සොයන්න:

පාසල් ජීවිතයේ රස කතා -3


මේක උනේ මම සූටි කොලුවා කාලේ ඒ කිව්වේ මම 7 වසරෙ ඉන්නකොට...
ඒ කාලේ අපේ පන්තිය තිබ්බෙ පිට්ටනිය ලඟමයි..
අපේ පන්තියට එහා පැත්තෙ ඉඳන් තමයි පේලියට අනිත් පන්ති තිබුනේ..
මේ නිසා අපේ පන්තිය අනිත් පන්ති වලට වඩා පහලට වෙන්න තමයි තිබුනේ...
පහලට වෙන්න කිව්වෙ භූ විෂමතාවද මොකක්ද මං දන්නෙ නෑ එකකට අනුව මිසක් අර මොළ කාරයො අතින් නම් නෙමෙයි..
ඒක නිසා අපේ පන්තියට කිව්වෙ වලේ පන්තිය කියලා... :(

ඔන්න ඉතින් මාතෘකාව වෙනස් කරන්න හදනවනෙ මෙයා...
හරි හරි .. කතාවට යමුකෝ !!


ඉතින් ඔන්න අපි වලේ පන්තියේ ඉන්න කාලේ චිත්‍ර උගන්නන්න ආවේ ටිකක් සැර මිස් කෙනෙක්..
ටිකක් තමයි.. හොඳ ටික.. කියවපල්ලකො ඉතුරු ටිකත් .. හොඳ ටික !
හරි හරි... හිටපල්ලකො කතාව කියනකන්..

ඉතින් මේ මිස්ට පොඩි වැරැද්දක්වත් පෙන්නන්න බෑ...
හැමදාම දෙනවා චිත්‍රයක් අඳින්න පන්තියෙදි..
ඊට පස්සෙ ගෙදරදි අඳින්න එකකුත් දෙනවා..
ඇන්දෙ නැත්නම් චටාස් ගාල වේවැල් පාර වදින්නෙ අර 'පු'යන්නෙන් පටන් අරන් 'ක'යන්නෙන්ද මොකෙන්ද ඉවර වෙනව කියල කියන තැනකට..
අපිටත් "අම්මෝ මගෙ .... " කියලා කෑ ගහන්න තිබ්බා..
ඒත් ඒ කාලේ අපි ඔය වචනවත් දන්නෙ නැති හිප්පියොනෙ..
ඒක නිසා අපි එකෙක්වත් වැඩ නොකර යන්නෙ නෑ..
අඩුම ගානේ බලි කුරුට්ටක් හරි ඇඳන් යනවා..
නැත්නම් අර අකුරු දෙක අතගගා තමයි ඉන්න වෙන්නේ දවසම..

හැබැයි හැමදාම දෙන්නෙක් තුන්දෙනෙක් අනිවා ගුටි නම් කනවා...
ඉතින් කොහොමින් කොහොම හරි එක දවසක් අපිත් එක්ක හිටපු එකෙකුත් අර ගොඩට වැටිච්ච දවසක තමයි මේ කියන සිද්දිය උනේ..

ඉතින් එදත් මේ මිස් දැන් අහගෙන යනවා පේළියට
"උඹ ඇන්දද ??"
"ඔව් මිස්.." "කෝ චිත්‍රෙ ??" "මෙන්න මිස්.." "හා හොඳයි.."
"උඹ ??" "මෙන්න මිස් .." "හරි.."
"එතකොට උඹ ??" "අමතක උනා මිස්..." (ඔලුව කසයි.)
"යකෝ තොපිට හැමදාම කියනවා නේද වැඩ කරන් එන්න කියලා ??"

"වරෙන් උඹට දෙන්න..."
හරි ඔන්න ඔය වගේ දැන් තුන් හතර දෙනෙක් අදත් දංගෙඩියට යන්නයි සූදානම..
ලොල්.. දැන් ඔන්න මුන් ටික පේලියට ඉන්නවා..
මුන්ට වඩා අපිට ආතල් ඇයි අරුන් අම්මෝ, හායි හූයි, ආව්, අහ් ! ගාල නැති සද්දත් දානවනේ.. එතකොටනම් අපිට ෆන් තමා!

ඔන්න මිස් දැන් එකෙක්ට ගහපි.. මෙන්න බොලේ අරූට ගහපු ගමන් පන්තියෙ ඉඳගෙන හිටපු එකෙක් කෑ ගහනවා අනේ අම්මෝ කියලා.. දැන් මිස්ට මේක ප්‍රශ්නයක්..
අරූව හොයාගන්නත් බෑ..
දැම්මා ඇමක්..
ගැහුවා තව එකෙක්ට අරූ ගිල්ලා ඇම.
අනේ පව් .. අතේ මාට්ටු..

"නැගිටපිය, තොගෙ ... අමාරුවද බොල කෑ ගහන්නේ ??"
"නෑ මිස්"
"නැත්නම් කොහෙද බොල තොපේ අමාරුව තියෙන්නෙ ?"
(අරූගෙන් සද්දයක් නැත.)
උඹත් පලයන් අතනට..

හරි දැන් පේලියේ 5යි..
අරූත් ඉන්නවා අන්තිමට කන්න...

ඔන්න මිස් ආයෙත් පටන්ගත්තා 3 වෙනියට ගහන්න...
"අම්මෝ!"
ඌත් කාලා කෑ ගහගෙන දිව්වා ඉඳගන්න...
ඔන්න දැන් 4 වෙනියා.. දැන් තමයි හොඳම හරිය.. :p

"උඹ හැම්දාම වැඩ කරන්නෙ නෑ නේද ??"
"නෑ මිස් කරනව මිස්"
"මොකද යකෝ නෑ මිස් කියලා කරනව කියන්නෙ ??"
උඹට මම දෙනව අද හොඳ පාරක්... හෙට ඉඳන් උඹ මට්ටුයි !

කියලා කරුමෙටම ගැහුවෙ මූගෙ අත් දෙකේ ඇඟිලි ටික මේසෙ උඩ තියලා වේ වැලෙන්.
අනේ අපරාදෙ කියන්න බෑ අර හාදයගෙ ඇඟිල්ලක් පුපුරලා ලේ එන්න ගත්තා...
දැන් පන්තියම එකම ගාල ගෝට්ටියයි..

දැන් අරූ හොඳටම අඬනවා.. මිස්ට මළ !
මොකද යකෝ උඹ අඬන්නෙ .. බබා වගේ ??

මිස් ඔහොම කියලා තත්පරයයි ගියේ, මෙන්න අරූ එක පාරටම කෑ ගහන්න ගත්තා...
"ඉහි ඉහි ! මම අම්මලට කීනව ඔයාව මට ගැහුව කියල, මම පොලිසියටත් යනව"

මෙන්න බොලේ අර මිස්ගෙ මූණ මොකක්ද උනා !
අනේ පව් කියන්න බෑ මිස්ගෙ මූණ නිකන් ලෙකෙටම එකයි වගේ වෙලා...

අනේ පුතේ කාටවත් කියන්න එපා.. මම ආයෙත් ඔයගොල්ලන්ට ගහන්නේ නෑ ..
කොහොමද වැඩේ ??

මෙන්න ඊලඟ දවසෙ අර කොල්ලා ඇවිත් කියනවා මම අම්මලට කිව්වෙ මාව ඊයෙ ඉන්ටවල් එකේ ක්‍රිකට් ගහද්දි වැටුනා කියල බං..
මෙන්න බොලේ එක පාරටම එකෙක් ආපි ඌ ඉස්සරහට...
බැලින්නම් අර පස් වෙනියා.. ලොල්..
උඹ හින්දා මම ඊයෙ බේරුනා බං !!
තැන්ක් යූ මාව බේරුවට.. හික් හික් හික් !!

7 comments:

Prashan said... [Reply to comment]

maru maru...mama hithanne nama dala nathi unata ara 5weniya bhagya da koheda..mokada anit ewun guti kanakota athl yanawa kiyala tyenne bhagyatane..hehe..

පබලු said... [Reply to comment]

පස් වෙනියා විතරක් නෙවෙයි අනිත් අයත් ස්තුතියි කරන්න ඕන.නැත්නම් ඉතින් දිගටම ගුටි කකා ඉන්න තිබුනා. :) :)

හිස් අහස said... [Reply to comment]

ඉස්කෝලේදි ගුටිකාලම මටනම් එපා වෙලා . අකමැත්තෙන් තමා මේකතාව බැලුවේ අවුලක් නෑ එල .අග ටික මාරම ගති

එල සෙටෙ එකක්නේ ඉඳල තියෙන්නේ

ජයවේවා !!

kalo said... [Reply to comment]

මොනා උනත් මේවා ජාතික වස්තු.. ;)

C0de BlUe said... [Reply to comment]

ඉස්කොලේදි ගුටි කන්නේ නැත්තේ මොකාද ?? හික්ස් ...

Ranul Hashika Gomas said... [Reply to comment]

නියමයි අයියේ.මේවා ඇත්ත බව හොදින් තේරෙනවා.කතාවක් කියවනවාට වඩා රසවත්.(අයියලා ගුටි කන එක නෙවෙයි හොදේ):හිහ් හිහ්

දඩුවම් මතක said... [Reply to comment]

මාර කතාව

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe