සොයන්න:

ආදරණීය ටයි මාමේ....


ආදරණීය ටයි මාමේ....

පොඩි කාලේ ටයි මාමගෙ කාටුන් බොහොම ආසාවෙන් බැලුවා..
ටයි මාම දන්නවද පොඩි කාලෙ අපි ජීවත් උනේ අමුතු ලෝකෙක..
අපිට තිබ්බේ අමුතු හීන..
වචන වලින් කියන්න බැරි තරම් පුදුමාකාර සිතුවිලි වලින් අපේ හිත් පිරිලා තිබුනෙ..

"තම්බලීනා", "කැත තාර පැටියා", "ගිනි කූරු විකුණපු ගෑණු ළමයා" අපේ හිත් වල තාමත් ජීවත් වෙනවා ටයි මාමේ.. අනිත් තාරාවො ඔක්කොම කොන් කරපු ඒ කැත තාර පැටියා අන්තිමට ලස්සන හංසයෙක් වෙලා ඉගිල්ලිලා ගිය හැටි.. හිම කුණාටුවට අහු වෙලා සීතලේ මැරිලා හිටපු ගිනි කූරු විකුණපු ගෑණු ලමයා..
ඒ වගේ සුරංගනා කතා ආයිත් දකින්න ලැබෙයිද මාමේ?

"ගලිවර්ගේ සුවිසැරිය", "හා හා හරි හාවා", "පිස්සු පූසා", "දොස්තර හොඳ හිත" වගේ කාටුන් නම් මට කවදාවත් අමතක වෙන එකක් නෑ ටයි මාමේ.. ඇයි ඒ වගේම තමයි ඒ දවස් වල ගිය "සුරඟන කතා කරලිය", මතකද මාමේ ඒකෙ කතා පටන්ගන්න හැටි, "සුරඟන කතා කරලියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නව..."  කියල තමයි පටන්ගන්නෙ.. මට ඒක තාමත් ඇහෙනව වගේ ටයි මාමේ...

මාමාගේ කාටුන් බලලා අඬපු වාර ගාන මටවත් මතක නෑ ටයි මාමේ. කම්මුල් දිගේ ගලපු කඳුලු පිහිදගන්නත් බැරුව තොල් හපාගෙන හිටපු හැටි මැවිල පේනව ටයි මාමේ. මම හිතන්නෙ ඒක වෙන්න ඇති ලොකු උනත් මම ගොඩාක් සංවේදී උනේ මාමේ. ඒතරම් හිතට දැනෙන විදිහට ටයි මාමා දෙබස් නිර්මාණය කරලා තිබුනෙ. ඒ අඩුව නම් කවදාවත් කාටවත්ම පුරවන්න බැරි වෙයි ටයි මාමේ..

ටයි මාම අපෙන් වෙන්වෙලා ගියත් අපෙ මේ පුංචි රටට දායාද කරපු නිර්මාණ නම් කාවදාවත් අපෙන් වෙන් වෙන්නෙ නෑ ටයි මාමේ.. මට තවත් ලියන්න බෑ ටයි මාමේ.. ලියන්න ගන්නකොට ආයිත් ඇස් වලට කඳුලු එනව මාමේ..

වෙන අයට අද දවස නිකම් දවසක් උනාට ටයි මාමට ආදරේ කරන අපිට නම් මේ දවස කවදාවත් අමතක වෙන එකක් නෑ ටයි මාමේ.. පුලුවන් නම් ආයිත් එක පාරක් ඇවිත් අපිට ලස්සන සුරඟනා කතා කියා දෙන්න ටයි මාමේ.. අපට සුන්දර ළමා කලයක් දුන් පිනෙන්ම ටයි මාමට ඉක්මන් නිවන් සුව අත්වේවා!!!!!!!!!!!

7 comments:

පැලැස්තර said... [Reply to comment]

ලෝකයට ස්ටීව් ජොබ්ස් මෙන් ශ්‍රි ලාංකිය රූපවාහිනිකරණය තුල ඔබ අපට වෝල්ට් ඩිස්නි විය.. අපට ඔබ අහිමි විය...

Anonymous said... [Reply to comment]

හැමෝම ස්ටීව් ජොබ්ස් ල ගැන කතා කරන අතරේ අපේ මිනිසුන් ගැන කතා කරන අය ඉන්නවා දකින එකත් සතුටක්. එතුමාගේ හඬකැවී නිර්මාණ පොඩි කාලේ බැලුවා වගේම ආශාවෙන් රස විඳින්න පුළුවන්. ඒ නිර්මාණ අද ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය වන පහත් ගනයේ නිර්මාණ එක්ක සංසන්දනය කර බැලුවම කළු ගල් සමග දියමන්ති සංසන්දනය කරනවා වගේ.

Bunny said... [Reply to comment]

ගිනි කූරු විකුණපු ගෑණු ළමයා කතාව මං 3-4 පාරක්ම බලලා තියෙනවා..
ඒකෙ අන්තිම ටික බලද්දි බලන කෙනාගෙ ඇහෙන් කදුලු වැටෙන් නැත්නම් තමා පුදුමේ.. මං කී සැරයක් නම් අඩන් ඇද්ද.. ?

Lucky said... [Reply to comment]

tie mama ape podi kale lassanama lassana kalata godak pin...

Ashan Asela said... [Reply to comment]

apee punchi loketa lassana wirayooo genath dunna...
කුණු කය දිරනා.......
නමෙ නොඩිරනා....

ටයි මමේ ඔබ සදා අමරණීයයි.....

සිත්තම said... [Reply to comment]

ඉතා වටින ලිපියක්.

DiscoveryCM said... [Reply to comment]

ටයි මාමෙ ඔබ සදා අමරණීයයි..

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe