සොයන්න:

මුරලිගේ නවතම වාර්තාව !!


ක්‍රිකට් වලින් ලෝකය හොල්ලපු අපේ මුරලි ගැන හැමෝම දන්නවා...
ඒ උනත් මුරලි අන්තර්ජාලයෙත් නව වාර්තාවක් තියපු එක ගැන දන්නෙ කී දෙනාද ??
හැබෑටම මොකක්ද මේ මුරලි අන්තර්ජාලයේ තියපු වාර්තාව ??


ඒ තමයි ශ්‍රී ලාංකිකයෙකුගේ සමාජ ජාල වෙබ් අඩවියකට පිවිසුන වැඩිම ජන සංඛ්‍යාව වාර්තා කිරීම...
ඒ වගේම මුරලිගේ ටෙස්ට් කඩුලු 800 ලබා ගැනීම Twitter සමාජ ජාල වෙබ් අඩවියේ දැනට වඩාත්ම කතා බහට ලක්වූ මාතෘකා අතර තුන් වන තැනට පැමිණීම..

වාර්තා වලට අනුව මුරලිගේ Twitter කෙටි පණිවුඩ සේවය වටා රොක් වූ ජන සංඛ්‍යාව දශ ලක්ෂ 190 ඉක්මවූ බවයි පැවසෙන්නේ .. ඒ කියන්නෙ 190,000,000 +
ඒ විතරක් නෙමෙයි Twitter වෙබ් අඩවියේ ලෝකයේ වැඩිම මිතුරන් ප්‍රමාණයක් සිටින දස දෙනා අතරට එන්නත් මුරලිට හැකි වෙලා තියෙනවා...
කාටද ආඩම්බර ??

මේ නව අන්තර්ජාල වාර්තාව තැබීමට මුරලිට හැකි උනේ මුරලි තම ටෙස්ට් දිවියේ 800 වන කඩුල්ල දවා ගැනීමෙන් අනතුරුව තැබූ ලෝක වාර්තාවට සුබ පැතීමට ලොව පුරා සිටින ඔහුගේ ක්‍රීඩා ලෝලීන් Twitter හරහා ඔහුට සුබ පැතීමට එක්වීමත් සමගයි..

තවත් විශේෂත්වයක් වන්නේ ඔහුගේ ප්‍රතිවාදී ක්‍රීඩකයන් දෙපලක් වන ඕස්ට්‍රලියාවේ ෂේන් වෝන් සහ දකුණු අප්‍රිකාවේ ග්‍රේම් ස්මිත් ද එදින Twitter හරහා මුත්තයියා මුරලිදරන්ට සුබ පැතීමයි..

මෙන්න සාක්ෂි !! :D

Lalit Modi
Lalit Modi (Former IPL president):
Congrats to murali on his 800th wicket. You are the best. Well done my friend.



Shane Warne :  
Congrats to murali on his 800th wicket and a wonderful career !!!
Well done buddy awesome…



WisdenCricketer
Congratulations to Murali for finishing on 800 Test wickets.
Wonder if Darrell Hair has sent him a congratulatory text message?

Graeme Smith (South African Cricketer) : Murali 800 test wickets!!!!brilliant.great test career and a really good man.glad I don’t need to face him in test cricket again:)

Cricket South Africa : 800 wickets to Murali! Legendary!#cricket

2 comments:

Naveen Madhawa said... [Reply to comment]

http://www.amisampath.com/2010/07/how-we-made-murali-trending-on-twitter.html


මචන් ඔන්න ඕක කියවල බලන්න.. අපි කොහොමද මුරලිව(#murali) ට්විටර් එකේ trending topic එකක් කලේ කියල..

Bhagya Sanuka said... [Reply to comment]

හා හා !! #murali

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe