සොයන්න:

Keyboard එකෙන් CD/DVD Drive එක අරිමු වහමු.

 
කාලෙකට ඉස්සර මට මේ පොඩි සොෆ්ට්වෙයා එක හම්බුනේ මම මේ වගේ එකක් හොය හොය ඉන්නකොට... අද පරණ හාඩ් ඩිස්ක් එක පීරනකොට අහු වුනා මේක..
( අනිත් ඒවා පස්සට දාමුකෝ..)

මෙන්න මේකයි මේ software එක මාව හොයාගෙන ආපු කතාව.. :p
මම PC එකේ CPU එක තියලා තියෙන්නේ මේසේ පහලට වෙන්න..
ඒක නිසා CD ROM එකේ Tray button එක ඔබලා අරින එක කෙසේ වෙතත් ඊටපස්සෙ CD එක දාලා වහනකොට ටිකක් කරදරයි වගේ.. මොකද අත නිකන් කොර කරන්න වෙනවා tray එක වහන්න...

ඉතින් මම බැලුවා කීබෝඩ් එකෙන් මේ CD ROM එකේ Tray එක අරින වහන system එකට මාරු වෙන්න..(මේ වගේ කම්මැලියෙක් ??)
ඉතින් මේ Software එක මේ වැඩේට එලටම හරි යනවා... ;)
මෙකෙන් පුලුවන් Keyboard එකෙන් CD ROM tray එක open/close කරන්න

ඇත්තටම මේක හදලා තියෙන්නේ CD/DVD ROM එකේ tray බට්න් එක වැඩ කරන්නෙ නැති අයගේ පහසුවට කියලයි මේක හදපු කොලුවා කියන්නේ..
අනික සාමාන්‍යයෙන් softwares නැතුව උනත් mouse එකෙන් පුලුවන් CD ROM එක උඩ right click කරලා eject කරන එක විතරයිනේ..
ආයෙත් tray එක close කරන්න බෑ..
එතකොට අර බොත්තම කැඩිච්ච කෙනෙක්ට නම් වෙන්නෙ දඩාස් ගාලා හොඳ පාරක් දෙන්න tray එක වැහෙන්නම..
ඒත් මේ software එකෙන් ලේසියෙන් CD ROM tray එක open/close කරන්න පුලුවන් නිසා CD ROM tray බට්න් එක ක්‍රියාත්මක නොවීම නිසා පහරදීම් වලින් CD ROM එකට සිදුවන හානිය අවම වෙනවා.. :p


මෙන්න Shortcut Keys ටික:

Minimize කියන රතු පාට බට්න් එකෙන් පුලුවන් මේක system tray එකේ hide කරන්න..
O – Opens tray
C – Closes tray
Esc – Exits program

ඒ වගේම සිස්ටම් ට්‍රේ එකේ අයිකන් එක ඩබල් ක්ලික් කරලා වුනත් අපිට tray එක open/close කරන්න පුලුවන් ලේසියෙන්ම..

ඉතින් ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්නකෝ..
මම වගේ CPU එක පල්ලෙහාට වෙන්න තියලා තියන අයට මේක උදව් වෙයි..
අර බොත්තම වැඩ කරනෙන් නැති අයටත් එක්ක.. ;)


අවවාදයයි !
හැබැයි මේක දාගෙන මේකටම පුරුදු වෙන්න එපා හොඳේ ..
මොකද මොනිටරේ දිහා ඔරවගෙන ඉන්න ගොඩක් දෙනෙක්ට CD එකක් දාලා tray බට්න් එක press කරනකොට ලැබෙන ව්‍යායාමය වත් ලැබෙන්නෙ නැතුව යයි.. ලොල්
ව්‍යායාම නොමැති කමින් ඇති වන අතුරු ආබාධ සඳහා මා වග කියනු නොලැබේ.. :p

13 comments:

Anonymous said... [Reply to comment]

thanks

Chatura Dilan said... [Reply to comment]

Linux වල නම Terminal එකට ගිහින් eject -t ගහලා ඔය වැඩේ ලේසියෙන් කරන්න පුළුවන්.. ssh වලින් වෙන කම්පියුටර් එක්කට ලොගින් වෙලා ඕක කරලා කට්ටියව බය කරන්නත් පුලුවන්...

වින්ඩෝස් වල නම් ඉතින් .Net වලින් පොඩි Program එකක් හදාගෙන for loop එකක් දාලා, Pen එකක Autorun.inf එකට දැම්මොත් හොද වෛරස් එකක් හදන්න පුලුවන් CD Driver එකට කෙල වෙලා යන්න.. :P

Bhagya Sanuka said... [Reply to comment]

@Chatura Dilan

අයියේ for loop එක පාවිච්චි කරලා නෝට් පෑඩ් එකකින් උනත් අර වැඩේ කරන්න පුලුවන් windows වල.. මම කලා කලින්.. :D

ඒක නවතින්නෙම නෑ දිගටම වෙනවා.
පෙන් එකකට Autorun වෙන්න දාලා ඒමදිවට PC එක start up වෙනකොට රන් වෙන්න කොපි වෙන්නත් දැම්මනම් ආයෙ නෑ ඔන් වෙනකොට CD ROM එකට කාසි දදා ඉන්න පුලුවන් හිර වෙලා නවතිනකන්.. :p

අනේ හැබෑටම CD ROM එකට කෙළ කරගන්න ඕන තරම් විදි තියනවනේ.. :ඪ්

ඔහොම යං !! CD ROM වලට කෙළ කිරීම !!
ඒකත් නරක නෑ.. :p

dave said... [Reply to comment]

kollo..wade nam ela..ath man may kalapana kale......ohoma yanakota yanakota angili tika witharak ithuru wunoth hondatooma athi wei neda kiyala..

Unknown said... [Reply to comment]

ඇත්තම කියනවනම් මේක ගොඩක් වටින දෙයක්
මාත් හොය හොය හිටියේ මේ වගේ එකක් තමා

එළ එළ ඔහොම යං

Anonymous said... [Reply to comment]

Win 7 වල දී ‍Open & Close යන option 2ම එනවා. ඒක නිසා ප්‍රශ්ණයක් නෑ...

෴ හසියා ෴ said... [Reply to comment]

මේ සීඩී එක දාන්න ක්‍රමයක් නැද්ද බං....
හික්ස්.....

Gayan Tharaka said... [Reply to comment]

මං දන්න විදියට නං CPU එක තියෙන්නේ මදර් බෝඩ් එකට හයි කරලනේ. ඔයා කොහොම CPU එක මේසෙ පහලට දැම්මද දන්නෑ.
මේක කියවන්න http://komputare.blogspot.com/2009/09/blog-post.html

dinnesh said... [Reply to comment]

දැන් මේවගක් සිඩි රොම් එක දන්නවද???එකෙන් ඇහුවද???

Bhagya Sanuka said... [Reply to comment]

@Chamira
එල එල.. අපි වගේ ගීක්ලට තමා ඕක තියෙන්නෙ.. ලොල්

@Buddhi_Kasun
ඒක ඇත්ත.. ඒත් කීබෝඩ් එකෙන් ?? හිහ් ..

@෴ හසියා ෴
ඒකට පොඩ්ඩක් port programming දැනගත්තම ඇති... ලොල්
අම්මා උදේට හදන තේ එක ලඟට ගෙන්න ගන්න උනත් port programming වලින් පුලුවන්...
සරලයි, පුදුමයි ඒත් ඇත්තයි..

@ගයාන් තාරක
ඒක ඇත්ත.. නමුත් බොහෝ දෙනාගේ හිතසුව පිණිස SU එකට CPU යන්න භාවිත කළෙමි..
(කොටින්ම කියනවනම් තත්වය අන්තිම බරපතලයි.. දැන් පන්ති වලත් CPU කියන්නෙ කේසින් එක ඇතුලු ඔක්කොටම.. System unit ඇහෙන්නෙම නැති තරම්.. මොනා කරන්නද..)
හැබැයි කොල්ලෝ ඇත්තටම CPU එකත් පහලනෙ තියෙන්නෙ.. මැශින් එක වැඩ නම් අනිවා ඉතුරු කොටස් තියන තැනත් හිතේ ඇඳෙන්න ඕනේ.. මේවා හිතන්න බැරිනම් කරන්න බෑ.. රායිට් ??
;)

@dinesh
CD ROM එකට හිතාගන්නවත් බෑ තමන්ට මොනවද වෙන්නෙ කියලවත්...

Anonymous said... [Reply to comment]

win 7 waladi ehema karana hati danna kenek ennawa nam danna hodeee.........

ජයන්ත said... [Reply to comment]

මෙකේ ​වෛරස් කියනවනේ ඩවුන්ලෝඩි වෙන්නේ නැ

Bhagya Sanuka said... [Reply to comment]

වහාම වෙනත් ප්‍රතිවෛරස මෘදුකාංගයක් ස්ථාපනය කරන්න..
මෙය වෛරසයක් නොවේ.. :p :p :p

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe