සොයන්න:

ෆ්ලොපි ඩිස්ක් ? නිකං මතකයි මතකයි වගේ ...


ලෝකෙ කොච්චර දියුණුද? Ms Office පැකේජ් එකත් දැන් අලුත් වෙලා, නමුත් අලුත් Ms Office 2007 එකේ වගේම Ms Office 2010 එකෙත් Save කරන command එකට තියන අයිකන් එකට මොකක්ද දාල තියෙන්නෙ කියල පොඩ්ඩක් හිතල බලන්න ... ඔව්! ඒ ෆ්ලොපි ඩිස්ක් එකක අයිකන් එකක් !! ඒකෙන් මොකක්ද කියන්න පුලුවන් ... ෆ්ලොපි ඩිස්ක් එක මෙච්චර කාලයක් පරිගණක ලෝකයට කරපු සේවය අගයමින් කරපු හොඳම ස්මාරකය තනලා තියෙන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම කියන එක තමයි ...

ෆ්ලොපි ඩිස්ක් එකට ස්මාරකයක් හැදීමක් ගැන කතා කරන්නේ දැන් එය මියැදෙමින් සිටින නිසාදැයි කෙනෙක් අහන්න පුලුවන්.. නමුත් එය ඇත්තක් ... මේ ගෙවන්නේ එහි අන්තිම කාලයයි..

මට තාමත් මතකයි ඉස්කෝලේ 6 (2002) වසරෙ ඉන්නකොට පන්තියේ සර්ට අහුවෙන්නෙ නැතුව හැමදාම ෆ්ලොපි ඩිස්ක් එකක මිනික්ලිප් ගේම්ස් පිරෙන්න ගෙනියනවා.. ඒවා පන්තිය පුරාම බෙදපු මම තමයි ඒ කාලේ ගේම් ඩිස්ට්‍රිබියුටර්.. මේක කොහොමහරි 8 (2003) වසර වෙනකන් තිබ්බා .. Re-Writable CD ආවත් මගේ ප්‍රියතම මිතුරා උනේ ෆ්ලොපි එකමයි.. ඒ කාලේ Re-Writable CD ගනන් නිසා ෆ්ලොපි ඩිස්ක් එක හැම අතින්ම අපේ වාසියට තමයි හිටියේ ..පොඩි කාලේ හැමදාම මම ගෙදර එන්නේ නෙට් එකෙන් මිනික්ලිප් ගේම්ස් ටිකක් බාලා ෆ්ලොපි ඩිස්ක් ටිකක දාගෙන බෑග් එකේ හිඩ්න් පොකට් එකට දාගන්න එක.. පොඩි කාලේ ඉඳන්ම මට ලොකූ නිදහසක් (ඒක නම් මාරම මාර නිදහසක් ) දුන්න මගේ තාත්තත් මේකේ වැරැද්දක් දැක්කේ නෑ.. සමහර දවස් වල මම දන්නෙත් නැති ගේම්ස් එක එක සයිට්ස් වලින් බාලා එකකම දාල ගෙනත් දෙන්නෙත් තාත්තමයි ... මට play කරල යාලුවොන්ටත් දෙන්න ... ඒ තරම් සොඳුරු අතීතයක් මට වගේම එකටත් ෆ්ලොපි ඩිස්ක් තිබුනා...

මට මතකයි මම දෙතුන් සැරයක් 7 (2003) වසරෙදි ගේම්ස් ගෙනිහින් මාට්ටු වෙලා දෙමාපිය රැස්වීමෙදි තාත්තලා ගෙනල්ලා මට බැන්නා ... එදා ගෙදර ගිහිල්ලත් තාත්තා මට මොනවත්ම කිව්වේ නෑ ... ඊට පස්සෙ දවසෙත් මම සුපුරුදු වැඩේටම බැස්සා ... ඔන්න ඔහොමයි මගේ පොඩ්ඩා කාලේ ජීවිතෙත් එක්ක ෆ්ලොපි ඩිස්ක් එකේ තිබ්බ බැඳීම..

හ්ම්.. ෆ්ලොපි ඩිස්ක් ගැන පොත් ගොඩාක් කියවල ලබාගත්ත දැනුම බොහොමයි... නමුත් ෆ්ලොපි ඩිස්ක් වලට අත් වෙලා තියන ඉරණම ගැන නම් දුකයි .. තව අවුරුදු 25-ක් 30ක් ගියාට පස්සෙ ෆ්ලොපි ඩිස්ක් එකක් හොයාගන්න වෙන්නෙ පොළවෙන් තමයි.. ඒ ෆ්ලොපි ඩිස්ක් ෆොසිල !! මටත් අපේ වත්තෙ තිබිලා ෆ්ලොපි ඩිස්ක් ෆොසිල්ස් දෙකක් තුනක් හම්බුනා.... ඒවා ඉතින් අර වැඩ කරන්නෙ නැති ෆ්ලොපි ඩිස්ක් වලින් පොඩි කාලේ බූමරංග සෙල්ලම් කරනකොට විසි වෙලා හොයාගන්න බැරි වෙච්ච ඒවා...  අපේ ගෙදර නම් ඒ කාලේ ඉඳන්ම ෆ්ලොපි ඩිස්ක් හැම තැනම... තාමත් අපේ ගෙදර CDs වලට වඩා ෆ්ලොපි ඩිස්ක් තියනවා.... මේසෙ උඩයි කාමරෙයි.. එක එක තැන් වල... මොනවා උනත් තාත්තා නම් ෆ්ලොපි ඩිස්ක් පෙට්ටි දෙකක් තුනක් අල්මාරියේ අරන් තියාගෙනමයි ඉන්නෙ කෝකටත් කියලා... අනික අපේ ඔර්ගන් එකටත් දාන්න පුලුවන් Floppy නෙ.. :)  හැබැයි කරුමෙටම දැන් Sony එකත් ෆ්ලොපි ඩිස්ක් හැදිල්ල නවත්තන්නයි යන්නෙ...
එහෙම උනොත් අර ෆොසිල ටිකක් අරන් ෆොසිල ඉන්ධන වලින් වත් ඕර්ගන් එක දුවවන්න විදිහක් බලන්න වෙනවා... ලොල්

කෝකටත් කියලා ඔයාලත් දැන්ම ඉඳලම ෆ්ලොපි ඩිස්ක් දෙකක් තුනක් අරන් තියාගන්නකෝ අනාගතේදි බලලා ආඩම්බර වෙන්න පුලුවන් වෙයි...




මේ වගේ අනං මනං අපිත් පොඩි කාලෙ හැදුවා මතකයි... මේ වගේ දේවල් ඔයාලට උනත් හදාගන්න පුලුවන් ඔය විසි කරන ෆ්ලොපි වලින්..

ආහ්!! ආසාවක් ආවද ?? හරි... ඔන්න එහෙනම් මේ වගේ ඒවා දෙකක් තුනක් හදන හැටි මම කියලා දෙන්නම්කෝ ඊලඟ පෝස්ට් දෙක තුනකින්... ෆ්ලොපි ඩිස්ක් ටිකක් ලෑස්ති කරගෙන ඉන්ඩෝ !!!! කෝකටත් ෆ්ලොපි ඩිස්ක් ගැන පෝස්ට්ස් හොයාගන්න ලේසි වෙන්න Floppy Disks කියලා ලේබල් එකක් දාන්න ඕනේ... මගේ පරණ මිත්‍රයව කොහොම අමතක කරන්නද ?? ෆ්ලොපි ඩිස්ක් එක නිර්මාණය කිරීම පිළිබඳව ඇමරිකාවේ IBM ආයතනයට මගේ ප්‍රණාමය... !!

එහෙනම් මම යනෝ... Floppy Disk වලට ජය වේවා... :p

12 comments:

හසිත ජයසූරිය said... [Reply to comment]

පොඩි එකාට මාර ආසාවල් නෙ තිබිල තියෙන්නෙ...:P

Bhagya Sanuka said... [Reply to comment]

නැතුව නැතුව.. අපි එහෙම තමා...
ගීක් ! ගීක් !! :p

Praසන්ன said... [Reply to comment]

යකෝ ෆ්ලොපි ඩිස්ක් වලින් මේව කරන්න පුලුවං කියල දැනගත්තෙ අදනෙ. මරු

Unknown said... [Reply to comment]

මං ගාව නම් ෆ්ලොපි ඩිස්ක් නැහැ මම ෆ්ලොපි පාවිච්චි කරලත් නැ‍හැ මොකද මම මැෂින් එක ගන්න කොට ඒකට ‍ෆ‍්ලොපි ඩ්‍රයිව් එකක් ආවෙ නැහැනේ :-(

Bhagya Sanuka said... [Reply to comment]

හිහ් හිහ් !!
බලන්නකො ඊලඟ පෝස්ට් වලින් මම ෆ්ලොපි එක්ක සෙල්ලම් දාන්න කියලා දෙනවා...
CD වලට වඩා කැපෑසිටි අඩු උනාට CD වලට මේවා තරම් ලස්සන සෙල්ලම් දාන්න බෑ..
එන්න ඒකයි මම ෆ්ලොපි එකට මෙච්චර ආදරේ.. හිහ් හිහ්හ්!!

ඊලඟ පෝස්ට් වලින් මම කියල දෙන්න හිතන් ඉන්නෙ ගීක් කෙනෙක්ගෙ කාමරයක් ෆ්ලොපි ඩිස්ක්ස් වලින් ලස්සන කරගන්නෙ කොහොමද කියලා...

Amila Chathuranga said... [Reply to comment]

ෆ්ලොපියට ගිය කල..

Kanishka said... [Reply to comment]

මගේ ගාව තියේ පැකින් වත් ‍‍නොකඩපු Imation floppy disk 10 pack එකක්. අනාගතේට තියන් ඉන්නවා :D

බුද්ධික said... [Reply to comment]

I even got MS Windows setup floppy disks,and huge collection of 5.25" Floppy disks too :) I last tried to use them in 2004 or 5 but that drive didn't work well :(

Tharindu Chat said... [Reply to comment]

බොරු කියන්න එපා බන්.. 2001දි උඹ කොහොමද 6 වසරට ගියේ??

Bhagya Sanuka said... [Reply to comment]

@Praසන්ன
හිහ් හිහ්!! ෆ්ලොපි වලින් කොච්චර දේවල් කරන්න පුලුවන්ද අයියෙ.. :D අපේ පොඩි කාලෙ තරඟ ඉසවු වල තිබ්බ ඩිජිටල් කව පෙත්ත විසි කිරීමේ තරඟත්.. ඒවාට පාවිච්චි කලෙත් ෆ්ලොපිම තමා...

Chamira
උඹ මේ පින්තූර බලලවත් අදහසක් ගනින් කොලුවො ෆ්ලොපි එකක් කියන්නෙ මොකක්ද කියලා.. ලොල්

@indi
බලන්න CD එකට වැඩිය මේ කොලුව කොච්චර ජනප්‍රියද කියල... :p

@Kanishka | කණියා
පස්සෙ බැරියැ වෙන්දේසියකට වත් දාන්න..
ෆ්ලොපි ඩිස්ක් එකක් ඩොලර් දාහයි ! ෆ්ලොපි ඩිස්ක් එකක් ඩොලර් දාහයි !! ෆ්ලොපි ඩිස්ක් එකක් ඩොලර් දාහයි !!!

@බුද්ධික
ඔය ලොකු ඒවනම් මා ගාව නෑ.. :(

@Tharindu Chat
අනේ මන්ද බං ඒක තමයි මාත් බැලුවෙ.. :p
හදිස්සියට ලියන ඒව බං.. ඔන්න හරි ගැස්සුව...
උඹට දවසක් එහෙමෙහෙ උනත් හරි නෑ නෙ.. ලොල්

සංකල්පනා -(රුවන්) said... [Reply to comment]

නියම අතීතාවර්ජනයක්!!!
මාත් ඔය අවුරුද්දේ වගේ තමා floppy යක් අන්තිමට පාවිච්චි කරන්න ඇත්තේ...හොඳ අදහසක් floppy 2-3ක්වත් හොයාගෙන සංරක්ෂණය ක‍රගන්න ඕනේ අනාගතේ පොඩි එවුන්ටත් පෙන්නන්න. නැත්තන් ඒක පෙන්නනත් කටුගෙට යන්න වෙයි හික්ස්...

Shenya de Silva said... [Reply to comment]

:D :D
mata mathaka widiyata floppy disk hadana eka nawaththuwa giya awurudde mada
:D

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe