සොයන්න:

Showing posts with label "කලාගාරය". Show all posts
Showing posts with label "කලාගාරය". Show all posts
7

ආදරණීය ටයි මාමේ....


ආදරණීය ටයි මාමේ....

පොඩි කාලේ ටයි මාමගෙ කාටුන් බොහොම ආසාවෙන් බැලුවා..
ටයි මාම දන්නවද පොඩි කාලෙ අපි ජීවත් උනේ අමුතු ලෝකෙක..
අපිට තිබ්බේ අමුතු හීන..
වචන වලින් කියන්න බැරි තරම් පුදුමාකාර සිතුවිලි වලින් අපේ හිත් පිරිලා තිබුනෙ..

"තම්බලීනා", "කැත තාර පැටියා", "ගිනි කූරු විකුණපු ගෑණු ළමයා" අපේ හිත් වල තාමත් ජීවත් වෙනවා ටයි මාමේ.. අනිත් තාරාවො ඔක්කොම කොන් කරපු ඒ කැත තාර පැටියා අන්තිමට ලස්සන හංසයෙක් වෙලා ඉගිල්ලිලා ගිය හැටි.. හිම කුණාටුවට අහු වෙලා සීතලේ මැරිලා හිටපු ගිනි කූරු විකුණපු ගෑණු ලමයා..
ඒ වගේ සුරංගනා කතා ආයිත් දකින්න ලැබෙයිද මාමේ?

"ගලිවර්ගේ සුවිසැරිය", "හා හා හරි හාවා", "පිස්සු පූසා", "දොස්තර හොඳ හිත" වගේ කාටුන් නම් මට කවදාවත් අමතක වෙන එකක් නෑ ටයි මාමේ.. ඇයි ඒ වගේම තමයි ඒ දවස් වල ගිය "සුරඟන කතා කරලිය", මතකද මාමේ ඒකෙ කතා පටන්ගන්න හැටි, "සුරඟන කතා කරලියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නව..."  කියල තමයි පටන්ගන්නෙ.. මට ඒක තාමත් ඇහෙනව වගේ ටයි මාමේ...

මාමාගේ කාටුන් බලලා අඬපු වාර ගාන මටවත් මතක නෑ ටයි මාමේ. කම්මුල් දිගේ ගලපු කඳුලු පිහිදගන්නත් බැරුව තොල් හපාගෙන හිටපු හැටි මැවිල පේනව ටයි මාමේ. මම හිතන්නෙ ඒක වෙන්න ඇති ලොකු උනත් මම ගොඩාක් සංවේදී උනේ මාමේ. ඒතරම් හිතට දැනෙන විදිහට ටයි මාමා දෙබස් නිර්මාණය කරලා තිබුනෙ. ඒ අඩුව නම් කවදාවත් කාටවත්ම පුරවන්න බැරි වෙයි ටයි මාමේ..

ටයි මාම අපෙන් වෙන්වෙලා ගියත් අපෙ මේ පුංචි රටට දායාද කරපු නිර්මාණ නම් කාවදාවත් අපෙන් වෙන් වෙන්නෙ නෑ ටයි මාමේ.. මට තවත් ලියන්න බෑ ටයි මාමේ.. ලියන්න ගන්නකොට ආයිත් ඇස් වලට කඳුලු එනව මාමේ..

වෙන අයට අද දවස නිකම් දවසක් උනාට ටයි මාමට ආදරේ කරන අපිට නම් මේ දවස කවදාවත් අමතක වෙන එකක් නෑ ටයි මාමේ.. පුලුවන් නම් ආයිත් එක පාරක් ඇවිත් අපිට ලස්සන සුරඟනා කතා කියා දෙන්න ටයි මාමේ.. අපට සුන්දර ළමා කලයක් දුන් පිනෙන්ම ටයි මාමට ඉක්මන් නිවන් සුව අත්වේවා!!!!!!!!!!!
5

අරුම පුදුම චලන මූර්ති

Amazing sculptures that look like they are in motion... [Jan 22, 2010]  (ලිපියක් ඇසුරිණි)

[සැ.යු : මෙම ලිපිය අග සිට මුලට හෙමින් සීරුවේ හොඳට වෙලාව අරන් කියවන්න ... තැනින් තැන කියන්වන්න එපා...] වැඩි කතා පසුවට ... මුලින්ම මේක බලල ඉන්නකෝ ...
මේක බලල පුදුම උනාට පස්සෙ මේක ගැන විස්තර කියල දෙන්නම් .... හිහ්!

amazing-sculptures-1st
 
ඇත්තටම මේ පාවෙන ස්ට්‍රෝබෙරි පලසක්ද ??
නැත්නම් මේක වීඩියෝ එකක් නවත්තල ගත්ත පින්තූරයක්වත්ද ??
නැත්නම් Syber-Shot CAM එකකින් ගත්ත පින්තූරයක්වත්ද ??
එහෙමත් නැතිනම් මම ෆොටෝෂොප් වලින් ඔයගොල්ලොන්ට වැඩක් පෙන්නනවද ??
මේ වගේ දහසක් සිතුවිලි ඔයගොල්ලොන්ගේ සිතට එන්න පුලුවන් ...
 
Template Design by Bhagya Rajapakshe