සොයන්න:

ෆේස්බුක් 'Like' කෙරිල්ල !!

මූණු පොතේ තියන පිස්සුවලින් එකක් තමයි මේ ලයික් කෙරිල්ල..
ඔයාලත් මූණු පොතේදී ඔය එක එක මිනිස්සු වෙන අයට කියලා ලයික් කරෝගන්ඩ දඟලන්වා ඕන තරනම් දැකලා ඇති නේ..
මේකත් ලයික් කෙරිල්ලක් උනාට මේක අරුම පුදුම ලයික් කෙරිල්ලක්...

මෙන්න මූණු පොතේ ලියපු ලිපියකට ගහන්න මරුම Stamp Seal එකක් !!
හැබැයි මේකෙ එක අවාසියක් තමා මූණු පොතේ මේ සීල් එක ගහන්න බෑරි එක..
ගැහුවොත් ඉතින් ගහන්න වෙන්නෙ මොනිටරේ උඩට තමයි..
මේක ඇවිල්ලා භෞතිකමය ලයික් කෙරිල්ලක්.. හොහ් හොහ් හොහ් !! :p
ඒක නිසා ඔය යාලුවොත් එක්ක දාන සෙල්ලම් වලට තමා මේක හරි යන්නේ..
මූණු පොතට ඇබ්බැහි උන අයට මේ වගේ එකක් ලඟ තියාගන්න එකෙන් උසස් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් වෙයි..


ඔය සමහර පෞද්ගලික පන්ති වලත් මේක පාවිච්චි කරන්නලු ලෑස්තිය..
ඉතින් ළමයින්ගේ රචනා අනං මනං වලට බකස් ගාල වදින්නෙ 'Like' සීල් එකලු..
'Unlike' සීල් එක වැදුන දාට ළමයින්ගේ මූණුත් නරක් වෙනවලු.. :p
මොකද මේ පන්ති වල ළමයි වගේම ටීචර්ස්ලා සෑර්ලා හේමත් මූණු පොතේ සාමාජිකයොලු !!
බය වෙන්න නම් එපා ලංකාවෙ නම් නෙමෙයි.. හිහ්!!
අනේ මන්දා මේක දැකලා ලංකාවෙත් මේක බෝවෙයිද කවුද දන්නෙ ??






මෙන්න අකමැති නම් ගහන්න තවත් රබර් සීල් එකක්...
ඒක ඇවිල්ලා 'Dislike' සීල් එකක්..
බලන්නකෝ ඒකත් හොඳයිද කියලා..



ඔයාලටත් මේකක් හදාගන්න ඕනේ නම් හරි මේ ගැන දැනගන්න දෙයක් එහෙම තියනවානම් හරි stamp@wearenation.co.uk කියන ලිපිනයට දැනුම් දෙන්නකෝ..
ගාන නම් ටිකක් සැරයි වගේ...

The 'Like' Stamp - £9.99
The 'Dislike' Stamp - £9.99
Blue Ink Pad - £3.00
The Set: Like/Dislike Stamps, and Inkpad - £ 20.00

වැඩි විස්තර ඕනේ නම් මේකට ගිහින් බලන්නකෝ..

ඔන්න මේ ලිපිය නම් Share පාරක් දාන්න වටින ලිපියක් ..
නේද ?? :D

6 comments:

Anonymous said... [Reply to comment]

:P:P:P

Unknown said... [Reply to comment]

pattaiiiiiiii

චමිත් ජයංග said... [Reply to comment]

ෆේස්බූක් ලයික් කෙටිල්ලට ගිය කලක්.... :D :D

9XM said... [Reply to comment]

Like කරන එකාගේ නම මේකේ වදින්නේ නැහැනේ....

සංකල්ප said... [Reply to comment]

මේකත් පුදුම ලයික් කිරිල්ලක් නේ. ලගදීම ලංකාවටත් එයි ද දන්නේ නෑ.

Hasitha Gunasinghe said... [Reply to comment]

Like

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe