සොයන්න:

ෆේස්බුක් ගිණුම හැක් කරලාද ?


ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට මෙන්ම වෙබ් අඩවි වලට හොරෙන් යමෙකු ඇතුළු වී තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට මේ වනවිට මෙරට ආයතනයක් ක්‍රියාත්මක වනබව සමහර විට ඔබ නොදන්නවා ඇති.

ජනතාවගේ තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් පිහිටුවා ඇති මෙම ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) නමින් හඳුන්වන අතර එය ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය ආයතනයකි.


මෙම ආයතනයේ කාර්ය භාරය පිළිබඳව පැහැදිලි කරමින් එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මෙසේ සඳහන් කළේය.

“මේ වනවිට, ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ වංචා වැඩිවෙමින් තිබෙනවා. ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට හොරෙන් ඇතුළුවීම, අනුන්ගේ නමකින් ෆේස් බුක් ගිණුම්වල පෙනී සිටිමින් වංචා සිදුකිරීම, වෙබ් අඩවි වලට හොරෙන් ඇතුළුවීම මේවා අතර ප්‍රධානයි. මේ පිළිබඳව අප ආයතනයට පැමිණිලි කළ හැකියි.“

යමෙකුගේ ෆේස් බුක් ගිණුමට යම් ප්‍රශ්නයක් සිදුව තිබේ නම් ඒ පිළිබඳව දේශීව විමර්ශනයක් කර පසුව ඒ පිළිබඳව ඇමරිකාවේ පිහිටි ෆේස් බුක් ප්‍රධාන කාර්යාලයට දැනුම් දී නිවැරදි කිරීමට සිය ආයතනය කටයුතු කරන බව පල්ලියගුරු මහතා අප සමග වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව, දරුණු අක්‍රමිකතා පිළිබඳව රහස් පොලීසිය මාර්ගයෙන් පරීක්ෂණ කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) විසින් මෙවැනි වංචා වලින් වැලකී පරිගණක ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව දැනුවත් කරන බවද හෙතෙම අවධාරණය කළේය.

මෙවැනි පැමිණිලි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (Slcert) පහත දුරකතන අංකය මගින් දැනුම් දෙන්න.

011-2691 692

< source : http://www.vimasuma.com >

5 comments:

kalo said... [Reply to comment]

repost bro
anyway thax 4 info

Anonymous said... [Reply to comment]

මම ඔබගේ බ්ලොගය කියෙවා.එය ඉතාම විශිශ්ටයි........................
මමත් ඔන්න මගේ බ්ලොගයක් දියත් කලා.............ඉතින් මගේ බ්ලොග් එකට පොඩි publicity පාරක් දෙන්න මම මගේ ලිපිනය මෙහි සටහන් කරන්නම්.ඔයාලත් ගිහින් බලන්න.
ස්තුතියි සහෝ...............
ලිපිනය:- http://nadeesh22.blogspot.com/

skagcss said... [Reply to comment]

මචන් සිරාවටම මේහෙම රජ්ය්‍ය ආයතන තියනව කියලා දන්නෙ නෑ බන්.
උබේ බ්ලොග් 1න් සිරාවටම ගොඩක් ප්‍රයෝජන තියෙනවා.... උබේ බ්ලොග් 1ට ජය වේවා!!

C0de BlUe said... [Reply to comment]

මේක මාත් දෑක්කා ... , වටිනවා ...

Anonymous said... [Reply to comment]

දැන්නෙ බන් අයියෙ මේක දන්නෙ........ තෑන්ක්ස්!!

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe