සොයන්න:

Robin Hood කතා මාලාවේ අවසානය


robin-hood-bbc

ඔන්න මෙච්චර කල් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක හදවත් එකට එකතු කරපු තවත් විශිෂ්ට පවුලේ කතා මාලාවක අවසානය අද සටහන් වෙනවා...
ඉතින් මේ විදිහට පොඩි පසු වදනක් ලියල තියන්න හිතුනා ... ඒකෙන්වත් දුක පොඩ්ඩක් හරි තුනී වෙයි !  :(

පෞද්ගලිකවම මම Robin Hood BBC කතා මාලාවට ගොඩාක් ඇළුම් කලා...
මම මේ විදිහට facebook group එකක් කරල හැම සතියෙම membersලට ඊලඟ කතාවෙ කෙටි විස්තරයක් කලෙත් මම වගේම මේ කතා මාලව ආස කරන තවත් ගොඩාක් දෙනෙක් ඉන්න නිසයි ...නැතුව ගොඩාක් දෙනෙක් කරනව වගේ මෙම්බෙර්ස්ල  5000ක් විතර හොයල ප්‍රචාරක කටයුතු කරගන්න නෙමෙයි ...
එහෙම කරන්න ඕන කමක් තිබ්බනම් අද මේ group එකේ membersල 5000ක් නෙමෙයි 10000ත් පැනල ...

තව දෙයක් කියන්න ඕනෙ...
ගොඩාක් දෙනෙක් මගෙන් අහනව Robin Hood Season 4 එනවද නැද්ද කියල ...ඇත්තම කියනවනම් මට Jonas Armstrong එහෙමත් නැත්නම් රොබින් ගෙ පෞද්ගලික මිතුරෙක්ගෙ ලමයෙක් මට මෙහෙම කිව්වා ... මේ කතාව Season 3 වලින් නවත්තන්න ඕනෙ කියල තියෙන්නෙත් Season 4 එකට රඟපාන්න ට යෝජනා කරල තියන මුදල මදි කම නිසා... ඒක නිසා තමයි  Season 3 එකේදි  Robinට අර වගේ ඉරණමක් අත් වෙන්නෙ... මොකද  Season 4 එකක් එන්නෙ නැතිනම් කතාවෙ Robin මැරිල ...
Season 4 එනවනම්  Season 1 එකේ මැරියන්ට සිහිය නැති වෙලා පන ආව වගේ කරන්න පුලුවන් ...

මේ කතාවෙ සත්‍යතාවය ගැන නම් මට වග කියන්න බැහැ ..
නමුත් මම ඒක ඇත්තක් කියල විශ්වාස කරනවා ...
ඒක නිස මේක ඔයගොල්ලොන්ටත් කියන්න ඕනෙ කියල හිතුනා ..

ඇත්තම කියනවනම් ඒ කතාවෙ තිබුණු පරිසරයේ ..
සුන්දර නොටින්හැම් නගරයේ දවසක් හරි ඉන්න තිබුනනම් කියල හිතෙනවා ...
ෂර්වුඩ් වන්නන්තරය .. වන කඳවුර .. ලොක්ස්ලි ගම්මානය ...
මේ ඔක්කොම සොඳුරු මතකයන් ...
ඒ තරම් මම කතාව ඇතුලෙ හිටියෙ...

අවසාන වශයෙන් මම මතක් කරන්න කැමතියි, ගොඩාක් දෙනෙක් මම සතිපතා එවන කතාවෙ සාරාංශය කියවන්න බලාගෙන හිටියා .. මට දවසක් දෙකක් ලියන්න බැරි උනාම ඇයි ලියන්න බැරි උනේ කියල මතක් කරල ලියල එවල තිබුනා ...
මට මේ ගමනෙදි ගොඩාක් උදව් කරපු අය ඉන්නවා වචනයකින් හරි උදව් කරපු අය ඉන්නවා උදව් නොකරපු අයත් ඉන්නවා... මම ඔයගොල්ලො හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක මෙච්චර කල් හිටියට ..
ඇත්තටම මේක මගේ ජීවිතයේ තවත් සොඳුරු කඩඉමක් ...

නැවත වතාවක් මම ඔය හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා ...
ඔයගොල්ලන්ට හිතට එන මොනව හරි කමක්නෑ ඒවා මෙතන ලියලා යන්න ... එවා මට යෝධ ශක්තියක් ...

" WE ARE ROBINHOOD ! "

ලිපිය යාවත්කාලීන කලා.
ප.ලි : තව අලුත් විස්තර ගොඩාක් තියනවා ඔයගොල්ලොන්ට කියන්න ...
ඒවා පස්සේ අලුත් පෝස්ට් එකක් විදිහට දාන්නම් ...

8 comments:

Osanka (M) said... [Reply to comment]

Hiiiiiiiiii Bhagya(Robin):

First of all i must say that I highlly appreciate your effort !!! It's such a great thing! I know you did those things without hoping for any kind of a profit. Actually, i loved and still love Robin Hood though now it has come to an end. And, i must say that you and your group helped me a lot in liking the story! Finally, thanks a lot for appointing me as Lady Marian in your group!!!!!!

many regards,
osanka

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

Long Live Robin Hood ....

Soundtrax said... [Reply to comment]

Hey ya machan I cant beleive tz over.i thought season 4 will come.but wot tu du.Nywyz V R ROBIN HOOD.

A.ike said... [Reply to comment]

Well bro, long live Robin Hood :( I hope that with the film BBC continue with Robin Hood :(

Thaths said... [Reply to comment]

Great work from u ROBIN... I appreciate it very much..
Hope season 4 will continue....

WE ARE ROBIN HOOD !!!!!!



Thath,(will)...

Roshan said... [Reply to comment]

මේක Download කරගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්ද?
(Series එකම)

Bhagya Sanuka said... [Reply to comment]

BBC Robin Hood Season 1-2
==========================
http://torrents.thepiratebay.org/4409872/BBC_Robin_Hood_Season_1-2.4409872.TPB.torrent


BBC Robin Hood season 3
==========================
http://torrents.thepiratebay.org/5306693/BBC_Robin_Hood_season_3.5306693.TPB.torrent

Roshan said... [Reply to comment]

@Bhagya Sanuka
‍බොහොම ස්තූතියි.

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe