සොයන්න:

හරි පුදුම මොන්ටිසෝරිය....


"හරි පුදුම මොන්ටිසෝරිය...."
මම ඒ කාලේ හරි පුදුම ඉස්කෝලේ පොත කියවලත් නැති කාලයක්...
ඒත් පොත කියෙව්වට පස්සෙ හිතුනා අපිත් ඒ වගේ මොන්ටිසෝරියක ඉඳන් ඒ වගේම වැඩ නේද මොන්ටිසෝරියේදි කලේ කියලා..
ඒ වගේම හරි පුදුම ඉස්කෝලේ ටොට්ටෝ චං මුලින්ම ගියෙත් ජපන් ඉස්කෝලෙකට..
ඒ විතරද ?? මමත් !! :D


මොන්ටිසෝරියේ නම ෂින්යෝ-එන් ලංකා නිදහස් ළදරු පාසල..
මේක ලංකාවට ලැබුනෙ ජපන් රටෙන් ලැබුනු පරිත්‍යාගයක් හැටියට..
ඒ ජපානයේ ෂින්යෝ-එන් විහාරයේ මූල්‍යාධාර යටතේ...

මේ හරි පුදුම මොන්ටිසෝරිය තිබ්බේ ලංකාවේ උනාට ඇතුලේ තිබුනේ ජපානයේ සුවඳ..
පරිසරය සහ සිරිත් විරිත් ඔක්කොම ඒ වගේ.. හරියට අපි ජපානයේ ජීවත් වෙනවා කියන හැඟීම අපිට මොන්ටිසෝරිය තුලදී ලැබුනා .....
ඇඳුම් ඔක්කොම මොන්ටිසෝරියෙන්මයි දුන්නෙ ...
ඒ විතරක් ද, උදේ කෑම එකත් මොන්ටිසෝරියෙන්මයි ...
මේකට ගිය අය ඉන්නවනම් අහලා බලන්නකෝ...
ඒත් ගොඩාක් අයටනම් මට වගේ මොන්ටිසෝරිය මතක ඇති කියලා මම හිතන්නේ නෑ... ;)

මේ තියෙන්නෙ මේ පුදුම මොන්ටිසෝරියේ පාසැල් ගීතය...
මම මේක බලාගෙන ලිව්ව කියලා හිතෙනවානම් ඒකට කමක් නෑ...
නමුත් අදටත් මට මේක කවුරු හරි ඉස්සරහා ඉඳන් කට පාඩමෙන් කියන්න පුලුවන්...

පොඩි අපි එක්වී හද බැතියෙන්
ගයනෙමු අත්වැල් බැඳ ගනිමින්
රට දැය බබලන එකම පැතුම ගෙන
ෂින්යෝ-එන් යන නාමෙන්

වීර විකුම් පෑ රජ දරුවන් මෙන්
අපේ ලොවේ ජන නායකයන් මෙන්
අපේ නමත් රන් අකුරින් ලියවමු
ෂින්යෝ-එන් යන නාමෙන්

පොඩි අපි එක්වී...

සකුරා මල් පිපි ජපානයයි ඒ
මුතු කැටයක් වැනි අපේ රටයි
එක්වී බබලන දරු කැල පුදනෙමි
ෂින්යෝ-එන් යන නාමෙන්


කියෝෂු සමා - කියෝෂු සමා
සැමදා නමදිමු - වැඳ පුදමින්
ෂින්සො සමා - ෂින්රෙයි සමා
අගයමු නිරතුරු හද බැතියෙන් //
අරිගතෝ ගොසයිමස්


හරි.. ඔන්න මට නම් තාම මතකයි මම හිටපු පන්තිය..
ඒ වගේම පන්තියේ ඉඳගෙන හිටිය තැන...
මගේ දෙපැත්තෙ කවුද හිටියෙ... ඔය අනං මනං ඔක්කොම මතකයි... :p

මම හිටියේ කුමුදු පන්තියේ...
Class Teachersලට හිටියේ ඉන්ද්‍රා කොස්තා (කොස්තා ටීචර්) සහ සජීවනී ගෝමස් කියන ටීචර්ස්ලා දෙන්නා...
පන්තියේ මේස 4 පේලි 2ක් එකට තියලා තියෙන්නෙ මේස 8 වෙන විදිහට...
එක පේලියක ඉන්න හතර දෙනාට අනිත් පේලියේ හතර දෙනා ඉන්නෙ මූනට මූන පේන විදිහට...
මගේ දෙපැත්තෙ හිටියෙ නිපුන්, නුවන් තමයි...
තනූජා හිටියේ මගේ ඉස්සරහ මේසේ.. face to face !!
පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් කන පැලෙන්න බනිනවා... හිහ් හිහ්!!
මකනයක් උනත් අහන්නෙ නැතුව ගත්තොත් ඉතින් ඉවරම තමා...

එක පාරක් මට මතකයි මම නුවන්ගෙන් අලියෙක් අඳින්න ඉගෙන ගත්තා....
මම අලියව අඳින්නෙ ඔලුව එහෙම රවුමට අරගෙන...
ඒත් මේකා අලියව අඳින්නෙ අමුතුම විදිහකට... හැම එකක්ම කොටු කොටු..
මටත් ඕන්නැති මගුලක් නෑනේ..
දැන් ඊටපස්සෙ මම නුවන්ගෙන් අහගත්තා මේ විදිහට අලියව අඳින හැටි...
ඔන්න ඊටපස්සෙ මාත් අලියව අඳින්න ගත්තෙ ඒ විදිහට...
මෙන්න නුවන්ගෙ අලියා...

අලියට කකුල් පහයි.. ආ නෑ නෑ කකුල් හතරයි හොඬවැලයි... :p
ආ.. එතකොට අර කකුලක් වගේ තියෙන්නෙ හොඬවැලද ?? අප්පා...!!!
පස්සෙ එපා වෙලා ආයෙත් මගේ ක්‍රමයට ආවා... :D

පන්තියේ සැර පොරවල් දෙතුන් දෙනක් හිටියා...
සචිත්‍ර, සහිරු කියන දෙන්නා නම් වලි දාගන්නවා ගොඩාක් වෙලාවට...
සහිරුවානම් මගේ ගාව නොවුනත් මාත් එක්ක ගොඩාක් ෆිට් එකේ තමයි හිටියේ..
ඔය තිමිතයාවත් මට මතකයි.. අරීම අහිංසකයි..
ඒකා වැඩිය කාත් එක්කවත් කතාවක් නෑ.. වැඩ නම් වැඩ.. හික් !!

ඔය තාමරසී කියන කෙල්ලට තමා එක පාරක් බිම වැටිලා තිබ්බ රටකජු ඇටයක් හම්බු වෙලා (ෆවුන්ඩ් අ පීනට්), ඊටපස්සෙ ඒක ගිලලා බඩේ අමාරුවක් (බන්ඩි පේනිං) හැදිලා තිබ්බේ ... ඊට පස්සෙ දොස්තර කෙනෙක් ගෙනල්ලා (ඩොක්ට කාමිං !) බේත් කලාම හරි ගියා... ඔක්කොටම විනාඩි 10ක් වත් ගියේ නෑ.. ඔව් ඉතින් ඒක concert එකකට කරපු රිහසල් එකක්නේ..

මොන්ටිසෝරියෙදි තව තව සෑහෙන්න දේවල් උනා..
ඒව ඔක්කොම ලිව්වොතින් පොතක් ලියන්න පුලුවන්...
මම මොන්ටිසෝරියෙදි පැන්සල් හොරකම් කරලා මාට්ටු වෙච්ච එක නම් ගොඩාක් දෙනෙක් දන්නවානේ..දන්නෙ නැත්නම් ඒකත් කියවන්නකෝ...
පාසල් ජීවිතයේ රස කතා -1 [ පැන්සල් හොරා !! ]

ඔන්න දැන් තමයි හොඳම හරිය ..
මට ඔයගොල්ලන්ගෙන් උදව් ඕන වෙලාව ..
ඔන්න මම පහලින් දැම්මා මම මොන්ටිසෝරියේදි ගත්ත පින්තූරයක්....
පින්තූරේ ඉන්න අයගෙ නමුත් එක්කම දැම්මා...
මෙතන ඉන්න කෙනෙක් ඔයගොල්ලෝ දන්නවානම් කියන්න හොඳේ...

මේ ඉන්නෙ හරි පුදුම මොන්ටිසෝරියේ මගේ හරි අපූරු යාලුවො සෙට් එක... :p
( අනේ මංදා මුන්ට නම් මාව මතකද දන්නෑ.. :P )


Image and video hosting by TinyPic
පින්තූරෙ උඩ ක්ලික් කරලාම බලන්නකෝ..

Front Row (Left to Right):
Bhagya Rajapakshe; Dinidu Bandara Attanayaka; Sahiru Dissanayaka; Nuwan Buddika;  Rumesh Madusanka.

2nd Row (Left to Right):
Nipun Perera; Tharindu Samaraweera; Yasiru Yasoda; Thimitha Gamage; Lakmini Ratnayaka; Thanuja Sugathadasa; Sajiv Dilshan Abeysekera.

3rd Row (Left to Right):
Sachintha de Silva; Tamarasi Fernando; Sachithra Maddumapatabadi; Vishwa Hanamendra; Punranuri Kandumulla; Nuwan Bandara.

Last Row (Left to Right):
Pathum Wijesooriya; Chamath Chandrasiri; Roshan Perera; Rifna Zarookhan; Manushika Wakwella.

ඔය පින්තූරයක් ගන්නව කියල ගනං ගන්නෙවත් නැතුව කටත් ඇරගෙන රබර් බෑන්ඩ් එකක් ඇද ඇද රැප් ස්ටයිල් එකෙන් වගේ ඉන්නෙ මම තමයි.. හිහ් හිහ් !!

මෙතන ඉන්න තුන් දෙනෙක්ව මම අදටත් මම දන්නවා....
එක්කෙනෙක් වම් පැත්තෙ හිටගෙන ඉන්න කෙනා (නිපුන්) තාමත් මම දන්නවා...
මාත් එක්ක 6 වසරෙ ඉඳන් 11 වසර වෙනකන් එකම ඉස්කෝලෙ එකට ඉගෙන ගත්තෙ... අනිත් එක්කෙනා ඉස්සරහම පේලියෙ දකුණු පැත්තෙ ඉඳගෙන ඉන්න කෙනා.. (රුමේෂ්)
මාත් එක්ක 7 වසරෙ ඉඳන් දහම් පාසලේ එකම පන්තියේ හිටියෙ.. ඒ වගේම 11 වසරෙ ඉඳන් එකම ඉස්කෝලෙ... ඉතින් ඔහොම තමයි වෙන් වෙලා ගිය මේ අරුම පුදුම යාලුවො සෙට් එක වෙන වෙන තැන් වලදි හමු වෙන්න ගත්තෙ...
ආහ්! එතකොට අර තුන් වෙනියා ??
ඒකාවනම් මම හැමදාම දකිනවා...
ආ!! ඔව් ඉතින් කණ්නාඩිය දිහා බැලුවම මාව පේන එක වෙනම කතාවක්... :p

අපි මොන්ටිසෝරියෙන් අයින් වෙනකොට අපිට වාර්තා පොතක් ලැබුනා අපි කරපු දෙවල් අනං මනං ඔක්කොම ලියලා... ඒකත් scan කරලා දාන්න තිබ්බා.. ඒත් ඒක ලොකු වැඩී..
ඒකේ මෙහෙමයි අන්තිමට මම ගැන ලියලා තියෙන්නේ...

