සොයන්න:

"අවදි වෙලා....." - මගේ පුංචි ලෝකය



අවදි වෙලා....
එබී බලමු නිම් නැති සුන්දර විසිතුරු...
අපේ පුංචි ලෝතලයේ..
දුවේ පුතේ අවදි වන්න දැනුම සොයමු සැඟවෙන්න නොදී...
සැඟවෙන්නට එපා දැනුම ඔයා තමයි හෙට දවස අපේ...

ගහකොල ඇයි දලු ලන්නේ...
සුළඟ වැස්ස ඇයි එන්නේ..
පුතු අම්මට ආදරෙයි... ආදරෙයි...
තාත්තටත් ආදරෙයි... ඇත්තමයි..
ගහ කොල සහ ඇල දොළටත් අපේ ආදරය ඕනේ,
එතකොට මල් පිපී නටාවී...
ගං ඇල දොළ තාලය දේවි..

කළු දුම්ගුලි ඇයි නැගුනේ...
රූස්ස ගස් ඇයි කැපුවේ...
සොබාදමට විස පොවයි..
හරි දුකයි...
මිහිමව කැබලිති කරයි..
පව් පිරෙයි...

හුස්ම ඩිංග දෙන සුලඟට ණයගැති වන්නට ඕනේ,
එතකොට මිහි මව සැනසේවී....
අපෙ මව මයි සදා සිතේවි........

අවදි වෙලා....
එබී බලමු නිම් නැති සුන්දර විසිතුරු...
අපේ පුංචි ලෝතලයේ..
දුවේ පුතේ අවදි වන්න දැනුම සොයමු සැඟවෙන්න නොදී...
සැඟවෙන්නට එපා දැනුම ඔයා තමයි හෙට දවස අපේ...
දැනුම තමයි හෙට දවස අපේ...

මෙතනින් බාගන්න
(කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ස්තුතියි.)

වැඩේ ඇඟට ඇල්ලුවානම් ලිපියට තරු 5ක් දෙන්නත් අමතක කරන්න එපා...

2 comments:

test said... [Reply to comment]

sha maru ne hoya hoyaa hitapu theam song ekak

Anonymous said... [Reply to comment]

ane me sinduwa nane link eke :(

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe