ළාමක චුං චුං !!
අද මම කියන සිදුවීම සිදු උනේ මම පහ වසරෙදි..
ඒ කිව්වෙ අර මොකක්ද සිස්සත්තෙද මොකක්ද විබාගෙට ලෑත්ති වෙන කාලේ හොඳේ..
ඒ කාලේ මම ගියේ මහරගම ජනාධිපති විද්‍යාලයට..
කොයි ඉස්කෝලෙ උනත් මගේ වැඩ ඉතින් දන්නවනේ ?? ලොල්
ඒ කාලේ අපේ පන්තිය බාරව හිටියේ අන්තිම නරක සර් කෙනෙක්..
(මම නරක කිව්වෙ අපි පොඩි කාලේ අපිව මිනිහත් එක්ක තියලා බැලුවම මිනිහා රජෙක් නම් අපි වන්දි බට්ටො වගේ)
පහ වසර අංශ ප්‍රධානී H.W විමලරත්න හෙවත් හෝම් වර්ක් විමලරත්න..
අපේ පන්තියට ඇතුල්වෙන ඕනම කෙනෙක්ට පේන විදිහට මිනිහගේ නම ගහල තිබ්බ නාම පුරරුවේ තිබ්බේ මහා භයානක පෙනුමක් !!
මූන නම් ඊටත් වඩා භයානකයි.. හා පැටියෙක් වගේ.. :p