සොයන්න:

පාසල් ජීවිතයේ රස කතා -1

මේ බ්ලොගයේ කතුවරයා පෙර පාසල් දිවියේ සිටම නොයෙක් රසබර සිදුවීම් වල ප්‍රධාන චරිත නිරූපනය කලද පෙර පාසල් දිවියේ සිදුවීම් වල අතිශය පෞද්ගලික බව ගැන සිතා පෙර පාසල් දිවියේ සිදු වූ සමහර සිදු වීම් හෙළි නොකිරීමට තීරණය කර සිටී...
නමුත් ඔහුට ජීවිතය නැමැති සුවිසල් සයුර තරණය කරනට පෙර පාසලෙන් ලැබුණු පිටිවහලත් පෙර පාසලේදි හමු වූ අදටත් මිතුරු දමින් බැඳී සිටින පෙර පාසල් යහලුවන් කිහිප දෙනාත් අදටත් සිහි කරන්නේ හද පිරි බැතියෙනි...

පැන්සල් හොරා !!

ඔන්න අද මම හා හා පුරා කියලා මගේ පළවෙනි රස කතාව හැටියට කියන්න යන්නේ මම සූටිම සූටි කොලුවා කාලේ මොන්ටිසෝරියේදී වෙච්ච වැඩක්..

මොන්ටිසෝරියේ කොච්චර පිස්සු නැටුවද කිව්වොත් ඒවා ඔක්කොම ලිව්වොත් මේ බ්ලොග් එක වැහෙයි..
හිහ් හිහ්!!

ඔන්න මේ සිදුවීම නම් මට තාම මතකයි.. මේක කොහොම අමතක වෙන්නද ??
බලමුකෝ අහලා..

ඔන්න එදාත් පුරුදු විදිහටම මම මොන්ටිසෝරියට ගියා..
වැඩේ කියන්නෙ කරුමෙටම මම පැන්සල් පෙට්ටිය ගෙදර දාලා ඇවිත්ද කොහෙද ..
(මට හරියටම මතක නෑ. වෑන් එකේ දැම්මද දන්නෙ නෑ. මොකද අම්මා බලනවනේ බෑග් එක ගෙදරින් යන්න කලින්. හරි හරි ඒක අමතක කරමුකෝ..)
දැන් මේකට මොකක් හරි පිළියමක් යොදන්න එපැයි.. නැත්නම් මම කොහොමද ලියන්නෙ??
ගියා නිපුන්* ගාවට.. ඇහුවා වැඩිපුර පැන්සලක් තියනවද කියලා..
මෑන් ගාව වැඩි පුර පැන්සලක් නෑ..
වැඩේ අතාරින්න නරකයි.. ගියා තව යාලුවො හොයාගෙන..
උන්ගෙ ගාවත් නැතිලු !
අනේ අම්මපා මුන් ටික එක පැන්සලක් විතරක් අරන් මොකට ඉතුරු පැන්සල් ගෙදර දාලා එනවද මන්දා..ඔව් ඉතින් කටර් එක තියනවනේ.. ලොල්

[* - පෙර පාසලේදී මෙන්ම අදටත් සිටින මාගේ පැරණිතම පාසල් මිත්‍රයා.]

ඉතින් දැන් මම දහ අතේ කල්පනා කරනවා මොකද මේකට කරන්නේ කියලා..
ඔන්න දැන් රැස්වීමත් පටන්ගත්තා..
මුලින්ම පන්සිල් ගැනීම..
ඊළඟට පාසල් ගීතය ගායනා කිරීම..
පාසල් ගීතය කියනකොටත් මට පේන්නේ ගෙදර තියන පැන්සල් පෙට්ටිය..
කොල්ලට හිතුනා තත්පර 10න් ගෙදර යන්න පුලුවන් උනොත් කොච්චර සෝයිද කියලා..
වැඩේ හරියන පාටක් නෑ.. ඔන්න ජාතික ගීයත් පටන්ගත්තා...
මම තාමත් නලියනවා.. දැන් පන්ති භාර මිස් මා දිහා බලාගෙන ඉන්නවා..
මාව තාමත් නලියනවා බොලේ .. පව් බොල පොඩි එකා !
(දන්නවනෙ ඉතින් මොන්ටිසෝරි යන බට්ටෙක් නලියනවා දැක්කොත් මොකාට උනත් මතක් වෙන්නෙ මූට ටොයිලට් යන්න ඕන වෙලාද කියන එකනේ ?)

ඔන්න කොහොමින් කොහොම හරි ජාතික ගීය ඉවර උනා කියමුකෝ..
දැන් ළමයි පේලියට පන්තියට යනවා.. මමත් වැඩේ අතෑරියේ නෑ..
ටීච එන්න ටිකක් වෙලා යන නිසා අනිත් පන්තිත් scan කරලා එන්න ඕනා..
ඔන්න දැන් කොල්ලා අනිත් පන්ති වල ඉන්න කොල්ලගෙ යාලුවෝ ගාව වත් වැඩිපුර පැන්සල් තියනවාදැයි සොයා බැලීමේ මෙහෙයුමට සූදානම්..
ඔන්න විනාඩි දහයක් විතර ඒකටත් ගියා කියමුකෝ..
කොල්ලට අන්තිමට එන්න පුලුවන් උන නිගමනය මොකක්ද ??
"පෙර පාසලේ වැඩිපුර පැන්සලක් ඇති මාගේ යහලුවන් එකෙක්වත් නැත"

වැඩේ හරියන්නෙ නෑ..
දැන් පන්තියට ටීචත් ආවා..
මම ටීචට කිව්වා බැරිම තැන ටීච මට පැන්සලක් ගේන්න බැරි උනා කියලා..

ටීචත් ඉතින් මොනවත් කිව්වෙ නෑ..
ඊටපස්සෙ ටීච යතුරකුත් අරන් කබඩ් එක ගාවට ගිහින් කබඩ් එක ඇතුලෙ තිබ්බ පෙට්ටියක් ගෙනාවා...
අනේ අම්මපා.. පෙට්ටිය පිරෙන්නම පැන්සල්.. :p
අනේ අපරාදෙ කියන්න බෑ ජපානෙන් ගෙන්නපුවද කොහෙද.. ලස්සනේ බෑ ..
දැන් පැන්සලක් නැතුව හිටිය කොලුවට මොකක් තෝරගන්නද කියලා හිතාගන්න බෑ..
ඉතින් මමත් දැන් ලස්සන පැන්සලක් තෝරගත්තා...
දැන් ඊටපස්සෙ මට තියෙන අවුල මේ පැන්සල ලියල ඉවර වෙලා ආයෙත් තියලා යනවද,
නැත්නම් ගෙදර අරන් යනවද කියන එක..

ඔහොම කල්පනා කර කර දවස ගෙවුනා කියමුකො..
ඔන්න දැන් මොන්ටිසෝරිය ඇරෙන්නයි ලං වෙන්නෙ..
දැන් බට්ටගෙ හිත ඩිගි ඩිගි ගාලා ගැහෙනවා..
දැන් ඔක්කොම ලියලා ඉවරයි.. පැන්සලත් තියන ඕනේ..
කොල්ල ගියා අර පැන්සල් තියන පෙට්ටිය ගාවට.. :p
ආනේ .. ලස්සන ලස්සන.. පැන්සල් ගොඩාරියයි..

දැන් පැන්සල තියල එන්න ගිය එකාගෙ හිත වෙනස් වෙලා...
වට පිට බැලුවා... කාටවත් පේන්නෙ නම් නෑ වගේ... ගත්තා පැන්සල් පෙට්ටිය..
පැන්සල් ටික බෑග් එකට හලාගෙන ගියා..
පෙට්ටියත් වහලා එතනින්ම තිබ්බා...
මෙහෙයුමේ පළවෙනි අදියර සාර්ථකයි !!

දැන් තියෙන්නේ දෙවන අදියර..
ඒ තමයි ආරක්ෂිතව පැන්සල් ටික නිවසට ප්‍රවාහනය කිරීම..
ඔන්න මොන්ටිසෝරිය ඇරිලා කොල්ල වෑන් එකට වෑන් එකෙන් ගෙදරට..
වෙනදට දඟ කරන පොඩි එකා අද සද්දයක් නෑ..
අද ගේ ඇතුලටම වෙලා..

ඔන්න වැඩේ ඔක්කොම කනපිට හැරෙන්නෙ මේ අතරේ තමයි...
එකපාරටම හවස 4ට විතර ගෙදරට එනවා කෝල් එකක්...
වැඩේ කියන්නෙ පන්තියේ ටීච හැම ළමයෙක්ගෙම ගෙදරට කෝල් කරලද කොහෙද...
ඊට පස්සෙ අම්මා බෑග් එක බැලින්නම් ලස්සන ලස්සන සෝයි පැන්සල් ගොඩායි...
දැන් පොඩි එකාට පොළව පලාගෙන යන්න හිතිලා..

ඉතුරු ටික ඉතින් කියන්න ඕනේ නෑ නේ ??
කොහොම හරි ගුටි නම් නොකා බැනුම් අහලා යන්තම් බේරුනා...

ඊළඟ දවසේ හෙමීන් සැරේ පැන්සල් ටික පෙට්ටියට දැම්මා වගේ මතකයි..
ඔන්න ඔහොමයි පැන්සල් හොරා ගුටි නොකා බේරුනේ !!

ටීච බැන්නෙත් නෑ.. ඒ ටීචස්ලා අපිට ඒ අයගෙම ලමයි විදිහට සැලකුවේ..
ඒ කාලේ අපේ පන්තිය භාරව හිටියේ කොස්තා ටීචර්..
අනිත් ටීචර් තමයි සජීවනී ගෝමස්.. මේ අය දන්නවනම් කියන්න...
ආයෙත් හමු වෙන්න ආසවකුත් තියනවා.. :)

මේ වගේ දේවල් නරක වැඩ උනත් මම පොඩි එකා කාලේ ඕවා තේරෙනවයැ??
මේවා කියවන අයට ෆන් උනාට මේ වගේ දේවල් වලින් මම ජීවිතේට එකතු කරගත්ත හොඳ පාඩම් නම් කවදාවත්ම අමතක වෙන්නෙ නෑ..

12 comments:

Vathsala said... [Reply to comment]

<3

Vathsala said... [Reply to comment]

Oh <3

Vathsala said... [Reply to comment]

Nice <3

නිම්ශා said... [Reply to comment]

ඉතින් අනිත් දවසේ ඔයත් ගෙනිච්චේ එක පැන්සලද... ලස්සනයි කතාව.

kalo said... [Reply to comment]

මැක්සා මචන් .......

Anonymous said... [Reply to comment]

LOL

kunuwala said... [Reply to comment]

ela machoo

Osankahr said... [Reply to comment]

lol~~~~~ !!!!!!!

Anonymous said... [Reply to comment]

apo.... aparade kaale kiyawanna giya

Bhagya Sanuka said... [Reply to comment]

හැමෝටම ස්තුතියි !!

@ Anonymous : අනේ අපරාදෙ උඹ දාපු කමෙන්ට් එක කියවලා මොඩරේට් කරන්න ගිය කාලෙ.. :( lol!

Anonymous said... [Reply to comment]

oh my god!!! happy to see this again...

chatu777 said... [Reply to comment]

wow it is realy realy nice bagya..................

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe