙන්නත් අමතක කරන්න එපා...
4

'මුහුද මගේ ගොඩබිමයි' - දොස්තර හොඳ හිත.



මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....

සතුන් සමග දොඩමලු වී
කරන රහස ඔහු සතු
දැන ගන්නට දඟදැමු..
පිරිසක් පිරිහේවි ලූ.....//

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....

අයුක්තියට ඉඩ නැතේ
යුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ..
මෛත්‍රියෙන් ජය ලැබේ.......//

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....///

ගී පද : ප්‍රේම කීර්ති ද අල්විස් මාමා
ගී තනු : සෝමපාල රත්නායක මාමා

(කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ස්තුතියි.)

වැඩේ ඇඟට ඇල්ලුවානම් ලිපියට තරු 5ක් දෙන්නත් අමතක කරන්න එපා...
18

" සයුරේ ජීවිත නැව පෙරලී " - රොබින්සන් අන්දරය

"සයුරේ ජීවිත නැව පෙරලී" - රොබින්සන් අන්දරය |
Theme Song - Swiss Family Robinsons 
Image and video hosting by TinyPic


සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නල පාගා ....

වෙරළේ පියමං පැවසූයේ
රළ කඳුළේ සුවඳයි ඒ...
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පණ නල සැබෑ ලොවේ ..

සුළඟේ රහසක් කීවා
පියමං වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැඟවුයේ ඇයි
ඈත යයි රූ......

ඇල දොළ කඳු මැල වී
ගිනි පුපුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ නෑ ...
ජීවිතයේ ආදරෙයි ...
සයුරේ සයුරේ...
සයුරේ.........

ගායනය: ශෂිකා නිසංසලා සහ ලාල් රූපසිංහ
ගී පද : අතුල රන්සිරිලාල් මාමා

කරුණාකරලා තව එක පාරක් අහන්න... :)
ඒ තරම් ලස්සන ගීතයක් මේක...
(කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ස්තුතියි.)

වැඩේ ඇඟට ඇල්ලුවානම් ලිපියට තරු 5ක් දෙන්නත් අමතක කරන්න එපා...
11

රූපවාහිනියේ ඉස්සර ගිය කාටුන්/ කතාවල තේමා ගීත ඕනෙද? | Theme songs of Past TV series's

දුකේදි සිටිනා මිතුරන් රත්තරන් වටී.. 
දුවේ පුතේ ඉන්න ඕනෙ රටට වැඩක් වී...

පරිගණකය ඉස්සරහට වෙලා ඉන්නවට වඩා හැමදාම හවසට ගෙදර වටේ ඉන්න යාලුවො එකතු කරගෙන සෙල්ලම් කරපු කාලයක් මටත් තිබුණා...හැමදාම අපි දාඩිය දානකං ක්‍රිකට් ගහලා නටලා හවස 5.30ට අපේ ගෙදරට කඩාගෙන පනිනවා TV එකේ ඉස්සරහම තැනක් අල්ලගන්න .. මොකද ඒ තරම් අපි රූපවාහිනියේ ගිය කාටුන් වගේම පවුලේ කතා වලට ඇබ්බැහි වෙලා හිටියේ...
කොටින්ම කියනවනම් ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු අපේ හවස් වරුවේ කාල සටහනේ අනිවා පැයක් හෝ ඊට වැඩියෙන් මේ කාටුන් බලන්න අපි යොදාගෙන තිබුනා..
27

නැතිවුන ජංගම දුරකථනයක් සොයාගන්න හැටි !

ඔන්න ජංගම දුරකථන කියල අලුත් Category එකක් පටන්ගන්න හිතුනා ...
ඒකෙ පලවෙනිම post එකත් කියවන්න වටින එකක් වෙන්න එපැයි ...

ඔන්න මම තවත් අලුත් වැඩක් අරගෙන ආවා ...
මේක කොච්චර වටින ලිපියක්ද කිව්වොත් මේක ඔයගොල්ලොන්ගේ අතේ තියන ජංගම දුරකථනය තරම් ම වටිනවා..
ඔයගොල්ලොන්ට නම් හිනා යයි ...
කියෙව්වට පස්සෙ තමයි තෙරෙන්නේ ...

මම ඕකට නියම සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්නේ ...

Kaspersky®

Mobile Security 9


මේකේ තියන වැඩ ටික නම් කියල වැඩක් නෑ !!
5

A LIFE ON FACEBOOK.


මූණු පොතේ ජීවත් වෙන තවත් එක් මිනිසෙකුගේ කතාවක්...
දවස් 4ක් තුල මිලියන 1.5කට අධික නැරඹුම් ප්‍රමාණයක් වාර්තා කරයි...
අනිවා බැලිය යුතු වීඩියෝ එකක්... මැත්තම මැත්තා !!!
බලලම කියන්නකො හොඳද නැද්ද කියලා....

මේක බලලා Alex Droner සහ අර ගෑණු අයව මූණුපොතේ search කරන්න හිතුන අය මේ පෝස්ට් එකට තරු 5ක් දෙන්න.. ලොල්
කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.. ;)

තනි වුනෙමි මා !


ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ...
හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් නැගෙන්නේ...
11

ගණිතඥයාගේ වයස කීයද ??

ඔබේ වයස කීයද යන ප්‍රශ්නය ගණිතඥයෙකුගෙන් ප්‍රශ්න කරන ලදුව ගැටලු සහගත මෙවන් පිළිතුරක් ඔහුගෙන් ලැබුණි..

"තව අවුරුදු තුනකට පසු මගේ වයසින් තුන් ගුණයක් ගන්න..
එයින් අවුරුදු තුනකට පෙර මගේ වයසේ තෙගුණයක් අඩු කරන්න..
එවිට මගේ වයස ඔබට ලැබෙනු ඇත.."

ඔහුගේ දැන් වයස කීයද ??
9

Mobile Google Maps වලින් GPS පහසුකම අත්විඳිමු !!

මේක ටිකක් බැරෑරුම් වැඩක් ... වැඩ කෑලිත් වැඩියි..
හැබැයි Sherlock Holmes ගෙ කතා වගෙයි .. "සිත් ඇදගන්නාසුළුයි" ..

මේ තමයි Google Maps for mobile කියන ඇප් එක..
Google Maps + Latitude + My Location + Buzz කියන සේවාවන් සියල්ලෙම එකතුවක් තමයි මේ Google Maps for mobile කියන්නේ ...
My Location කියන එකෙන් ලෝකේ ඔයා ඉන්න තැන කොතනද කියලා බලාගන්න පුලුවන්..ඒකට ඔයාලගේ phone එකේ GPS තියෙන්නම ඔනෙ නෑ...
GPS තියන ඒවා වගේම GPS නැති ඒවා වලත් මේක වැඩ කරනවා..
[මේ App. එකෙන් ඔයගොල්ලන් ඉන්න තැන අඳුරගන්නෙ දුරකතන සංඥා කුලුණු වලට සාපේක්ෂව ෆෝන් එක පිහිටි තැන හඳුනාගැනීමෙන් ]
0

වැස්ස ගැන ඔබ නොදන්න දෙයක් !


මම දැක්කා කිහිප දෙනෙක් වැස්සට හොඳ කියනවා, සමහරු වැස්සට බනිනවා....
මම නම් වැස්සට කැමතියි... කොහොමත් වැස්සට කැමති අය වැඩියි නෙ.. ලොල්

අහසේ සිට පොළොවට ජලය පතිත වන එකම ආකාරය වැස්ස නෙමෙයි...
ආකාර කිහිපයක්ම තියනවා...
උදාහරණ විදිහට කිව්වොතින් අයිස්, හිම හෝ තුෂාර ලෙස වගේ...
7

අංක නමයක් සමග සෙල්ලමක්..

පහත සටහන දෙස හොඳින් බලන්න..
ඔබට ඇති අභියෝගය නම් කුඩා කොටු නවයකින් යුත් විශාල කොටුව තුල 1 සිට 9 දක්වා ඇති සංඛ්‍යා සටහන් කිරීමයි.. අවසානයේ සෑම පැත්තකටම ඇති ඉලක්කම් තුනෙහි එකතූන් සමාන විය යුතු බව මතක තබාගන්න..
ඉක්මන් නොවී කල්පනා කරන්න..
බැලූ බැල්මට එය සරල නොවන බව ඔබට පෙනෙනු ඇත..
මෙය සපුරාලන්නේ කොතරම් ඉක්මනින්ද, එතරම් දුරට ඔබ සමතෙකි..

2

අන්තර්ජාලයෙන් පාසල් පෙළ පොත් කියවීම.


පාසැල් සිසුන්ට තමන්ගේ විෂය ධාරාව සඳහා තිබෙන පාසල් පෙළපොත් අන්තර්ජාලය හරහා සහ VCD/DVD තැටි ඔස්සේ හැදෑරීමට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා..
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවන 'ඉ-පෙළ පොත්' ව්‍යාපෘතිය යටතේ තමයි මෙය ක්‍රියාත්මක වෙන්නේ..
4

වින්ඩෝස් ෆෝන්ස් වල ඉන්ටනෙට් සෙටින්ග්ස් හදමු.