"විෂයයන් සම්බන්ධව අවබෝධයක් ඇති කරගැනීමට උනන්දු දරුවෙකි.
නිතර ප්‍රශ්න අසා සෑම විෂයයක්ම හොඳින් නිරාකරනය කර ගැනීමට උත්සාහයක් ඇත.." 
හිහ් හිහ් !! කෝමද මගෙ වැඩ ආ ?? :p
ඒ පොතේ තියනවා මේ පින්තූරෙටත් වඩා ලොකු නියමම පින්තූරයක්...
එකෙනම් කොල්ලා මරුවට ඉන්නවා.. :p ඒත් ඒ පොත scanner එකට වඩා ලොකුයි :(

ඉතින් මේ පින්තූරේ ඔයා ඉන්නවානම් ඔයා මගේ මොන්ටිසෝරි යාලුවෙක්... එතන ඔයාගේ යාලුවෙක්ගේ නමක් තියනවනම් එයාට මේ ලිපිය පෙන්නුවොත් හොඳා...
මේ ලිපියට කමෙන්ට් එකක් දානවට වඩා ඒක මට ලොකු උදව්වක් වේවි... :)
මොකද ආයෙත් මේ අයව දකින්න මම මාර ආසාවකින් ඉන්නේ....

මෙන්න ෂින්යෝ-එන් එක ගැන පොඩි විස්තරයක්..

What Is Shinnyo-En?

Shinnyo-en is a Buddhist denomination originally established in Japan. It is, first and foremost, a place for Buddhist training, in which all people regardless of age, gender, nationality, or religious background can cultivate their innate buddha nature, the kernel of enlightenment existing in all beings.

In 1988, Shinnyo-en opened a nursery school in Sri Lanka that teaches using the Montessori method. The school is dedicated to providing free pre-school education to underprivileged children in the local community. Shinnyo-en covers all of the school's operating costs while also providing uniforms, school supplies, tuition, and snacks for the children. To date, the school has educated over 5,000 three- and four-year-olds at no cost to their families.

වැඩි විස්තර ඔවුන්ගේ වෙබ් අඩවියෙන් දැන ගන්න පුලුවන්..  :)

මේක කියවපු වැඩිහිටි ඔයාලට මොන්ටිසෝරි යන්න ඔන්න මෙන්න වයසෙ ලමයි ඉන්නවනම් හරි ලොකු වෙලා ළමයි ටිකක දෙමවුපියෙක් උනාම හරි මතක තියාගන්න ලංකාවෙ තියන හොඳම මොන්ටිසෝරිය තමයි මේක... මම අත්දැකීමෙන් කියන්නෙ... :D

ලිපිනය :
ෂින්යෝ-එන් ලංකා නිදහස් ළදරු පාසල,
37, දුටුගැමුණු පාර,
පාමංකඩ

ඒක නෙමෙයි අර පින්තූරේ ඉන්න එකෙක් දෙන්නෙක් එහෙම දන්නවනම් කියන්න.. ලිපිය ගැන ඔයාලගේ අදහස් මට දන්වන්න අමතක කරන්නත් එපෝ !! :D

8 comments:

Naleen Dhanushka said... [Reply to comment]

ela ela macho...thimithayata hena hapy hitheyi.. :D

Unknown said... [Reply to comment]

නියම ලිපිය... ඒත් මචං මම ඔය මොන්ටිසෝරි එක ගැන නම් අහල තිබ්බෙ නැහැ

Anonymous said... [Reply to comment]

පට්ට ලිපිය...

Unknown said... [Reply to comment]

oyage punchi yaluwanwa ikmanatama munagahenna kiyala pathanawa..!!!

Amila Udayanga D.G. said... [Reply to comment]

මොන්ටිසෝරිය ගැනනම් කියන්න දන්නේ නෑ යාළුවා නමුත් මම කියවපු පොත් වලින් ටොට්ටෝචංගේ හරිම පුදුම ස්කෝලේ පොද දෙවෙනි වෙන්නේ ගුරු ගීතයට විතරයි.

Unknown said... [Reply to comment]

Oh my God..! I'm soo happy... & I'm really happy to see these faces again...

Shenya de Silva said... [Reply to comment]

:D I went to the same montosori! :D And I met my friends from there after 15 years, at university
:D

Waruna Kannangara said... [Reply to comment]

Superb! මටත් ෂින්යෝ එන් එකේ අතීතය මතක් වෙනවා...

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe