සොයන්න:

Rail of War | රේල්ලුවකින් යුද්ධ කරමු?

Image and video hosting by TinyPic
මම සාමාන්‍යෙන් මගේ බ්ලොග් එකේ ගේම්ස් ගැන පෝස්ට් දානවා අඩුයි...
නමුත් හැමෝටම වගේ ගහන්න පුලුවන් එච්චරම ලොකු නැති හොඳ ගේම් එකක් අහු උනොත් ඉතින් ඒක නොකියා ඉන්න එක හරි නෑනේ...
මමත් මේ ටිකේ විවේකයෙන් ඉන්න නිසා ගේම්ස් ගහන්නත් නැඹුරු වෙලා..
දැන් ඉස්සරහට ගේම්ස්ම වැටෙයිද මන්දා... ;)

ඔන්න ස්ට්‍රැටර්ජි වගේ නමුත් ප්‍රමාණයෙන් කුඩා, ඒ වගේම ගුණාත්මක බවින් ඉහළ ගේම්ස් වලට ආස අයට මෙන්න මරු ගේම් එකක් !
නමුත් මේක ටිකක් වෙනස් ආකාරයක ගේම් එකක්...
වෙන ස්ට්‍රැටර්ජි ගේම්ස් වගේ මිනිස්සු සත්තු පාදක කරගෙන හදනවා වෙනුවට වෙනස්ම ආරකින් යාන්ත්‍රිකමය ක්‍රීඩා අත්දැකීමකට ක්‍රීඩකයාව ගෙනියන ගේම් එකක්..
මේක ගහන්න අන්තර්ජාල පහසුකම ඕනේම නෑ...
ඕන උනොත් ඕනේ වෙන්නෙ තමන්ගෙ ලකුණු ඒගොල්ලොන්ගේ ගේම් සර්වර් එකට යවන්න කැමති නම් විතරයි...

මේ ගේම් එක මට හම්බු වෙලා දැන් අවුරුදු ගානක් වෙනවා....
මේ ගේම් එකේ ලෙවල් දෙකක් වෙනකන් අන්තර්ජාලය හරහා ක්‍රීඩා කරන්න පුලුවන්..ඒවගේම ට්‍රයල් වර්ෂන් එක නොමිලේ දෙනවා...
ෆුල් වර්ෂන් එක ඩොලර් 15ක පමණ මුදලකට අන්තර්ජාලය හරහා ලබාගන්න පුලුවන්... :p

ඉතින් මමත් පොඩ්ඩා කාලේ මේ ගේම් එකට වහ වැටිලා හිටියේ...
දන්නවනේ මට ට්‍රයල් වර්ෂන් අල්ලන්නෙ නෑ කියලා ... :p
ඇත්තටම මට ට්‍රයල් එකෙන් සෑහීමකට පත් වෙන්න පුලුවන් කමක් තිබ්බෙ නැත්තේ තව ඉස්සරහ ලෙවල්ස් වලට යන්න තරම් ගේම් එකේ ගුණාත්මක බව ඉහල මට්ටමක තිබීමයි..... :D
ඉතින් මම බැස්ස වැඩේට...
අන්තිමට සෑහෙන කට්ටක් කාලා මේක ෆුල් වර්ෂන් එක ගත්තා ...
ගත්තා කිව්වේ ගත්තා හොඳේ...
මිල දී ගත්තා නෙමෙයි හරිද.. :D හික් හික්!

ඉතින් අද ඔයගොල්ලන්ට මම කෙලින්ම දෙන්නේ මේ ෆුල් වර්ෂන් එක...
කොටින්ම මම අද එක කඩ්ඩ වචනයක්වත් පාවිච්චි කලේ නැත්තේ ෆුල් වර්ෂන් එක නිකන් දීලා මට කෙළ කරන්න කඩ්ඩො ටික කඩු අමෝරගෙන ආවොත් කියලා... :o
හික් හික් ! එහෙනම් අපේ ගේම් එකට යමු !
මේකෙදි අපිට මුලින්ම කෝච්චියක් තෝරගන්න ඕනේ..

ඊට පස්සේ කෝච්චියට ඔයගොල්ලන්ට ඕනේ විදිහට වැගන්ස් සම්බන්ධ කරලා ඒවාට ආයුධ එකතු කරන්න පුලුවන්... බර අවි එහෙම තියනවා හොඳේ !! :p
ඊට පස්සෙ  රේල් පාරේ යන ගමන් සතුරාට  පහර දීලා විනාශ කරන්නයි තියෙන්නේ...
කියන එක ලේසි උනාට කරන එක නම් ලේසි වෙන එකක් නෑ !

මේ විදිහට එකිනෙකට වෙනස් ලෙවල් 10කින් ගේම් එක ඉවරයි...
හැබැයි පුතෝ මේක දවසෙන් ඉවර කරන්න නම් කීයටවත් හිතන්න එපා....
මට මේක තාමත් ඉවර කරගන්න බැරි උනා....
මම කිව්වෙ හොරට ගහල නෙමෙයි...
හොනස්ට්ලි ප්ලේ කරලා... ලොල්
Image and video hosting by TinyPic

DOWNLOAD !


මම මේක දෙපාරක් ලෙවල් 8දි නවත්තලා දැම්මා....
එක පාරක් සා/පෙ කරන කොට අනිත් පාර උ/පෙ කරනකොට....
මොනා කරන්නද...
ඔය කවුරුහරිවත් මේක ඉවර කරලා මේ පැත්තට ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් විසි කරනවා හොඳයි..
මේකෙම ප්ලේන් ගේම් එකත් තියනවා Skies of War කියලා..
ඒකෙත් ෆුල් වර්ශන් එක හම්බුනාම පෝස්ට් එකකින් දාන්නම්...
එහෙනම් මේක ගහලා අදහස් දන්වන්නකෝ !!

ලිපිය යාවත්කාලීන කලා..
මුර පදය : bhagya
සමාවෙන්න !

17 comments:

Chanaka Aruna Munasinghe said... [Reply to comment]

බලමු සෙල්ලම් කරලා

Anonymous said... [Reply to comment]

meke passwoard ekak thiywnawa... mokakda kiyala kiyanawada... pls..

iPhone said... [Reply to comment]

Password එක මොකක්ද?

Bhagya Sanuka said... [Reply to comment]

ලිපිය යාවත්කාලීන කලා..
මුර පදය : bhagya
සමාවෙන්න !

Chanaka Aruna Munasinghe said... [Reply to comment]

Please enter your activation code ??
what to do ??

Bhagya Sanuka said... [Reply to comment]

ඇක්ටිවේෂන් කෝඩ් එක නෝට් පෑඩ් එකක ලියලා ඇති...
ඒක කොපි කරලා පේස්ට් කරන්න !! :)

Anonymous said... [Reply to comment]

thanks macho...

Unknown said... [Reply to comment]

no notepad file in here.. please put the activation code

Chanaka Aruna Munasinghe said... [Reply to comment]

ko Text file ekak nahane :(
ඇක්ටිවේෂන් කෝඩ් එක nathoooo :'(

gayan8677 said... [Reply to comment]

Activation Code mokakda

gayan8677 said... [Reply to comment]

Activation Code 1a note pad 1aka na.

Bhagya Sanuka said... [Reply to comment]

සමා වෙන්න පාස් කී එක මෙතන දාන්න විදිහක් නෑ..
ඕන අය කමෙන්ට් කරලා ඉල්ලන්න...
මම එවන්නම්...
මොකද මේවා නීතී විරෝධී වැඩ...
බ්ලොග් එක ගහලා ගියොත් !!
ඔන්න උඩ කමෙන්ට්ස් දාපු අයට දැනටමත් පාස් එක මේල් එකට ඇවිත් ඇති !!

Chanaka Aruna Munasinghe said... [Reply to comment]

Mata Aaawe naaaa :'(

Bhagya Sanuka said... [Reply to comment]

මෙන්න රේල්ස් ඔෆ් වෝ ගේම් එකේ පාස්වර්ඩ් එක...
මේ දෙකෙන් එකක් ගන්න..
(දෙකම එකයි.)

http://railsofwarkey.4shared.com

http://www.4shared.com/document/k79olF9S/Code_-_by__San.html

ලිපියත් එක්ක හිටියට බොහොම ස්තුතියි!
අපහසුතාවයක් වුනානම් සමාවෙන්න.. :)

Chanaka Aruna Munasinghe said... [Reply to comment]

Finished All 10 Missions . Here are screenshots

Final Train & all item unlocked
http://picasaweb.google.com/chanakam2000/001?feat=directlink#5537164739883006850

Statistic of all missions

http://picasaweb.google.com/lh/photo/8O64sK-hD6Ggq8DwFU-H4Q?feat=directlink

Bhagya Sanuka said... [Reply to comment]

ආ!! මකරා මේක ඉවර කරල වගේ... :D
එළ එළ!! මෙන්න මගේ සුබ පැතුම්.....

ගේම ඉවරයි කියලද හිතුවෙ මකරෝ !!
මේකෙ තව එකක් තියනවා...
ඒ තමයි Skies of War !!
ඒකත් ඉක්මනටම දෙන්නම්... :D

Chanaka Aruna Munasinghe said... [Reply to comment]

හා හා ඒකත් දෙන්නකෝ හනිකට :D . හැබැයි ඒකටනම් අත තියන්නෙ Exam ඉවර වෙලා.

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe