සොයන්න:

Showing posts with label ප්‍රියතම වැඩසටහන්. Show all posts
Showing posts with label ප්‍රියතම වැඩසටහන්. Show all posts
7

ආදරණීය ටයි මාමේ....


ආදරණීය ටයි මාමේ....

පොඩි කාලේ ටයි මාමගෙ කාටුන් බොහොම ආසාවෙන් බැලුවා..
ටයි මාම දන්නවද පොඩි කාලෙ අපි ජීවත් උනේ අමුතු ලෝකෙක..
අපිට තිබ්බේ අමුතු හීන..
වචන වලින් කියන්න බැරි තරම් පුදුමාකාර සිතුවිලි වලින් අපේ හිත් පිරිලා තිබුනෙ..

"තම්බලීනා", "කැත තාර පැටියා", "ගිනි කූරු විකුණපු ගෑණු ළමයා" අපේ හිත් වල තාමත් ජීවත් වෙනවා ටයි මාමේ.. අනිත් තාරාවො ඔක්කොම කොන් කරපු ඒ කැත තාර පැටියා අන්තිමට ලස්සන හංසයෙක් වෙලා ඉගිල්ලිලා ගිය හැටි.. හිම කුණාටුවට අහු වෙලා සීතලේ මැරිලා හිටපු ගිනි කූරු විකුණපු ගෑණු ලමයා..
ඒ වගේ සුරංගනා කතා ආයිත් දකින්න ලැබෙයිද මාමේ?

"ගලිවර්ගේ සුවිසැරිය", "හා හා හරි හාවා", "පිස්සු පූසා", "දොස්තර හොඳ හිත" වගේ කාටුන් නම් මට කවදාවත් අමතක වෙන එකක් නෑ ටයි මාමේ.. ඇයි ඒ වගේම තමයි ඒ දවස් වල ගිය "සුරඟන කතා කරලිය", මතකද මාමේ ඒකෙ කතා පටන්ගන්න හැටි, "සුරඟන කතා කරලියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නව..."  කියල තමයි පටන්ගන්නෙ.. මට ඒක තාමත් ඇහෙනව වගේ ටයි මාමේ...

මාමාගේ කාටුන් බලලා අඬපු වාර ගාන මටවත් මතක නෑ ටයි මාමේ. කම්මුල් දිගේ ගලපු කඳුලු පිහිදගන්නත් බැරුව තොල් හපාගෙන හිටපු හැටි මැවිල පේනව ටයි මාමේ. මම හිතන්නෙ ඒක වෙන්න ඇති ලොකු උනත් මම ගොඩාක් සංවේදී උනේ මාමේ. ඒතරම් හිතට දැනෙන විදිහට ටයි මාමා දෙබස් නිර්මාණය කරලා තිබුනෙ. ඒ අඩුව නම් කවදාවත් කාටවත්ම පුරවන්න බැරි වෙයි ටයි මාමේ..

ටයි මාම අපෙන් වෙන්වෙලා ගියත් අපෙ මේ පුංචි රටට දායාද කරපු නිර්මාණ නම් කාවදාවත් අපෙන් වෙන් වෙන්නෙ නෑ ටයි මාමේ.. මට තවත් ලියන්න බෑ ටයි මාමේ.. ලියන්න ගන්නකොට ආයිත් ඇස් වලට කඳුලු එනව මාමේ..

වෙන අයට අද දවස නිකම් දවසක් උනාට ටයි මාමට ආදරේ කරන අපිට නම් මේ දවස කවදාවත් අමතක වෙන එකක් නෑ ටයි මාමේ.. පුලුවන් නම් ආයිත් එක පාරක් ඇවිත් අපිට ලස්සන සුරඟනා කතා කියා දෙන්න ටයි මාමේ.. අපට සුන්දර ළමා කලයක් දුන් පිනෙන්ම ටයි මාමට ඉක්මන් නිවන් සුව අත්වේවා!!!!!!!!!!!
2

"අවදි වෙලා....." - මගේ පුංචි ලෝකය



අවදි වෙලා....
එබී බලමු නිම් නැති සුන්දර විසිතුරු...
අපේ පුංචි ලෝතලයේ..
දුවේ පුතේ අවදි වන්න දැනුම සොයමු සැඟවෙන්න නොදී...
සැඟවෙන්නට එපා දැනුම ඔයා තමයි හෙට දවස අපේ...

ගහකොල ඇයි දලු ලන්නේ...
සුළඟ වැස්ස ඇයි එන්නේ..
පුතු අම්මට ආදරෙයි... ආදරෙයි...
තාත්තටත් ආදරෙයි... ඇත්තමයි..
ගහ කොල සහ ඇල දොළටත් අපේ ආදරය ඕනේ,
එතකොට මල් පිපී නටාවී...
ගං ඇල දොළ තාලය දේවි..

කළු දුම්ගුලි ඇයි නැගුනේ...
රූස්ස ගස් ඇයි කැපුවේ...
සොබාදමට විස පොවයි..
හරි දුකයි...
මිහිමව කැබලිති කරයි..
පව් පිරෙයි...

හුස්ම ඩිංග දෙන සුලඟට ණයගැති වන්නට ඕනේ,
එතකොට මිහි මව සැනසේවී....
අපෙ මව මයි සදා සිතේවි........

අවදි වෙලා....
එබී බලමු නිම් නැති සුන්දර විසිතුරු...
අපේ පුංචි ලෝතලයේ..
දුවේ පුතේ අවදි වන්න දැනුම සොයමු සැඟවෙන්න නොදී...
සැඟවෙන්නට එපා දැනුම ඔයා තමයි හෙට දවස අපේ...
දැනුම තමයි හෙට දවස අපේ...

මෙතනින් බාගන්න
(කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ස්තුතියි.)

වැඩේ ඇඟට ඇල්ලුවානම් ලිපියට තරු 5ක් දෙන්නත් අමතක කරන්න එපා...
5

"සූට් බූට් දිග කලිසම්..." - පිස්සු පූසා



සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්,
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..

තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා..
මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා..
හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා..
බොරු බේගල් ඇද බාලා...
සහචරයින් කරයි මුලා...

අන් කුසගිනි නිවන උලා කට බලියන් ඉන්න එකා..
මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා..
තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා..
බිම පෙරලී වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා..

හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා..
කොන්ද නමා දුන්න ලෙසා පහුරු ගායි පූසා....
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු.../////

(කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ස්තුතියි.)

වැඩේ ඇඟට ඇල්ලුවානම් ලිපියට තරු 5ක් දෙන්නත් අමතක කරන්න එපා...
4

'මුහුද මගේ ගොඩබිමයි' - දොස්තර හොඳ හිත.



මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....

සතුන් සමග දොඩමලු වී
කරන රහස ඔහු සතු
දැන ගන්නට දඟදැමු..
පිරිසක් පිරිහේවි ලූ.....//

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....

අයුක්තියට ඉඩ නැතේ
යුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ..
මෛත්‍රියෙන් ජය ලැබේ.......//

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....///

ගී පද : ප්‍රේම කීර්ති ද අල්විස් මාමා
ගී තනු : සෝමපාල රත්නායක මාමා

(කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ස්තුතියි.)

වැඩේ ඇඟට ඇල්ලුවානම් ලිපියට තරු 5ක් දෙන්නත් අමතක කරන්න එපා...
18

" සයුරේ ජීවිත නැව පෙරලී " - රොබින්සන් අන්දරය

"සයුරේ ජීවිත නැව පෙරලී" - රොබින්සන් අන්දරය |
Theme Song - Swiss Family Robinsons 
Image and video hosting by TinyPic


සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නල පාගා ....

වෙරළේ පියමං පැවසූයේ
රළ කඳුළේ සුවඳයි ඒ...
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පණ නල සැබෑ ලොවේ ..

සුළඟේ රහසක් කීවා
පියමං වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැඟවුයේ ඇයි
ඈත යයි රූ......

ඇල දොළ කඳු මැල වී
ගිනි පුපුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ නෑ ...
ජීවිතයේ ආදරෙයි ...
සයුරේ සයුරේ...
සයුරේ.........

ගායනය: ශෂිකා නිසංසලා සහ ලාල් රූපසිංහ
ගී පද : අතුල රන්සිරිලාල් මාමා

කරුණාකරලා තව එක පාරක් අහන්න... :)
ඒ තරම් ලස්සන ගීතයක් මේක...
(කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ස්තුතියි.)

වැඩේ ඇඟට ඇල්ලුවානම් ලිපියට තරු 5ක් දෙන්නත් අමතක කරන්න එපා...
11

රූපවාහිනියේ ඉස්සර ගිය කාටුන්/ කතාවල තේමා ගීත ඕනෙද? | Theme songs of Past TV series's

දුකේදි සිටිනා මිතුරන් රත්තරන් වටී.. 
දුවේ පුතේ ඉන්න ඕනෙ රටට වැඩක් වී...

පරිගණකය ඉස්සරහට වෙලා ඉන්නවට වඩා හැමදාම හවසට ගෙදර වටේ ඉන්න යාලුවො එකතු කරගෙන සෙල්ලම් කරපු කාලයක් මටත් තිබුණා...හැමදාම අපි දාඩිය දානකං ක්‍රිකට් ගහලා නටලා හවස 5.30ට අපේ ගෙදරට කඩාගෙන පනිනවා TV එකේ ඉස්සරහම තැනක් අල්ලගන්න .. මොකද ඒ තරම් අපි රූපවාහිනියේ ගිය කාටුන් වගේම පවුලේ කතා වලට ඇබ්බැහි වෙලා හිටියේ...
කොටින්ම කියනවනම් ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු අපේ හවස් වරුවේ කාල සටහනේ අනිවා පැයක් හෝ ඊට වැඩියෙන් මේ කාටුන් බලන්න අපි යොදාගෙන තිබුනා..
8

Robin Hood කතා මාලාවේ අවසානය


robin-hood-bbc

ඔන්න මෙච්චර කල් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක හදවත් එකට එකතු කරපු තවත් විශිෂ්ට පවුලේ කතා මාලාවක අවසානය අද සටහන් වෙනවා...
ඉතින් මේ විදිහට පොඩි පසු වදනක් ලියල තියන්න හිතුනා ... ඒකෙන්වත් දුක පොඩ්ඩක් හරි තුනී වෙයි !  :(

පෞද්ගලිකවම මම Robin Hood BBC කතා මාලාවට ගොඩාක් ඇළුම් කලා...
මම මේ විදිහට facebook group එකක් කරල හැම සතියෙම membersලට ඊලඟ කතාවෙ කෙටි විස්තරයක් කලෙත් මම වගේම මේ කතා මාලව ආස කරන තවත් ගොඩාක් දෙනෙක් ඉන්න නිසයි ...නැතුව ගොඩාක් දෙනෙක් කරනව වගේ මෙම්බෙර්ස්ල  5000ක් විතර හොයල ප්‍රචාරක කටයුතු කරගන්න නෙමෙයි ...
එහෙම කරන්න ඕන කමක් තිබ්බනම් අද මේ group එකේ membersල 5000ක් නෙමෙයි 10000ත් පැනල ...

තව දෙයක් කියන්න ඕනෙ...
 
Template Design by Bhagya Rajapakshe