අද උදේම දාපු කියන පෝස්ට් එකත් එක්ක පටන්ගත්ත Windows Mobiles එහෙමත් නැත්නම් ඇඩ් එකට කියනවනම් වින්ඩෝස් ෆෝන්ස් ගැන පෝස්ට් පෙළේ ආරම්භයට හොඳ ප්‍රතිචාර තිබුනා... කමෙන්ට්ස් නම් අඩු උනත් මූණු පොතේ යාලුවොන්ගෙන් සෑහෙන්න ප්‍රතිචාර ලැබුනා.. ඒ වගේද ලිපිය දාලා පැය 5ක් යන තැන බ්ලොග් හිට්ස් 250කටත් වඩා ලැබිලා... ඉතින් වින්ඩෝස් ෆෝන් එක්ක මම යන ගමනට හොඳ පාරක් මේකෙන් කැපේවි කියලා හිතනවා...

කොහොම නමුත් මේ පෝස්ට් එක වැටෙන්න නම් හේතුව අර කලින් කිව්ව පලවෙනි පෝස්ට් එකට වැටිලා තිබ්බ කමෙන්ට් එකක්.. ඒ තීර්ථ යාත්‍රිකයා කරපු ඉල්ලීමක්..
ඒකට ප්‍රතිචාරයක් කමෙන්ට් එකකින් නැතුව පෝස්ට් එකකින් දාන්න හිතුනෙ මේක කමෙන්ට් එකක් හැටියට මෙච්චර ලොකු පිළිතුරක් දිග වැඩි වීම....
ඒ වගේම වෙන අය දකින්න තියන ඉඩ වැඩි නිසා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙන පිරිස වැඩිවීම.
18

ඔබේ වින්ඩෝස් ෆෝන් එකටත් දැන් සිංහල යුනිකේත | How to install Sinhala unicode on your Windows Phone

අද මම කියන්න යන්නේ ... මම මගේ WM එකට දාපු තවත් අලුත් වැඩක් ගැනයි...
මේක අපේකම අගයන , වින්ඩෝස් මොබයිල්ස් පාවිච්චි කරන අය ගොඩාක් ආස කරන එකක් බවනම් කියන්න ඕනේ... ;)
මොකද මමත් මේක හොයාගත්ත (අහම්බයක්) වගේම ඔයගොල්ලොන්ට කියන්නත් සෑහෙන කාලයක් බලන් හිටියා .. දැන් ඉතින් ඒකටත් කාලය අවිත් ...

හ්ම්.. කතා ඇති ..
මම අද කියල දෙන්න යන්නේ ඔයගොල්ලොන්ගේ වින්ඩෝස් මොබයිල් එකට සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරන හැටි ...
1

How Web Browser Works?

වෙබ් බ්‍රවුසර් එකක ක්‍රියාකාරීත්වය මොන වගේද ??
ඔව්! එය අතිශයින්ම බැරැරුම් වූ සංකීර්ණ ක්‍රියාවලියක් බව ඇත්ත...
නමුත් මේ කාටුන් පෙළ ඇඳපු ච්‍රිත්‍ර ශිල්පියා ඒවා කොච්චර සරලව තේරුම් කරන්න උත්සාහ කරල තියනවද බලන්න...
රජෙකුගේ යටහත් පහත් සේවකයක් වගේ වෙබ් බ්‍රවුසරය අපේ ඉල්ලීම ඉටු කරන හැටි මේ කාටුන් පෙළෙන් හරිම අපූරුවට නිරූපණය වෙනවා...
බලන්නකෝ හොඳයිද කියලා....
9

Windows 7වල Run හොයාගන්න.


ගොඩාක් දෙනෙක් මම ලියපු අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ?? ලිපිය කියවලා කියපු දෙයක් තමයි වින්ඩෝස් 7 වල Run command එක හොයාගන්න බැහැ කියන එක...
ඉතින් මම හිතුවා ලේසියෙන්ම වින්ඩෝස් 7 වල Run එක Start Menu එකට දාගන්නෙ කොහොමද කියලා කියල දෙන්න...

Run Command එක Windows 7 වල Start Menu එකට දාගන්නේ මෙහමයි!
12

ෆ්ලොපි ඩිස්ක් ? නිකං මතකයි මතකයි වගේ ...


ලෝකෙ කොච්චර දියුණුද? Ms Office පැකේජ් එකත් දැන් අලුත් වෙලා, නමුත් අලුත් Ms Office 2007 එකේ වගේම Ms Office 2010 එකෙත් Save කරන command එකට තියන අයිකන් එකට මොකක්ද දාල තියෙන්නෙ කියල පොඩ්ඩක් හිතල බලන්න ... ඔව්! ඒ ෆ්ලොපි ඩිස්ක් එකක අයිකන් එකක් !! ඒකෙන් මොකක්ද කියන්න පුලුවන් ... ෆ්ලොපි ඩිස්ක් එක මෙච්චර කාලයක් පරිගණක ලෝකයට කරපු සේවය අගයමින් කරපු හොඳම ස්මාරකය තනලා තියෙන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම කියන එක තමයි ...

ෆ්ලොපි ඩිස්ක් එකට ස්මාරකයක් හැදීමක් ගැන කතා කරන්නේ දැන් එය මියැදෙමින් සිටින නිසාදැයි කෙනෙක් අහන්න පුලුවන්.. නමුත් එය ඇත්තක් ... මේ ගෙවන්නේ එහි අන්තිම කාලයයි..
11

The Karate Kid | සිංහල උපසිරැසි සහිතව


ඔන්න පොරොන්දු වූ පරිදිම weekend එකේ සිංහල උපසිරැසිත් එක්කම මේ දෙන්න යන්නේ මැක්සා ‍ෆිල්ම් එකක්... ඒ තමයි The Karate Kid !!
කවුරුත් මේකෙ මුල් කතා ටික බලලා ඇතිනේ...
මේක TV එකෙත් සිංහල හඩ කවා ගියා... මතක ඇති..
මේකෙ කතා 4කින් සමන්විත මුල් කතාව 1984 දී තමයි නිකුත් කරලා තියෙන්නේ..

මුල් කතා වගේම මේකත් හුගාක් ජනප්‍රිය තලයට ආපු එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. නමුත් මේකේ IMDb ratings නම් 6.2/10 වගේ තරමක් පහල අගයක තමයි තියෙන්නේ.. නමුත් ඒ පමණින් කතාවේ ගුණාත්මක භාවය අඩුයි කියලා තක්සේරු කරන්න බැහැ..මොකද කතාව එක එක කෙනාට එක එක විදිහට දැනෙන්න පුලුවන්..
8

හරි පුදුම මොන්ටිසෝරිය....


"හරි පුදුම මොන්ටිසෝරිය...."
මම ඒ කාලේ හරි පුදුම ඉස්කෝලේ පොත කියවලත් නැති කාලයක්...
ඒත් පොත කියෙව්වට පස්සෙ හිතුනා අපිත් ඒ වගේ මොන්ටිසෝරියක ඉඳන් ඒ වගේම වැඩ නේද මොන්ටිසෝරියේදි කලේ කියලා..
ඒ වගේම හරි පුදුම ඉස්කෝලේ ටොට්ටෝ චං මුලින්ම ගියෙත් ජපන් ඉස්කෝලෙකට..
ඒ විතරද ?? මමත් !! :D
13

Keyboard එකෙන් CD/DVD Drive එක අරිමු වහමු.

 
කාලෙකට ඉස්සර මට මේ පොඩි සොෆ්ට්වෙයා එක හම්බුනේ මම මේ වගේ එකක් හොය හොය ඉන්නකොට... අද පරණ හාඩ් ඩිස්ක් එක පීරනකොට අහු වුනා මේක..
( අනිත් ඒවා පස්සට දාමුකෝ..)

මෙන්න මේකයි මේ software එක මාව හොයාගෙන ආපු කතාව.. :p
මම PC එකේ CPU එක තියලා තියෙන්නේ මේසේ පහලට වෙන්න..
ඒක නිසා CD ROM එකේ Tray button එක ඔබලා අරින එක කෙසේ වෙතත් ඊටපස්සෙ CD එක දාලා වහනකොට ටිකක් කරදරයි වගේ.. මොකද අත නිකන් කොර කරන්න වෙනවා tray එක වහන්න...
11

මුරලි සහ මාලිංග පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටද බිය ගෙනදේ !

මේක ලියන්න හිතුනේ,
ඕස්ට්‍රේලියාව හමුවේ අපේ පුංචි රට අද ලබාගත් අනපේක්ෂිත ජයග්‍රහණය නිසා..
ඒ වගේම අද ශ්‍රී ලංකාව කියන නම ඉදිරියේ ලියවුනු තවත් ලෝක වාර්තාවක් නිසා..

ඔව්.. මාලිංග සහ මැතිව්ස් එම ඇදහිය නොහැකි ජයග්‍රහණය ස්ථීර කලා !!
ඒ එක්දින ජාත්‍යන්තර ඉතිහාසයේ තරඟයකදී නමවන කඩුල්ල සඳහා ක්‍රීඩකයන් දෙදෙනෙක් විසින් රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාව තමන්ගේ නම් ඉදිරියේ සටහන් කරගනිමින්...
එක කිසිදිනක කැඩීමට තබා ආසන්නයටවත් ඒමට නොහැකි වාර්තාවක්...
2

මුරලිගේ නවතම වාර්තාව !!


ක්‍රිකට් වලින් ලෝකය හොල්ලපු අපේ මුරලි ගැන හැමෝම දන්නවා...
ඒ උනත් මුරලි අන්තර්ජාලයෙත් නව වාර්තාවක් තියපු එක ගැන දන්නෙ කී දෙනාද ??
හැබෑටම මොකක්ද මේ මුරලි අන්තර්ජාලයේ තියපු වාර්තාව ??
3

GOOGLE ANDROID PLUSH BAG!!!

ඔයාලා ඇන්ඩ්‍රොයිඩ් වලට කැමතිද ??
එහෙනම් මේකටත් ඔයාල කැමති වෙනවා නිසැකයි..

මේ තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් බෑග් එකක්..
මේ ඇන්ඩ්‍රොයිඩ් රොබෝගේ අත් කකුල් ගලවලා හයි කරන්න උනත් පුලුවන්..
ඒ වගේම ජල ප්‍රතිරෝධියි!
ලොකු කැමරා එකක් උනත් lens සෙට් එකත් එක්කම මේකේ දාගෙන ගෙනියන්න පුලුවන්.. ඉඩ ඇතිනේ ?? :D
7

තාත්තාට 'WTF' කීම !! :D

මේක නෙට් එකේ තිබ්බ මාර හිනා යන කතාවක්...
යාලුවෙක් මේක facebook ඉස්ටේටස්වුවට දාල තිබ්බම තමයි මතක් උනේ...
අහලම බලමුද ??


ඔන්න එක ළමයෙක්ගේ තාත්තා facebook ජොයින් උනා විතරලු..
මේක දැකපු ළමයා facebook එකේ status එකට 'WTF' කියලා දැම්මලු..
කරුමෙටම තාත්තත් මේක දැක්කලු..

මේක බ්ලොග් කරන්න ! (by Google)

Blog This! (by Google)

මේක බ්ලොග් කරන්න ! (by Google) by blog.this.blogger

 (304) - 80,849 users - Weekly installs: 8,569
BlogThis ඔයාලත් Browser ටූල් බාර් එකට දාගන්න!
Chrome වලින් ලේසියෙන්ම එක Click එකකින් වෙබ් පිටුවක් බ්ලොග් පෝස්ට් එකකට දාගන්න...




Version 0.0.7 - Saturday, December 05, 2009

මෙම extension එක ස්ථාපනය කිරීමෙන් ඔබ පහත කොන්දේසි වලට එකඟ වේ !
https://chrome.google.com/extensions/intl/en/gallery_tos.html
6

ෆේස්බුක් 'Like' කෙරිල්ල !!

මූණු පොතේ තියන පිස්සුවලින් එකක් තමයි මේ ලයික් කෙරිල්ල..
ඔයාලත් මූණු පොතේදී ඔය එක එක මිනිස්සු වෙන අයට කියලා ලයික් කරෝගන්ඩ දඟලන්වා ඕන තරනම් දැකලා ඇති නේ..
මේකත් ලයික් කෙරිල්ලක් උනාට මේක අරුම පුදුම ලයික් කෙරිල්ලක්...

මෙන්න මූණු පොතේ ලියපු ලිපියකට ගහන්න මරුම Stamp Seal එකක් !!
හැබැයි මේකෙ එක අවාසියක් තමා මූණු පොතේ මේ සීල් එක ගහන්න බෑරි එක..
ගැහුවොත් ඉතින් ගහන්න වෙන්නෙ මොනිටරේ උඩට තමයි..
මේක ඇවිල්ලා භෞතිකමය ලයික් කෙරිල්ලක්.. හොහ් හොහ් හොහ් !! :p
ඒක නිසා ඔය යාලුවොත් එක්ක දාන සෙල්ලම් වලට තමා මේක හරි යන්නේ..
මූණු පොතට ඇබ්බැහි උන අයට මේ වගේ එකක් ලඟ තියාගන්න එකෙන් උසස් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් වෙයි..
 
Template Design by Bhagya Rajapakshe