සොයන්න:

ඔබේම අන්තර්ජාල රේඩියෝවක් හදාගන්නේ මෙහෙමයි | Start your own radio station for FREE!

Image and video hosting by TinyPic


කාලෙකට පස්සෙ බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුනෙ හැමදාම මගේ සැපේදි මෙන්ම දුකේදිත් මාත් එක්කම ඉන්න මිතුරා වින් ඈම්ප් නිසා...

ලොල් .. මම මතක තියන කාලෙක ඉඳන් සිඳු ඇහුවෙ වින් ඈම්ප් වලින්..අප්සට් මූඩ් එකේ හිටියත් ආතල් එකේ හිටියත් ඒක එහෙමමයි !!

මට මතකයි මම 5 වසරෙදිත් නීඩ් ෆො ස්පීඩ් V (පෝශේ අන්ලීශ්ඩ්) ගහනකොට වින් ඈම්ප් එකෙන් බැක්ග්‍රවුන්ඩ් එකේ බැක්ස්ට්‍රීට් බෝයිස්ලගේ ඇල්බම් එකක් රන් කරගෙන තමයි ගේමට බහින්නේ.... ඉතින් ඒවා තාමත් සොඳුරු මතකයන් ...

ඊයෙ මගේ පරණ හාඩ් ඩිස්ක් එකට Win 7 දාලා ඒකට අලුත්ම වින් ඈම්ප් 5.58 දැම්මට පස්සෙ එක පාරක් කරන්න ගිහින් වැරදිච්ච වැඩක් ආයෙත් කරලා හරි ගිය නිසා ඒ හරි ගිය වැඩේ ඔයාලටත් කියලා දෙන්න හිතුනා.... ;)

මේක ඔය කට්ටියට ගොඩාක් වැදගත් වෙන පෝස්ට් එකක් වෙන බව නම් මට විශ්වාසයි..
අනිත් එක මේක මම හැමතැනම හොයලා හොයලා හම්බුනේ නැති තැන කඩ්ඩෙන් තිබ්බ පෝස්ට් එකක් හරි අරන් හැදුවෙ තියන ආසාවට මිසක් ... ලොල් !!

ආසාව වගේද මේකෙ පොඩි ඇඩ් එකකුත් තියනවා නේ...

අනික තමන් අහන සිංදු ඔන්ලයින් ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරලා තමන්ගෙ යාලුවොන්ටත් ඒ වෙලාවෙම අහන්න සලස්වලා ආතල් එකක් දෙන්න කවුද අකමැති ?

දැන් අපි එහෙනම් වැඩේට බහිමු කොල්ලනේ ...
මුලින්ම වැඩේ පටන්ගන්න කලින් අපි ඒකට අවශ්‍ය පරිසරය හදලා ඉමුද එහෙනම් ?

මුලින්ම ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ගේ පරිගණකයේ Winamp Media Player එක ස්ථාපනය කරන්නයි...

තියන අය එතකම් පොඩ්ඩක් ඉන්න ..  ;)
ඔන්න ගන්න පහසුවෙන්න මෙතනින් දැම්මා....



ඊලඟට අපිට අවශ්‍ය වෙනවා අපේ SHOUTcast එක සඳහා සැකසූ SHOUTcast pulg-in එකක්...

ඒක පහත සබැඳියෙන් භාගත කරගෙන ස්ථාපනය කරන්න..


දැන් අපිට කරන්න තියෙන්නෙ අපි අපේ Winamp Media Player එකෙන් සින්දු අහනකොට ඒ සිංදු අනිත් අයට අහන්න සලස්වන්නයි..

මේකට අපිට Shout Cast Server එකක් ඕන වෙනවා..

ඒ සඳහා මම Shout Cast Server පහසුකම් දෙන වෙබ් අඩවි කිහිපයක් භාවිතා කලා..

මෙවායින් සපයන සේවාවන් එකිනෙකට වෙනස්...

මේ සඳහා පහත ගුණාංග ‍ඍජුවම බලපානවා..

