සොයන්න:

අයි හේට් ෆේක් පීපල් ! | I hate FAKE people !


මේ පෝස්ට් එක ලියන්නේ ඔයාලාගේ friend list එකේ යාලුවෝ වැඩි වෙනවාට අකමැත්තකින්වත් මට අනිත් අය ඉස්සරහා ෆේස්බුක් ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනේ නිසාවත් නෙමෙයි... මේ අත්දැකීම් අත්විඳලා මටත් දැන් හොඳටම ඇති උන නිසා....

මුලින්ම කතාව කියලම පටන්ගන්නම්කෝ ...
මේවා දැනගත්තේ කොහොමද කියලා අහන්න එපා ...

ඔන්න මම දන්න කොලු පැටියෙක් ඉන්නවා ..
( ෂෝක් කොලු පැටියා .. :D මේ අයියාව රවට්ටන්න හැදුවේ..)
ඔය කොළඹ ලොකුයි කියලා කියන ඉස්කෝලේකට යන්නේ....
ඉතින් මෙයා මනෝරාජික FB ඇඩ්මින් කෙනෙක් කිව්වත් වැරදි නෑ...
නොදන්න දේකුත් නෑ.. දන්න දේකුත් නෑ...


ඉතින් දවසක් මේකා අපේ ගෙදර ඇවිත් FB ලොග් වෙන්න හදනවා ...
ඉතින් මම මූට ඒකට ඉඩ දුන්නා...
ඒ ඇතිනේ මූගේ password එක මගේ අතට එන්න ;)
(ඒ කොහොමද කියලා දන්නෝ දනිති )

ඉතින් දැන් මූ මට ඒකට ලොග් වෙලා කතා කරලා පෙන්නනවා කෙල්ලෙක් ..
ඒකි මූට Relationship req. එකක් එවලා... අනේ සාදු !!
ඉතින් මූ ඒකිගෙ ප්‍රොෆයිල් එකට ගිහින් පෙන්නුවා ... ඒ කෙල්ලට යාලුවෙක්ට ඉන්නෙත් මූ විතරමයි... තියෙන්නෙත් එක පින්තූරයයි...
ඉතින් ඕන පාං බට්ටෙක්ට තේරෙනවානේ ඕක බොරුවක් කියලා.. (ඇත්තක් වෙන්නත් පුලුවන් කියලා ඔයගොල්ලොන්ට හිතෙයි.. නමුත් කතාව කියවන්නකෝ ඉස්සරහට..)

ඉතින් මූ මට පේන්න ආඩම්බරෙන් අර Relationship req. එකත් කන්ෆර්ම් කරලා ආපු friend requests පෙන්නනවා ...
‍friend req. 655ක් ඇවිත් !!
(ආනේ මමත් බොරුවට පුදුම උනා.. ඇයි ඉතින් ඌ FB වැඩ්ඩෙක්නේ .. ලොලේ ලොල්ම තමා ;) )
නොදන්න එකෙක්නම් හිතයි මූ වැඩ්ඩා කියලා ..

ඊට පස්සෙ දවසක මූ Love සීන් එකකට group එකක් හදලා... අනේ අපරාදෙ කියන්න බෑ මූ තනිකරම වෙන Group එකක කොපියක් ගහලා....
මූට ක්ලෝනීකරනය පිලිබඳ විශේෂ ගෞරව උපාධියක් දෙන්න වටිනවා...
ඒත් වැඩේ තියෙන්නේ දැන් මූ සෑහෙන කට්ටක් කාලා ප්‍රොෆයිල් එකේ යාලුවෝ සෑහෙන පුරවගෙනත් මූගේ group එකේ ඉන්නේ 3000ක් විතර තමයි.. අර ඔරිජිනල් group එකේ අයිතිකාරයක් මූගේම ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෙක් ... කොහෙද ඉතින් මූ ඒවා බලන්නෙත් නැතුව කරපු බලු වැඩේ මොකක්ද අනිත් group එකයි ඊක ඇඩ්මින්වයි report කරන්න කියලා එව්වෙ නැතැයි group message එකක්...
ඉතින් මම අර ඇත්ත group එකේ ඇඩ්මින් ගෙනුයි තව දන්න කියන අයගෙනුයි අහල බැලින්නම් උන් මොනවත් දන්නේ නෑ...
මූ අරව රිපෝට් කරලා ඒවා බෑන් කරන්න හදලා තියෙන්නේ.....

මොකද කියන්නේ අයි හේට් ෆේක් Friends too තමා !!

ඒ මදිවට මම මේ ලඟදි දැක්කා මගේ යාලුවෙක් අර මූගේ හොර කෙල්ලව ඇඩ් කරන්.. (ඒක කරන්නෙත් අර මුලින්ම කොල්ලම තමා..දැනගත්තේ කොහොමද කියලා අහන්න එපා.. :) ) ඒ කියන්නේ ඌගේ කෙල්ල ඌමයි !!
ඌම කොල්ලත් වෙලා කෙල්ලත් වෙලා...

හරි අතරමගදී අහන පැනය : දැන් කොල්ලෙකුත් වෙන කෙල්ලෙකුත් වෙන කෙනාට කියන නම මොකක්ද ?? ;)

හරි දැන් මූ වැඩ්ඩා වෙලා තව සෙට් එකක් අරන් බොරු එකවුන්ට්ස් වලට උන් කැමති නෑ කියල ෆෑන් පේජ් එකක් කරන් යනවා... උන්ගේ තරහකාරයො රිපෝර්ට් කරලා දාන්න නියම තෝතැන්න... ඒත් මිනිස්සුන්ට පේන්න වෙන ෆේක් කියල හිතෙන එකවුන්ට්ස් රෙපෝර්ට් කරන්නත් උන් වගබලාගන්නවා...

වැඩේ කියන්නේ මුන් කැමති නැත්තෙ වැඩ්ඩොන්ට, ගේම් වල වර්ල්ඩ් රෑන්ක්ස් දාන අපේම රටේ අයට, අහිංසක ලමයිවගේ අය මේ නිසා එකවුන්ට්ස් අනන්තවත් අහිමි කරන් ඇති...

හමුදාව දිරිගන්වන්න අපි Groups කරන කාලෙ ඉඳන් කරගෙන ආපු ගෲප් එකක මෙම්බර්ස්ල වැඩිවෙනව දකින්න අකමැත්තෙන් ඒ අය මගේ යාලුවො කිහිපදෙනෙක්ගෙම එකවුන්ට්ස් Report කරල තියනව... මගේ පන්තියේ යාලුවො කිහිප දෙනෙකුත් මීට අයත්...

එහෙනම් පරිස්සමින් ඉන්න හොඳේ...

මම ගියා !!

13 comments:

Romesh said... [Reply to comment]

thanks for the info bro ....oya kolu patiyage iskole mokkada ? :D

ගීත් | Geeth said... [Reply to comment]

හී හී‍........... fake profile නම් ඇණයක්

Hasitha ජයසූරිය said... [Reply to comment]

අමුනල කරල මාරයි ලොක්කා..... අපිත් ඉතින් අමුනල කරල චැට් කලොත් ඒ ෆේක් ප්‍රොෆයිල් එකක් :(

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

ඉතිං බං මේකා මගේම නෑදෑයෙක්...
මාව රවට්ටන්න ??

Hasitha ජයසූරිය said... [Reply to comment]

පොඩි එකාගෙ ආසාවනෙ බන් :D

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

එකා නෙමේ බං ..
මේක මාෆියා එකක් වගේ හැම තැනම පැතිරිලා....
මෙතන 20ක විතර සෙට් එකක් ඉන්නවා....
උඹේ වයසෙ වගේ තමයි අර කොළුවා !

Hasitha ජයසූරිය said... [Reply to comment]

මාෆියා එක තමා අවුල :(

ඒක නෙමේ බන් මටත් පොඩි අයිඩියා එකක් ආව කෙල්ලෙක්ගෙ ප්‍රොෆයිල් එකක් හදල එයා මෙයා කරල පොඩි ඇඩ් එකක් දාන්න... හික්z

මොකෝ කියන්නෙ ;)

ප/ලි
දැන් වැඩක් නෑ බන්........මේක දකින හැමෝටම වැඩේ මාට්ටු වෙනවනෙ :D

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

අනේ මංද බං....
උබලත පිත්තු !

Hasitha ජයසූරිය said... [Reply to comment]

හෙ හේ :D

alison said... [Reply to comment]

Quality post, yes Im human

Anonymous said... [Reply to comment]

haha hane anichchan mehemath eun

හිස් අහස said... [Reply to comment]

මගේ යාළුවෙක් කැෆේ පොරකට කියලා ෆේස්බුක් එකක් හදාගෙන , කැෆේ පොර කිවුවලු මල්ලී කාටවත් කියන්න එපා මම අඩු ගානට Strong ප්‍රොෆයිල් එකක් හදලා දෙන්නම් කියලා මුගෙන් 500 ඉල්ලලා . මූ 650 ම දීලා ඇවිල්ලා . දැන් උගේ නම "Strong මූනා"

Anonymous said... [Reply to comment]

We must accept finite disappointment, but we must never lose infinite hope.

-----------------------------------

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe