සොයන්න:

නැතිවුන ජංගම දුරකථනයක් සොයාගන්න හැටි !

ඔන්න ජංගම දුරකථන කියල අලුත් Category එකක් පටන්ගන්න හිතුනා ...
ඒකෙ පලවෙනිම post එකත් කියවන්න වටින එකක් වෙන්න එපැයි ...

ඔන්න මම තවත් අලුත් වැඩක් අරගෙන ආවා ...
මේක කොච්චර වටින ලිපියක්ද කිව්වොත් මේක ඔයගොල්ලොන්ගේ අතේ තියන ජංගම දුරකථනය තරම් ම වටිනවා..
ඔයගොල්ලොන්ට නම් හිනා යයි ...
කියෙව්වට පස්සෙ තමයි තෙරෙන්නේ ...

මම ඕකට නියම සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්නේ ...

Kaspersky®

Mobile Security 9


මේකේ තියන වැඩ ටික නම් කියල වැඩක් නෑ !!

මම තාම ඉස්කෝලේ යන කොල්ලෙක් ....
( රස්සාවක් නැතත් මේ ගාන වගේද ෆෝන් එක ?? ;)  )

ඕනෙ නම් සති දෙකක අත්හදා බැලීමේ සංස්කරණයක් Download කරගන්න පුලුවන් මේගොල්ලන්ගේ නිල වෙබ් අඩවියෙන්...

මෙන්න මේගොල්ලොන්ගේ සයිට් එකේ තිබ්බ විදිහට මේකෙන් ලැබෙන සේවාවන්
කිහිපයක් ...
Remotely Block your phone if  it is lost or stolen. Just send a
predefined SMS to your phone and your device will be blocked and no-
one will be able to access its contents. You can even choose to
remotely Wipe  your data.

You can locate your smartphone using GPS Find. Just send an SMS with
the appropriate password to the missing device and you will receive a
link to Google Maps showing the exact location of the device.

Set a prearranged message that will be displayed on the screen if the
smartphone is blocked, allowing any law-abiding citizen that finds
your smartphone to return it to you.

The first thing a thief normally does is to remove your smartphone’s
SIM card. If the SIM is replaced, SIM Watch will immediately block the
device and send you an email with the new number.

මෙන්න ලින්ක් එක ..
http://www.kaspersky.com/kaspersky_mobile_security

මේක ක්‍රියාත්මක වෙන හැටි බලන්න මේ සබැඳියට ගිහින්ම බලන්න ...
http://www.kaspersky.com/mobile_security

මේකෙන් ඔයාගේ ෆෝන් එක නැති උනොත් වෙන සිම් එකක් දැම්මොත් ඒ දාපු සිම් එකෙන් ඔටෝ ඔයා කලින් දාපු නම්බර් එකකට ඒ සිම් එකේ නම්බර් එක එවනවා...

එතකොට ඔයාට සේවා සැපයුම්කරුට කියල නිකංම ෆෝන් එක ලැබෙනවා ..හොයාගන්න
පුලුවන් ඒ නම්බර් එකට රෙජිස්ටෙර් වෙලා ඉන්න කෙනාව අල්ලගත්තගමන් ...
ඒත් එක්කම හරියටම දැන් ෆෝන් එක තියන තැන බලාගන්න ඕනේ නම් අර ඔයාට sms එකකින් ආපු නම්බර් එකට sms එකක් යැව්වම හරි. ඒක යවන්න ඕනේ ආකාරය පහත තියනවා.
Find:123456789
මේකේ 123456789 වෙනුවට ඔයාගේ කැස්පර්ස්කයි ඇන්ටිවයිරස් එකට ප්‍රවේශ වීමේදී අසන මුරපදය තමයි දාන්න ඕනේ..

ඉතිං ඔයා එහෙම sms එකක් යැව්ව ගමන් දැන් ෆෝන් එක තියන තැන අක්ෂාංශ සහ දේශාංශ සහිත Geo මැප් එකක් ඔයාගේ e-mail එකට එවනවා..
( මේ e-mail ලිපිනය සකස් කරන්න පුලුවන් පහසුවෙන් )

දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එයි ඔයා ඒ සොෆ්ට්වෙයා එකට දාපු පාස්වර්ඩ් එක ඔයාට sms මගින් ලැබුනු අංකයට යැව්වම ඒක ඒ පුද්ගලයාට ලැබුනම ඔයාගේ ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයා එකට පහසුවෙන් ඇතුල් වෙලා ආරක්ෂක විධාන අහෝසි කරන්න  බලතල ලැබෙනවා නේද කියන එක??
මටත් ඔය ගැටලුව තිබුනා... මට හිතුනා මේගොල්ලෝ encript කරලා පාස්වර්ඩ් එක පෙන්වනවද කියලා කියලා ....

ඉතින් මම කෝකටත් මගේ වින්ඩෝස් මොබයිල් එකට මගේ අනිත් සෝනි එරික්සන් ෆෝන් එකෙන් අර විදිහට පාස්වර්ඩ් එකත් එක්ක මෙසේජ් එකක් යැව්වා... ඊට පස්සෙ මම ආපු මෙසේජ් එක බැලුවා.. මෙන්න මේ වගේ තමයි තිබ්බේ..
Find:IKJDF5EWVB78WWMVLBW59GDD5VD
ඒ sms එක ඉබේම මෘදුකාංගය හඳුනාගෙන කියවන කෙනාට විකෘති කරල තමයි පෙන්නන්නේ... කොහොමද වැඩේ ??
මේක decript කරන්න පුලුවන් අර සොෆ්ට්වෙයා එකට විතරක් නිසා අර හොරා අතට පාස්වර්ඩ් එක යන්න කිසිම විදිහක් නැහැ..

ඒ විතරක් නෙමෙයි sms එකක් යවලා ඔයාට ඕනෙ නම් ඔයාගේ ප්‍රයිවෙට් ඩේටා ඔක්කොම මකල දාන්නත් පුලුවන්...
ඒ කියන්නේ ඔයාගෙ contacts, messages, personal files ඔක්කොම මකලා දාන්න පුලුවන්...
ඒ සඳහා කරන්න තියෙන්නේ කලින් විදිහටම මෙසේජ් එකක් යවන්න... ඒක යවන්නේ මෙහෙමයි..
Wipe:123456789

ඒ විදිහට ඔකොම දත්ත ඔක්කොම delete උනාට පස්සෙ ඒක තහවුරු කිරීමේ sms එකක් ෆෝන් එකට එනවා..

හැබැයි මේක වැඩ කරන්නේ,
* Microsoft Windows Mobile 5.0, 6.0, 6.1, 6.5, 6.5.3
*  Symbian OS 9.1, 9.2, 9.3, 9.4 Series 60 (Nokia smartphones only)
යන මෙහෙයුම් පද්ධති වල විතරයි...
ඒක නිසා මගේ වින්ඩෝස් මොබයිල් එකත් දැන් ආරක්ෂිතයි ...

ඒ පිළිබඳ විස්තර පහත සබැඳියෙන් ලබාගන්න ..
http://www.kaspersky.com/mobile_downloads

එහෙම නැතුව නැති උන දුරකථනයක් සොයන්න උත්සාහ කරනවනම් මුලින්ම ඔයාගේ සේවා සැපයුම්කරුට මේ පිළිබඳව
දන්වන්න...
ඒකට ඔයාගේ දුරකතන අංකය පමණක් දැනගැනීම ප්‍රමානවත් ...
ඒගොල්ලෝ ඒ දුරකතන අංකයට අන්තිමට දාපු ෆෝන් එකේ IMEI අංකය එතනින් හොයාගෙන ඒ IMEI
අංකය තියන ෆෝන් එකට වෙන සිම් එකක් දැම්මොත් දන්වන්න අනිත් සේවා
සැපයුම්කරුවන්ටත් දන්වනවා... ඒකෙන් අලුත් සිම් එකක් දැම්මොත් වැඩේ අතටම
මාට්ටු ...

එහෙමත් නැත්නම් ෆෝන් එකේ IMEI අංකය තියනවනම් පොලිසියට ගියොත් සතියකින් වැඩේ ගොඩ....

මේ ඔක්කොම සත්‍ය අත්දැකීම් ඇසුරෙන් ලියුවේ...
ඒක නිසා තමන්ගේ ස්මාට් ෆෝන් එක පාරේ දාල ගියත් කමක් නෑ....
හැබැයි පාරේ දාලා ගිය ෆෝන් වලින් මම වග කියන්නේ ඉහත මෙහෙයුම් පද්ධති සහිත
ස්මාට් ෆෝන් වලට විතරයි .. ;)
ලොල්...

තව විස්තර ඕනේ නම් කමෙන්ට් එකකින් දන්වන්න...
මේ ලිපිය ගැන ඔයගොල්ලන්ගේ අදහස් ලියලා යන්නත් අමතක කරන්න එපා....

27 comments:

හසිත ජයසූරිය said... [Reply to comment]

වැඩේ නම් මරු...මැක්සා.. ඒත් ඉතින් අපිට කොහෙද ස්මාට් ෆෝන්?? ලොල්

ANURADHAPURAZONE බ්ලොග් කියවනය said... [Reply to comment]

මරැනේ මේ සොප්ට්වෙයා එකෙන් මම හිතනවා මිට වඩා වැඩ දාන්න පුලුවන් කියලා මගේ gfට දුන්නනම් ඔක ඉන්ස්ටොල් කරපු පොන් එක එයා ඉන්න තැන් අතටම අල්ල ගන්න පුලුවන් වෙයි තව හොරැ නටවන්නත් පුලුවන් එල ලිපියක් එලම තමයි තැන්ක්ස් මචන්

lakshitha said... [Reply to comment]

සොෆ්ට්වෙයා එකනම් මරු....highly recommended...........

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

@ හසිත කොලුවා : අඩේ මල්ලියා !
ඉස්සරහට බලමුකෝ... උඹ මටත් නයා පෙන්නයිද දන්නේ නෑ නේ ඉස්සරහට !!

@ ANURADHAPURAZONE : මචං හැබෑටම මට ඒක කල්පනා උනේ නෑ නේ! ;) ඒත් දැන් ඉස්සරහට හොරු ෆෝන් උස්සන එකත් නවත්තයි...
ඇයි ඉතින් නැත්නම් හිරේ යන එක ඉක්මන් වෙනවනේ !!

@ lakshitha : අනිවා!! මේවට වැඩිය හොඳ දේවල් කොහෙන්ද ??
highly recommendedම තමා !!!

හසිත ජයසූරිය said... [Reply to comment]

@Bhagya රාජපක්ෂ
මොන නයි ගැනද අයියන්ඩිය ඔබ පවසන්නේ??? :P :D

Lakshitha Madusanka said... [Reply to comment]

මම ලක්ශිත ..........
මචන් මමත් කැස්පර්ස්ක්යි දාල තියෙන්නෙ....
ඒත් ලයිසන් කෝඩ් එක නෑ.....
පුලුවන්නම් කැමතිනම් මට ඒකේ ලයිසන් එක දෙනවද.............මගෙ මාසෙකට ලයිසන් එක තියෙනවා...
ඔයා සල්ලි ගෙවල ගන්න නිස ඔරිජිනල් ලයිසන් එක ඇති කියල හිතනවා.............
මගෙ ෆෝන් එක E66 නොකියා..........සොෆ්ට්වෙයා එකනම් මරු...ලයිසන් එක නැතුව තමා දුක...ඔයා සල්ලි දීල ගන්න එක වෙන කෙනෙකුට නිකන් දෙන්න හිතෙයිද දන්නෙ නෑ ඒකයි කැමතිනම් කියල කිව්වෙ.......

මම හිතනව මේකට හොද උත්තරයක් ඔයා දෙයි කියලා......
thank uuuuuuuuuu....

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

මචන් මම මේක ගත්තේ සල්ලි වලට තමයි..
නමුත් මේ කී එක මම ඇක්ටිව් කලාට පස්සෙ වෙන කෙනෙක්ට දාන්න බෑ...
(කිසිම ඔරිජිනල් ලයිසන් කෝඩ් එකක් දෙන්නෙකුට පාවිච්චි කරන්න බෑ)
එහෙම දැම්මම උන්ට ඒක notify වෙනවා...
එතකොට අපි දෙන්නටම බඩු !!

ඔයා බොහොම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ...

Tweets that mention නැතිවුන ජංගම දුරකථනයක් සොයාගන්න හැටි ! | !!--[ LเŦє รtㄚlє ๒l๏g™]--!! -- Topsy.com said... [Reply to comment]

[...] This post was mentioned on Twitter by Royly. Royly said: නැතිවුන ජංගම දුරකථනයක් සොයාගන්න හැටි ! http://bit.ly/9ThEWa [...]

WIKI said... [Reply to comment]

maxax......post

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

තාම හොඳ මූලාශ්‍රයක් හොයමින් ඉන්නේ.....

හසිත ජයසූරිය said... [Reply to comment]

එල එල හොයන්න හොයන්න....හොයල නියම පෝස්ට් එකක් දාන්න

අලුත් තීම් එකනම් මැක්සා.....

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

තෑන්කස් කොල්ලා!! මේකෙ යුනිකෝඩ් අවුල්ද කොහෙද...
ඒත් මේකෙ කස්ටමර් කෙයා එක නම් ගොඩාක් හොඳයි බං..
මගේ RSS ප්‍රොබ් එක පැය 4න් විසඳල දුන්නා.....
මම මේ ප්‍රශ්නෙත් කියල බලනවා....
මොකද මට මේ තීම් එක නැති කරගන්න බෑ නේ...

හසිත ජයසූරිය said... [Reply to comment]

ඔව් මේ තීම් එක පට්ට ...තීම් එක මාරු නොකර වැඩේ කරගන්න බලන්න

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

අඩෝ උබ තාමත් මගේ බ්ලොග් එකේද ඉන්නේ ??

හසිත ජයසූරිය said... [Reply to comment]

හික්ස් ...මන් මේ දැනුම ගවේශනය කොරනව

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

කොරපං කොරපං !!

ashan said... [Reply to comment]

මරු tool එක !!

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

අනිවා....
අපේ වැඩ එහෙම තමයි...
:D

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

Dear Brian Wilt,
>>In searching for sites related to web hosting and specifically comparison hosting linux plan web, your site came up.

I don't know... how could it happen ?
I'm just a 18 years old blogger... :D
did you search it on Google ???
I'll check CEO options again.....

online term paper said... [Reply to comment]

If you keep on working on your imazing outcome close to this good post, will you please drop a line just about paper writing, because I try to purchase custom papers at the custom essay service.

buy essay said... [Reply to comment]

Your superior clue should be taken at the custom written essays, because it’s very easy to buy an essay using the very good writing services.

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

See...
My price is 1$ per 100 words... lol !!
Please don't SPAM !! :(

මහිම මදුරංග said... [Reply to comment]

malayo oitawdiya hoda free sofwear 1kak thiyanawane googlelage f-secure ekea sampuranawenma free ne

Anonymous said... [Reply to comment]

උස්සපු එකා පෝන් 1 මස් කරල spare parts වලට වික්කොත් මොකද වෙන්නෙ?

දේදුනු said... [Reply to comment]

thnks

මහිම මදුරංග said... [Reply to comment]

http://www.f-secure.com/en_EMEA/

Mobile phone wallpaper said... [Reply to comment]

Nokia c5-00 walata meka danna barida?

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe