සොයන්න:

අරුම පුදුම චලන මූර්ති

Amazing sculptures that look like they are in motion... [Jan 22, 2010]  (ලිපියක් ඇසුරිණි)

[සැ.යු : මෙම ලිපිය අග සිට මුලට හෙමින් සීරුවේ හොඳට වෙලාව අරන් කියවන්න ... තැනින් තැන කියන්වන්න එපා...] වැඩි කතා පසුවට ... මුලින්ම මේක බලල ඉන්නකෝ ...
මේක බලල පුදුම උනාට පස්සෙ මේක ගැන විස්තර කියල දෙන්නම් .... හිහ්!

amazing-sculptures-1st
 
ඇත්තටම මේ පාවෙන ස්ට්‍රෝබෙරි පලසක්ද ??
නැත්නම් මේක වීඩියෝ එකක් නවත්තල ගත්ත පින්තූරයක්වත්ද ??
නැත්නම් Syber-Shot CAM එකකින් ගත්ත පින්තූරයක්වත්ද ??
එහෙමත් නැතිනම් මම ෆොටෝෂොප් වලින් ඔයගොල්ලොන්ට වැඩක් පෙන්නනවද ??
මේ වගේ දහසක් සිතුවිලි ඔයගොල්ලොන්ගේ සිතට එන්න පුලුවන් ...


ඇත්තම කියනවනම් පළමු හදිසි බැල්මෙන් මේ වස්තු සෙලවෙනව කියල ඔයගොල්ලන්ට දැනේවි... මේ ස්ට්‍රෝබෙරි පොරෝනාව සම්පූර්ණයෙන්ම වගේ කඩා හැලෙන බවක් තමයි දිස්වෙ න්නේ ..  නමුත් විශිෂ්ට ගණයේ චලන මූර්ති ශිල්පියෙකුගේ සැබෑ දක්ෂතාවයත් ඒකමයි.... චලන මූර්ති කලාව කෙසේ වෙතත් මෙය නම් චලන මූර්ති කලාවේ වෙනම පැතිකඩක්. වෙනස් ආකාරයක වුවත් සෑබෑ චලන මූර්ති කලාව මෙය බවයි මගේ හැඟීම.

දැන් ඔයගොල්ලොන්ට හිතෙයි මේ සඳහා මිල අධික විශේෂ අමුද්‍රව්‍ය යොදාගන ඇති කියලා... නමුත් සත්‍ය වශයෙන්ම මේ සියල්ලම සඳහා යොදාගෙන තියෙන්නේ කුරුළු පිහාටු, පළතුරු, මල්(පෙති)
වැනි ස්වභාවික අමුද්‍රව්‍ය. මඳක් සිතා බලන්න මේ වගේ විශිෂ්ට නිර්මාණයක් කරන්න කෙතරම් කාලයක්, ශ්‍රමයක්, ධනයක් වැය කරන්න සිදුවෙනවාද කියා. ඒ වගේම මෙවැනි නිර්මාණයක් කිරීමට ඔහු හෝ ඇය ඉවසීම කොතරම් දුරට ප්‍රගුණ කරන්නට ඇතිද ??

මූර්ති ශිල්පී ක්ලෙයා මෝගන් [Claire Morgan] තමයි මේ විශිෂ්ට කලා නිර්මාණයේ නිර්මාතෘ.. ඇය වෙසෙන්නේ උතුරු අයර්ලන්තයේ ප්‍රධාන සහ විශාලතම නගරය වන Belfast කියන නගරයේ..
ඇය එංගලන්තයේ නෝතම්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන් [ Northumbria University,UK ] මූර්ති කලාව පිලිබඳව පලමු පෙළ උපාධියක් ලබාගෙන තිබෙනවා ...

බලන්නකො මේ නිර්මාණ කොතරම් තාත්වික විදිහට සියුම්ව නිර්මාණය කරල තියෙනවද කියලා..



Amazing-sculptures-that-look-like-they-are-in-motion.jpg (550×605)

Amazing-sculptures-that-look-like-they-are-in-motion-11.jpg (550×366)




Amazing-sculptures-that-look-like-they-are-in-motion-6.jpg (550×366)

Amazing-sculptures-that-look-like-they-are-in-motion-5.jpg (550×705)

Amazing-sculptures-that-look-like-they-are-in-motion-4.jpg (550×678)

Amazing-sculptures-that-look-like-they-are-in-motion-3.jpg (550×729)

Amazing-sculptures-that-look-like-they-are-in-motion-2.jpg (550×366)

Amazing-sculptures-that-look-like-they-are-in-motion-1.jpg (550×366)


5 comments:

Supra Cuban said... [Reply to comment]

I'm so happy that your blog widened my horizons. Thanks for your sharing.Good luck with you.

Anonymous said... [Reply to comment]

great post ...
Lovely pics ...

Buddhi said... [Reply to comment]

නියම විස්තර ටිකක්. මේව කරන්න වැඩි වියදම් යන්නැතුව ඇති. කැපවීම තමා වගේ එකටම තියෙන්නෙ. උත්සහ කරලා බලන්ඩ ඕනේ මේ වගේ සුලු දෙයක්වත් කරන්න.

Madhawa Habarakada said... [Reply to comment]

මේ සමහරක් ඒව නම් මම දැකල තියෙනව, නමුත් අද තමා සිද්ධිය මොකද්ද කියල දැනගත්තෙ.
ස්තුතියි දැනුම දුන්නට. :)

නිහඬ සිතිවිලි (Indrachapa) said... [Reply to comment]

බොහොම ස්තූතියි යාළුවා.. (මම එද්දි අවුරුද්දකටත් වඩා කල් ගිහිල්ල)
පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe