සොයන්න:

Showing posts with label එදිනෙදා දේවල්. Show all posts
Showing posts with label එදිනෙදා දේවල්. Show all posts
4

යාළුවො සහ සල්ලි

ණය! මම ජිවිතේ ආස නැතිම වචනේ.
මම නම් ණය ගන්නෙම නැති තරම්. හැබැයි හදිසියකට අතමාරුවක් ගත්තොත් පුළුවන් තරම් ඉක්මනට ඒක return කරනවා. මොකද මම අත්දැකීමෙන් දන්නවා ණයක් දුන්න කෙනාට ඒකෙන් වෙන අපහසුතාවය.



සමහර අය ඉන්නවා කාගෙන් හරි ණයක් ඉල්ල ගත්තොත් ඒක ආපහු දෙන කම් නින්ද යන්නේ නැති. එහෙම අය මම දැකලා තියෙනවා ආපහු දෙන්නම් කියලා පොරොන්දු වුනු දවසට බෙල්ල කඩාගෙන හරි ඒ පොරොන්දුව ඉටු කරනව.

ඒත් සමහර ජාතියේ පොරවල්ලට නම් එහෙම පොරොන්දු වුනු දවස ගැන කිසිම හැඟීමක් නෑ.. ඒ වගේ අයව නිරීක්ෂණය කලාම මට හිතුනු දෙයක් තමයි පොරොන්දු උනු වෙලාවට ණය නොදී ඉන්න එකෙන් ඒ අය හෙන ආතල් එකක් ගන්නවා වෙන්න ඕන කියන එක..

ඊට පස්සේ දවස් ගානක්, සති ගානක්, මාස ගානක් හෝ අවුරුදු ගානක් පරක්කු වෙලා දීලා ඒ සල්ලි ගත්තු අය දුන්නු අයට "ඔන්න මම ගත්තු ගාන දුන්නා හරිද?" වගේ පොර ටෝක්ස් දෙනවා මම දැකලා, අත්විඳලා තියෙනවා. අර පොරොන්දු උනු දවස නිසා අපි ඒ දවසේ ඒ සල්ලි වලින් කරන්න ප්ලෑන් කරගෙන හිටි දේවල් අවුල් උනා, අපි අපහසුවට පත් උනා කියන එක ගැන කිසි හැඟීමක් ඒ අයට නෑ..

එපාම කරපු දේ තමයි ඒ කිව්ව ජාතියේ පොරවල්ලගෙන් අපි ආපහු ඒ සල්ලි ගන්න අපි උන්ගෙ පස්සෙන් එන්න ඕන හරියට උන්ගෙන් පිනට ඉල්ලනවා වගේ..

කොටින්ම අවුරුදු 3කට කලින් මම සත පහක ලාබයක් නැතුව ෆෝන් එකක් අරන් දුන්න යාලුවෙක්ට. custom clearance එකට මට යන්න විදිහක් තිබුනේ නෑ මම එතකොට A/L කරනවා. අන්තිමට තාත්තා office ඒකෙන් short leave දාල කස්ටම් ගිහින්, රුපියල් දෙදාහක් කස්ටම් එකට ගෙවල ෆෝන් ඒක release කරං ආව. ෆෝන් එක නං යාලුවාට දුන්නා. අද වෙනකම්වත් ඒක මතක් කරන්නේවත් නෑ. කිව්වේ නම් හෙට දෙන්නම් කියලා.

අන්තිමට දෙයක් කියන්නං මචංලා යාළුවො සහ සල්ලි කවදාවත් පටලව ගන්න එපා! අනික් මිනිස්සු හිතන්නේ අපි හොයන සල්ලි උන් වියදම් කරන්න ඕනේ කියලා.

නැති දා මිතුරො ඇති දා කුමටද? සල්ලි තියෙනවනම් යාලුවො වැහි වැහැල. අතෙ සතේ නැති දවසට බල්ලෙක් වත් නැහැ කියන්නේ ඕක තමයි. කාලෙකට පස්සේ දිග status එකක් දැම්මේ ආයිත් නං මෝඩයා වගේ ණය දෙන්නේ නෑ කියල හිතං.

- මවිසින් facebook හි දමනලද status එකකි.

3

Anonymous - Operation Darknet

අනාමිකයන් ළමා ලිංගික අඩවි වනසයි [ Anonymous - Operation Darknet ]


අනාමික හැකර් කරුවන්ගේ නවතම ක්‍රියාන්විතය "Operation Darknet"ය. ඒ හරහා ඔවුන් ළමා ලිංගික දර්ශන ඇතුලත් වෙබ් අඩවි වලට පහර දීමට පටන්ගෙන තිබේ. ඔවුන් මුලින්ම දිනකට ලක්ශ 4 වඩා පිවිසෙන වෙබ් අඩවියකට පහර දී තිබේ. නමුත් විනාඩි 5 ඇතුලත නැවත එම අඩවිය සක්‍රීය කිරීම නිසා මෙම හැකර් කරුවන් ඔවුන්ට සේවය සැපයූ සර්වරයට "Freedom Hosting " පහර දී එහි ඇති බැකප් 100GB පමණ මකා දමා, ඊට අමතරව එම සර්වරය සේවය සැපයූ 40 වැඩි ළමා ලිංගික වෙබ් අඩවි ප්‍රමාණයක් අක්‍රීය කොට ඇත. තවද මෙම වෙබ් අඩවි වල ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයන් 1,589 දෙනෙකුගේ තොරතුරු ඡායාරූප සමගම පලකර තිබේ.
8

විභාග කොමසාරිස්ගේ හෘද සාක්ෂිය !!


පසුගිය උසස්පෙළ විභාගයේදී ගිණුම්කරණය හා භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සකස්කොට තිබුනේ සිසුවෙකුට තබා එම විෂය උගන්වන ආචාර්යවරයෙකුට පවා පිළිතුරු දීමට අපහසුවන අයුරිනි.

උසස්පෙළ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ ගැටලුව වසර දෙකක පටන් පවතින අතර එම ප්‍රශ්නපත්‍රය තමන්ගේ දක්ෂතා මතුවන අයුරින් සකස්කරන පුද්ගලයන්ට එරෙහිව තවමත් කිසිදු පියවරක් ගෙන නොමැත.

පසුගිය විභාග සමයේදී මෙම ගැටලුව වෙනුවෙන් කතා කල එකම මාධ්‍යය වුයේ රිවිර පුවත්පත පමණක් වූ අතර එහි පළවූ ලිපියටද විභාග කොමසාරිස් වරයා පිළිතුරු ලිපියක් ඒවා තිබුනේ ඔවුන්ගේ ප්‍රශ්න පත්‍ර අන්තර්ජාතික ප්‍රමිතියට යුතුව සකස්කරන බවත් කිසිදු විටක විෂය නිර්දේශයෙන් පිටින් ඇති කරුණු ඇතුලත්නොකරන බවද සඳහන් කරමින්.

නමුත් පසුගියදා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ‍ජනරාල්වරයා පැවසුවේ මෙවැන්නක්

"මේ විභාග දෙකම සාමන්‍යයපෙළ,උසස්පෙළ ගන්ධස්කාර කුනුවෙච්ච් විභාග,කිසිම ප්‍රයෝජනයක් නෑ ජීවිතේට.දැන් මට කව්රුවත් දඬුවම් කරන නෑ මේක මම ම කියන නිසා."

මම බැලුවම මට හිතෙනවා මං බාල අපරාධකාරයෙක් ද කියලා මොකද මෙහෙම හිතෙන්නේ, මේ මම හදන ප්‍රශ්න පත්‍රය ළමයෙකුට තියා ප්‍රශ්න පත්‍ර හදන මහාචාර්යවරයකුට වත් ලියන්න බැහැ.

අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක හැරුනම මේ වගේ බරපතල නින්දා සහගත ගතානුගතික විභාග ක්‍රමයක් නෑ.

විභාග කියන උපකරණය මේ දරුවන්ගේ විවිධ හැකියා මනින්න පාවිච්චි කරන මේ උපකරණය මොට්ටම මොට්ටයි. කිසිකෙනෙකුට මේක මුවහත් කරන්න බැහැ.

ඒ නිසා මෙයින් ප්‍රයෝජනයක් නැහැ. ඒක ප්‍රයෝජනවත් උපකරණයක් බවට පත් කරන්න නම් මේ සමස්ත විභාග ක්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍ය වෙනවා"
උපුටා ගැනීම : http://www.gossip9.com/2011/10/blog-post_31.html 
7

ආදරණීය ටයි මාමේ....


ආදරණීය ටයි මාමේ....

පොඩි කාලේ ටයි මාමගෙ කාටුන් බොහොම ආසාවෙන් බැලුවා..
ටයි මාම දන්නවද පොඩි කාලෙ අපි ජීවත් උනේ අමුතු ලෝකෙක..
අපිට තිබ්බේ අමුතු හීන..
වචන වලින් කියන්න බැරි තරම් පුදුමාකාර සිතුවිලි වලින් අපේ හිත් පිරිලා තිබුනෙ..

"තම්බලීනා", "කැත තාර පැටියා", "ගිනි කූරු විකුණපු ගෑණු ළමයා" අපේ හිත් වල තාමත් ජීවත් වෙනවා ටයි මාමේ.. අනිත් තාරාවො ඔක්කොම කොන් කරපු ඒ කැත තාර පැටියා අන්තිමට ලස්සන හංසයෙක් වෙලා ඉගිල්ලිලා ගිය හැටි.. හිම කුණාටුවට අහු වෙලා සීතලේ මැරිලා හිටපු ගිනි කූරු විකුණපු ගෑණු ලමයා..
ඒ වගේ සුරංගනා කතා ආයිත් දකින්න ලැබෙයිද මාමේ?

"ගලිවර්ගේ සුවිසැරිය", "හා හා හරි හාවා", "පිස්සු පූසා", "දොස්තර හොඳ හිත" වගේ කාටුන් නම් මට කවදාවත් අමතක වෙන එකක් නෑ ටයි මාමේ.. ඇයි ඒ වගේම තමයි ඒ දවස් වල ගිය "සුරඟන කතා කරලිය", මතකද මාමේ ඒකෙ කතා පටන්ගන්න හැටි, "සුරඟන කතා කරලියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නව..."  කියල තමයි පටන්ගන්නෙ.. මට ඒක තාමත් ඇහෙනව වගේ ටයි මාමේ...

මාමාගේ කාටුන් බලලා අඬපු වාර ගාන මටවත් මතක නෑ ටයි මාමේ. කම්මුල් දිගේ ගලපු කඳුලු පිහිදගන්නත් බැරුව තොල් හපාගෙන හිටපු හැටි මැවිල පේනව ටයි මාමේ. මම හිතන්නෙ ඒක වෙන්න ඇති ලොකු උනත් මම ගොඩාක් සංවේදී උනේ මාමේ. ඒතරම් හිතට දැනෙන විදිහට ටයි මාමා දෙබස් නිර්මාණය කරලා තිබුනෙ. ඒ අඩුව නම් කවදාවත් කාටවත්ම පුරවන්න බැරි වෙයි ටයි මාමේ..

ටයි මාම අපෙන් වෙන්වෙලා ගියත් අපෙ මේ පුංචි රටට දායාද කරපු නිර්මාණ නම් කාවදාවත් අපෙන් වෙන් වෙන්නෙ නෑ ටයි මාමේ.. මට තවත් ලියන්න බෑ ටයි මාමේ.. ලියන්න ගන්නකොට ආයිත් ඇස් වලට කඳුලු එනව මාමේ..

වෙන අයට අද දවස නිකම් දවසක් උනාට ටයි මාමට ආදරේ කරන අපිට නම් මේ දවස කවදාවත් අමතක වෙන එකක් නෑ ටයි මාමේ.. පුලුවන් නම් ආයිත් එක පාරක් ඇවිත් අපිට ලස්සන සුරඟනා කතා කියා දෙන්න ටයි මාමේ.. අපට සුන්දර ළමා කලයක් දුන් පිනෙන්ම ටයි මාමට ඉක්මන් නිවන් සුව අත්වේවා!!!!!!!!!!!
13

ෆේස්බුක් Timeline යනු මාරයාට අත වැනීමකි! වහා එය ඉවත් කරගන්න.


ෆේස්බුක් වෙබ් අඩවිය නුදුරේ දී හඳුන්වා දීමට නියමිත facebook Timeline පිළිබඳව ඔබ දැනටමත් අසා ඇතුවාට සැකයක් නැහැ. එහි ඇති විශේෂත්වය අප පළ කරන ලද පැරණි Posts පිළිවෙලට අපට අවශ්‍ය කාල සීමාව අනුව ආපසු බලාගත හැකි වැනි නවතම අංග වලින් සමන්විත වීමයි.

නමුත් අප විසින් නිල වශයෙන් දැනුම් දීමට පෙර ඇක්ටිව් කරගන්නා ලද facebook Timeline නිසා අපගේ එකවුන්ට් එක Disable වීමේ අවදානමක් තියෙනවා. මේක 100% ක්ම ඇත්ත කියලා කියනන් බැරි උනත් ඒක ඇත්ත කියලා කියන්න සාධක තියෙනවා.

1. මෙය ඇක්ටිව් කරගත් බහුතරයක් දෙනාගේ එකව්න්ට් මේ වන විට Disable වී තිබීම.
2. මෙය ඔව්න් විසින්ම නිකුත් කලද එය යම් කි ආකාරයක "බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක්"

මේක ඇත්තටම බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක් තමයි. මොකද ඒක තාම නිල වශයෙන් නිකුත් වෙලා නැති නම් ඒක අපි බලෙන් පාවිච්චි කිරීමක් තමයි මෙතන වෙන්නෙ. ඒ නිසා අපේ එකවුන්ට්ස් ගැන මේ වගේ තීරණයක් ගන්න ෆේස්බුක් බලධාරින්ට අයිතියක් තියෙනවද නැද්ද කියල තමන්ගෙ හිතෙන්ම අහල බලන්න. :)

3

IFO++ exhibition @ UCSC Colombo

ifo++ (Ideas Free and Open) exhibition organised by University of Colombo School of Computing (UCSC) to celebrate 25 years of formal IT education at Univesity of Colombo will be held from 8 – 30 October 2010 from 9.00 am to 8.00 pm at university premises. As UCSC has a vast experience in IT and computer science education, this will be a great event for students.
13

අයි හේට් ෆේක් පීපල් ! | I hate FAKE people !


මේ පෝස්ට් එක ලියන්නේ ඔයාලාගේ friend list එකේ යාලුවෝ වැඩි වෙනවාට අකමැත්තකින්වත් මට අනිත් අය ඉස්සරහා ෆේස්බුක් ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනේ නිසාවත් නෙමෙයි... මේ අත්දැකීම් අත්විඳලා මටත් දැන් හොඳටම ඇති උන නිසා....

මුලින්ම කතාව කියලම පටන්ගන්නම්කෝ ...
මේවා දැනගත්තේ කොහොමද කියලා අහන්න එපා ...

ඔන්න මම දන්න කොලු පැටියෙක් ඉන්නවා ..
( ෂෝක් කොලු පැටියා .. :D මේ අයියාව රවට්ටන්න හැදුවේ..)
ඔය කොළඹ ලොකුයි කියලා කියන ඉස්කෝලේකට යන්නේ....
ඉතින් මෙයා මනෝරාජික FB ඇඩ්මින් කෙනෙක් කිව්වත් වැරදි නෑ...
නොදන්න දේකුත් නෑ.. දන්න දේකුත් නෑ...
4

facebook වෙනසක් !

Image and video hosting by TinyPic

ඔන්න අද facebook එක තවත් අලුත් වැඩක් කරලා...

දැන් වෙනදට කාත් එක්ක හරි කතා කරනකොට (chat කරනකොට ;) ) උඩින් එයාගේ profile picture එකයි ඊට පස්සෙ එයාගෙ නමයි පේනවනේ..
දැන් එහෙම පේන්නෙ නෑ... දැන් පේන්නෙ නම විතරයි...

ඒ වගේම chat කරනකොට අපි type කරල send කරන වාරයක් ගානෙම වම් පැත්තෙ අපේ profile picture එකේ thumbnail version size picture එකක් අර කලින් චැට් එකේ උඩින් නමත් එක්ක තිබුනා වගේ වැටෙනවා...
නියමිත වෙලාවකදි (පොඩි වෙලාවක් අතරේ හොඳේ ) අපිම එක දිගට කියව කියව හිටියොත් ඒ ඔක්කොටම එක පින්තූරයක් වැටෙන එක වෙනම කතාවක්...
ඒත් මේකේ අඩු පාඩුත් නැතුවා නෙමෙයි..

0

ලෝක පෘතුවි දිනය අදයි ...

" ලෝක පෘතුවි දිනය : World Earth Day "



ඔන්න අද පෝස්ට් එකක් ලියල දාන්න හිතුනා... මොකද අද තමයි ලෝක පෘතුවි දිනය ...
එක අතකට ඒක අපි වගේ (e-lives) ඊ-ජීවිත ගෙවන අයට මේක ගොඩාක් විශේෂයි ...
මොකද හැමදාම කරනවා වගේ PC එකක් ඉස්සරහට වෙලා ඉන්නවට වැඩිය පරිසරය පිලිබඳව මොනව හරි දෙයක් ගැන හිත යොමු කරන්න පොඩ්ඩක් හරි උනන්දු වෙන්න අද වගේ දවසක් තියෙන්න එපැයි ...
අනිත් එක තව දෙයක් කියන්න ඕනේ..
ඊයේ රෑ මාර විදිහට අකුණු ගැහුවා .. හිතාගන්නවත් බැරි විදිහට ..
පෘතුවියටත් ගිය කලක් ..
මගේ කාමරේට දාල තියෙන්නේ ලොකූ වීදුරු ජනෙල් දෙකක් තනිකර වීදුරු වටේට ඇලුමීනියම් ෆ්‍රේම් එකක් තියෙන්නේ ...
ඒක නිසා අකුණු ගහනවා මාර විදිහට පෙනුනේ ...මම නම් මාර විදිහට බය උනා ...
තමන්ගේ පෘතුවි දිනය දිනය අමතක වෙන මිනිස්සුන්ට නම් මේව හොඳ පාඩම් ...
ඒක නිස තමයි මට මේක මතක් උනේ කියල මට හිතෙන්නේ..
ඔන්න මම නම් අද නැගිට්ට ගමන් මගේ යලුවො ටිකට SMS ටිකක් යැව්ව "World Earth Day" කියල..
ගොඩාක් දෙනෙක් දන්නෙවත් නෑ අද World Earth Day කියල..
මොනවා කරන්නද ...එ තරම්ම ලෝකය දියුණුයි නේ...
වටේ තියන දේවල්, අඩුම ගානේ වෙන්නෙ මොනවද කියලවත් මිනිස්සු දන්නේ නැති යුගයක අපි ඉන්නේ ... ලොල්
ඔන්න එහෙනම් මේ පොඩි සටහන නිමා කරන්නයි සූදානම ...
එහෙනම් ඔබ සැමට සුභ පෘතුවි දිනයක් වේවා ...
 
Template Design by Bhagya Rajapakshe