සොයන්න:

මටත් වෙන දේවල්.

මේ ටිකේම බ්ලොග් එක ලිව්වේ නැහැ ...
ප්‍රධානම හේතුව තමයි නිමක් නැතිව මොළය තුළ හදිසියේ සිදු වූ අවකලනයවීම් සහ අනුකලනයවීම් ....
හැමතැනම සයින් කොස් එකී මෙකී නොකී වක්‍ර හැම එකක්ම මොළය හැමතැනම දඩාවතේ යෑම ...
(සඳුදා සවස 3.00 සිට අඟහරුවාදා රාත්‍රී 7.30 වෙනතුරු සංයුක්ත ගණිතය සයුරේ ගිලී නාන්නට එන්න ප්‍රියේ // :p)



අනිත් හේතුව තමයි මම ලියන්න ඉන්න ලිපි හැම එකක්ම හැමෝටම ඉතා වැදගත් කියල හිතෙන නිසා සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සින්ඩිකේටරයට දානකම් ඒවා හිතට පමණක් සීමා කිරීමට සිදුවීම ..
මේකයි ඇත්තට උනේ ...

දැන් මම දෙතුන් සැරයක් සින්ඩිකේටරයට දාන්න කියල අයදුම් කරා...
එක පාරක් වත් දාල තිබ්බේ නෑ...
මම බැලුවා මේ කස්ටියට වැඩ රාජකාරී අධිකද කියලා...
ඒත් මෙන්න බොලේ මම මේල් එකට ලොග් වෙලා බැලින්නම් මට ලිපියක් ඇවිල්ල සංසදයෙන් මගේ RSS Feed ලිපිනය වැඩ කරන්නේ නෑ කියල ....
මට දෙලොව රත් උනා ...
මම බැලුව RSS ලිපිනය වැරදිද කියලා....
නමුත් ඒක හරි ලිපිනය නිසා මම මම පාවිච්චි කරන බ්ලොග් සේවාවේ පරිපාලනය අමතලා ටිකට් එකක් අරන් මගේ ගැටලුව ඉදිරිපත් කලා ..
දැන් මට ඒගොල්ලො කියනවා මෙහෙම දෙයක් ...
Hello.

The technical team is working hard on this problem, and trying to fix it for good as fast as possible.
We're truly sorry for the inconvenience and thank you for your patience on this matter.
Kind regards,
Blog.com Support

දැන් ඉතින් මට රත් උනා ....
මොනවා කරන්නද ?

ඉතින් මම කල්පනා කලා ලියන්න තියන ඒවා ඔක්කොම බ්ලොග් එකේ ලියලා RSS පෝෂකයේ ලිපිනට ක්‍රියාත්මක උනදාට සින්ඩියේ පල වෙන්න දාන්න පෝස්ට් ටික ලියල සින්ඩියට දාපු ගමන් පෝස්ට් ටික පබ්ලිෂ් කරන්න ....
නැතුව ඉතින් වෙන විකල්පයක් නෑනේ ...
එහෙනම් මම ගියා ආයුබෝං !

3 comments:

හසිත ජයසූරිය said... [Reply to comment]

අර කියල තියෙන් ඒව දැක්කම ගණනුත් එපා වෙනව:P......
අයියෙ මේකයි සීන් එක, සින්ඩියට දැම්මත් කට්ටිය ගොඩක් දුරට පරන ඒව කියවන එකක් නෑ.
ඒ නිසා දැම්ම දාන්න ට්‍රයි කරන්න.:)

පෝස්ට් එක මරු...:D දිගටම ලියමු එහෙනම්.

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

මේකනේ මල්ලි, මගේ RSS ලිපිනය වැඩ නෑ ..
එක්කෝ ඒ.ලේවල් ඉවර වෙනකන්ම වැඩ නොකරන එක හොඳයි !!
ලොල්.. :p

හසිත ජයසූරිය said... [Reply to comment]

දැන් වැඩේ ගොඩනෙ ;)

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe