සොයන්න:

Skype 5 !!




ඔන්න කාලයක් තිස්සෙ බලාගෙන හිටපු තවත් වෙනසකට අද ස්කයිප් ඇවිත් තියනවා..
ඒ තමයි ස්කයිප් වල 5 වන ප්‍රධාන සංස්කරණය නිකුත් වීම...
මේකනම් බීටා එකක් නෙමෙයි නිසා ඔන්න බය නැතුව දාගෙන බලන්න පුලුවන් !
කලින් ඒවත් එක්ක බලනකොට මේකේ සෑහෙන වෙනස්කම් තියනවා....
දැන් අපේ යාලුවොන්ගේ ප්‍රොෆයිල් picture එකේ thumbnail version sized පින්තූරයක් පෙන්නනවා ඔන්ලයින් ඉන්න යාලුවන්ගේ ලිස්ට් එකේ...
පට්ටම ගති කිව්වලු !! :p

Home button එක, ඒ කියන්නෙ ඔයාලගේ යූසර් නේම් එක එබුවම වෙනම ටැබ්ස් තියන පේජ් එකක් එනවා.... ඒකේ profile කියන ටැබ් එකෙන් පුලුවන් ඔයාලගේ ප්‍රොෆයිල් එක ලේසියෙන්ම එඩිට් කරන්න....

මම ස්කයිප් 5 ගොඩ්ඩක් හොඳයි කියන්න ඒක් හේතුවක් ප්‍රධානයි !
මොකද මූණු පොතට වඩා ස්කයිප් වලට ආස මට තිබ්බ අවුලක් තමයි ස්කයිප් එක්ක මූණු පොතේ සැරිසරන්න බැරි වීම...
ඔන්න ඒකටත් නියම විසඳුමක් ස්කයිප් වල 5 වන සංස්කරණයෙන් දීලා තියනවා....

දැන් ඉඳලා ස්කයිප් වලින් facebook ලොග් වෙන්නත් පුලුවන් !!
ස්කයිප් වල ඉඳන් මූණු පොතේ status වෙනස් කරන්න පුලුවන්..
ඒ වගේම facebook වල Home page එකට අලුත් පෝස්ට් එකක් එකතු උන ගමන් ඒකත් අපිට ස්කයිප් මගින් දැනුම් දෙනවා...ඒකත් අර චැට් මෙසේජ් එකක් ආවා වගේ කරදරකාරී නැතුව ලස්සනට පෙන්නනවා...
හරියට අපි මූණු පොතේ ඉන්නවා වගේමයි !!
facebook වල what's on your mind හරහා share කරන හැම status එකක්ම අපිට ඉබේම ස්කයිප් ස්ටේට්ස් එකට වැටෙන්නත් දාන්න පුලුවන්...
ඒ වගේම අපේ හැම ස්කයිප් status එකක්ම අපිට facebook ස්ටේට්ස් එකට වැටෙන්න දාන්නත් පුලුවන්...

ස්කයිප් 4.2 වල තිබුනා මතකයිනේ screen share කරන්න option එකක්...
ඒත් ස්කයිප් 4.2 වල window එකක් share කරන්න ඕන උනාම ඒක අපි share selection දාලා window එකේ ගානට හදලනේ කරන්නේ..දැන් එහෙම ඕනේ නෑ...
මොකද ස්කයිප් 5 වල අපිට ඕනේ වින්ඩෝ එකක් වෙනම තෝරගෙන ඒක කෙලින්ම share කරන්න පුලුවන්..

ඒ විතරක් නෙමෙයි ස්කයිප් එකෙත් දැන් facebook Home වගේ ස්කයිප් හෝම් ටැබ් එක හරහා පෙන්නනවා ස්කයිප් එකේ status update කරපු අයව ! අපිට facebook එකේ ඉන්නව වගේම ස්කයිප් එකේ status එක වෙනස් කරන්න පුලුවන්...

මේ වගේ තවත් ගොඩාක් අලුත් විශේෂාංග තියෙන නිසා මේක ඔයගොල්ලන්ගේ හිතට ගොඩාක් අල්ලලා යයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ...
ඒ විතරක් නෙමෙයි ස්කයිප් වෙබ් සයිට් එක පැත්තෙත් ගිහින් බලන්නකෝ...
සයිට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා....
මරුම තමයි !!
ඕකනේ facebook එකට වඩා Skype හොඳයි කියන්නේ !!

ඔන්න මම උදේ ගත්ත screenshots ටිකකුත් දැම්මා පෝස්ට් එක පොඩ්ඩක් ලස්සන වෙන්නත් එක්ක හොඳේ ?? ;)
බලලම තේරුම් ගන්නකෝ මොන වගේද කියලා අලුත් ස්කයිප් බට්ටා !!

Skype 5 මෙන්න මෙතනින් බාගෙනම බලන්නකෝ...
DOWNLOAD HERE !!

කමෙන්ට් එකක් එහෙම දාලා යනන්ත් අමතක කරන්න එපෝ!!

10 comments:

ඉලංදාරියා said... [Reply to comment]

එළ එළ

CBTBlogger said... [Reply to comment]

බොහොම ස්තුටී මචන් මේ ගැන දැනුවත් කලාට,මේකනම් නියමයි වගේ

Anonymous said... [Reply to comment]

එළ එළ

Chatura Dilan said... [Reply to comment]

එල

namila007 said... [Reply to comment]

elaz.... dl karaganna onea :D

Anonymous said... [Reply to comment]

skype beta version eke saha skype 5 athare wenawa mokadda? mama skype beta use karannne. dumal from qatar

Bhagya Sanuka said... [Reply to comment]

@ඉලංදාරියා
එළ !!

@Lasindu Nadishan | Admin - www.Slbloggs.com
එළම එළ මචෝ !! :D

@නදීශාන් අමරසේකර
ආහ්!! එළ නේ ?? :p

@Chatura Dilan
එලම එළ !! :p :p

@namila007
ආහ්! එයාටත් එළලු ! :p

@Anonymous
බීටා වර්ශන්ස් කියන්නෙ තේරෙන බාසාවෙන් කිව්වොත්,
සියලුම දෝෂ සමනය කරලා නැති නිකුත්වීම් තමයි..

pavithra weerapperuma said... [Reply to comment]

මොන කෙහෙල් මලකටද ස්කයිප් එක්ක මුනුපොත ඇදලතියෙන්නෙ???

Roshan said... [Reply to comment]

මේක දැම්මම මගේ Web Cam එක කැඩි කැඩි ‍පෙන්වන්නෙ.
අනෙක් Version වල නම් එහෙම නෑ.
Mazine එකේ Speed එක මදිද?
2GHz Dual core
1GB Ram
256 On board VGA

Bhagya Sanuka said... [Reply to comment]

මේකයි ඔයාට මේකෙ මූණු පොත පාවිච්චි කරන්න ඕනේ නැත්නම් ඒක අයින් කරලා දාන්න...
මම කිව්වෙ facebook ටැබ් එක විතරක්..
ඒකට සෑහෙන්න මෙමරි යූසේජ් එකක් වගේම කනෙක්ෂන් එකෙනුත් සෑහෙන කොටසක් වෙන් වෙනවා..
ඒක අයින් කලාම හරි ! :)

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe