සොයන්න:
පාසල් ජීවිතයේ රස කතා -2
ළාමක චුං චුං !!
අද මම කියන සිදුවීම සිදු උනේ මම පහ වසරෙදි..
ඒ කිව්වෙ අර මොකක්ද සිස්සත්තෙද මොකක්ද විබාගෙට ලෑත්ති වෙන කාලේ හොඳේ..
ඒ කාලේ මම ගියේ මහරගම ජනාධිපති විද්‍යාලයට..
කොයි ඉස්කෝලෙ උනත් මගේ වැඩ ඉතින් දන්නවනේ ?? ලොල්
ඒ කාලේ අපේ පන්තිය බාරව හිටියේ අන්තිම නරක සර් කෙනෙක්..
(මම නරක කිව්වෙ අපි පොඩි කාලේ අපිව මිනිහත් එක්ක තියලා බැලුවම මිනිහා රජෙක් නම් අපි වන්දි බට්ටො වගේ)
පහ වසර අංශ ප්‍රධානී H.W විමලරත්න හෙවත් හෝම් වර්ක් විමලරත්න..
අපේ පන්තියට ඇතුල්වෙන ඕනම කෙනෙක්ට පේන විදිහට මිනිහගේ නම ගහල තිබ්බ නාම පුරරුවේ තිබ්බේ මහා භයානක පෙනුමක් !!
මූන නම් ඊටත් වඩා භයානකයි.. හා පැටියෙක් වගේ.. :p
මෙයා කරපු වැඩ අනුව මෙයාගේ නම අමතක වෙන්න නම් කිසිම විදිහක් නෑ..
වැඩ නම් වැඩ.. ගුටි නම් ගුටි !! :p
ඒ වගේ පොරක් තමයි මේ මිස්ටර් හෝම් වර්ක් මහත්තයා...
අපේ මුළු පන්තියෙන්ම මේ සර්ට කැමති එකම එක කෙනයි හිටියේ..
කව්ද දන්නවද ?? ඒ සෑර් විතරයි...
සෝයි නේ ?? :p
සෙක්සොන් එකෙන්ම ගත්තොත් දෙන්නයි..
ඒ තමා සහ තමාගේ අතිජාත මිත්‍රයා මිස්ටර් පෙනම්-මාරි හෙවත් මනම්පේරි සර් !!
අර මාරියා නම් එච්චර අවුලක් උනේ නෑ..
ඒත් මට පෙන්නන්න බැරි බයිට් වෙන වැඩේ..
වැරැද්දක් කලොත් බයිට් වෙන්න වෙනවා අම්බානට..
පන්ති දෙකකට යන්න වෙනවා බයිට් වෙන්න..
අපි වැරැද්දකට අහු උනාම අපේ පන්තියේ සර් ඉස්සරහා දුක් ගැනවිල්ල කියලා ඉවර උනාම විමලයා කියනවා මෙහෙම..
හරි උඹ කියපු කතාව මනම්පේරි සර්ට ඇහුනේ නෑනේ..
ඒක නිසා ඒක ආයෙත් මනම්පේරි සර්ගේ පන්තියට ගිහින් මනම්පේරි සර්ටත් ඇහෙන්න කියපංලු ගිහින්..
ඔය වගේ වැඩ නිසා මමත් මිනිහත් එක්ක මර මළෙන් හිටියේ..
මෙන්න ඒකට එක සාක්ෂියක් !!
එක පාරක් 5 වසරේ ඉන්න අයට වාර විභාග 3න්ම හැම විභාගයකටම හැම විෂයකටම ලකුණු 75%ට වඩා තිබබ අයට සහතිකයක් දුන්නා..
අපේ පන්තියෙන් කොහොම හරි තේරුනේ 7ක් හරි 8ක් හරි විතර තමයි..
මම එහෙම කිව්වෙ මට මතක මගේ යාලුවො ගාන මතක් කරලා..
ඔන්න කොහොම හරි මමත් ඒ ගොඩට වැටුනා.. එදා මට මාර හැපි..
මොකද මම ඔයා බැහැගෙන පාඩම් කරපු එකෙක් නෙමෙයි..
සැහැල්ලුවෙන් සෙල්ලම් කරපු වැඩත් කරපු එකෙක්..
ඔන්න දැන් කොල්ලට මාර හැපි.. දැන් සහතිකෙත් අරන් සර්ලට වැඳලා පන්තියට ආවා..
ඔන්න දැන් කොල්ලො වට වෙලා අපේ සහතික බලනවා... මෙන්න එකෙක් එක පාරටම මට කිව්ව අඩෝ උඹේ නම වැරදියටනේ ලියල තියෙන්නේ කියලා..
බැලින්නම් මගේ නම අන්තිම චාට්ර විදිහට ලියලා තියෙන්නේ..
මගේ මැද නම සානුක, මුං ලියල තියෙන්නේ සානුග කියලා..
මුන්ගේ ලමයින්ට හොඳයි මේ වගේ නම් !! :p
දැන් ඉතින් මොකක් හරි කරන්නත් එපැයි..
ඉතින් සර් ආපු වෙලාවේ මම කිව්ව "සර් මුං මගේ නම වැරදියට කොටලා" කියල..
සෑර් කියාපි මෙහෙම.. (අර මනම්පේරි සිස්ටම් එක)
"උඹ ඕක ගිහිං කියපං මනම්පේරි සර්ට"
දැන් මොනවා කරන්නද ගියා මනම්පේරියා ගාවට..
"ආ කොල්ලා අද මොකක්ද අවුල ?"
"සර් මේ සහතිකේ මගේ නම වැරදියටනේ ලියලා තියෙන්නේ.."
"ආ! කෝ බලන්න.. දැන් කොතනද වැරැද්ද තියෙන්නේ ?"
"සර් මගේ මැද නම 'සානුක', මෙතන ලියලා තියෙන්නේ 'සානුග' කියලනේ."
"හ්ම්.." (තම කම්මුලට ඇඟිල්ලෙන් අනී.කල්පනා සයුරේ ගිලී සිටිනා අයුරකි.)
"මේ! තමුසෙලගේ ගෙදර නුග ගහක් තියනවද ??"
"නෑ සර්.."
"මම කියන්නද අද ගෙදර ගිහින් නුග ගහක් හිටවපන්.."
"ඒක ලොකු වෙච්ච දවසට මේ සහතිකේ නුග ගහේ ගහපන්.."
කොහොමද උත්තරේ..
දෙන්න තිබ්බා මටත් හොඳ උත්තරයක් ඌටත්..
වෙලාවට මම ඒ කාලේ ඔය බර බර වචන දැනන් ගිටියේ නෑ.. (පොඩි බට්ටානේ)
ඇයි යකෝ! මුං ටික අපි වගේ පොඩි උන්ව බයිට් කරලා ආතල් ගන්නවා..
මම අද ඔය එකෙක්ව සෙට් උනොත් කරන දේ දන්නවා..
ඒත් මට ගහගන්න බෑ නේ.. :( ඉහි ඉහි !! :'(
ඒක නිසා දාන්න ඕනා බයිටක්..
මොනවා නැතත් විමලෙට මාරියවත් ඕනේ මාරියව විමලෙටත් ඕනේ..
ලොලේ ලොල් කිව්වලු..
ඔන්න දැන් කියන්න ඕන එකත් අමතක වෙනවනේ..
බ්ලාහ්! බ්ලාහ්!! බ්ලාහ්!!! :p :p :p
දැන් මම කලින් විමලේ අපේ ශ්රේණිභාරව ඉන්න සෑර් කියලා කිව්වනේ..
ඉතින් මිනිහා තමයි ඉන්ටවල් එකට බෙල් එක ගහන්නේ..
සමහර දවස් වලට එක එක ලමයින්ටත් දෙනවා බෙල් එක ගහන්න..
පන්තියේ ඉස්සරහම පේළි වල ඉන්න අයට තමයි බෙල් එක ගහන්න දෙන්නේ..
මම ඉන්නේ මැද වගේ..
කොහොමහරි මිහිහට එක දවසක් ආතල් එකක් ඕනේ වෙලාද කොහෙද..
ඔන්න දැන් මිනිහා මට කිව්වා ආහ්! අද උඹ ඉන්ටවල් එකට බෙල් එක ගහපන්ලු..
මම දන්නේ නෑ මට බයටද, බයිටක් දෙන්නද මම ලඟට ගිහින් ඇහුවා සර් කොහොමද සර් බෙල් එක ගහන්නෙ කියලා... සර්ට අම්බානට යකා නැග්ගා.. ඒත් ගැහුවෙ නෑ..
මොකද ඒවට හරියන්න දෙමව්පියන්ගෙන් වැඩ අරන් තියනවනෙ.. ;)
(තාත්තා SLT එකේ ඉන්න අපේ ගානේ මිනිහට ටෙලිෆෝන්)
දැන් මිනිහට කරගන්න දෙයක් නෑ.. මෙන්න මෙහෙමයි බෙල් එක ගහන්නෙ කියලා වෙන එකෙක්ව ගෙන්නලා බෙල් එක ගස්සවලා පෙන්නුවා.. ෂා සර් මාර භාණ්ඩයක්නේ කියලා කියන්න හිතුනත් එහෙම කිව්වෙ නෑ. සීමාවකුත් තියෙන්නෙ එපැයි...
(සීමාව නෙමෙයි ඕයි. මට බයයි.. කන පැලෙන්න ගැහුවොත් ?? :p )
ඔන්න ඊටපස්සෙ මිනිහා වෙන කොල්ලෙක්ට කියලා බෙල් එක ගැස්සෙවුවයි කියමුකෝ..
දැන් මිනිහා ඉන්ටවල් එකෙන් පස්සෙත් මගේ දිහා ඔරවගෙනම තමයි හිටියේ...
ඔන්න ඔන්න දැන් සර්ගේ වතුර බෝතලෙත් ඉවර වේගනයි එන්නේ..
දැන් නම් මිනිහා එන පොට හොඳ නෑ වගේ.. ඔන්න වතුර බෝතලේ ඉවරයි..
දැන් මිනිහා කියාපි මෙහෙම ..
මේ කොල්ලා!! මෙහෙ වරෙං.. මේ වතුර බෝතලේට වතුර එකක් පුරවං වරෙන්..
"කොහෙන්ද සර්?"
මම කිව්වා නෙමෙයි කියවුනා..
දැන් මිනිහට කරගන්න දෙයක් නෑ... මමත් ඔහොම කිව්වට පන බයේ හිටියේ...
දැන් මිනිහා බලා පොරොත්තුව අතෑරලා බෝතලේ මේසේ උඩින් තිබ්බා...
(පව් අප්පා සෑර්ට හොඳටම තිබහ වෙලා )
දැන් හොඳටම හෙම්බත් වෙච්ච සර් පාඩමක් කරන්නයි යන්නේ..
පාඩම කරයි කියමුකො.. ඊටපස්සෙ මිනිහා කිව්වෙ නැතැයි මට ඇවිත් කලු ලෑල්ල මකපං කියලා..
මෙන්න මේ විදිහට,
මේ අයිසේ .. මේ කලු ලෑල්ල මකපං !!
මටත් දැන් අම්බානට තද වෙලා හිටියේ...
සෑර් කාරයා ගහන්න ගත්තොත් එහෙම මම ඉඳල ඉවරයි.. ඒත් දැන් මෙච්චර මිනිහව බයිට් කරපු එකේ අතාරින්නත් මොකද්ද මොකද්ද වගේ... හරි !! අන්තිමට කොල්ලා තීරණය කලා !! 'අතාරින්න නරකයි.'
දැන් ඔයගොල්ලට හිතාගන්න පුලුවන් නේ මම සර්ට දීපු උත්තරේ ??
"කලු ලෑල්ල මකන්න ??"
"මොකෙන්ද සර් ??"
ඒ පාර මිනිහට කොච්චර යකා නැග්ගද කිව්වොත් මිනිහ ඔරවගෙනම බිම බලාගෙන ටිකක් වෙලා ඉඳලා මිනිහගේ පුටුවට ගිහින් ගත්තෙ නැතෑ ෆෝන් එක..
අරන් මගෙන් ගෙදර නම්බර් එක ඉල්ලුවා.. දැන් මාර කෙලියක් වෙන්න යන්නෙ...
මමත් ඉතින් බයටම නම්බර් එක දුන්නයි කියමුකෝ..
ඒ පාර මේ මිනිහා ගෙදරට කතා කරලා මෙහෙම කියාපි..
මේ අහවලාගේ ගෙදරද ??
මේ පොඩ්ඩක් ඉස්කෝලෙට එනවද කියලා..
ඊටපස්සෙ තාත්තගේ නම්බර් එකත් ඉල්ලගෙන ඒකටත් කෝල් කරලා අර කතාවම කිව්වා..
සෑර් උනත් මෑන් කරන වැඩ..
ගෙදරින් අම්බානට බය වෙලා මම වැටිලා තුවාලයක්වත් වෙලා මැරෙන්න යනවද කියලා..
අනේ අම්මපා මෙහෙමත් සෑර්ලා !!
බලාපල්ලකො වෙනදට ලෑස්ති වෙලා මට ඉස්කෝලෙට එන්නත් පැයකට වඩා යනවා..
මෙන්න බොලේ අම්මලා පැය භාගෙන් ඉස්කෝලේ..
ඊටපස්සෙ මිනිහා අම්මලට මොනවද යනවා වගේ ඇහුනා.. මොකක් හරි බින්නයක් ඇද බාන්න ඇති.. :p
අනේ අම්මපා හැබෑටම මුන්ට උගන්නනවට වැඩිය වෙන වැඩ නැද්ද මංදා...
පස්සෙ කොහොම හරි මේ සීන් එක වෑන් එකේ වගේම ඉස්කෝලේ අයියලා අතරත් පැතිරිලා ගිහින් තිබ්බා.. හිහ්!
ඔන්න ඔහොමයි බයිටිං මාස්ටර් කෙනෙක් වීමේ මගේ සිහිනය සැබෑ වෙන ලකුණු පහළ වෙන්න ගත්තෙ.. :p
මේක ඊටපස්සෙ නමකුත් හැදුවෙ නැතැයි.. "ලාමක ටින් ටින්"
සෝයි නම නේ ??
ටික කාලයක් ගිහින් ලාමක ටින් ටින් ලාමක ටන් ටන් වෙලා
ඊට පස්සෙ සීනි කන්දක්ද මොකක්ද එකක් මැදින් ගිහින් ලාමක ටුන් ටුන් වෙලා..
පාට පාට දේදුන්නකින් පාට වෙලා ලාමක චුං චුං වෙලා පුංචි ඔයගොල්ලන්ව හොයාගෙන ආවලු...
මේවා මගේ හිතේ ඇඳිච්ච සුරංගනා කතාවක්වත්, මනඃකල්පිත ප්‍රබන්ධයක්වත්, ඔය මොකක්වත් නෙමෙයි හොඳේ...
පචයක් කියලා හිතෙනවනම් කමෙන්ට් එකක් දාලා යන්න..
මේවා බොරු කියලා හිතෙන අය ඉන්නවනම් අපි හම්බු වෙලා කතා කරමු ??
සහතික ඔක්කොමත් එක්ක පෙන්නන්නම්...
ඒ වගේම මම ලියන විදිහ හොඳ මදිනම් එහෙම දන්වන්න හොඳේ ;)
ඇත්ත උනත් මොකක් උනත් මේකට නම් ඔයාලගේ අදහසක් ඕනේමයි හොඳේ.. :p
අද දවසම ගියා මේක ලියන්න.. :p මගේ මහන්සියට වටිනාකමක් දෙන්ඩෝ !!
ප.ලි :
ඔන්න මේක ලිව්වේ සෑර්ලට අගෞරව කරන්නවත් ..
බැනලා ලැජ්ජ කරන්නවත් නෙමෙයි හොඳේ...
පොඩි කාලේ නටපු පිස්සු වැඩ ආයෙත් මතක් කරලා සතුටු වෙන්න..
සර්ල අපිට මූනට බැන්න වගේ අපිත් ඒ අයට මූනට නොබැන්නත් අපේ හිතේ තියන දේවල් හංගලා වැඩක් නෑ නේ... මම මේ සැරට ලියලා තිබ්බට මම හොඳට දන්නවා සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි බැන්නම අද කාලේ අය කියන දේවල්.. ඒවා ප්‍රසිද්ධ මාධ්‍ය වල කියන්නත් බෑනේ.. හැබැයි ඔය කියන සර් ඉස්කෝලේ ප්‍රින්සිපල් එක්ක වලි දාගෙන දැන් ඉස්කෝලෙන් අස් වෙලා ඉන්නේ..
මෙයා ලමයින්ට සලකපු හැටි දන්න අයගෙන්ම අහලා බලන්නකෝ..
එතකොට තේරෙයි මම මෙහෙම කතා කරන එක සාධාරණද නැද්ද කියලා.. ;)
ඕං අපි ගියා !!
Subscribe to:
Post Comments (Atom)
10 comments:
ela ela thawa liyanna. maxxa. good luck bro keep it up :D
fatta oiii....digatama liyahan..
your writting style should be improved. The way you address your teachers is disgusting. (every teacher has been given a nick name but it's only for ur school days.) Using those nicknames after 10 or 15 years really shows your level of mentality therefore don't do to that.(although they are rude,that's kind of usual as they have to control more than 100 or more students. in fact our parents can't handle just 2 or 3) writting blogs means not writting noncense. so make sure you write something meaningful.
Monawa wunath eka dawasak hari ugannapu sir ne da... Man nam kamthi na ohoma guruwarunta katha karanwata... Monawa wunth wadihitiyek ne.. Apeth waradi thiyenwa demawpiyangeth waradi thiyenwa ehem wunata ohoma liyanna epa.. Math guruwarik ne.. kawada hari dawsaka oyage puthth blog ekak liyanna aragena oyata mewage liwwoth??
Enisa meeta passe Specially Guruwarun gana homa liyana epa
Love Miss Vathsi
niyamai machan...uba wimaleta maru wadak kare..uba liyana widiha hodai..tawa liyapan...good luck..
@malinda
මැත්ත මැත්ත...
පොදි එකා මැත්තා වැද කොලේ ඒ කාලේ !
@kunuwala
පත්ත පත්ත අයියෙ..
පත්තම පත්ත...
@Lasantha Jayawardena
ඔයාට මම ඔක්කොම පැහැදිලි කලානේ කතාව..
දැන් ඔක්කොම තේරුනානේ... එහෙනම් එළම එළ!!
මම වැරදියට කිව්වනම් මම කෙලින්ම පිලිගන්නවා..
හිහි හිහ්!! මේවා විනොදාස්වාදයට ලියන ඒවා හලෝ..
මෙයා සීරියස්ලි අරන් නේ.. මොනවා උනත් ඔය වසෑර් ගැන නොදන්නෝ නොදනිත් .. දන්නෝ දනිත්..
එපමණකි !!
@Vathsala
වත්සලා ගුරු මෑණියනි (අක්කා) :p
මම තාත්තට නෙමෙයි බැන්නෙ.. හික් හික්!!
මේ අපේ සෑර්.. මගේ ළමයි මට බනින්න ??
බොලේ මම බඳින්න තියා හිතලවත් නෑ..
මෙයා මගුලක් කතා කරනවා... හිහ් හිහ් !!
දැන් ඔයා ගුරුවරියක් විදිහට පාසලේ ප්රචණ්ඩත්වය අනුමත කරනවාද ??
නැත්නම් පොඩ්ඩක් හොයලා බලන්නකෝ මෙයා කරපු වැඩ.. :p
ඔයා වෙච්ච ඔක්කොම දේවල් දන්නවනම් ඔයා මේකට අද දාන්නෙ සෝයි කමෙන්ට් එකක්.. හික් හික් !!
@Prashan
මම කලේ නෑ බං..
ඉතිහාසයේ සඳහන් වෙන්නෙ මේක ලාමක ටින් ටින් විසින් සිදු කරන ලදී කියලා..
oya wagey boru katha liyana eka thamai umbata galapenne... ohoma yan....
එල එල ටින් ටින් ලොල්
එල එල ටින් ටින් ලොල්
අපෙත් හිටියා බන් ඔය වගෙ සර් කෙනෙක්.මතක් විදියට අපිට 6 වසරෙදි චිත්‍ර ඉගැන්වුවෙ එයාද කොහෙද...
ඒ සර් ගෙ වැඩේ තමයි මහ එපා කරවන දඬුවම් දෙන එක.එක්කො බඩ මිරිකයි නැත්නම් අතේ වැලමිට ලඟ මිරිකයි.(මේ දඬුවම් වලට මූන දුන්න කෙනෙක් දන්නව කොහොම වේදනාවක්ද තියෙන්නෙ කියලා.).අපි 6 වසරෙ ඉන්නකන් පොඩි පොඩි වැරදි වලට (චිත්‍ර පොත් අමතක වෙලා එහෙම නැත්නම් ඕෆ් පීරියඩ් වල සෙල්ලම් කරනකොට) ඔය විදියට තමා දඬුවම් දුන්නෙ.මොනා වුනත් ඔය දඬුවම් වලට් අහු වුන නැති අලයො ටිකකුත් හිටියා.
දැන් අවුරුදු ගානකට පස්සෙ සර් ට අර අලයන්ව හම්බු වෙලා.උන් මෙයාව දැකලත් කතා නොකර ගිහින්.අපිට ලඟදි මේ සර් ව මීට් උනා.දැන් මනුස්සයා කලකිරෙනවා ඒ කාලෙ දුන්න දඬුවම් ගැන.ඒත් දැන් එයාගෙ හොඳම ගෝලයො අපි තමයි....:ඩී
Post a Comment