
අද උදේම දාපු කියන පෝස්ට් එකත් එක්ක පටන්ගත්ත Windows Mobiles එහෙමත් නැත්නම් ඇඩ් එකට කියනවනම් වින්ඩෝස් ෆෝන්ස් ගැන පෝස්ට් පෙළේ ආරම්භයට හොඳ ප්‍රතිචාර තිබුනා... කමෙන්ට්ස් නම් අඩු උනත් මූණු පොතේ යාලුවොන්ගෙන් සෑහෙන්න ප්‍රතිචාර ලැබුනා.. ඒ වගේද ලිපිය දාලා පැය 5ක් යන තැන බ්ලොග් හිට්ස් 250කටත් වඩා ලැබිලා... ඉතින් වින්ඩෝස් ෆෝන් එක්ක මම යන ගමනට හොඳ පාරක් මේකෙන් කැපේවි කියලා හිතනවා...
කොහොම නමුත් මේ පෝස්ට් එක වැටෙන්න නම් හේතුව අර කලින් කිව්ව පලවෙනි පෝස්ට් එකට වැටිලා තිබ්බ කමෙන්ට් එකක්.. ඒ තීර්ථ යාත්‍රිකයා කරපු ඉල්ලීමක්..
ඒකට ප්‍රතිචාරයක් කමෙන්ට් එකකින් නැතුව පෝස්ට් එකකින් දාන්න හිතුනෙ මේක කමෙන්ට් එකක් හැටියට මෙච්චර ලොකු පිළිතුරක් දිග වැඩි වීම....
ඒ වගේම වෙන අය දකින්න තියන ඉඩ වැඩි නිසා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙන පිරිස වැඩිවීම.
හරි වැඩි කතා නැතුවම අපි වැඩේට යමු...
ඔන්න ඔක්කොගෙම ලේසියට හරීම සරලව පින්තූරත් එක්කම පියවරෙන් පියවර කියල දෙන්නයි මගේ (වින් මොබ්බාගේ) ලෑස්තිය...
Windows ෆෝන් එක තියන අය ෆෝන් එක අතට අරන් ලෑස්ති වෙන්න...
Windows ෆෝන් එක නැති අය ඉන්නවනම් ඒ අයත් ලෑස්ති වෙන්න.. ලොල්
(For your information : My Windows Mobile OS version is WM 6.5.3)




කලින් වෙන නෙට්වර්ක් එකකින් අන්තර්ජාල පහසුකම පාවිච්චි කරල කෙල උනානම් Tasks වල manage existing connections වල වෙන වෙන කනෙක්ෂන්ස් වලට අදාල ප්‍රොෆයිල්ස් තියනවනම් ඒවා delete කරන්න අමතක කරන්නත් එපා...

ඒ නම අපිට වැදගත් වෙන්නෙ නෑ.. ඒක නිසා කැමති දෙයක් දාන්න පුලුවන්...


උදාහරණයක් විදිහට මම පාවිච්චි කරන්නෙ Airtel data කනෙක්ෂන් එකක් නිසා මම මෙතන Airtel අයගෙ APN එක AirtelLive පාවිච්චි කරලා තියනවා...
AirtelHSDPA දැම්මත් වැඩ.. ෆෝන් එකේ HSDPA තියන අය දාලම බලන්නකෝ..
පට්ටම පට්ට !! :D
මොබිටෙල් අයගෙ නම් mobitelwap හරි mobitel3g හරි දාන්න..
(APN එක ලියනකොට කැපිටල් සිම්පල් බලපානවා කියලා මතයක් තියෙනවා... මම හිතන්නෙ ඒක බොරුවක්.. මොකද මම ඔතන AirtelLive කියල ලියුවෙ වචන දෙක වෙන්කරලා හඳුනාගන්න පහසු වෙන්න...)

ඒක නිසා දැන් Finish කියන බට්න් එක ඔබන්න...

එතකොට screen එකේ දකුණු පැත්තෙ උඩ [G] අකුරක් වැටෙයි..
සිග්නල් හොඳට තියනවනම් ඒක ටික වෙලාවකින් [E] අකුරක් වෙලා ඊටපස්සෙ [3G] කියල වැටිල අන්තිමට [H] අකුරක් වැටේවි..
for your information :
[G] >> GPRS
[E] >> EDGE
[3G] >> 3G
[H] >> HSDPA
ඇති යන්තම් වැඩේ ඉවරයි.. :p
දැන් ඉතින් තියෙන්නෙ ආතල් එකේ වෙබ් බ්‍රවුසර් එකක් open කරගෙන ඉන්ටනෙට් එකේ surf පාරක් දාන එකයි..

ආ මේකත් මතක තියාගන්න ... මේ වගේ වැඩකට කෝකටත් ගොඩාක් ලාබ Airtel 25 හරි 99 හරි වගේ package එකක් පාවිච්චි කරනවනම් තමයි හොඳ...
මොකත පිච්චෙන ඩේටා ගොඩ දැක්කම සමහර විට පර්ස් එකේ සල්ලි වගේම කටේ කෙලත් හිඳෙන්න ඉඩ තියනවා...
ඊලඟට ඔයාලගේ වින් මොබ්බාට MMS පහසුකම හදාගන්න හැටි ඉක්මනටම දෙන්නම්...
මේ ටිකේ මාර කම්මැලියෝ !!
ආහ්!! අන්තිමට කියන්න දෙයක් තියනවා ...
ඔය බ්ලැක්බෙරි වගේ ලස්සන බෝල බෝල කීපෑඩ් තියන ෆෝන් වලට ගෑණු ලමයි හරීම ආසයි...ඒක නිසා ගෑණු ලමයි ඉස්සරහ ඇඩ් එකක් එහෙම දාන්න කියාපු සෙල්ලම් බඩුව... ලොල්...
ඒක අර තීර්ථ යාත්‍රිකයාට කියපු එකක් නෙමෙයි ඕං.. මේක මම හොඳට දැක්ක දෙයක්...
මගේ ෆෝන් ලිස්ට් එක ගැනත් පස්සෙ වෙලාවක කියන්නම්කෝ...
මේ ටිකේ ANDROID වලට මාරු වෙන්න බැලුවෙ..
ඒත් Windows Phones අතාරින්න මගේ හිත මට ඉඩ දෙන්නෙ නෑ අප්පා... :D
ලිපිය ගැන අදහසක් දීලා යන්න අමතක කරන්න එපා...
ඒක මට ලොකු හයියක් වේවි !!
4 comments:
එළමයි ජයම වේවා.....
මොකද්ද භාග්‍ය පාවිච්චි කරන ෆෝන් එක.
ලියන්නකෝ ඔයාගෙ ජංගමයන්ගේ කතාව අපිටත් කියවන්නත් එක්ක
එළ එළ !!
දාන්නම් දාන්නම්...
දැන් ඔයාගෙ වැඩේ ගොඩද ?? :D
වැඩේ හරි. ගුග්ල් මැප්ස් දාලා ජීපී ඇස් වීව් එකත් දාගත්තා
වැඩේ ඉටිකිරිස් නොවැ. මං හිතන්නෙ ටවර් එකෙන් වෙන්නැති අපි ඉන්න තැන ඩිටෙක්ට් කරාගන්නේ
අඩේ සෝයි ඈ ....
Post a Comment