මේ ලිපිය ඔයගොල්ලො හැමෝම කියවාවි කියලා මම හිතනවා...
ඒක මගේ බ්ලොග් එකේ හිට්ස් ගාන වැඩි කරනවාට වඩා ඔයගොල්ලන්ගේ හිතට දැනෙන වෙනසක් වේවි...
පොඩ්ඩක් හිතන්න මේක කියවලා ඉවර වෙලා !!
විහිලුවකින් පටන්ගමු හොඳේ ??
ඔන්න හෙට විශේෂ දවසක්...
ලෝකේ හැමෝටම ....
ඔන්න ඒ විශේෂ මොහොත තමයි හෙට 2010 දහවෙනි මාසෙ දහ වෙනිදා!!
කොටින්ම කියනවනම්... ඒ කිව්වෙ දශමයටම කියනවනම්....
හෙට උදේ දහයයි දහය පසුවී දසවෙනි තත්පරය විශේෂ මොහොතක්....
ඒ කිව්වෙ කිව්වෙ ඒක ලියන්න වෙන්නෙ මෙහෙමයි....
10/10/10 | 10:10:10 AM කියලා...මේක දන්න අය ඇති ....
නමුත් නොදන්න වගේම අමතක වෙලා තියන අය අද රෑ නිදාගන්න කලින් දහ පාරක් මතක් කරල නිදා ගන්න...
ඒත් මතක නැති වෙනවනම් දහපාරක් අමතක කරල නිදාගන්න....
එතකොටනම් අනිවා මතක තියෙයි ඕං !!