සොයන්න:

The Karate Kid | සිංහල උපසිරැසි සහිතව


ඔන්න පොරොන්දු වූ පරිදිම weekend එකේ සිංහල උපසිරැසිත් එක්කම මේ දෙන්න යන්නේ මැක්සා ‍ෆිල්ම් එකක්... ඒ තමයි The Karate Kid !!
කවුරුත් මේකෙ මුල් කතා ටික බලලා ඇතිනේ...
මේක TV එකෙත් සිංහල හඩ කවා ගියා... මතක ඇති..
මේකෙ කතා 4කින් සමන්විත මුල් කතාව 1984 දී තමයි නිකුත් කරලා තියෙන්නේ..

මුල් කතා වගේම මේකත් හුගාක් ජනප්‍රිය තලයට ආපු එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. නමුත් මේකේ IMDb ratings නම් 6.2/10 වගේ තරමක් පහල අගයක තමයි තියෙන්නේ.. නමුත් ඒ පමණින් කතාවේ ගුණාත්මක භාවය අඩුයි කියලා තක්සේරු කරන්න බැහැ..මොකද කතාව එක එක කෙනාට එක එක විදිහට දැනෙන්න පුලුවන්..

කතාව ගැන පොඩ්ඩක් කිවුවොත් මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ අපි කවුරුත් දන්නා දක්ෂ සටන් ශිල්පියෙක් වන Jackie Chan විසින්..
ඒ වාගේම ගොඩාක් දෙනෙක් අතර ජනප්‍රිය විල් ස්මිත් මෙම ‍ෆිල්ම් එක නිර්මාණය කිරීමේදී දායක වෙලා තියෙනවා වගේම ඔහුගේ පුතා වන Jaden Smith මෙහි අනිත් ප්‍රධාන චරිතයට පණ පොවනවා..

කතාව ගලාගෙන යන හැටි කිව්වොත්, මේ කතාවේ කතා නායකයා එහෙමත් නැත්නම් Jaden Smith කොලු පැටියා චීනයට යනවා...
චීනයට ඒමත් සමග Jaden Smithට ගත කරන්න වෙන්නේ ඉතාමත් දුක්බර ජීවිතයක්..
වෙන මොනවා නිසා වත් නෙමේ,
ඔහුගේ පාසලේ ඉන්නා නරක කොලු කල්ලියකගේ තාඩන පීඩන නිසා..
ඒ නිසා ඔහු හැම විටම උත්සාහ කරන්නේ නිහඩ නිසංසල ජීවිතයක් ගත කරන්න..
නමුත් එක් දිනකදී මේ මැර කොලු පිරිස මොහුට කරදර කරන්නට පැමිණෙන විට නාඳුනන මිනිසෙකු විසින් ඔහුව බේරා ගන්නවා...
එදායින් පස්සේ මේ කොලු පැංචාගේ මුලු ජීවිතයම වෙනස් වෙනවා...
මොහු බේරා ගන්නා පුද්ගලයා කවුද?...
මොහුට ජීවිතයට නොබියව මුහුණ දිය හැකිද...?
මේක කියවන ඔයාලට කුතුහලය මුසු වෙච්ච මේ වගේ ප්‍රශ්න මතු වෙන්න පුලුවන්..
ඒකට උත්තරය දැනගන්න නම් සෙනහස..මිත්‍රත්වය....මනාවට පෙන්වන මේ අතිසුවිශේශී නිර්මාණය ඔබ අනිවාර්යෙන්ම බැලිය යුතුමයි...

මෙන්න බාගන්න ලින්ක්ස්..

පළමු කොටස සඳහා මෙතන කොටන්න

දෙවන කොටස සඳහා මෙතන කොටන්න

සැලකිය යුතුයි. තුන් වන කොටස සඳහා මුර පදය : urgrove.com
තෙවන කොටස සඳහා මෙතන කොටන්න

සිව්වන කොටස සඳහා මෙතන කොටන්න

සිංහල උපසිරැසි මෙතනින් ගන්න..
සිංහල උපසිරැසි

මෙන්න පෙරදසුන් කිහිපයක්..
ක්ලික් කරලම බලන්නකෝ කොලිටි එක කොහොමද කියලා !!




මූවි එක ගැන වැඩි විස්තර මෙතනින්...
http://www.imdb.com/title/tt1155076

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ මහන්සියට ඔබෙන් ලැබෙන එකම දේ තමයි කමෙන්ට් එකකින් ලැබෙන සහයෝගය..ඒ නිසා කමෙන්ට් එකකින් ඔයගොල්ලන්ගේ අදහස් දීලා යන්න අමතක කරන්න එපා.. ඒක තරිඳු (විකියා) අයියාටයි රවීන්ද්‍ර අයියාටයි ලොකු හයියක් වේවි...

ඔන්න එහෙනම් ලබන සති අන්තයේත් විකියා ගානේ මේ වගේම ලස්සන mediafire movie එකක් සිංහල සබ් එක්කම..

11 comments:

රවීන්ද්‍ර හංසක නානායක්කාර said... [Reply to comment]
This comment has been removed by the author.
THiRaA said... [Reply to comment]

එළ මචෝ එළ..... ජය වේවා!

Anonymous said... [Reply to comment]

එළ මචෝ එළ..... ජය වේවා

Prasad Lakmal said... [Reply to comment]

elakiri machoooo

thanxx a lot bro :D

nice work thanx

Ravinrosh said... [Reply to comment]

එල එල thnq කිව්වා ...
ඉදිරියටත් ජය ජය වේවා.....!!!!!
great work wiki..

Anonymous said... [Reply to comment]

Thank for Sinhala Sub...

රවීන්ද්‍ර හංසක නානායක්කාර said... [Reply to comment]

මම සබ් දාපු පළවෙනි ‍ෆිල්ම් එක. හොඳ ලක්ෂන නරක ලක්ෂන මැසේජ් කරන්න. ravindra h nanayakkara ෆේස් බුක් එකට.

Rosantha said... [Reply to comment]

Thanks machan

Prashan said... [Reply to comment]

nice work..puluwannam thawath alut films danna..

Unknown said... [Reply to comment]

එළම තමා තව ඕනේ හොඳේ?

Anonymous said... [Reply to comment]

ela mamath gaththa

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe