සොයන්න:

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ඇප මත නිදහස් කරයි.


අත්අඩංගුවට පත්ව සිටි විකිලීක්ස් නිර්මාතෘ අසාන්ජ් පවුම් 240,000ක මුදල් ඇපයක් සහ දැඩි කොන්දේසි මත මුදා හැරිණ.තම්න්ට ‍එරෙහිව එල්ල වී ඇති ලිංගික අපචාර චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන 39 හැවිරිදි අසාන්ජ් පවසන්නේ මෙම සියලු චෝදනා තමාගෙන් පලිගැනීම සඳහා දේශපාලන උවමනාවක් මත එල්ල කළ චෝදනා බවයි. එසේම ලිංගික අපචාර චෝදනා මත තමන්ව ස්වීඩනයට පිටුවහල් කිරීමට එරෙහිව ඔහු නීති මාර්ගයෙන් කටයුතු කරමින් සිටියි

එමෙන්ම තවදුරටත් රාජ්‍ය රහස් හෙළි කරන බවද ජුලියන් අසාන්ජ් අවධාරණය කර සිටී.
ලන්ඩන් මහාධිකරණයෙන් ඇප ලබා දීමෙන් අනතුරුව ඔහු ඒ බව ප්‍රකාශ කළේය.

පැය පහක පමණ නඩු විභාගයකින් පසු ඔහු මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර පිටතට පැමිණි අසාන්ජ් මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ, තම නිර්දෝශිභාවය වෙනුවෙන් සටන් කරන බවය.

ස්වීඩනයේ වරෙන්තුවක් මත ලන්ඩනයේදී අත්අඩංගුවට පත් වු අසාන්ජ් දින 9ක් බන්ධනාගාරගතව සිටියේය.
අසාන්ජ්ට දින දෙකකට පෙර ඇප නියම වුවද ඔහු‍ට ඇප ලබා දීම‍ එරෙහිව ස්වීඩන් නීතිඥයන් ගොනු කළ අභියාචනා හේතුවෙන් ඔහුට තවදුරටත් පොලිස් භාරයේ රැදෙන්නට සිදු විය.

තමන් විසින් සිදු කරගෙන ආ කාර්යය අඛණ්ඩව සිදු කර ‍ගෙන යාමටත් ඔහු ප්‍රතිඥා දුන්නේය. ලන්ඩනයේ නැවුම් වාතයේ සිසිලස නැවත විඳින්නට හැකි වීම අති විශාල සතුටක් බවද ඇප මත නිදහස් වූ අසාන්ජ් පැවසීය.

කෙසේ වෙතත් පවුම් 240,000 ක ඇප මුදලක් සහ සහතික ඇප මත ඊයේ මුදා හැරි ඔහු තමන්ට සහය පළ කළ ලොව පුරා සියලු දෙනාටත්, ජනමාධ්‍ය වලටත් තමන්ගේ ස්තුතිය හිමි වන බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් විනිසුරුවරයා ඔහුව නිදහස් කර ඇත්තේ ඔහු සිටින ලන්ඩන් ලිපිනයේ තවදුරටත් රැඳී සිටිමේ කොන්දේසිය මතයි.

මේ අවස්ථාවේ සිදුවී ඇති විශේෂ කාරණයක් වන්නේ පවුම් 240,000 ක් වන විශාල ඇප මුදල තත්පර ගණනක් ඇතුලත අධිකරණ භූමියට පැමිණ සිටි අසාන්ජ්ගේ ආධාරකරුවන් සහ ලෝක ප‍්‍රසිද්ධ පුද්ගලයන් විසින් රැස්කර දීමයි.

< Sources : www.lankapuvath.lk | www.ethalaya.com >

4 comments:

පූසා said... [Reply to comment]

අපචාර චෝදනා මත අත්අඩංගුවට ගත්තාට ලෝකෙම දන්නවා ඇයි මිනිහව ඇල්ලුවේ කියලා. කැත වැඩ

Astro Boy said... [Reply to comment]

පූස කිව්ව එක නම් ඇත්ත.

Anonymous said... [Reply to comment]

අර ලංකාවෙ පොලි‍සියෙන් වගේ ආයුද පෙන්නන්න එක්ක ගියහම බොම්බයක් ගහන්න හැදුවා කියලා වෙඩි තියයිද දන්නෑ...

Roshan Eranga Jayarathna said... [Reply to comment]

ආහ්හ්හ් බුද්ධි කියපෞ කතාවත් ඇත්ත...කියන්න බෑ...

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe