සොයන්න:

ජුලියන් අසාන්ජ්ට එරෙහිව බටහිර කුමන්ත්‍රණ !


ප්‍රංශයේ ‘ලා මොන්ඩේ’ පුවත්පත විසින් “වසරේ විශිෂ්ටතම පුද්ගලයා” ලෙස ‘විකිලීක්ස්’ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් නම් කර තිබේ. පුවත්පතේ වෙබ් අඩවිය නරඹන්නන් විසින් ප්‍රකාශිත ඡන්දයකට අනුව අසාන්ජ් වෙනුවෙන් 56% ක් කැමැත්ත ප්‍රකාශ කර තිබිණ. චීනයේ සිරගත නොබෙල් සාම ත්‍යාගලාභී ලියූ ෂියාඕබෝ සඳහා 22% ක ඡන්ද ප්‍රමාණයක් ද ‘ෆේස් බුක්’ සභාපති මාර්ක් ෂුකර්බර්ග්ට 6.9% ක ඡන්ද ප්‍රමාණයක් ද ලැබී තිබිණ. ඉකුත් සතියේ නිකුත් ටයිම් සඟරාව වසරේ විශිෂ්ටතම පුද්ගලයා ලෙස හඳුන්වා තිබුණේ ‘ෆේස් බුක්’ සභාපති මාර්ක් ෂුකර්බර්ග් ය.

මේ අතර අසාන්ජ් අධි තාක්ෂණික ත්‍රස්තවාදියෙක් ලෙස ඇමෙරිකා එකසත් ජනපදයේ උප ජනාධිපති ජෝ බේඩන් චෝදනා කර සිටී. එසේම ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ජුලියන් පුද්ගල ජිවිත අනතුරේ දමන බවත් එක්සත් ජනපදය ලෝකයේ කරන මෙහෙයුම් අකර්මන්‍ය කරණ බවත්ය. NBC රුපවාහිනිය සමඟ සම්මුඛ සාකච්චාවකට සහභාගී වෙමින් මේ බව සඳහන් කළ ඔහු වැඩි දුරටත් කියා සිටියේ ජුලියන්ට විරුද්ධව කටයුතු කිරීම සඳහා තමන් අධිකරණ දෙපාර්තමේන්තුවේ තීරණය එන තෙක් බලා සිටින බවයි.

එසේම ජුලියන් අසාන්ජ් මෙම නීතිවිරෝධී ක්‍රියා තුලින් රටවල් අතර ගැටුම් ඇතිකරමින් ජාත්‍යන්තර යුද්ධයකට මග පාදන භයානක ත්‍රස්තවාදියකු බවට ලොවපුරා මතයක් ගොඩනැගෙමින් තිබේ..

අන්තර්ජාල පුවත්පත් ඇසුරිණි.

1 comments:

Anonymous said... [Reply to comment]

එතකොට ඇමරිකාව බ්‍රිතාන්‍ය කරපු පාහාර මිනිස් ඝාතන සාධාරන ඒවා වෙන්න ඇති නේද?

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe