සොයන්න:

හමුදාවේ මාමා !!

ඔන්න ඊයෙ මම ආච්චි අම්මලගෙ ගෙදර ඉන්න වෙලේ එහෙ තිබ්බ පරණ දිවයින පත්තරයක වෙළඳ දැන්වීම් කොටසක් කියව කියව හිටිය අතරෙ මගේ ඇස් දෙක ඒකේ තිබ්බ විශේෂ දැන්වීමක් වෙත යොමු උනා... ඒක දැන්වීමක් කියල කිව්වට දැන්වීමක් නෙමෙයි ඉල්ලීමක් කියලයි මටනම් හිතෙන්නේ ...

දැන්වීම මේකේ ඒ විදිහටම පල කරනවා ..
" ලේඛන කටයුතුවල යෙදෙන මා ආරක්ෂක අංශ සාමාජිකයෙකු වෙමි. මා සතු P IV වර්ගයේ පරිගණකය, ලැප්ටොප් යන්ත්‍රයකට හුවමාරු කිරීමට කැමැති අයකුගේ කාරුණික සහයෝගය පතමි. "
මේක පලවෙලා තිබ්බෙ 2010 අප්‍රේල් 11 ඉරිදා පත්තරයේ..
මම මේක කියෙව්වේ ඊයේ ( අප්‍රේල් 23 ).. ඉතින් මම හිතුවා මේ වැඩේ එයා කරගෙනත් ඇති කියලා ..
මගේ යාලුවෙක්ගේ ඩෙස්ක්ටොප් එකත් කැඩිල එයාටත් ලැප්ටොප් එකක් තියන නිසා එයත් ඩෙස්ක්ටොප් එකකට මේක මාරු කරන්න බලන් තමයි හිටියේ  ... නමුත් මම නිකමට එයාට sms එකක් දැම්මා ... ආරක්ෂක අංශයේ වෙලත් පත්තරේ දාලා සතියක් වෙලත් තවමත් කිසිම හරි පිළිතුරක් ලැබිලා තිබුනේ නෑ...




දැන් මේ හමුදාවේ ඉන්න මාමාට ඕනේ වෙලා තියෙන්නේ එයාදැන් පාවිච්චි කරන පරිගණකය වෙනුවට ලැප්ටොප් එකක් ගන්න ...
අලුතින්ම ලැප් එකක් ගන්න මුල්‍යමය පහසුකම් අඩු නිසාද කොහෙද මේ මාම සුහද මාරුවක් තමයි පතන්නේ ...
මොකද මෙයාට කාර්‍යාලයේ ඉන්න ගමන් පුවත් පත් වලට ලිපි ලියන්න තමයි මේක උවමනා වෙලා තියෙන්නේ...

එක වංචනික පුද්ගලයෙකුත් මේගැන පත්තරෙන් දැකලා මේ මාමාට නොමිලේ ලැප් එකක් දෙන්නම් කියලා මේ මාමලාගේ පවුලේ අයත් එක්ක සුහද වෙලා පව්ලේ අයව රට යවනවා කියලා රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ගසාකාගෙන පලා ගිහින්... දැනට මේකට සතියක් විතර වෙනවා... ඉතින් මේ මාම දැන් අන්ත අසරණ තත්වයක ඉන්න බව අමුතුවෙන් කිවයුතු නෑනේ ..

මේ මාමා යුද බිමේ ඉදිරි ආරක්ශක වළල්ලේ සටන් කරපු කෙනෙක් ...
දෙපාරක්ම තුවාල වෙලා තියනවා දරුණු සටන් වලදී ...

ඉතින් මේ මාමාගේ එකම බලාපොරොත්තුව තමයි එයාගේ පුතා ඉගෙන ගන්න ඉස්කෝලෙට පුස්තකාලයක් ලබාදෙන එක ... ඉතින් මේ මාමා මෙච්චරකල් ලියපු කවි සංකල්පනා එකතු කරල පොතක් එලිදක්වලා ඒ ලැබෙන මුදල් සියල්ලම මේ වැඩේට යොදන්නයි ඉන්නේ ...

නමුත් මේ ලිපිය කියවන, කියවපු ඔය හැමෝම මේ පිලිබඳව කිසියම් උදව්වක් කරයි කියල හිතන නිසා තමයි ලිව්වේ ...

1 comments:

හසිත ජයසූරිය said... [Reply to comment]

ඇත්තටම ඒ වගේ අයට උදව් කරන එකනම් ලොකු දෙයක්....:)

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe