සොයන්න:

ලෝක පෘතුවි දිනය අදයි ...

" ලෝක පෘතුවි දිනය : World Earth Day "



ඔන්න අද පෝස්ට් එකක් ලියල දාන්න හිතුනා... මොකද අද තමයි ලෝක පෘතුවි දිනය ...
එක අතකට ඒක අපි වගේ (e-lives) ඊ-ජීවිත ගෙවන අයට මේක ගොඩාක් විශේෂයි ...
මොකද හැමදාම කරනවා වගේ PC එකක් ඉස්සරහට වෙලා ඉන්නවට වැඩිය පරිසරය පිලිබඳව මොනව හරි දෙයක් ගැන හිත යොමු කරන්න පොඩ්ඩක් හරි උනන්දු වෙන්න අද වගේ දවසක් තියෙන්න එපැයි ...
අනිත් එක තව දෙයක් කියන්න ඕනේ..
ඊයේ රෑ මාර විදිහට අකුණු ගැහුවා .. හිතාගන්නවත් බැරි විදිහට ..
පෘතුවියටත් ගිය කලක් ..
මගේ කාමරේට දාල තියෙන්නේ ලොකූ වීදුරු ජනෙල් දෙකක් තනිකර වීදුරු වටේට ඇලුමීනියම් ෆ්‍රේම් එකක් තියෙන්නේ ...
ඒක නිසා අකුණු ගහනවා මාර විදිහට පෙනුනේ ...මම නම් මාර විදිහට බය උනා ...
තමන්ගේ පෘතුවි දිනය දිනය අමතක වෙන මිනිස්සුන්ට නම් මේව හොඳ පාඩම් ...
ඒක නිස තමයි මට මේක මතක් උනේ කියල මට හිතෙන්නේ..
ඔන්න මම නම් අද නැගිට්ට ගමන් මගේ යලුවො ටිකට SMS ටිකක් යැව්ව "World Earth Day" කියල..
ගොඩාක් දෙනෙක් දන්නෙවත් නෑ අද World Earth Day කියල..
මොනවා කරන්නද ...එ තරම්ම ලෝකය දියුණුයි නේ...
වටේ තියන දේවල්, අඩුම ගානේ වෙන්නෙ මොනවද කියලවත් මිනිස්සු දන්නේ නැති යුගයක අපි ඉන්නේ ... ලොල්
ඔන්න එහෙනම් මේ පොඩි සටහන නිමා කරන්නයි සූදානම ...
එහෙනම් ඔබ සැමට සුභ පෘතුවි දිනයක් වේවා ...

0 comments:

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe