සොයන්න:

සතුටු දවසක් ...

ඔන්න අද මට සතුටු දවසක් ...
අද මගේ බ්ලොග් එක සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සින්ඩිකේටර් එකට ඇතුලත් වෙලා තිබ්බා ...
කලින් පොඩි පොඩි සීන් වගයක් ගියා.. ඕවා ඔහොම තමයි නේ...
ඔන්න අද පාන්දරම රසායන විද්‍යාව පන්තිය පටන්ගන්න කලින් පන්තියේ Wi-Fi ජාලයට හොරෙන් සම්බන්ධ වෙලා (මේවා ඉතින් ළමයි දන්න, සර් නොදන්න ප්‍රසිද්ධ හොර වැඩනේ ) Gmail එකට පාත් උනේ කාලිංග නැමති පුද්ගලයෙක්ගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් .... ;) හික්z!
මම ගොඩාක් දවසක ඉඳන් ලියන්නේ නැතුව හිටියේ මේක සින්ඩිකේටර් එකට දාපු ගමන් ඔක්කොම දේවල් ටික ලියන්න ඕනේ නිසා.....
එතකොට වැඩි දෙනෙක්ට මගේ අදහස් ප්‍රක්ෂේපණය කරන්න පුලුවන් නේ .. :p
මේකට වගකිවයුත්තන්ට මාගේ ප්‍රණාමය !!

මගේ පන්තියේ, ඉස්කෝලේ සහ බොහොම හිතවත් ගොඩාක්දෙනෙක් මගේ බ්ලොග් එක කියවන්නේ ආසාවෙන්  ...
ඉතින් මමත් අලුතෙන් හොයාගත්ත දේවල්, තාක්ෂණික, විද්‍යාත්මක, පිස්සු වැඩ (චාටර් වැඩ නෙමෙයි) කියන මේවා කතු කරලා මේ බ්ලොග් කට්ට ඉදිරියට ගෙනියන්න තමා බලාපොරොත්තුව...
අනිත් එක සිංහල බ්ලොග් කරුවා කියන්නේ අන්තර්ජාලයේ අපේ අනන්‍යතාවය නේ ...

ඔන්න දැන් මගේ බ්ලොග් එක ඔය හැමෝටමත් කියවන්න පුලුවන්...
ඉතින් මගේ අලුත් තාක්ෂණික වැඩ, ජීවිතයේ රසබර තැන් සහ ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතෙන දේවල් මම දැන් ඉඳන් මේකේ පලකරන්න හිතන් ඉන්නවා...

මට මේ පුංචි දේට උනත් උපකාර කරපු අය ඉන්නවා...
ටිකක් නෙමෙයි ගොඩාක් ....
මුදලින් නෙමෙයි වචනයෙන් ....
'බ්ලොග් කරුවාගේ ධනය පාඨකයාගේ කමෙන්ටුවයි'

කියලා කතාවක් තියනවනේ....
(මෙය මා විසින් මෙම ලිපිය සඳහා විශේෂයෙන් නිර්මණය කල පිරුළකි ;) )
ඒගොල්ලො නම් වශයෙන් සඳහන් කලොත් හැලිච්ච කෙනෙක් උනොත් මම සුං නිසා ඇඟ බේරගන්නත් ඕන නිසා මම ඒවා කියන්න යන්නේ නෑ...

අනිත් එක, කවුරු උනත් කමක් නෑ.. ආවනම් නිකං යන්න බෑ ... ;)

මේ බ්ලොග් එක ගැන හිතට එන අදහස්, වැඩි දියුණු කරන්න ඕනේ දෙවල්, අවට පරිසරය ( ඉඳගෙන ඉන්න තැන අවට පරිසරය නෙමෙයි මේ බ්ලොග් එකේ තීම් එක මගේ වචන භාවිතය වගේ දෙවල්) ගැන ලියලා යන්න ... හැබැයි මම නම් ඔය ගොඩාක් දෙනෙක් වගේ ලියන බාසාවෙන් නම් ලියන්නේ නෑ ඕං !! හික්z! එතකොට කියවන්නේ මහාචාර්ය බ්ලොග් කරුවෝ විතරයි නේ... එතකොට මට බිස්නස් පාඩුයි ... ලොල්..
විහිලුවක් කොලේ, ගණන් ගන්න එපෝ !!

මේ බ්ලොග් එකේ Subscriber කෙනෙක් වෙන්න ඔයගොල්ලො කැමති නම් මේ ලිපිය යටින් කමෙන්ට් කරන්න e-mail ලිපිනය එක්ක...
මම පුලුවන් ඉක්මනින් ඔයගොල්ලන්ව සම්බන්ධ කරගන්නම්...

එහෙනම්, අලුත් ලිපියකින් ඉක්මනටම අපි හමුවෙමු...

17 comments:

Dona said... [Reply to comment]

Your site and its contents are good but dont use web page color as Black cos its distrbing reading

හසිත ජයසූරිය said... [Reply to comment]

නියමයි! දිගටම ලියන්න මගෙන් සුබ පැතුම්......ඇත්තටම අයියෙ ‘බ්ලොග් කරුවාගේ ධනය පාඨකයාගේ කමෙන්ටුව' තමා.පෝස්ට් එකක් ලියල කවුරු හරි ඒකට ක්මෙන්ට් එකක් දාල තියෙනව දැක්කම ඇතිවෙන්නෙ මාරම සතුටක්....

ඔව් ලියන බාසාවෙන් ලියන්න එපා....මේ විදියටම ලියන්න...නියමෙට හිතට වදිනවා

අද ඉදල ඔයාගෙ රස බර කතා කියවන්න බලන් ඉන්නවා....ඒත් ඉස්සෙල්ලම විභාගෙ ගොඩ දාලම ඉන්න

ජයවේවා!!!!

kumaraya / bandaraya said... [Reply to comment]

මාත් සුභ පතනවා... ජය වේවා ....

ashan said... [Reply to comment]

සින්ඩියට වෑටුනට ඔන්න මගෙනුත් සුභ පෑතුම් ; දිගටම ලියන්න , ජය !!!

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

තැන්ක්යූ සහෝදරයා....
මේ තීම් එක එහෙම අව්ලක් නැතුව වැඩ නේද ??
මම මේ කලු පාටට ඇස් රිදෙනවා කිව්ව නිසා තීම් එක මාරු කලා....

Jack said... [Reply to comment]

I genuinely enjoyed reading this posting.Thank you.

Capsiplex said... [Reply to comment]

hello, clicked from aol to your website and it displayed strange but after refresh site displayed fine. Just thought id let you know and keep up the good work

Phen375 said... [Reply to comment]

It's pretty impossible to find things you are looking for these days unlike this article, thx

My Realty Deal said... [Reply to comment]

Terrific Post. Better then the simillar post I checked 2 days ago on Blogspot. Keep up the good perform.

Stiwen Settlement said... [Reply to comment]

We didn’t lose the game! We just ran out of time. Vince Lombardi- Keep the good work!

Elroy Cayce said... [Reply to comment]

Dusti thanks for the input, I hope we see more of you in the comment stream!

Ria Settlement said... [Reply to comment]

Lavina, i read all your posts, and i’m really loving your contributions so far.:)

Delpha Dibrell said... [Reply to comment]

Simply curious might want you knew one thing else concerning the big blogengine update that’s coming up soon? I’m trying to achieve out to over site owners to look for out what they know the rationale Google hasn’t indexed whatever new on it for awhile.

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

Thank you Guys! :@ :D
How did you guys find this blog ??
coz this blog has a poor English content...
If the reason's a good one I'll start a twin copy of this blog in English !

Auto Insurance said... [Reply to comment]

Hi Guy. So fare i can see, Panas has answered your question. I don't see any sense.

Anonymous said... [Reply to comment]

අහ් ලොක්කා..............එලzzzzzzzzz

samakayawate said... [Reply to comment]

ඔයාගේ බ්ලොගය නම් මරේ මරු.මමත් යාලුවන්ගෙන් අහගෙන බ්ලොගයක් හැදුවා.ඒක සින්ඩිකේටර්වලට යැව්වත් තාම අරගෙන නෑ.පොඩ්ඩක් බලල අඩුපාඩුවක් තියනවනම් කියල දෙන්න.ඔබට පිං මෙන්න ලින්ක් එක.
http://samakayawate.blogspot.com

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe