සොයන්න:

මුරලි සහ මාලිංග පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටද බිය ගෙනදේ !

මේක ලියන්න හිතුනේ,
ඕස්ට්‍රේලියාව හමුවේ අපේ පුංචි රට අද ලබාගත් අනපේක්ෂිත ජයග්‍රහණය නිසා..
ඒ වගේම අද ශ්‍රී ලංකාව කියන නම ඉදිරියේ ලියවුනු තවත් ලෝක වාර්තාවක් නිසා..

ඔව්.. මාලිංග සහ මැතිව්ස් එම ඇදහිය නොහැකි ජයග්‍රහණය ස්ථීර කලා !!
ඒ එක්දින ජාත්‍යන්තර ඉතිහාසයේ තරඟයකදී නමවන කඩුල්ල සඳහා ක්‍රීඩකයන් දෙදෙනෙක් විසින් රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාව තමන්ගේ නම් ඉදිරියේ සටහන් කරගනිමින්...
එක කිසිදිනක කැඩීමට තබා ආසන්නයටවත් ඒමට නොහැකි වාර්තාවක්...


කුමාර් සංගක්කාර හදිසියේ එල්ල කරන්නට ගිය ඒ පැඩ්ල් ස්වීප් පහර ඔහුගේත් ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරන්නක් බවට පත් වුනේ පරාජිත මානසිකත්වයක් කරා යමින් තිබූ අප තවත් ඒ තුලට ඇද දමමින්..ඒ වගේම සංගා ලකුණු 49කදීම දැවීයාමත් දෛවයේ සරදමක්දෝ කියලත් හිතුනා..
ඒ තරම්ම මානසික තත්වය පහළ වැටෙන තැනට තමයි කටයුතු සිද්ද උනේ...
මහේල, චාමර, තිසර, රන්දීව් අවාසනාවන්ත ලෙස දැවීගියේ තරඟය නරඹන්නන් බොහෝ දෙනෙක්ගේ රූපවාහිනී යන්ත්‍ර නිවා දමන තැනට කටයුතු සලසමින්..
තරඟය විදිහටයි ඉදිරියට ගියේ....

නමුත් තරඟය පුරාවටම එක් නිහඬ ක්‍රීඩකයෙක් ඉවසීමෙන් තරඟය දෙස බලා සිටියා..
තරඟය තුල තමන්ටත් වාරයක් එන බව තරඟය ඉදිරියට යන අයුරින් ඔහු තේරුම් ගත්තා..
ඒ මුරලි !!

ඒ ඉවසීමෙන් උපරිම ප්‍රයෝජන ගත් මුරලි අවසානයේදී ඉතාමත් විශිෂ්ට හතරේ පහරක් එල්ල කලා..
අවසාන කඩුල්ලේ සිටින ක්‍රීඩකයෙක් හතරේ පහරක් එල්ල කිරීමේ පුදුමයක් නැතත් ජයග්‍රහණය පෙනි පෙනී එල්ල කරන හතරේ පහරක වටිනාකම ශතකයක් ලබාගැනීම හා සමාන බව මුරලි ඔප්පු කලා..
ඒ මාලිංගගේ දැවී යාමට සහ එතෙක් තමන් සමඟ කඩුල්ලේ රැඳී සිටි මැතිව්ස් රැස් කල ලකුණු වලට නියම වටිනා කමක් එක් කරමින්..

අන්තිමට නියපොතු කැවෙන අන්දමේ හතරේ පහරක්...
ඔව් හොඳට නියපොතු කකා බලපු තරඟයක් !!
(මම නම් නෙමෙයි..)

හරි විස්තර විචාරය ඉවරයි!!
අද හොඳට නින්ද යයි...
කමෙන්ට් එකක් දාලම යන්නකෝ !! :D

11 comments:

THiRaA said... [Reply to comment]

මාත් හිතින් අත ඇරලා හිටිය තරගයක්.... ඒත් ක්‍රිකට් කියන්නෙ අවිනිශ්චිත ක්‍රීඩාවක් කියන එක මේ තරගය පුරාවට ම තිබ්බා...... සිංහලෙන් කිව්වොත් මැක්සා මැච් එකක්...... ;)

Bhagya Sanuka said... [Reply to comment]

එළම එල තිරෝ !! අනිවා..
අද රෑට ආයෙත් බලන්න පෝලිමේ ඉන්නත් එපැයි...
;)

THiRaA said... [Reply to comment]

හිකිස්...!

හිස් අහස said... [Reply to comment]

නියම මැච් එක මම නම් දිගටම බැලුවා .අපේ කොල්ලෝ කාටවත් දෙවනි නෑ

ජයවේවා !!

Unknown said... [Reply to comment]

pattaaaaaaaiii

Anonymous said... [Reply to comment]

elzzzzz
maxxa

Tharindu Chat said... [Reply to comment]

කවදාවත් නැතුව මාත් අද TV එකෙන් අයින් වෙලා පොඩි නින්දකට ගියා, ඒ කවදාවත් Aus වලට එරෙහිව කිසිම රටක් විකට් 2ක් තියෙද්දි මේ වගේ ගැහිල්ලක් ගහලා නැති හින්දා.....

Take a bow Mathews and Malinga!!!!

යන්තම් peo tv එකට හින්දා ආයෙත් සම්පූර්ණ match එකනන් බලාගත්තා..... :D

Anonymous said... [Reply to comment]

ෂික් මම TV එක වැහුවනේ 6/87 කවුද හිතුවේ ගහයි කියල.. අපේ කොල්ලන්ට ජයවේවා !

Bhagya Sanuka said... [Reply to comment]

අද රෑ 10ට (දැන්) චැනල් eye බලන්න...
මැච් එක යනවා... :)

නැත්නම් තරිඳු වගේ PEO TV පාවිච්චි කරන්න...
SLT රොක්ස් !! ;)

Anonymous said... [Reply to comment]

Hi All
We were there (MCG). Not many Aussies present but nearly 15000 Sri Lankans. This was the best match after the 1995 match Jayasooriya and Kaluwitharana bashed Aussies during first 15 overs.

~RiDER~ said... [Reply to comment]

අම්මෝ ඔව එදා නම් හොඳට නින්ද ගියා

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe