සොයන්න:

ඇත්තම වාහනයක් ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි! | Paper Car Craft

ඇත්තම වාහනයක් ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි! | Paper Car Craft

ඔන්න අද වෙනස් විදිහක පෝස්ට් එකකින් අලුත් අත්දැකීමක් දෙන්න හිතුනා...
මේ ලිපිය මම වගේ වාහන පිස්සුව තියන අයට නම් මරු ප්‍රවෘත්තියක් වෙයි!
ඒ විතරද මේක වාහන 89ක කලෙක්ෂන් එකක්...
මම ඒ වාහන ඔක්කොම දාන්න යන්නේ නෑ...  දෙන්න ගියොත්නම් මාවත් විකිණෙයි... ;)
ඔය රැල්ලේ තියන අලුත්ම මැක්Zzසා වාහන 25ක් විතර දාන්නම් හොඳේ???
අනිත් එක සල්ලි දීලා ගන්නවා වගේද මේවා! නොමිලේ !!! :D

කෝ එහෙනම් අපි දැන් බලලා ඉමුකෝ මොනවද මේ රැල්ලේ වාහන ටික කියලා.....
(රැල්ලේ වාහන කිව්වට මේවාට රැල්ලේ තියා වැල්ලේවත් යන්න බෑ ... ;) ඒ තරම් අතිසුඛෝපබෝගී වාහනනේ... )

1. Honda S2000
2. NISSAN Airlady Z  (350 Z)
3. SUBARU IMPREZA WRX
4. LANCER  Evolution VII
5. Porsche 911 Turbo
6. FERRARI F50
7. Lamborghini Mercielago
8. Mercedez Benz SL500
9. Honda Integra TYPE-R
10. Hummer H2

මේ වාහන ටික මම අද දානවා.. තවත් වාහන 15ක් විතර පසුව දාන්නම්....
(ඒ 15ට නම් හොඳම ඒවා තියෙන්නේ...)
දැන් අපි බලමු මේ වාහනේ හදන්නේ කොහොමද කියලා....
මම ඔයගොල්ලන්ට කියලා දෙන්න HUMMER H2 එක තෝරගත්තා....

1. පියවර ..
මේ දේවල් ටික ලඟට ගන්න...
#. ප්‍රින්ටර් එක
#. කතුරක්,
#. ගම් බෝතලයක්
(ගම් ඕනේම නෑ. නමුත් ගම් වලින් ඇලෙව්වම කාලයක් පවතිනවා.)
#. Paper cutting Blade එකක්.

2. පියවර..
මේ පහලින් දාලා තියන පින්තූරය ක්ලික් කරන්න.. එතකොට ඒක විශාලනය වෙලා පෙනෙයි..
ඒ පින්තූරය Print කරගන්න..



3. පියවර ..
ගන්න කතුර අතට ... කපාගෙන කපාගෙන යන්න වාහනේ වටේටම ... අර වාසි ටික තියලා කපන්න හොඳේ..
(පුතාලා මේක බොහෝම පරිස්සමට ලස්සනට කරන්න ඕනෑ ;) )
මතක ඇතුව රූපයේ වම් පැත්තේ පහලම තියන වාහනයේ Bumper [Body Armor Front] එකේ ඇතුලේ සුදු පාට කොටස්  Blade එකෙන් කපලා ඉවත් කරගන්න...

4. පියවර ..
ගම් බෝතලේ අරන් වාසි ටික අලවන එක තමයි දැන් තියෙන්නේ....
අලවන්න පහසුවෙන්න මුලින් සැකිල්ලේ හැඩය ඉස්මතු වෙන එක ලේසි කරන්න තරු දාලා තියන කොටස් ටික අලවලා ඉන්න...
(සෑම තරු ඇති කොටසක් මතම ඊට ප්‍රති විරුද්ධ පැත්තේ තියන කොටස සමපාත වෙන්න ඕනේ....)
ඊට පස්සේ ඉතුරු වාසි ටික අලවන්න....

5.පියවර..
දැන් ඉතින් තියෙන්නේ බලලා සතුටු වෙන එකයි...
හැදුවට පස්සේ මේ වගේ පෙනෙයි.... කොහොමද ආ ???



වාහනේට නොම්මරයක් එහෙම දාලා, ෆන් එකක් ගන්න එකයි තියෙන්නේ.....
පස්සේ වාහනේ පොඩි එකෙක්ට එලවන්න දීලා චප්ප කරං එන්න එපා අඬාගෙන මෙතන අනේ මූ මගේ වාහනේ චප්ප කොලා කියන්න.... ;)
ආ!! මේ අර කපලා දාපු කොල කෑලි ඒවා මේවා අස් කරලා යනවානම් හොඳා.... නැත්නම් ගේ වනසලා අම්මලා බැන්නට පස්සෙ කස්ටියට මාවත් මතක් වෙයිනේ.... ;)

අනිත් වාහන ටික ගන්න ඕනනම් වාහනය ක්ලික් කරන්න...
:D






මේ ලිපිය මගේ තාත්තාට සෙනෙහසින් පුදනවා .... :)
මේ ට්‍රික් එක මට මම 8 වසරෙදි තමයි තාත්තා මට කියලා දුන්නේ....!
ඉතින් මේක කියවන තාත්තලාත් පුතාල ගැන පොඩ්ඩක් හිතනවානම් හොඳා !!!! ;)
ඒ වගේම මේ පින්තූර ටික මේ බ්ලොග් එකට දාන්න උපකාර කල මේ වාහන වල නිර්මාතෘ ජපන් ජාතික Satoru Kato ටත් බොහෝමත්ම ස්තුතියි...
:D

මේ ලිපිය ගැන ඔයගොල්ලන්ගේ අදහස් ලියලා යන්නත් අමතක කරන්න එපා....
ඉතින් ඔයාලටත් මාත් එක්ක හිටියට ගොඩාක් ස්තුතියි !!

හැදුවට කමක් නෑ .. මේවා වයස 3+ට අඩු පොඩි උන්ට ගිල්ලවලා එහෙම එනවා නෙමෙයි....





16 comments:

Buddhika said... [Reply to comment]

Tnx son..........
i am really happy.
අද නම් පොඩිඑකාගෙන් බේරෙන්න
පුලුවන් ඔයාට පිං සිද්දවෙන්න

lakmal said... [Reply to comment]

narakama ne shoi broom1k..........

හසිත ජයසූරිය said... [Reply to comment]

මටත් හදන්න ආසාවක් ආවා...

Catherine Marsh said... [Reply to comment]

Easily, the post is actually the best on this deserving topic. I fit in with your conclusions and will eagerly look forward to your upcoming updates. Just saying thanks will not just be sufficient, for the extraordinary lucidity in your writing.

Akhila said... [Reply to comment]

එළ එළ හදන්න පටන් ගන්න ඕනේ, පොඩි කාලේ ඉස්කෝලේ පුස්තකාලේ තිබුණා ඕවම තියෙන පොතක්..

Wanda Ramirez said... [Reply to comment]

You made some good points there. I did a search on the topic and found most people will agree with your opinion.

Joanne Bradley said... [Reply to comment]

Thanks for the informative post. It helped me a lot. May the Force be with you.

Stella Stanley said... [Reply to comment]

Easily, the post is actually the best on this deserving topic. I fit in with your conclusions and will eagerly look forward to your upcoming updates.

Hannah Bates said... [Reply to comment]

Pretty insightful post. Never thought that it was this simple after all. I had spent a good deal of my time looking for someone to explain this subject clearly and you’re the only one that ever did that. Kudos to you! Keep it up

C said... [Reply to comment]

what language is that? =)

Buddhi said... [Reply to comment]

මමත් කැමතිම එකක් මේ අද දාලා තියෙන්නෙ. පොඩිකාලේ සුරතලා පත්තරේ මේ වගේ බ්ලොග් එකක් අනිවා එනවා. අපි සතියක් බලං ඩන්නවා ඉස්සර ඒවා හදන්න! ස්තුතියි මේ පොස්ට් එක දැම්මට!

දයියා said... [Reply to comment]

පොඩි එකාට දෙන්න තෑග්ගක් නැතුව හිටියෙ. මේක දුන්නම හරි.
සුභ දවසක්

Bhagya Sanuka said... [Reply to comment]

@බුද්ධි
අනේ අපේ කාලේ ඒක තිබ්බෙ නෑනේ...
හි හි !!
මේ මේ !! 3+ නැත්නම් හදන්න එපා ඕං !!
හික් !

@දයියා
එළ එළ කිව්වා!!
ඔන්න තව පෝස්ට් එකක් තියනවා !!
අද දාන්නම් !!
මේ පැත්තෙ කැරකිලා යන්න ආවට කට්ටියටම තැන්කූ කිව්වා !!
:D

Anonymous said... [Reply to comment]

Ado siraah mchn. Thnx for posting. 100 %

Anonymous said... [Reply to comment]

Hey, I can't view your site properly within Opera, I actually hope you look into fixing this.

Anonymous said... [Reply to comment]

Wow this is a great resource.. I’m enjoying it.. good article

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe