සොයන්න:

Afterword | විශ්ව සියපත : පසුවදනක්

මායාවරුන්ගේ දින දර්ශණය අවසන් වීමට ඇත්තෙ තව මෙපමණ කාලයක් ....
ඉතින් මේ තීරණාත්මක මොහොත මොනවගේ වෙයිද කියන එක නම් කියන්න මම දන්නේ නෑ..
2012/12/21 | 11.11 AM



දැන් ඒක අමතක කරමුකෝ... වෙන දෙයක් වෙයිනේ....
දැන් මේ ලිපිපෙළේ කලින් ලිපි වලට විවේචනාත්මක ප්‍රතිචාරත් ලැබිලා තිබුනා...
අපි ඒ ගැන තරහක් ඇති කරගන්නව නෙමෙයි...
නමුත් ගොඩාක්දෙනෙක් දන්නේ නෑ මේ ලෙලසිළුවක් කියන්නේ මොකක්ද කියලාවත්...
ඒ අය මේ පින්තූරය බලලාවත් අදහසක් ගන්න ....
මේ පින්තූරයේ තියෙන්නේ ලෙළසිළුවක් පෘථිවිය හා සංසන්දනය...
ඉතින් මේ පින්තූරය බැලුවහමත් මේවගේ විනාශයක් සිදුවිය නොහැක්කක් කියලා හිතනවානම් ඒකට අපිට කරන්න දෙයක් නැහැ...


(මේ පින්තූරය උඩ ක්ලික් කරන්න.. එතකොට ඔයගොල්ලොන්ට ඇත්තම තත්වය බලාගන්න පුලුවන්..)


ඉතින් මේ සූර්ය ලෙළසිළුවක් ගැන ඉතාමත් කෙටියෙන් සඳහනක් තියන්න හිතුනා....
මේ සූර්ය ලෙළසිළුවක් නිකුත් වන්නේ ආරම්භයේ ඉතාමත් අධික ආරෝපිත අංශු වලාවක් නිකුත් කරමින්...
සරලව කියනවානම් එය ප්‍රෝටෝන කුණාටුවක් ලෙසයි හඳුන්වන්නේ...
මෙය සිදුවන අවස්ථාවේ මේ අසල උෂ්ණත්වය කෙල්වින් මිලියන දහයකටත් වැඩි වන බවයි ගණන් බලාතිබෙනවා...
ඔයාලට මේකේ බලවත්කම හිතාගන්න පුලුවන් මේ මගින් ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන වලට ආලෝකයේ වේගයෙන් විස්ථාපනය වීමට තරම් ත්වරණයක් ලබාදෙන බව අහලා....
මේ අනුව මෙය පෘථිවිය වෙත ලඟාවෙන කාලය තීරණය වෙනු ඇති...
සාමාන්‍යයෙන් මේ කාල පරාසය මිනිත්තු 7 සිට මිනිත්තු 15 දක්වා පරාසයක පවතිනවා....
මෙය මගින් විද්‍යුත්චුම්බක වර්ණාවලියේ ගුවන් විදුලි තරංගවල සිට ගැමා කිරණ තෙක් පරාසය තුල පිහිටි සියලුම තරංග ආයාමයන්ගෙන් යුත් විකිරණ නිකුත් කරනවා...
ප්‍රෝටෝන වලට මිනිස් සිරුර හරහා පහසුවෙන් විනිවිද යා හැකි බව ඔයගොල්ලෝ දන්නවනේ...
දන්නේ නැත්නම් දැනගන්න, මේ විනිවිදයාම නිසා මිනිස් සිරුරට සිදුවන ජෛවරසායනික හානිය ඉතාමත් විශාලයි...
කොටින්ම කියනවනම් බොහෝ වෙලාවට ප්‍රතිඵලය ක්ෂණික මරණය !
ඒක නිසා මහා ගිනිජාලාවක් පේන්න ඕනේ නෑ මේ විනාශය වෙන්න....
මේක අපේ ඇසට නොපෙනෙන ආරෝපිත අංශුවලින් තමයි බොහෝ වෙලාවට සිදුවන්නේ....
මේ ගැන නැවත පැහැදිලි කිරීමක් උවමනා නම් මේ කොටස ඒ සඳහා නැවත බැලීම සෑහේ යැයි සිතමි.
"මෙවැනි එක් සාමාන්‍ය සූර්ය ලෙළසිළුවක (Normal Solar flare) ශක්තිය, ශක්ති ඒකක (ජූල්) 6×10 යේ 25 බලය තරම් වන බව ගණනය කොට ඇත..එය මෙගාටොන් 100යේ හයිඩ්‍රජන් බෝම්බ මිලියන 40ක් එකවර පුපුරා යන තරමේ ශක්තියක් මුදා හැරීමකි….!!!! (හයිඩ්‍රජන් බෝම්බය මානව සංහතිය සතු බිහිසුණුම සමූල ඝාතක අවියයි. එය ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව සතු වන අතර එහි එක් පහරකින් “අරය” කිලෝමීටර 100ක් පමණ වන වෘත්තයක් තුළ බිහිසුණු විනාශයක් කළ හැක.. )..මෙම ශක්තිය සමස්ථ විද්යුත් චුම්භක වර්ණාවලියෙන්ම (Full Electromagnetic Spectrum), x-කිරණ සිට ගැමා-කිරණ තෙක් සියළු “තරංග ආයාමයන්ගෙන්” මුදා හැරෙන අතර එය නිරීක්ෂකයන්ට ඉතා භයංකර සුන්දරත්වයක් මවා පායි….(ස්කැන්ඩිනේවියානු කළාපයේ දකින්නට ලැබෙන්න “ඌෂාලෝක” (Aurora) රටා ගැන සිතා බලන්න…)"

කොහොමද ?? :D

එමෙන්ම මේ ලෙළසිළු වලින් ස්කන්ධය සහිත අංශු විසර්ජනයක්ද සිදුවෙනවා... [coronal mass ejection (CME)]
මේ විසර්ජක මූලික වශයෙන් ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන වලින් සමන්විතයි ....
(වෙනත් මූලද්‍රව්‍යද සුලු ප්‍රමාණ වලින් තියනවා..)
මෙමගින් ඇති කරන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.....


[An M9.1 flare (see the GOES X-ray plot) went off in Active Region 9632 around 04:41 UT. This TRACE image (left), taken in the 171Å passband (1 million degrees) shows the event developing into a mass ejection around 05:20UT, at about the time of maximum X-ray brightness. The animated gif on the right shows the coronal mass ejection as observed with SOHO's LASCO]

මේ සූර්ය ලෙළසිළුවකින් විමෝචනය වෙන X-කිරණ සහ පාරජම්බූල විකිරණ නිසා ගුවන්විදුලි විකාශන වගේම GPS වැනි එම සංඛ්‍යාත පරාසය යොදාගෙන කරන සන්නිවේදන කටයුතු සහමුලින්ම අඩාල විය හැකියි...
ඒ වගේම ගුවන් නිරීක්ෂණ පද්ධති , මේ හැම දෙයකටම එල්ලවන බලපෑම ඉතා විශාලයි.

මේ හානිය ගැනත් දැනගන්න ලිපියේ මේ කොටස හොඳට ඇති...
"“ඇත්ත වශයෙන්ම සාමාන්‍ය හිරු ලෙළසිළුවකට වඩා සිය ගුණයක් ශක්තිමත් “මෙගා” සිලුවක් (Mega Solar flare) පැමිණියොත් අප අවට කක්ෂ ගත කර තිබෙන පණිවිඩ චන්ද්‍රිකා සියල්ල පිලිස්සී යා හැකියි…ඒ නිසා ගෝලීයව සන්නිවේදනය සහ මුලින්ම අඩාල වී හැකියි…එයට අමතරව අළුත් බලාගාර, න්‍යෂ්ඨික බලාගාර ඇණ හිටීම නිසා බිලියන ගණනකට විදුලි බලය ඇණ හිටීවි…එහෙම වෙන්නේ මාස ගාණකට…එතකොට ඉස්පිරිතාල වලට මොකද වෙන්නේ?…දැඩි සත්කාර ඒකක?…ශල්‍යාගාර?…..ලක්ෂ ගණනක් ප්‍රතිකාර නැතුව මිය යාවි…ගුවන් තොටුපළවල් වල සියළු ඩිජිටල් අංගෝපාංග කිර්යා විරහිත වෙයි එකවර…එවිට ඒ මොහොතේ අහසේ තිබෙන ගුවන් යානා වලද සියළු විද්යුත් පද්ධති ඇණ හිටීවි..ඒ අයට දෙයියන්ගෙම පිහිටයි…එතකොට උමං දුම් රිය මාර්ග වල පරිඝණක පද්ධති?…අනතුරු වලින්ම පැය 24ක් ඇතුළත ලොව පුරා ලක්ෂ ගාණක් මිය යාවි…..ලෝකය යථා තත්වයට ගන්න වසර ගාණක් ගත වෙයි….ජීවිත හා ආර්ථික හානිය ගණන් බලන්න බැරි වෙයි…”"

ඇත්තම කියනවානම් ඔයගොල්ලෝ කලින් කියවපු ලිපිවල පැහැදිලිවම ඒ අයියා කියලා තියනවා එයාගේ අරමුණ මේ තත්වයේ බෞද්ධ පසුබිම ගැන කතා කිරීම කියලා... නමුත් මේ ලිපිය කියවලා ඉවර වෙනකොට මේ ගැන අවබෝධයක් නොමැති කෙනෙකුට මේ සූර්ය ලෙළසිළු ගැන උනන්දුවක් ඇති වෙන එක සාමාන්‍යයි.... ඉතින් මේ විදිහට මට ඉතාමත් කෙටියෙන් පසුවදනක් ලියන්න හිතුනේත් ඒ නිසාමයි ... මේ ගැන සුලුවෙන් හෝ විද්‍යාත්මක දැනුමක් ඔයාලට ලබාදෙන්න පුලුවන් උනානම් මම ඒ ගැන අවංකවම සතුටු වෙනවා....

හැබැයි මේ ලිපිය කියවලා 2013දී මෙතන හිනාවෙන්න නම් එන්න එපා.... ;)
එහෙනම් මම ගියා !!

අලුත් ලිපියකින් ඉක්මනටම හමුවෙමු !

5 comments:

හසිත ජයසූරිය said... [Reply to comment]

>හැබැයි මේ ලිපිය කියවලා 2013දී මෙතන හිනාවෙන්න නම් එන්න එපා…. ;)
බෑ බෑ මම නම් හිනාවෙනවා :P

එක අතකට 2012 ලෝක විනාශ වෙනවනම් හොදයි බන්...මොකද මගෙ A/L රිසාල්ට් ආවට පස්සෙ කොහොමත් මැරෙන්න තමයි වෙන්නෙ... ඉතින් එන්න කලින් මැරෙන එක හොදයි :D

පෝස්ට් එකනම් මරු අයියෙ... දිගටම ලියන්න සුබ පතනවා
(හැබැයි කොල්ලො විභාගෙ අනා ගන්නව එහෙම නෙමෙයි)

හසිත ජයසූරිය said... [Reply to comment]

මේකෙන් මම දන්නැති ගොඩක් දේවල් දැන ගත්තා ඒකට ගොඩක් ඉතූතියි!

sahan ළියනගෙරත්ගමයා said... [Reply to comment]

අම්මට සිරි ...එල එල...බ්ලොග් වල අඩලා කවි දාන්නෙ නැතුව මෙහෙම එකක් දානවනම් කොච්චර එලද,,,...

dinesh said... [Reply to comment]

අඩේ මටනම් මාර අප්සෙට්.කොහොම උනත් උඹ හොඳට පැහැදිලි කරල තියනවා.thanks...

Ravi said... [Reply to comment]

All of them posts were really interesting, I noticed there were some arguments going on regarding the trustworthiness of the article.

I think people expect actual references cited inside the post itself. Well it will lead to a broader discussion then,

Great article anyway, thanks bhagya and d.k
Keep the good work

"Make 'Kottu', Not War!!!" ..... ;-)

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe