සොයන්න:

පෝල් දි ඔක්ටපස් මිය යයි !


ආනේ! අර පෝල් බූවල්ලා මැරිලලු..
මෙන්න මෙහෙමයි අද එක එක අයගේ මූණු පොතේ ඉස්ටේටස්සු වෙනස් වෙල තිබ්බේ..
කෝකටත් මාත් එකක් දැම්මා...
"පෝල් දි ඔක්ටපස් ඊයේ සිය දිවි නසාගෙන ඇත !"
මරුනේ....

පෝල්ගේ සාර්ථකත්වය නිසා 'පෝල්' 2010 ලෝක කුසලානය යන මාතෘකාවටත් වඩා කතාබහ වුන මාතෘකාවක් වුන බවයි ජර්මනියේ Oberhausen Sea Life Centreහි කළමනාකරු Stefan Porwoll පවසන්නේ.
කොහොමත් ඉතින් සාමාන්‍යයෙන් බූවල්ලෙකුගේ ආයු කාලය අවුරුදු දෙකක් තුනක් විතර නිසා මේ මරණය අබිරහස් එකක් වශයෙන් සැලකීම අනවශ්‍ය බව ඔහු පවසනවා.

පෝල්ව භූමදාන කිරීම සඳහා ඔවුන්ගේ මුහුදු ජීවී මධ්‍යස්ථානයේ වෙනම බිම් කැබැල්ලක් වෙන් කරන බවත් එහි පෝල් භූමදාන කිරීමෙන් අනතුරුව ඒ මත පෝල් සිහිවීම පිණිස චාම් ස්මාරකයක්ද ඉදිකරන බවයි ඔවුන් තව දුරටත් පවසන්නේ.
එමෙන්ම පෝල් සිහි වීම පිණිස ඇඳුම් සහ ජංගම දුරකථන යෙදවුම් නිර්මාණයටද ඔවුන් සූදානම් වෙන බවද සඳහන්..
පෝල්ගේ ජීවිතය අලලා නිමවන වාර්තාමය වැඩසටහනක්ද ඉදිරියේදී විකාශය වීමට නියමිතයි..

මට නම් මේ අහිංසක බූවල්ලාවත් පේන්නේ අර අනාවැකි කියනවා කියල කියන ඒත් තමන්ගේ අනාගතයවත් නොදැන දොරවල් වලට අහුවෙලා මැරිලා ඉන්න හූනෙක් වගේ තමයි..
ඒ හූනො ගැන කතා කරන්න කවුරුත් නෑ.. :p
අනේ මන්දා මේකාව හිරකරන් හිටපු හැටියට ජීවිතය ගැන කලකිරිලා දියේ ගිලීමෙන් සිදුවෙච්ච මරණයක්ද කවුද දන්නෙ ??

* මෙය හුදී ජනයාගේ දැනුවත් කිරීම පිණිස ලියන ලද කෙටි සටහනක් බව සලකන්න.. :ප්

මෙන්න මේ ගැන අදහස් දක්වපු කිහිප දෙනෙක්..

Bet he didnt see that coming....

"Paul the Octopus dies"
Even I could have predicted that.

But you didn't though, did you?
That's the difference between you and Paul. He actually walked the walk.

Now that Paul the Octopus is no longer around
Conspiracy theories will abound
And some could have a case
For, in death’s wet embrace,
The autopsy says that he drowned.

Paul did more with his eight legs than the English world cup team did with 22 legs.
I am so shocked that octopus live such a short time- why is this?

RIP Paul...you were more entertaining than the football.

The only English creature to emerge with honour from the world Cup debacle!

I undersand that he could only correctly predict the result of matches played over 8 legs.

I think it was a conspiracy driven by the Iranian Government to have him eliminated.

Of course there should be a memorial - he was so much more interesting than the commentators - and many of the players.
We could also have commemorative stamps.

Bit of garlic, olive oil and 2 mins on a high heat...a very satisfying end I'd say!

No! In 2 mins Paul will be rubber. 30 secs flash fry. He deserves the best.

I predicted this would happen.

1 comments:

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe