සොයන්න:

ගණිතඥයාගේ වයස කීයද ??

ඔබේ වයස කීයද යන ප්‍රශ්නය ගණිතඥයෙකුගෙන් ප්‍රශ්න කරන ලදුව ගැටලු සහගත මෙවන් පිළිතුරක් ඔහුගෙන් ලැබුණි..

"තව අවුරුදු තුනකට පසු මගේ වයසින් තුන් ගුණයක් ගන්න..
එයින් අවුරුදු තුනකට පෙර මගේ වයසේ තෙගුණයක් අඩු කරන්න..
එවිට මගේ වයස ඔබට ලැබෙනු ඇත.."

ඔහුගේ දැන් වයස කීයද ??
මෙය අපහසු ගැටලුවක් නොවේ.. කල යුත්තේ මදක් සිතීම පමණි..
සරලවම කියතොත් මෙය ඉතාමත් සරල ගැටලුවෙකි..
පිළිතුර සමඟ එය ලබාගත් අන්දමද ලියා තැබීමට අමතක නොකරන්න...
සැලකිය යුතු පිලිතුරු සංඛ්‍යාවක් ලැබුණු පසු අදාල පිළිතුරු ඊළඟ පැනයත් සමඟ පළ කිරීමට බ්ලොග් කරුවා බලාපොරොත්තු වේ...

පිළිතුරු  යාවත්කාලීන කරන ලද්දේ 12/11/2010 දින ප.ව 10.30ට ය.


මෙය අංක ගණිතමය ලෙස විසඳීම පැටලුම් සහගත වුවද වීජ ගණිතමය සමීකරණයක් ගොඩ නැගීමෙන් පහසුවෙන්ම විසඳිය හැක...
වයස X ලෙස සළකා අවුරුදු 3කට පසු වයස X+3 සහ අවුරුදු 3කට පෙර වයස X-3 ලෙස ගෙන, අවුරුදු තුනකට පසු වයසින් තුන් ගුණය 3(X+3) ද අවුරුදු තුනකට පෙර වයසේ තුන් ගුණය 3(X-3) ලෙසද ගෙන ඒවායේ අන්තරය දැන් වයස වන X ට සමාන බව සැළකීමෙන් අපට පහත සමීකරණය ලැබේ..

3(X+3)-3(X-3) = X
3X + 9 -3X + 9 = X
එවිට X = 18 ලෙස පහසුවෙන් පිළිතුර ලැබේ..

මෙහි සත්‍ය අසත්‍යතාවය පිරික්සා බලමු..
අවුරුදු තුනකට පසු ඔහුගේ වයස 21 කි.. අවුරුදු 3කට පෙර වයස 15කි..
(3 x 21) - (3 x 15) = 18
63 - 45 = 18 වේ !!
එම නිසා ගණිත පංඩිතයාගේ දැන් වයස අවුරුදු 18කි..

11 comments:

Anonymous said... [Reply to comment]

මම හිතන්නෙ 18 කියලා
මොකද:
Let "x" be his current age
3(x + 3) - 3(x - 3)
=3x + 9 - 3x + 9
=9 + 9 = 18

-- තරුණ ගණිතඥයෙක්

Prashan Fernando said... [Reply to comment]

3(X+3)-3(x-3) = 18

පූසා said... [Reply to comment]

දැන් වයස ලෙස x සලකමු
එවිට
තව අවුරුදු තුනකට පසු වයසින් තුන් ගුණය = 3(x+3)
අවුරුදු තුනකට පෙර වයසේ තෙගුණයක් = 3(x-3)
එමනිසා ඔහුගේ වයස
x = 3(x+3)-[3(x-3)]
= 3x + 9 - 3x + 9
= 18

Anonymous said... [Reply to comment]

හා.... හා.......
වයි. පෙරල්මාන් ගෙ ගණිත විනෝදය කියවලා වගේ......

harsha hettiarachchi | harsha media said... [Reply to comment]

dan wayasa =x nam
(x+3)3-(x-3)3=X
18=x

budhajeewa said... [Reply to comment]

Assuming "x" is the age,

x = 3(x+3)-3(x-3)
x = 3((x+3)-(x-3))
x = 3(x+3-x+3)
x = 3(3+3)
x = 3×6
x = 18

Anonymous said... [Reply to comment]

y = 3(x+3)-3(x-3) = 3x + 9 - 3x + 9 = 18

ගණිතයාගේ වයස = 18

mali_89 said... [Reply to comment]

18

Gayan K (ගයියා) said... [Reply to comment]

මට හිතෙන්නේ අවුරුදු 18 කියලා............

Bhagya Sanuka said... [Reply to comment]

@Anonymous
හරියට හරි.. පොඩි වැඩ !! තරුණ ගණිතඥයෙක්ම තමා !!
පොඩි කොල්ලෙක්.. :D
ඒත් Anonymous කමෙන්ට්ස් දාන එකනම් එච්චර හොඳ වැඩක් නෙමෙයි කොලුවා...

@Prashan Fernando සහ පූසා
එළ !! :D

@Anonymous
උපුටා ගන්නා ලද්දේ වයි.පෙරෙල්මාන්ගේ (Yakov Perelman) ගණිත විනෝදය(Mathematics Can Be Fun) පොතෙනි..
මෙවැනි ගණිත ගැටලු ඉතා පහසු උවද මේ සඳහා පෙරෙල්මාන්ගේ ගැටළුවක් ඉදිරිපත් කිරීමට හේතුව ඔහුගේ ඉදිරිපත් කිරීමේ හැකියාව ගැන මා තුල ඇති පැහැදීම නිසා මිත්‍රයා.. :D
මම අදටත් ලාංකීය සාහිත්‍යයට වඩා රුසියානු සාහිත්‍යයට කැමතියි..
ආසයි අඳුරගන්න මේ වගේ පොත් තියන අයව.. මම මේවත් එක්ක සෙල්ලම් කලේ 4-5 වසරෙදි.. සමහර අමාරු ගණන් මම දවස් ගණන් හදන්න බැලුවා.. අමාරුම ගනන් නම් උත්තරේ බලන් හිත හදාගත්තා.. ලොල්

පිළිතුරු ඉදිරිපත් කල harsha hettiarachchi, budhajeewa සහ Anonymous අයටත් ස්තුතියි...

mali_89 සහ ගයියා...
කෝ හදපු හැටි.. ලොල්...
එළ එල !! ඊලඟ පාරෙදි හදන හැටි දාන්නත් අමතක කරන්න එපා.. :D

T. S. T. de Silva said... [Reply to comment]

3x3-X(-3)x3
=18
සිම්පල්

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe