සොයන්න:

Mobile Google Maps වලින් GPS පහසුකම අත්විඳිමු !!

මේක ටිකක් බැරෑරුම් වැඩක් ... වැඩ කෑලිත් වැඩියි..
හැබැයි Sherlock Holmes ගෙ කතා වගෙයි .. "සිත් ඇදගන්නාසුළුයි" ..

මේ තමයි Google Maps for mobile කියන ඇප් එක..
Google Maps + Latitude + My Location + Buzz කියන සේවාවන් සියල්ලෙම එකතුවක් තමයි මේ Google Maps for mobile කියන්නේ ...
My Location කියන එකෙන් ලෝකේ ඔයා ඉන්න තැන කොතනද කියලා බලාගන්න පුලුවන්..ඒකට ඔයාලගේ phone එකේ GPS තියෙන්නම ඔනෙ නෑ...
GPS තියන ඒවා වගේම GPS නැති ඒවා වලත් මේක වැඩ කරනවා..
[මේ App. එකෙන් ඔයගොල්ලන් ඉන්න තැන අඳුරගන්නෙ දුරකතන සංඥා කුලුණු වලට සාපේක්ෂව ෆෝන් එක පිහිටි තැන හඳුනාගැනීමෙන් ]

වීඩියෝ එක බලලා තේරුම් ගන්න....


මම මේක LG KS20 , i-mate JAMin සහ cingular 8125 යන Windows Phones වල මේක අත්හදා බැලුවා .. පට්ටට වැඩ..

මේකෙන් සපයන සේවාවන් [ Features ] :


  • My Location
    See your location on a map, even if you don't have GPS.
  • Buzz
    View what's happening nearby at a glance.
  • Places icon New!
    Find nearby places with the Places icon in your app launcher.
  • Place Pages
    Search for any business or place to find listing info, pictures, reviews & ratings, and more rich details.
  • Navigation (Beta)
    Get turn-by-turn GPS navigation with voice output for driving or walking directions.
  • Driving directions
    Thanks to My Location, you don't even have to enter your starting point.
  • Transit directions
    Get routes and schedules to travel via subway, bus, or on foot.
  • Latitude
    See your friends' locations and share yours with them. Start Maps and then select "Join Latitude."
  • Biking directions
    Get bicycling routes and see available lanes or trails with the Bicycling layer.
  • Street View
    View street-level imagery of businesses and turns in directions.
  • Layers
    Overlay layers on the map (e.g. Traffic, Satellite, search results, and more).
  • Traffic
    Real-time traffic helps you find the fastest route.



මේක මට අහම්බෙන් හම්බුනේ මගෙ Windows Mobile  එකට හරියන MaXXa apps. Google එකේ හොයන අතරෙදි ...
මේක Windows Mobile, Android, BlackBerry, iPhone, Nokia S60 කියන මෙහෙයුම් පද්ධති තියන ඕනම ජංගම දුරකථනයක පාවිච්චි කරන්න පුලුවන්..
ගන්න ඕනේ අය මුලින්ම මේක තමන්ගේ phone එකෙන් මේ ලින්ක් එකට යන්නකෝ...
ඊටපස්සේ වැඩේට බහිමු ...
m.google.com/maps

ෆෝන් එකෙන් ගිහින් ගන්න කම්මැලි අයට PC එකට බාගෙන පස්සෙ ෆෝන් එකට දාගන්න ලේසි වෙන්න මම මෙතනින් setup links දෙකකුත් දානවා..
වින්ඩෝස් මොබයිල්ස් වලට මෙතනින් ගන්න..
Nokia S60 වර්ෂන්ස් වලට මෙතනින් ගන්න




ඔන්න ඉන්ස්ටෝල් කරල රන් කරද්දි පල්ලෙහා තියන රූප වලින් වම්පැත්තේ තියන රූපය වගේ screen එකක් පෙනෙයි ...
ඊට පස්සෙ කරන්න තියෙන්නේ අපේ Google account එකට ලොගින් වෙන එකයි ...
එතකොට අපිට Latitude, Buzz වගේ සේවා නොමිලේම ලබාගන්න පුලුවන් ..
දැන් ඉතින් මේක දාගත්තම හරියට ඇත්තම GPS උපකරණයක් අතේ තියාගෙන අපි දැන් හරියටම ඉන්න තැන බලාගන්න පුලුවන් වගේ වැඩක් තමයි වෙන්නෙ..
ඔයගොල්ලො මේ ඇප්ලිකේෂන් එක රන් කරන් යන්නේ කොතනටද හැම වෙලේම මේක යාවත්කාලීන වෙනවා... එහෙම නැනම් manual උනත් location එක update කරන්න පුලුවන්...
ඒ කියන්නේ ඔයගොල්ලෝ මේක දාගෙන කොළඹ ඉඳන් යාපනේට යනකොට ඔයගොල්ලෝ මඟදි බලන තැන් වලදි ඔයගොල්ලොන්ව හරියටම ඒතැනම පෙන්නනවා... සිතියමේ පෙන්නනවා වගේම වෙනම ඔයගොල්ලො හරියටම දැන් ඉන්න තැන නිවැරදිව පෙන්නනවා ...
Phone එකේ buit-in GPS හරි external GPS reciever එකක් තියනවනම් හෝ සිග්නල් හොඳට තියෙනවනම් නිවැරදි අක්ශාංශයට සහ දේශාංශයට හරියටම ඉන්න තැන බලාගන්නත් පුලුවන්..කොහොමද වැඩේ ?? මරු නේද ??

(ඒත් පුතෝ යාපනේදි අමතක වෙලා ෆෝන් එක දාල ආවොත් නම් කොළඹ ඇවිත් මම ඉන්නේ කොතනද කියල බැලුවොත් දිව්‍ය ලෝකෙ පෙනෙයි..)

අනිත් එක මේකෙ buzz කරන්න පුලුවන් ලෝකේ ගැම තැනම ඉන්න බස්සොත් එක්ක.. ලොල්
මේක අපි දාපු කාලේ පන්තියේ යාලුවො සෙට් එක එකතුවෙල තමයි මේ බස්සො කියන නම ගෙනාවෙ..ඒකත් නරක නෑ.... මොකද මේකෙ එක එක Buzzes දාපු අය ඉන්න තැන් එක්කම Buzz එකත් පෙන්නන්වා... අපිටත් ඒකට ගිහින් ReBuzz පාරක් දාන්න පුලුවන් අපි ඒ අයගේ යාලුවෙක් නොවුනත්....
ඒ කියන්නේ ලෝකයම එක්ක විවෘත සංවාදයක්..

මම මේකේ features ගැන වැඩි පුර කියන්න යන්නේ නෑ...
ඔයාලම දාලා බලලා ප්‍රශ්නයක් තියනවනම් අහන්න...

මේක ඔයගොල්ලොන්ට ඕනේ නම් Desktop PC එකෙන් iGoogle හරහාද කලමණාකරණය කරගත හැකියි..
ඒ සඳහා මුලින්ම http://www.igoogle.com වෙබ් අඩවියට පිවිසෙන්න ඕනේ..
( http://www.google.com/ig වලින් උනත් පුලුවන්)

මේකෙන් ඔයගොල්ලොන්ට යාලුවො දැනුවත් කරන්න වගේම ඔයගොල්ලොන්ගේ යාලුවොත් මේ සේවාවට හඳුන්වාදීමටද පහසුකම් සපයා තිබෙනවා.. මේ මඟින් මේ සේවාව තවත් පුළුල් කිරීම තම අරමුණ බවයි Google හි නිර්මාතෘ දෙපල වන ලැරී ජේජ් සහ සර්ජි බ්‍රින් පවසන්නේ..

මෙම ලිපියේ පිටපත් අයිතිය කතෘ සතුයි ..
කරුණාකර උපුටාගැනීමෙන් වළකින්න.. ස්තුතියි..

windows-mobile-logo_normal

Protected by Copyscape Duplicate Content Detector

9 comments:

Bhagya Sanuka said... [Reply to comment]

Samsung Blackjack II වලත් වැඩ කරනවා කියලා ඔත්තුවක් ලැබුනා. :p

kavinda said... [Reply to comment]

sahodaraya mata android mobile ekak ganna lankawe thiyana honda model tikak kiyannwada>
thanks

chamoda said... [Reply to comment]

මේක nokia s40 වලට වැඩ කරන්නෙ නැහැ නේද. මගේ nokia 3120 classic එකට my location(beta) ගියහම not available on this device කියල එනවා.

Bhagya Sanuka said... [Reply to comment]

@chamoda
ලංකාවෙන් නම් මේ වගේ වටින ෆෝන් ගන්න එක බොරු වැඩක් මිත්‍රයා.. :p
මොකද ගෙනල්ලා විකුනන අය මේ වැඩෙ සෑහෙන ලාබයක් තියාගන්නවා..
ඔයාට මෙහෙ 60,000ක් විතර වටින ෆෝන් එකක් බැංකොක් වලින් නම් 40,000කට විතර හොයාගන්න පුලුවන්..
උදාහරණයක් විදිහට ගත්තොත් HTC Hero කියන ෆෝන් එක ලංකාවෙ රු.50,000/= ක ඉහළ මිලකට විකිණෙනකොට බැංකොක් වලින් ඒ ෆෝන් එකම රුපියල් 35,000කට විතර හොයාගන්න පුලුවන්..
[ 240.00 EUR = 36,720.38 LKR ]

ඒක නිසා ලංකාවෙන් ගන්න අදහස අතාරින්න..
රට යන කෙනෙක්ට ලියලා ගෙන්නගන්න..
නැත්නම් එ-bay වලින් ගන්න..
(e-bay වලින් ගන්නවනම් used ඒවා ගන්න නම් එපෝ...)

ANDROID ෆෝන් නම් හොඳම HTC තමයි..
HTC වලින් හොඳ ෆෝන් එකක් ගන්න බලන්න...
HTC ගාණ ටිකක් සැරයි.. ඒත් බඩු හොඳයි !! :D
පහත ලින්ක් එක බලන්න..
HTC ANDROID PHONES, CLICK HERE!!

Anonymous said... [Reply to comment]

nokia 6120c walata wadada...

Anonymous said... [Reply to comment]

මට මේව කවද පුලුවන් වෙයිද දන්නෑ බන් :(

අඩෝ මෙහ්! පෝස්ට් එකනම් නියමයි! සුපිරි!

Bhagya Sanuka said... [Reply to comment]

@chamoda
your current location is temporarily unavailable කියලා නෙමෙයිද වැටෙන්නෙ??
එහෙම වැටෙනවනම් සිග්නල් වැඩිපුර අහුවෙන තැනකට ආවම ඒක හරි යනවා...
කොහොමත් මේක nokia s40 වලට වැඩ කරන්නෙ නැහැ.. ඒ අය කියලා තිබ්බා මේක Nokia වල S60 සංස්කරණ වලට විතරමයි කියලා... සමාවෙන්න මම දැනුයි මේ ෆෝන් එක දැක්කේ..
කණගාටුයි මේ ෆෝන් එකට My Location (beta) සහාය දක්වන්නේ නෑ..

@Anonymous
වැඩ වැඩ !!! 6120c වල තියෙන්නෙ Symbian S60 සංස්කරණයක් !!
සුභ පැතුම්... ලොල්

තීර්ථ යාත්‍රිකයා said... [Reply to comment]

බ්ලැක්ජැක් 2 එකේ හොඳට වැඩ.බිල්ට් ඉන් ජීපී ඇස් පහසුකම තියන නිසා මම හිතන හැටියට නිරවද්‍යතාවයත් වැඩි ඇති. නමුත් සෑහෙන දත්ත ප්‍රමාණයක් වැයවෙනවා වගෙයි.

Anonymous said... [Reply to comment]

මේක nokia s40 වලට වැඩ කරන්නෙ නැහැ නේද. මගේ nokia 3120 classic එකට my location(beta) ගියහම not available on this device කියල එනවා.

matat wada ne haloooooooooo............

NOKIA 3120

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe