සොයන්න:

Showing posts with label ගණිත විනෝදය. Show all posts
Showing posts with label ගණිත විනෝදය. Show all posts
11

ගණිතඥයාගේ වයස කීයද ??

ඔබේ වයස කීයද යන ප්‍රශ්නය ගණිතඥයෙකුගෙන් ප්‍රශ්න කරන ලදුව ගැටලු සහගත මෙවන් පිළිතුරක් ඔහුගෙන් ලැබුණි..

"තව අවුරුදු තුනකට පසු මගේ වයසින් තුන් ගුණයක් ගන්න..
එයින් අවුරුදු තුනකට පෙර මගේ වයසේ තෙගුණයක් අඩු කරන්න..
එවිට මගේ වයස ඔබට ලැබෙනු ඇත.."

ඔහුගේ දැන් වයස කීයද ??
7

අංක නමයක් සමග සෙල්ලමක්..

පහත සටහන දෙස හොඳින් බලන්න..
ඔබට ඇති අභියෝගය නම් කුඩා කොටු නවයකින් යුත් විශාල කොටුව තුල 1 සිට 9 දක්වා ඇති සංඛ්‍යා සටහන් කිරීමයි.. අවසානයේ සෑම පැත්තකටම ඇති ඉලක්කම් තුනෙහි එකතූන් සමාන විය යුතු බව මතක තබාගන්න..
ඉක්මන් නොවී කල්පනා කරන්න..
බැලූ බැල්මට එය සරල නොවන බව ඔබට පෙනෙනු ඇත..
මෙය සපුරාලන්නේ කොතරම් ඉක්මනින්ද, එතරම් දුරට ඔබ සමතෙකි..

 
Template Design by Bhagya Rajapakshe