1.Stream bitrate : 32kbps, 64kbps, 128kbps, 256kbps ආදී වශයෙන්.
2.Uptime : 75% - 99.99% දක්වා අප්ටයිම් ලබාදෙනවා.
3.Server Capacity
(Maximum Number of Listeners) : 10,25,50,100 ආදී ලෙස ලබා දෙනවා..


ඉතිං මම ඔයගොල්ලන්ට කියලා දෙන්න තෝරගත්තේ freestreamhosting කියන Shout Cast Server එක..

මේකේ නොමිලේ ලබාගන්නා සේවාව සඳහා ලබාදෙන පහසුකම් මෙහෙමයි..

1.Stream bitrate : 128kbps

2.Uptime : 99%

3.Max No. of Listeners : 100


මුලින්ම පහත සබැඳියෙන් freestreamhosting අඩවියට පිවිසෙන්න ...


මේ සයිට් එකේ මැදට වෙන්න තියනවා REGISTER HERE කියලා ලින්ක් එකක්..

එහෙමත් නැත්නම් ඉහළින් Home කියන ලින්ක් එකට දකුණු පැත්තෙ තියනවා Register here කියලා ලින්ක් එකක්, ඒක ක්ලික් කරන්න..

ඊලඟට ඔවුන්ගේ නීති හා කොන්දේසි වලට එකඟ වෙලා I agree - sign me up ! ක්ලික් කරන්නයි තියෙන්නේ..

ඊටපස්සෙ විවෘත වෙයි මේ වගේ Sign up information පුරවන්න වෙබ් පිටුවක්...

Image and video hosting by TinyPic


තමන්ගෙ තොරතුරු නිවරදිව පුරවලා Register බට්න් එක ක්ලික් කරන්න...

දැන් ඔයාලාගේ Shout Cast Server එකේ වැඩ ඉවරයි..

login here for your server details කියන බට්න් එක ක්ලික් කරලා ඔයාල හදපු server එකේ කන්ට්‍රෝල් පැනල් එකට යන්න පුලුවන්..

දකුණු පැත්තෙ Shoutcast Servers කියන heading එකට යටින් පෙන්නන්නෙ ඔයාගෙ ඔන්ලයින් රේඩියෝ එකේ status එක..


"online" -

"Waiting" -

"Offline" -


සර්වර් එක පටන් අරන් නැති නිසා රතුපාට බෝලයකුත් එක්ක ඕෆ්ලයින් කියලා වැටිලා තියෙයි...

ඒකට එහාපැත්තෙන් තියන Restart කියන ලින්ක් එක click කරාම අපිට සර්වර් එක Winamp Media Player එක එක්ක සම්බන්ධ වීමට සූදානම් කරන්න පුලුවන්..

ඉතින් දැන් බලන් ඉන්නෙ නැතුව ඉක්මනටම Restart කියන ලින්ක් එක click කරන්න

එතකොට පේජ් එක Refresh වෙලා රතුපාටින් තිබ්බ බෝලය කහපාට වෙලා Waiting කියල වැටෙයි..

දැන් ඔයාගේ සර්වර් එක ඔයා Winamp Media Player එකෙන් සින්දු ප්ලේ කරද්දි ඒ සිංදු ටික transmit කලාම ඒවා detect කරගන්න සූදානමින් තමයි ඉන්නේ..


දැන් ඉතින් ඊලඟට මොකක්ද කරන්න තියෙන්නේ කියලා ඔයගොල්ලොන්ටම තේරෙනවා ඇතිනේ...


හරියට හරි !

දැන් අපිට තියෙන්නේ අපි Winamp Media Player එකෙන් සිංදු අහනකොට ඒ සිංදු ඔයාලාගේ සර්වර් එකට transmit වෙන්න ඔයාලගේ Winamp Media Player එකේ settings හදන එක..


මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි...

දැන් ඔයගොල්ලො Winamp ඕපන් කරගන්න..

ඊටපස්සෙ පහත පරිදි ගිහින් Winamp Preferences වින්ඩෝව විවෘත කරගන්න..

Options >> Preferences

එම වින්ඩෝවේ දකුණු පස ඇති මෙනුවේ DSP/Effect යන්න මත ක්ලික් කරාම ඔයාලට පෙනෙයි ඔයාලගේ එකට අපි අලුතින් දාපු Plug-In එකේ නමත් වැටිලා තියනවා... (Nullsoft SHOUTcast Source DSP 1.9.1) දැන් ඒ ඇඩෝනය උඩ මවුස් පොයින්ටර් එක තියලා පල්ලෙහා තියන Configure active plug-in කියන බට්න් එක උඩ ක්ලික් කරන්න..

එතකොට SHOUTcast Source  කියලා පොඩි වින්ඩෝ එකක් ඕපන් වෙයි...

දැන් Output කියන tab එකට යන්න..

Image and video hosting by TinyPic

ඒකේ Connection කියන බට්න් එක ප්‍රෙස් වෙලා තියනවද කියලා බලලා මේ පියවරවල් වලට යන්න .. දැන් ඔයගොල්ලො SHOUTcast accountඑකේ Server Settings ටික පහත පරිදි එකේ පුරවන්න.. Address එකට SHOUTcast server settings වල Server IP / Host , Port එකට Server Port , Password එකට Stream Password, යන පරිදි දත්ත ඇතුලත් කරන්න. ඊට පස්සෙ Yellowpages කියන බට්න් එක ක්ලික් කරන්න.. මෙතනින් තමයි ඔයාලගේ stream එක ගැන තොරතුරු ඇතුලත් කරන්නේ..

Image and video hosting by TinyPic

Description එකට ඔයගොල්ලන්ගේ රේඩියෝ එකට කැමති නමක් දාන්න. URL එකට http://www.shoutcast.com ලෙසත්, Genre එකට ඔයා මේ රේඩියො එකෙන් විකාශය කරන සින්දු මොන වර්ගයට අයත් වෙන ඒවද කියන එකත් , යන පරිදි දත්ත ඇතුලත් කරන්න. ඊට පස්සෙ Encoder කියන tab එක ක්ලික් කරලා Encoder Configuration එකට යන්න.. Encoder Configuration වල Encoder Type එකට MP3 Encoder යන ලෙසත්, Encoder Settings වලට 128kbps, 44.100kHz, Stereoයන ලෙසත් ලබා දෙන්න..

Image and video hosting by TinyPic

වඩාත් සුපැහැදිලි විකාශයක් කරන්න හිතාගෙන ඉන්නවානම් Stereo වෙනුවට Mono පාවිච්චි කරනවානම් ගොඩාක් හොඳයි...
අනිත් එක ඔයාලාගේ කනෙක්ෂන් එක එච්චර වේගවත් නැත්නම් (අප්ලෝඩ් ස්පීඩ් එක ගොඩක් අඩුනම්) ඔයගොල්ලන් 128kbps වෙනුවට 64kbps උනත් දැම්මට වැරැද්දක් නෑ.. නමුත් මේකෙන් අසන්නාට ඇසෙන සින්දුවේ ගුණාත්මක භාවය නම් ටිකක් අඩු වෙන්න පුලුවන්...
(නමුත් mic එකක් දාලා කතා කරනවානම් මේක එච්චර දුරට බලපාන්නෙ නෑ...)
සැ.‍යු : මෙහිදී තමාට කොතරම් ඉහළ අප්ලෝඩ් ස්පීඩ් එකක් තිබුනත් Bitrate : 128kbps වලට වඩා ඉහල අගයක් තෝරාගන්න එපා..
සේවාව ලබාගැනීමේදී සපයන උපරිම Bitrate එක 128kbps නිසා ඊට වැඩි අගයක් තෝරාගත්තොත් server එක disable වෙන්න පුලුවන්.


දැන් Input කියන tab එකට යන්න..
Input Configuration වලින් Input Device එක සඳහා Winamp(Recommended) යොදන්න.
Image and video hosting by TinyPic

දැන් ඔයාලා Winamp වලින් අහන සින්දු ඔයාලාගේ සර්වර් එකට යවන්න සූදානම් කරලා ඉවරයි!
දැන් Output කියන tab එකට යන්න..

දැන් තියෙන්නේ Connect කියන බට්න් එක ඔබන්න විතරයි..
ඊටපස්සෙ ඔයාලා ප්ලේ කරන සින්දු Winamp එකෙන් ඔයාලාගේ සර්වර් එකට යැවෙනවා...
ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ලින්ක් එක යාලුවන්ට දීලා සින්දු Winamp එකෙන් Songs Play කරන එක විතරයි...
දැන් ඔයාල හදපු server එකේ කන්ට්‍රෝල් පැනල් එකට ගිහින් page එක refresh කරන්න..

දැන් දකුණු පැත්තෙ Shoutcast Servers කියන heading එකට යටින් පෙන්නන ඔයාගෙ ඔන්ලයින් රේඩියෝ එකේ status එක කොළ පාට බෝලයක් එක්ක Online කියලා වැටෙයි..

ඒ කියන්නෙ දැන් වැඩේ ගින්දර වගේ හරි ගියා කියන එක තමයි...

ඊට පස්සෙ Tune in links & scripts කියන ලින්ක් එකෙන් SHOUTcast scripts පේජ් එකට ගිහින් ඔයගොල්ලොන්ගේ ප්ලේයර් එකේ default  player ලින්ක් එක යාලුවො අතරේ යවන්න විතරයි තියෙන්නේ....

ඒ වගේම පහලින් තියන scripts පාවිච්චි කරලා තමන්ගේ රේඩියෝ එකට පුළුල් ප්‍රචාරයක් දෙන්න පුලුවන්...

දැන් අපි බලමු මේකට mic එකක් සම්බන්ධ කරගන්නෙ කොහොමද කියලා...
දැන් මයික් එකක් අරන් ඒක සම්බන්ධ කරලා නිවැරදිව වැඩ කරනවද බලන්න..
හරි හරි ඊටපස්සෙ SHOUTcast Source වින්ඩෝ එකේ Input කියන tab එකට යන්න..
Input Configuration වලින් Input Device එක සඳහා Soundcard Input යොදන්න..
Image and video hosting by TinyPic

ඕනේ නම් දෙපැත්තටම Male පොර්ට් තියන 3.5mm කේබල් එකක් අරන් රේඩියො එකට හරි  TV එකට හරි ගහලා විකාශය වෙන හඬ උනත් මේක හරහා විකාශය කරන්න පුලුවන්.. කොටින්ම කියනවනම් LIVE නිව්ස් චැනල් එකක් !! :D
DJ එහෙම කරනවනම් ඔන්න ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරගන්න මරුම අවස්ථාවක් !! ;)

හැබැයි එතකොට Mic Input වල Microphone වෙනුවට Line Input පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ..
ඔන්න එහෙනම් පෝස්ට් එක ඉවරයි...
ලිපිය ගැන ඔයගොලන්ගේ අදහස් වගේම කොතනහරි අවුලක් එහෙම තියනවානම් මගෙන් අහන්න.....
රේඩියෝ හදපු අය මතක ඇතුව තමන්ගේ ලින්ක් එක කමෙන්ට් එකක් විදිහට දාලා යන්නත් අමතක කරන්න එපා.... :D

ලිපිය යාවත්කාලීන කලා.

ඔයා වින්ඩෝස් විස්ටා හරි වින්ඩෝස් 7 හරි පාවිච්චි කරනවානම් සමහර විට DSP Plug-In for Winamp එක දැම්මට පස්සේ NSCRT.DLL not found කියලා error එකක් එන්න පුලුවන්..
මේ අවුල එනවා ගොඩාක් අයට...
එහෙම අය මේ ලින්ක් එකෙන් ගිහින් zip ෆයිල් එක බාගන්න..

http://www.dll-files.com/nscrt.zip?0VKkOEaElW

ඊට පස්සෙ ඒක extract කරලා Winamp ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එකට ඒ NSCRT.DLL කියන .dll ෆයිල් එක දාගන්න..
එතකොට හරි !!


මෙම ලිපියේ පිටපත් අයිතිය කතෘ සතුයි ..
කරුණාකර උපුටාගැනීමෙන් වළකින්න.. ස්තුතියි..
Protected by Copyscape Duplicate Content Detector

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative Works 3.0 Unported License.

32 comments:

Hasitha ජයසූරිය said... [Reply to comment]

එල කිරි ලොක්කා.........පට්ටම තමයි

Hasitha ජයසූරිය said... [Reply to comment]

හෙට ජන්ජාලෙ ගොඩ ගිය ගමන් මාත් ට්‍රයි එකක් දාන්න ඕනෙ

TRockz said... [Reply to comment]

machanz meka num ela...elata weda.........
menna mage eka........
http://s3.myradiostream.com/39174.htm

ළමයා said... [Reply to comment]

winamp වෙනුවට SAM Broadcaster

ළමයා said... [Reply to comment]

winamp වෙනුවට SAM Broadcaster යොදාගන්නත් පුලුවන්.. winamp වැඩිය වැඩ දාන්න පුලුවන් SAM Broadcaster එකෙන්..

Panhida said... [Reply to comment]

නියම වැදගත් ලිපියක් මාත් එකක් හදන්න ඕනේ

pasan said... [Reply to comment]

http://s8.myradiostream.com/14364.htm

yasith said... [Reply to comment]

එතකොට virtual dj වලින් කරන dj එකක් (dj එක කරන ගමන්) මේකෙන් streem කරන්න පුලුවන්ද?

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

පුලුවන්.. මචං...
එතකොට Headset එක ගහන්න තියන පෝර්ට් එකයි Line in පෝර්ට් එකයි 3.5mm දෙපැත්තටම male පෝර්ට් තියන කේබල් එකකින් සම්බන්ධ කරලා අර Post එකේ විදිහට ලයින් ඉන් සෙටින්ග්ස් දාපං මචෝ!
මේ කේබල් එක රුපියල් 50කට විතර ගන්න පුලුවන්...
මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න..
http://www.hdaccessory.com/catalog/35mm6.jpg

Hasitha ජයසූරිය said... [Reply to comment]

ඒ මන් අද ට්‍රයි එකක් දාන්න ඕනෙ ..එල කිරි බන්

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

මේවා දෙකක් හදාගත්තනම් දෙපැත්තටම ඒකෙන් කතා කරන්න පුලුවන් බං....
එතකොට ස්කයිප් වගේ තමයි... ලොල් :D

Hasitha ජයසූරිය said... [Reply to comment]

එහෙනම් අදම වැඩේට බහින්නම්...උබේ ටිකිරි මොලේ එළම කිරි :D

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

ඒත් මගේ හොඳම යාලුවා මැලිබන් ගෝල්ඩ් මාරි බං !!
දැක්කද මගේ ගෝල්ඩ් මොලේ.... :D

Hasitha ජයසූරිය said... [Reply to comment]

එළ එළ....මගෙ නම් යාලුව චෝකලට් මාරි..........
මගෙ චෝකෝ මොලයක් බන් තියෙන්නෙ....
ඒකයි මේ චොර :D

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

ෂහ් බොහොම වටින දෙයක් මහන්සි නැතිව ලියල ඉදිරිපත් කලාට ඔබට බොහොම ස්තූතියි භාග්‍ය...

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

මට හිතුනා මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියලා...
ඒක නිසා මහන්සි දැනුනද කියලවත් මතක නෑ...
මේ පැත්තෙ ආවට ගොඩාක් ස්තුතියි...

Anonymous said... [Reply to comment]

man nam dakka meka wena thanaka tiyenawa.oya copy kala neda.eka dakala man ekakuth haduwa.habai macho.uba godak vistara tiyenwa wage.

සහන් සටහන් said... [Reply to comment]

එලස්....
තැංකූ මල්ලියෝ, ආපහු වතාවක් මේ පෝස්ට් එක දැම්මට.

Anton said... [Reply to comment]

එලකිරි!!!!!!!!!!!!!!!!!!!!!

dinesh said... [Reply to comment]

මචෝ මේකනම් පට්ට වැදගත්...තැන්කූ කියල දුන්නට.

DK said... [Reply to comment]

http://s9.myradiostream.com/17074.htm

patta!

Bhagya Sanuka said... [Reply to comment]

@Anonymous
ඔන්න මමනම් කාගෙවත් බ්ලොග් පෝස්ට් උස්සන බ්ලොග් හොරෙක් නම් නෙමෙයි...
ලොල්..

@සහන්
එළ එළ කොලුවා !!
අර ඇනෝනි ද මොකක්ද මැස්සා දකින්න ඇත්තෙත් ඒ පෝස්ට් එකමද කොහෙද ...

@Anton
එළ එළ !!

@dinesh
එපාම වෙනකන් ඕකෙන් පිස්සු කෙළපන් මචෝ !!
අපි වගේ... ලොල්

@ඩී.කේ. [DK]
ආ.. ආ !!
හරි හරි !!
එළ !! මැක්සා !!

Anonymous said... [Reply to comment]

ela kollekne....godak gadagath post 1 D:..

Bhagya Sanuka said... [Reply to comment]

@Anonymous

එළ එළ ඇනෝනි මැස්සෝ !!

dulshan said... [Reply to comment]

maxxa machan...

http://s5.myradiostream.com/34460.htm

Anonymous said... [Reply to comment]

maxxa machan..

http://s5.myradiostream.com/34460.htm

Anonymous said... [Reply to comment]

ane macho podi aulak awa.winamp ekata SHOUTcast DSP Plug-In for Winamp eka dammata passe NSCRT.DLL not found kiyala watenawa.mama uba dipu winamp ekai SHOUTcast DSP Plug-In for Winamp ekai tamai download karala wade kale.mekata karanna deyak kiyanna.plz

Bhagya Sanuka said... [Reply to comment]

සමාවෙන්න..
ඔයා වින්ඩෝස් විස්ටා හරි වින්ඩෝස් 7 හරි නේද පාවිච්චි කරන්නේ...
මේ අවුල එනවා ගොඩාක් අයට...
ඔයා මේ ලින්ක් එකෙන් ගිහින් zip ෆයිල් බාගන්න..

http://www.dll-files.com/nscrt.zip?0VKkOEaElW

ඊට පස්සෙ ඒක extract කරලා Winamp ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එකට ඒ NSCRT.DLL කියන .dll ෆයිල් එක දාගන්න..
එතකොට හරි !!
බොහොම ස්තුතියි මේක මතක් කලාට..
මම ලිපිය යාවත්කාලීන කරන්නම්..

අනිත් එක බ්ලොග්ස් වල අයිතිකාරයාට බනින්නෙ නැත්නම් Anonymous කමෙන්ට්ස් දාන්න එපා.. නැත්නම් ඔයාලව අඳුරගන්න අමාරුයි... ;)

Roshan Eranga Jayarathna said... [Reply to comment]

වාව්...නියමයි කොල්ලෝ...මට මේ බ්ලොග් එක මඟ ඇරුනෙ කොහොමද කියලා මම තාම කල්පනා කරනවා....හොඳ වැඩක්.දිගටම කරගෙන යන්න සුබ පතනවා.

නාමල් said... [Reply to comment]

"ඊට පස්සෙ Tune in links & scripts කියන ලින්ක් එකෙන් SHOUTcast scripts පේජ් එකට ගිහින් ඔයගොල්ලොන්ගේ ප්ලේයර් එකේ default player ලින්ක් එක යාලුවො අතරේ යවන්න විතරයි තියෙන්නේ...." මට මේ ලින්ක් එක හොයාගන්න බෑ උදව් කරන්න

ruwan said... [Reply to comment]

mama haduwa eth link eka play wenne na ...????

namal said... [Reply to comment]

ane mata udaw karannako man radiyo eka hadala player eka mage blog ekata dammata play wen na

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe