සොයන්න:

රූපවාහිනියේ ඉස්සර ගිය කාටුන්/ කතාවල තේමා ගීත ඕනෙද? | Theme songs of Past TV series's

දුකේදි සිටිනා මිතුරන් රත්තරන් වටී.. 
දුවේ පුතේ ඉන්න ඕනෙ රටට වැඩක් වී...

පරිගණකය ඉස්සරහට වෙලා ඉන්නවට වඩා හැමදාම හවසට ගෙදර වටේ ඉන්න යාලුවො එකතු කරගෙන සෙල්ලම් කරපු කාලයක් මටත් තිබුණා...හැමදාම අපි දාඩිය දානකං ක්‍රිකට් ගහලා නටලා හවස 5.30ට අපේ ගෙදරට කඩාගෙන පනිනවා TV එකේ ඉස්සරහම තැනක් අල්ලගන්න .. මොකද ඒ තරම් අපි රූපවාහිනියේ ගිය කාටුන් වගේම පවුලේ කතා වලට ඇබ්බැහි වෙලා හිටියේ...
කොටින්ම කියනවනම් ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු අපේ හවස් වරුවේ කාල සටහනේ අනිවා පැයක් හෝ ඊට වැඩියෙන් මේ කාටුන් බලන්න අපි යොදාගෙන තිබුනා..
එතකොට මම 5 වසරෙ විතර ඇති..ඉතින් මේ කාටුන් වලට ඇබ්බැහි වෙලා හිටිය අපිට මේ කතා වල ගිය සින්දු එහෙම මාරෙටම ඇඟට වැදිලා තිබ්බේ... කොටින්ම මට මතකයි අපි ඉස්කෝලේ 9,10,11 වසර වෙනකනුත් මේ සින්දු පන්තියේදිත් කිව්වා...
දඟර වලිග ලප වානරගේ සින්ඳුව අපේ පන්තියේ ළමයෙකුටත් අපි කිව්වා මට තාමත් මතකයි...
ඒ ගැන පෝස්ට් එකක් ඒ සින්දුවේ mp3 එකයි ලිරික්ස් එක්කම දාන්නම්...

ඉතින් ඔහොම ඉන්නකොට අපිටත් කතාවක් ඉවර වෙන්න ලං වෙනකොට මාර අප්සට්...
මොකද අපි ඒ කතාව බැලුවා විතරක් නෙමෙයි...
හිතින් ඒ කතාව ඇතුලෙම ජීවත් උනා...
අනේ මන්දා ඇයි ඒවා කතාවක් විතරක්ම උනේ කියලා කියලා හිතුන වාර අනන්තයි...

ඉතින් අපිත් කල්පනා කරකර ඉන්නකොට හිතුනා මේ කතාවක තීම් සෝන්ග්ස් ටික අරන් තියාගත්තොත් අපිට මේ කතා හැමදාම මතක් වෙයි නේ ද කියලා...
ඉතින් මේ සින්දු ටික රෙකෝර්ඩ් කරගන්න කියලා තාත්තගේ යාලුවෙක්ගෙන් 3.5mm කේබල් එකක් ඉල්ලගත්තා..
දැන් මේක TV එකේ හෙඩ්ෆෝන් එක තියන ජැක් එකට ගැහුවම එතන ඉඳන් PC එකට සෑහෙන දුරයි.. දැන් මේ වැඩේට එක්කො TV එක එතනට උස්සන් යන්න ඕනේ එක්කෝ PC එක මෙතනට උස්සන් එන්න ඕනේ...
ලොකු පොරවල් නම් ඒව ගේමක් නෙමෙයි...
දන්නවනේ පොඩි උන්ට ගෙදරින් සද්දෙ නේ...
ඒක නිසා ඒකත් පැත්තකට ගැහුවයි කියමුකෝ...
කොහොම හරි මගේ ටිකිරි මොලේට ආවා තාත්තා නංගිට අරන්දීපු වෝක්මන් පොඩ්ඩාව... ;)
ඉතින් හා හාපුරා කියලා TV එකේ හෙඩ් සෙට් එක ගහන්න තියන ස්ලොට් එකට 3.5mm කේබල් එකේ එක පැත්තක් ගහලා අනිත් පැත්ත වෝක්මන් එකේ මයික් එකගහන්න තියන ස්ලොට් එකට ගහලා කොහොම හරි සින්දු ටික රෙකෝර්ඩ් කරගත්තා...
ඒ කාලේ වින්ඩෝස් මූවි මේකර් වලින් පොඩි පොඩි වැඩ දදා හිටපු මට මූවි මේකර් වල තිබ්බ සවුන්ඩ් රෙකෝර්ඩින් ඔප්ෂන් එකෙන් මේ රෙකෝඩ් කරපු ටික අර කේබල් එක හරහාම PC එකට ලේසියෙන් දාගන්න පුලුවන් බව හිතුන නිසා මේ වැඩේ අපතේ නොයන බව තේරුනා...
:D
 
කොහොම හරි ඒ විදිහට තමයි මම මේ කතා වල සිංදු ටික ගත්තෙ....
පුලුවන් විදිහට ගී පදත් එක්කම .mp3 ටිකත් දෙන්නම්කෝ..
ඔයාලටත් ඕනේ නම් කියන්න....
අනිත් එක ඔයාලා දන්න සිංදු වල ලිරික්ස් තියෙනවානම් එවන්නත් අමතක කරන්න එපා...
මොකද එතකොට මම ලියපු ඒවා එක්ක ඒවා සසඳලා හරි වැරදි බලාගන්න පුලුවන්... ඒකයි..

අනිත් එක ටයි මාමාවත් මේ වෙලාවෙදි මතක් කරන්න ඕනේ ...
ටයි මාමාගේ කාටුන් එකක් බලලා ඇඬුනෙ නැත්නම් ගල් හිතක් තියෙන මිනිහෙක්ගේ තමයි...
ඒතරම් හිතට දැනෙන විදිහට ටයි මාමා දෙබස් නිර්මාණය කරලා තිබුනේ...

ඒ වගේම ප්‍රේමකීර්ති ද අල්විස් සහ අතුල රන්සිරිලාල් වගේ මාමලවත් මේ මොහොතේදී සිහිපත් කළ යුතුමයි...
එහෙනම් පුළුවන් ඉක්මනටම ගීපදත් එක්ක .mp3 පුළුවන් පුළුවන් විදිහට දාන්නම්කෝ...
ඔයගොල්ලන්ගෙනුත් උදව් ඕනේ හොඳේ ??

11 comments:

pavithra weerapperuma said... [Reply to comment]

එල අයියෙ.. මම නම් තම්ත් ඔය සින්දු තමයි අහන්නෙ.. හැබැයි ඉතින් හමහර අධිමානසිකත්වයෙන් ඉන්න අයනම් මේ සින්දු අහල මාව බයිටුත් කරනව... මොනා උනත් මට ඔය සින්දු ටිකනම් අමතක වෙන්නෙ නැ.. මම ගවත් ගූගල් දෙයියො දුන්න mp3 ටිකක් තියෙනව. දොස්තර හොඳ හිත, ඉඟුරු පන් මල්ලි තව කැස්පර් වගෙ එව.. මමත් පුලුවන් විදියට සහය දක්වන්නම් කෝ...

පිස්සා පලාමල්ල said... [Reply to comment]

මට නම් මතක පිස්සු පූස... ගලිවර... දොස්තර හොඳ හිත... ටිං ටිං.. රොබින් හුඩ්... හා හා හරි හාවා වගේ එව්වා තමා. මේ ලගදිත් යූ ට්යුබ් එකේ සෙට් එකක්ම බැලුවා. හොඳ වැඩක්...

Gaminda said... [Reply to comment]

මටත් මතකයි කා‍ටුන් බලන්න ඕනෙ කියල පන්ති යන්න බෑ කියල ඇඬුව කාලෙ. ඒ කාලෙ කා‍ටුන් බලන්න මාර ආසාවක් තිබ්බෙ. ඒත් දැන් එහෙම ආසාවක් නෑනෙ. ඒත් ඒ කාලෙ ගිය කා‍ටුන් සින්දු වලට නම් තාමත් මාර ආසයි.

කාංචන said... [Reply to comment]

කොලුවො පරණ ඒව නැද්ද? පිස්සු පූසා, හොඳ හිත වගේ ඒවයෙ සින්දු. අපේ කාලෙ තිබුනේ එව්වනේ

Dul said... [Reply to comment]

අය්යේ රූපවාහිනියෙ ගියපු "whoofy"කාටුන් එකේ තීම් සෝන්ග් 1 නැද්ද හොයා ගන්න??කොච්චර හෙව්ව්ත් හොයා ගන්න බැරි උනානෙ. :'(

Tharindu Chat said... [Reply to comment]

ඒ කාලෙ කාටුන් වලටත් වඩා Famous Five, Robinson, Ronin Hood වගේ රූපවාහිනීයෙ ගිය ඒවාට මාර ආසාවක් තිබ්බේ... කාටූන් වලින්නන් පිස්සූ පූසා, දොස්තර හොදහිත, ටිං ටිං වගේ ඒවා මැක්සා... තාමත් බලනවා හම්බුනොත්.... :D

Bhagya Sanuka said... [Reply to comment]

@පවිත්‍ර _ pavithra weerapperuma
හ්හඉහ් !! එහම තමයි මල්ලි හොඳ ළමා කාලයක් තිබ්බනම් මේවා අමතක වෙන්න විදිහක් නැහැනෙ... ඒත් ඉතින් ඒ අයගෙ කොහෙ හරි ලපයක් එහෙම හොයාගත්තොත් මරුම තමයි...
දඟර වලිග ලප වානර .. ලොල්... එළ !!!

@පිස්සා පලාමල්ල
තිබේ තිබේ !! වෙලා තියෙන හැටියට දාන්නම්...

@Gaminda
මමත් ඉස්සර ඔහොමමයි.. 3-4 වසරෙදි හැමදාම ART එකේ Dino-Vision බලන්න බැරි උනොත් මාර ගෝරි...
එක දවසක් අපි ගමනක් ගිහින් එන්න පරක්කු වෙලා හවස 4ට අඬන්න පටන් අරන් හවස 6 වෙනකන් ඇඬුවා.. .ලොල්

@කාංචන
පරණ ඒවා තමයි කොලුවො දෙන්න යන්නෙ...
ඉස්සර ගිය කතා කිව්වෙ ඒක නිසා නොවැ..ලොල්
අපේ කාලෙත් ඕවා තමයි කොලුවො තිබ්බෙ...
හෙක් හෙක් හෙක් !! :D

@Dul
වූෆී තිබේ.. දාන්නම් !! :D

Geeth | ගීත් said... [Reply to comment]

පිස්ස මූ පිස්ස මූ පිස්සු පූස මූ..........

හී හී නියම වැඩක්.... සාජන් මහත්තය අවසර දෙයි...

මතක ඇතුව මුඩුක්කුව සුද්දකරගන්න...

මාලුකට්ට අපි යනව....

සුබපැතුම්..

෴ හසියා ෴ said... [Reply to comment]

මැක්සා කොල්ලෝ....මෙහෙම හරි අපේ දැන් උන්ට ඕවා අහන්න බලනන් තියේනම් කොච්චර හොදද....නියමයි වැඩේ.....

Anonymous said... [Reply to comment]

අපොයි!!. මට ටැපලුනානෙව Blog එකේ අයිතිකාරයව. සමාවෙන්න ඕන. කලින් අපි මේ ගැන කතා කරා නෙව. එළ එළ. අමිල වෑයමක්. ජයවේවා.

Bhagya Sanuka said... [Reply to comment]

@Tharindu Chat
එහ් එහ්.. පුචුමයි කොල්ලො උඹ මේව බැලුව කිව්වම...
ලොල්... සිරා බං!!
ටිං ටිං නම් මමත් මාරම ආසයි...
නෑ නෑ... ඔක්කොටම ආසයි... එල එල !!!
අනේ මංද බං සිරාවටම මේ සිංදු අහනකොට ඇඟ හිරි වැටෙනව වගේ... =D

@Geeth | ගීත්
අද මැදුරේ හෙට පැදුරේ .... ලොල්

හිහ් .. දැන් කාලේ කතා වගේද ඉස්සර ඒවා...
හෙහ්.. දැන් කාටුන් නම් අන්තිම සවුත්තුයි.. :(
බලමු මේ විදිහටවත් පොඩි දායකත්වයක් දෙන්න...

@කාංචන දිනූක
ආ!! අයෙත් ආවද... ලොල්
නැතුව නැතුව... මේකෙන් නම් ලැබෙන ආත්ම තෘප්තිය කියලා නිම කරන්න බැහැ.. දාල ඉවර කරනකන් ඉවසිල්ලක් නැහැ...

@ All : :p
දන්න ගී පද තියෙනවනම් එවන්න අමතක කරන්නත් එපා...
මට එතකොට මම ලියපු ඒව හරිද කියලවත් බලන්න පුලුවන්.. :(
ලොකූ උදව්වක් වේවි..
මගේ විද්‍යුත් තැපැල් ලිපිනය : bhagyapwc[at]gmail[dot]com

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe