සොයන්න:

"සූට් බූට් දිග කලිසම්..." - පිස්සු පූසා



සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්,
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..

තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා..
මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා..
හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා..
බොරු බේගල් ඇද බාලා...
සහචරයින් කරයි මුලා...

අන් කුසගිනි නිවන උලා කට බලියන් ඉන්න එකා..
මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා..
තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා..
බිම පෙරලී වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා..

හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා..
කොන්ද නමා දුන්න ලෙසා පහුරු ගායි පූසා....
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු.../////

(කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ස්තුතියි.)

වැඩේ ඇඟට ඇල්ලුවානම් ලිපියට තරු 5ක් දෙන්නත් අමතක කරන්න එපා...

5 comments:

Bhagya Sanuka said... [Reply to comment]

පිස්සු පූසා මගෙ ගාව තිබ්බෙ නැහැ...
මේක අන්තර්ජාලයෙන් හොයාගෙන තමයි දැම්මෙ...
ඒක නිසා සම්පූර්ණ audio එක නැති වීම ගැන සමා වෙන්න ඕනෙ.. :)

෴ හසියා ෴ said... [Reply to comment]

නියමායි.....

Anonymous said... [Reply to comment]

you are doing a great job mate.keep it up

ලාංකීය බ්ලොග් කියවනය said... [Reply to comment]

ela

Anonymous said... [Reply to comment]

great work :)

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe