සොයන්න:

අංක නමයක් සමග සෙල්ලමක්..

පහත සටහන දෙස හොඳින් බලන්න..
ඔබට ඇති අභියෝගය නම් කුඩා කොටු නවයකින් යුත් විශාල කොටුව තුල 1 සිට 9 දක්වා ඇති සංඛ්‍යා සටහන් කිරීමයි.. අවසානයේ සෑම පැත්තකටම ඇති ඉලක්කම් තුනෙහි එකතූන් සමාන විය යුතු බව මතක තබාගන්න..
ඉක්මන් නොවී කල්පනා කරන්න..
බැලූ බැල්මට එය සරල නොවන බව ඔබට පෙනෙනු ඇත..
මෙය සපුරාලන්නේ කොතරම් ඉක්මනින්ද, එතරම් දුරට ඔබ සමතෙකි..


ඔබ සොයාගත් විසඳුම අදහසක් සමඟින් සටහන් කර තබන මෙන් ඉල්ලා සිටිමි..
පිළිතුරු යොමු කිරීමේදී වමේ දකුණට කොටු හඳුනාගැනීම පිළිතුරු යොමු කිරීමට පහසුවක් වනු ඇත..
එනම් වමේ සිට පලමු කොටුව 1 වන කොටුව ලෙසත් දෙවනි පෙළෙහි පලමු කොටුව 4 වන කොටුව ලෙසත් තෙවන පෙළෙහි පළමු කොටුව 7 වන කොටුව ලෙසත් ගැනීමෙන් පිළිතුරු සටහන් කරන්න..
උදා :
1 වන කොටුව [8]
2 වන කොටුව [4]
3 වන කොටුව [7] යනාදී ලෙස වටහා ගැනීමට පහසු ලෙස පිළිතුරු යොමු කරන්න...
සැලකිය යුතු පිලිතුරු සංඛ්‍යාවක් ලැබුණු පසු අදාල පිළිතුරු ඊළඟ පැනයත් සමඟ පළ කිරීමට බ්ලොග් කරුවා බලාපොරොත්තු වේ...

(ඉදිරියේදී පලවන මෙවැනි ගැටලු සඳහා පුලුවන් නම් විසඳන්න වර්ගීකරණය උපකාරීවනු ඇත.. ඔබටත් මෙවැනි අමුතු ගැටලු හමුවූයේ නම් ඒවා යොමු කිරීමට මැලි නොවන්න.. )

පිළිතුරු  යාවත්කාලීන කරන ලද්දේ 12/11/2010 දින පෙ.ව 8.30ට ය.



mali_89 සහ Anonymous දෙදෙනාගේ පිළිතුරු බැලු බැල්මට නිවැරදි යැයි හැඟුනද ඒවා නිවැරදි නොවේ.. අංක එකතු කළයුත්තේ ඉහළට සහ පහළට පමණක්ය යන්න සැළකීම ඔවුන් මෙහිදී සිදුකළ වරදයි..
එම නිසා පිළිතුර නිවැරදි වීමට නම් මෙම සමචතුරස්‍රයේ විකර්ණ යාකරන රේඛා දෙසටද සංඛ්‍යා වල එකතුව අනෙක් දෙසට ඇති සංඛ්‍යාවල එකතුවට සමාන විය යුතුය...

මෙයට ඇත්තේ එකම විසඳුමකි..
නමුත් එම විසඳුම ලිවිය හැකි ආකාර කිහිපයක් තිබේ... [ සෑම විටම M = 5 වෙයි. ]
උදාහරණයක් ලෙස මවිසින් ඉදිරිපත් කළ පිළිතුර, බිඟූ...! ලබාදුන් පිළිතුර සහ Nuwan ලබාදුන් පිළිතුරු එකිනෙකට වෙනස් සේ පෙනුනද එහි ඇත්තේ එකම පිළිතුරක් බව හොඳින් බලන්නෙකුට පෙනේ..
එවැනි නිවැරදි ආකාර 8 පහත දැක්වේ...









7 comments:

බිඟූ said... [Reply to comment]

එකතුව 15 වන ලෙසටට් මැදට 5 එන ලෙසටට් අරඹන්න

බිඟූ said... [Reply to comment]

8 3 4


1 5 9


6 7 2

mali_89 said... [Reply to comment]

1 වන කොටුව [6]
2 වන කොටුව [8]
3 වන කොටුව [1]
4 වන කොටුව [7]
5 වන කොටුව [3]
6 වන කොටුව [5]
7 වන කොටුව [2]
8 වන කොටුව [4]
9 වන කොටුව [9]
තිරස් සිරස් එකතුව 15යි.

Anonymous said... [Reply to comment]

7 6 2
5 1 9
3 8 4

Nuwan said... [Reply to comment]

from top left to bottom right - 2, 7, 6, 9, 5, 1, 4, 3, 8

Bhagya Sanuka said... [Reply to comment]

සහභාගී වූ සියලු දෙනාටම ස්තුතියි! :D

ගිශාන් said... [Reply to comment]

ඔය විදිහට එකතුව ගන්න software එකක් මම java වලින් හැදුවා.ඒක ඕනේ අය ඉන්නවනම් rpgishan@gmail.com එකට "ඕනේ"කියලා e-mail එකක් දාන්න.

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe