සොයන්න:
වැස්ස ගැන ඔබ නොදන්න දෙයක් !
මම දැක්කා කිහිප දෙනෙක් වැස්සට හොඳ කියනවා, සමහරු වැස්සට බනිනවා....
මම නම් වැස්සට කැමතියි... කොහොමත් වැස්සට කැමති අය වැඩියි නෙ.. ලොල්
අහසේ සිට පොළොවට ජලය පතිත වන එකම ආකාරය වැස්ස නෙමෙයි...
ආකාර කිහිපයක්ම තියනවා...
උදාහරණ විදිහට කිව්වොතින් අයිස්, හිම හෝ තුෂාර ලෙස වගේ...
මේ ආකාර වලින් ද්‍රවමය ආකාරයට ජලය පතිත වීම තමයි පොදුවේ වැස්ස ලෙස අපි හදුන්වන්නේ...
වැස්ස ඇති වෙන්නෙ කොහොමද ??
පොළොව මත වූ වායුගෝලයේ ඇති ජල වාෂ්ප වායුගෝලයේ රැදී සිටීමට බැරි තරම් ඝනීභවනය වුනාම ජලවාෂ්ප ජල බිංදු විදිහට තමයි පොළවට ලඟා වෙන්නේ...
ඒක තමයි අපි වැස්ස කියලා හඳුන්වන්නේ...
වැස්ස කියන්නේ ලෝකයේ බොහෝ ප්‍රදේශ වල පිරිසිදු ජල මූලාශ්‍රයක් ලෙස භාවිතයට ගැනෙන්නක් බව ඔයාල දන්නවද ??.
එය ජෛව විවිධත්වය සඳහා අවශ්‍යම සධකයක්.
එසේම වැස්ස, ජල විදුලි බලාගාර වලට හා කෘෂිකර්මන්තයට ලබා දෙන දායකත්වය කියලා නිම කරන්න බැහැ.
දැන් ඔයගොල්ලො කියයි අපි ඕවා දන්නවා කියලා...
නමුත් මේ ලිපියෙන් මම අදහස් කලේ වෙනම අදහසක් දෙන්න...
ඔයගොල්ලෝ ඇත්තටම දන්නවද වැහි බින්දුවල හැඩය මොකක්ද කියලා ??
ඉස්සෙල්ලම හිතාගන්නකො... ඊටපස්සෙ පැහැදිලි කිරීම බලන්න....
වැහි බිඳු වල හැඩය........
A - කඳුළු බිඳුවකට සමාන නොවේ
B - මි.මි. 2 ට අඩු - ගෝලාකාරය
C - මි.මි. 2 ට වැඩි - හැම්බගර් බනිසයකට සමානය
D - මි.මි. 5 ට අඩු - පැරෂුටයකට සමානය
E - මි.මි. 5 ට වැඩි - කුඩා කොටස් වලට බිදී යයි
ඉතින් දැන් වත් වැහි බින්දුව කඳුලු බිඳුවක් වගේ නෙමෙයි කියලා දැනගන්න..
මේ බව ලේසියෙන්ම තහවුරු කරගන්න පුලුවන් හොඳ පසුබිමක් ඉස්සරහින් වැස්ස වහිනකොට Cyber-Shot කැමරාවකින් හෝ Steady Shot option එක තියන වෙනත් කැමරාවකින් පින්තූරයක් අරගෙන..
මොනවා උනත් වැස්ස නිසා පොළව වෙත එන සියලුම වැහි බිංදු පොළොවට පතිත වන්නේ නැති බව ඔයාලා දන්නවාද ?? බොහෝ විට ඒවා මගදී නැවත වාෂ්ප වෙලා යනවා.
මේකට හේතුව තමයි පහළ වායුගෝලයේ ඇති පීඩනය හා උෂ්ණත්වය.
කාන්තර ප්‍රදේශ වල මෙය බහුලව දකින්න පුලුවන්..
ඒක නිසා තමයි කාන්තාර වලට වැස්ස නැත්තෙ... (නැත්තෙමත් නෑ.. :p )
ලෝකයේ වියළිම තැන වන චිලී රටේ ඇටකාමා කාන්තාරයටත් අවුරුදු 470කට පස්සෙ වැහැල තියෙන්නෙත් 1960 ගනන්වල...
අවුරුද්ද නම් මට හරියටම මතක නැහැ...
විකිපීඩියාව ඇසුරිණි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment